මම දැන් ටිකකට කලින් මම Mail Check කරන කොට මගෙ සංචාරක වෙබ් අඩවියෙන් ආපු ඊ මේල් එකකට ප්‍රතිචාරයක් ලෙස අදාල දුරකතන අංකයට ඇමතුමක් දුන්නා. එතකොට පාරිභෝගිකයා අනෙක් අන්තයෙන් මාත් එක්ක සම්බන්ධ වුනා... මම සුපුරුදු ලෙස පලවෙනි කොටස කියල ඇහුවා මොකක්ද සර් වෙන්න ඕන කියල....
දැන් එයා කියනවා.. මට මේ දැන් කිතුල්ගල යන්න ඕනේ. හෙට White Water Rafting කරන්න ඕන. පැකේජ් එකයි වෙහිකල් එකයි මට කියන්න, ගානත් එක්ක. මම විනාඩියෙන් ගන්නම් කියලා කිතුල්ගල හොටෙල් එකට කතා කරලා වැඩේ ok කරල, ආපහු කතා කරලා ඇහුව කොතනටද වෙහිකල් එක එවන්න ඕන. Package එක ready කියලත් කිව්ව...
දැන් එයා මට පාර කියනවා... මට තේරෙනව මේ කියන්නෙ අපේ ගෙදරට එන පාර කියලා... මට නිකමට හිතුන මේකනම් bite තමයි කියල.. ඒත් මම මොකුත් කිව්වෙ නෑ... අන්තිමට එයා පාර කිව්වෙ අපෙ ගෙදරට ගෙවල් 3ක් එහා තියෙන ගෙදරට... මම කිව්ව මමත් දැන් ඉන්නෙ එතන තමයි කියලා... පස්සෙ මෑන් ගෙදරටම ඇවිත් කතා කරල වැඩේ කර ගත්ත. පස්සෙ මම එයාට කිව්ව වෙබ් එකේ අපෙ address එක බැලුවනම් දුරකතන බිල් එකවත් ඉතුරු වෙනව කියලා..
තව එක දේකුත් කියන්න ඕන... ලංකාවෙ අඩුම ගනන් වලට ට්‍රිප් යවන්නෙ අපි. ඔයාලත් අල්ලපු ගෙවල් වලට වඩා දුරින් ඉන්න නිසා මෙතනින් මට කතා කරන්න.
මේ Photograph එක ගත්තෙ මමමයි.. මේ බෝට්ටුවට ඊලග තත්පරයෙදි වෙන දේ හිතා ගන්න. ඒත් බය වෙන්න එපා.. එතන ඉන්නව Certified Life Guards ලා...........
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
කවුද ඒ මොඩය,අසල් වැසියන් ගෙන් බෝවෙලා........ "පතිරූප දේස වාසෝත"
ReplyDeleteනියම කතාව අයියා. අල්ලපු ගෙවල්වල ඉන්න මිනිස්සුවත් දන්නේ නැති අය තමා දැන් කාලේ ඉන්නේ. කොහොම වුණත් එල කතාව.
ReplyDeleteඅපිටත් tour එකක් යන්න ඕන වුනොත් අනිවා ඔයාව contactකරන්නම් අයියා
ඕකට තමා කියන්නෙ තාක්ශනේ දියුනුව අහිතකර බලපෑම කියල!! එල කතාව අය්යෙ!! තව ටික දවසක් යනකොට අපි අල්ලපු ගෙදර කෙනත් එක්ක චෑට් එකේදි හොද යලුවො වෙන්න පුලුවන් ,ඒත් උදේට හම්බ උනහම මුනවත් නොබල යන විදිහෙ.මොකද අපි දන්නෙ නෑනෙ අපි චෑට් කරන සමහර අයෙගෙ ඈත්ත විස්තර
ReplyDeleteoyage... web site eka balanna ba.. Lord wenne na.. please check...
ReplyDeleteRish