Monday, May 31, 2010

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මට හිතෙන දේ...


මට ඡන්ද බලය හිමි උනේ 1999 වසරේ පමන වේ යැයි මට ලාවට මතක තිබේ. එතැන් සිට 2010 මහ මැතිවරනය තෙක් මැතිවරන 10කට පමණ ගොස් ඡන්දය ප්‍රකාශ කෙරුවෙමි.. නමුත් හැමවිටම මා සිතා සිටියේ මා නිසි පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කල බවයි... අද දවස තුලදී මට කුමක්දෝ හේතුවක් නිසා මා ඡන්දය භාවිතා කල ආකාරය පිලිබදව පසු විපරමක යෙදීමට සිත් විය. අවසානයේදී මට මා ගැන සිතුනු දේ අවසානයට සදහන් කිරීමට අදහස් කරමි.පහත සදහන් වන්නේ මා ඡන්දය භාවිත කල අන්දම ගැන කෙටි පැහැදිලි කිරීමකි.

මාගේ ඡන්දය පරාජය වූයේ එක් වරක් පමණි.. වසර මතක නැති උනත් ඒ සිහළ උරුමය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමෙනි.. පරපුරෙන් ප්‍රබල ශ්‍රී ලංකා කාරයෝ වූවද 2002දී ගෙදරටත් හොරා ගොස් කතිරය අලියාට පිදුවෙමි. 2004 පාර්ලිමේන්තු මැතිවරනයේදී ජේවීපී එකේ බහුතරයක් දිනවීමටද මගේ ඡන්දය භාවිත කලෙමි. නමුත් අද වනතුරුත් රටට වන සෙතක් මට නොපෙනේ.. පහුගිය රජයන්ට වඩා මෙම රජය රට වෙනුවෙන් යමක් කරන බවක් පෙනුනද තමන්ගෙ අතේ තියෙන හැන්දෙන් තමාටම බෙදාගැනීමේ න්‍යායය නිසා මට දැන් එයද එපාවෙමින් පවතී....

පහු ගිය දිනයක ශ්‍රී ලංකාවේ ඡන්දයේ මා දුටු අපූරුතම සිදුවීමක්ද ලියන්නට කමැත්තෙමි... පසුගිය මහ මැතිවරනයේදී කොලඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වූයේ විමල් වීරවංශ යැයි මට හැගේ. කොට්ටාව මාකුඹුර පෙදෙසේ විමල් වීරවංශ බලකොටුවක් ඉදි කෙරෙනු ලැබින. ඒ වෙත යන මහ ජනතාවගේ සියලු අවශ්‍යතා එක සැනින් සපුරනුද ලැබින.. ඔවුනගේ ප්‍රශ්න වලටද එසැනින් පිලිතුරු ලැබින.. එත් කෝ අද ඒ කාර්යාල. අද එතැන ඇත්තේ හුදකලාවට ගිය පුංචි නිවහනක් පමණි. එම මැතිවරනයේදී එවන් මිනිසෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම හරිදැයි මම මගේ සිතෙන් අසුවෙමි.. සිත පැවසුවේ වරදක් නැති බවකි.. හේතුව විමසූ කල සිත කිව්වේ කලින් ඡන්දෙ දුන්නු අය කලෙත් ඔය ටිකම නේදැයි මගෙන් විමසීම සහ වෙන අයට ඡන්දෙ දුන්නත් වෙන්නෙ ඔය ටිකම නේදැයි විමසීම පමනි... මම කිසිවක් නොදොඩා සිතට අවනත වීමි.

මිනිසුන් ජීවිතයේ එක දෙයක් වරද්දා ගන්නේ උපරිම උනොත් තෙවරක් පමනි... ඒත් මම එකම දෙය 10වරකට වඩා වරද්දාගෙන ඇති බවක් හැගේ. එත් සැනසීමට කාරනය වන්නේ මෙය 50 වරකටත් වඩා වරද්දාගත් අයද අප රටේ විසීමය.

මට ඇත්තේ එකම ගැටළුවකි... අනෙත් මැතිවරනයේදේත් මම මේ මෝඩකම තව වරක් කරයිද යන්නයි.

දේශපාලකයෙකුගෙන් කර ගන්නට වැඩක් අපට නැත.. නමුත් තමන්ගේ දරුවකුට රැකියාවක් ලබා ගැනීමට, ස්ථාන මාරුවක් ලබා ගැනීමට ඔවුන් වෙනුවෙන් මැතිවරනයට පෙර කකුල් කකියනකම් ඇවිදපු අහිංසක මිනිසුන්ට යන දසාව ගැන කවර කලක්ද? මේ සම්බන්ධයෙන් මට මෙසේ ද සිතේ. විශේෂ යමක් සිදු නොවී ඉදිරි මැතිවරන වලදීත් අපි ඡන්දය පාවිච්චි කරනවානම් අපි වැනි මෝඩ තකතීරුවන් පිලිබදව අපටම දෙවරක් සිතන්නට විය යුතු වේ.

සියලුම මහජන අපේක්ෂකයින් විසින් කරනු ලබන්නේ අපව රැවටීම පමනි. අපද දිගින් දිගටම රැවටෙමින් සිටිමු.. මෙය තවත් චිරාත් කාලයක් මේ අයුරින්ම පැවතෙනු ඇත. අපට ඉතිරි වන එකම දේ නම් මැතිවරනයට පසු දින තාප්ප පුරා ඇලවෙන "මා හට මනාපය පල කල ඔබට ස්තූතියි" යන වැකිය පමනයි.

ප.ලි. විමල් වීරවංශ මහතා ගැන සදහන් කරනු ලැබුවේ උදාහරනයක් ලෙස පමණි.. අනෙකුත් පක්ෂ විපක්ෂ සියලු අපේක්ෂකයෝද මෙසේමය. පක්ෂයක් ලෙසින් පෙනී සිටි ජවිපෙ පවා ඔවුන් විසින් ගමක් ගමක් පාසා ඉදි කරනු ලැබූ සියලු ශාඛා කාර්යාල දින තුනක් යන්නට මත්තෙන් ඉවත් කර තිබූහ.

4 comments:

  1. මනාපේ ගන්න මිනිස්සුන්ව කරේ තියාගන්න අය ඡන්දේ ඉවර වුණු ගමන් කරෙන් බිමට දාන එක ලංකාවේ සිරිතක් හැටියට බද්ධ වෙලා ඉවරයි. ඒත් එහෙම අය නොවන අයත් නැතුවාම නෙමෙයි :)

    ReplyDelete
  2. අයියේ ඔය හැදුව FB Group එකෙන් බ්ලොග් එකේ අලුත් post එකක් දාපුවාම ඒකේ link එක තියෙන message එකක් එව්වා නම් අපිටත් ලේසියි update වෙන්න :)

    ReplyDelete
  3. නුඹ නාඩන්, නුඹ නාඩන්......

    ReplyDelete
  4. ඇත්තටම ඇයි අපි චන්දෙ පාවිච්චි කරන්නෙ? මම නම් මට හොඳයි කියලා හිතෙන පක්ෂෙට x දීලා එනවා. මනාප නෑ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...