සිංහල බ්ලොග්ස් මම මේ කියවන්නෙ ගත්තෙ බොහොම මෑතකදි ඉදල... ලෝකයෙ තියෙන සෑම විෂයයක් පිළිබදවම වගේ සිංහල බ්ලොග්ස් ගොඩක් තියෙන එක ගෙන අපි ආඩම්බර වෙන්න ඕන. උදාහරන ගන්නවනම් කතන්දර ගැනම කිහිපයක්ම තියෙනවා.... හසිතගෙ එකයි කුමාරගෙ එකයි මම ආසාවෙන් කියවන බ්ලොග් දෙකක්. ඒව කියවපුහම මටත් ගමකට කතා මතක් වෙනවා. කතන්දරගෙ චමරියෙ සීරීස් එක කියවපුවම මටත් මතක් උන අපේ බෝඩිමෙ සිද්දි ගොඩක්.. ඔන්න මම ලියන්න පටන් ගන්න යන්නෙ... මෙන්න අංක 01. .
මම බෝඩිං 06ක හිටියා.. 2000.01.23 ඉදලා 2007.06.06 වෙනකන් මම හිටියෙ බෝඩිංවල. රසවත්ම බෝඩිම තමයි දෙවෙනි එක. ඒකෙ සංයුතිය උනේ මෙහෙමයි. කොල්ලොම 09යි. {ලක්ෂ්මන් (අඩා),රුවන් (තට්ටයා),සචින් (ඩමියා),ප්‍රසාද් (පොඩ්ඩා), උදාන (පබා), අමිල (සුදූ), අන්ජන (අන්ජා), නන්දන (ලුනා) සහ මම}. තව අය හිටිය, ඒත් එනවට වඩා ඉක්මනට යනවා... මේ බෝඩිම පාලනය කලේ අංකල් කෙනෙක් අවුරුදු 65ක විතර. මිනිහගෙ නීති තදයි. කිහිපයක් කියනවනම්.....
01. ෂර්ට් උඩින් දාන්න බෑ.
02. රබර් සෙරෙප්පු දාන්න බෑ.
03. ගත්ත බඩුවක් තිබ්බ තැනින් ආපහු තියන්න ඕන.
04. ඕන ෆන් එකක් ගත්තට කමක් නෑ, හැබැයි ඉවර වෙලා ප්ලේස් එක ඒ විදිහටම හරි ගස්සන්න ඕන.
05. ඔක්කොම ඇදුම් අයන් කරලා අදින්න ඕන.
තවත් ඔය වගේ ගොඩාක් නීති තිබ්බ.. මොකද මෑන් දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ආමි එකේ හිටපු මෑන් කෙනෙක්.හැබැයි එකක් කියන්න ඕන.. ඒ සිස්ටම් එකට ඉන්නවනම් කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන්. ගොඩාක් අයට එහෙම ඉන්න බෑ.. ඒත් අපි 9දෙනානම් සෑහෙන කාලයක් හිටිය අංකල් එක්ක බොහොම සමගියෙන්.
දැන් පටන් ගමු පළවෙනි කථාව.... බෝඩිමේ හිටපු අයගෙන් මම විතරයි ඒ කාලේ රැකියාවක් කලේ.. මේ සිද්ධිය දවසට පහුවදා අනිත් 8දෙනාම රෙඩි උනා Batch Trip එක යන්න හන්තානෙ. ඉතින් අද රෑ ටීවී එකේ ගියා ශ්‍රි ලංකාවයි ඉන්දියවයි අතරෙ එක්දින තරගයක්. පොඩ්ඩා ඇර අනිත් ඔක්කොම මැච් එක බැලුවා. පොඩ්ඩා කලින්ම නිදා ගත්ත. මැච් එක අපි දිනුව.. ඒ ආතල් එකේ හිටපු අපේ උන් පොඩ්ඩාට ගේමක් දෙන්න සෙට් උනා.. දැන් වෙලාව 11ට විතර ඇති..
පලවෙනි පියවර වශයෙන් ඩමියා ගිහින් පොඩ්ඩට කතා කරනව මෙහෙම... " පොඩ්ඩො පොඩ්ඩො, නැගිටපන්, වෙලාව 5යි උඹ ට්‍රිප් එක යන්නෙ නැද්ද?" පොඩ්ඩා නැගිට්ට. ඇහැ ඇරල බැලුව.. ඔක්කොම නැගිටල. පොඩ්ඩාට ඒක සාමාන්‍යයි, මොකද මෑන් තමයි හැමදාම පරක්කු වෙල නැගිටින්නෙ. දැන් මිනිහ නැගිට්ටා, නෙට් එක ගැට ගැහුවා, බෙඩ් ෂීට් එක හැදුවා (ඒව බෝඩිමේ නීතී) එලියට එද්දි රුවන් රෑ නිදා ගන්න දත් මදිනව.. මෑන් හිතුව උදේම තමයි කියල.. මූ දැන් දත් මදිනවා මූන හෝදනවා.. එක කෙලියයි.. අන්තිමට මිනිහ ජැන්ඩියට ඇඩල මගෙ කාමරෙට එවිත් මගෙ ජෙල් එකයි සෙන්ට් එකයි දෙකත් ගහගෙන මගෙන් ඇහුව "මචන්, අදවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද?" කියල.... මමත් ඌව නග්ගල තිබ්බ.. මගේ රූම් එකෙන් එලියට එද්දි අනිත් උන් ඇදගෙනවත් නෑ කියල මුට මීටර් උනා.. දැන් පොර අනිත් උන්ට බනිනවා මෙහෙම "මොකක්ද බන්, මම තමයි හැමදාම අන්තිමට නැගිටල කලින්ම ඇද ගන්නෙ.. ඉක්මන් කරපල්ලකො" කියල.. ඒ අතරෙ මූ අංකල්ට කියනව.. "ලොක්කො.. මට තේ එකක් හදල දියන්කො මුන් ඇදගන්නකන්" ( අංකල්ට අපි කතා කලෙ එහෙමයි ගොඩාක් වෙලාවට.. Parentsලා ආපු වෙලාවක තමයි වැදගත් විදිහට කතා කලේ.) අංකල් තේ එකකුත් හදල දීල Trip Switch එක ඔෆ් කලා. දැන් අනිත් උන් කියනව මෙහෙම "අපෝ ලයිට් ගියා බන්.. අද යන්න වෙන්නෙ නෑ ට්‍රිප් එක නිදගමු බන් අයෙත්" කියල.. මේක අහල පොඩ්ඩාට තද වුනා හොදටම. පොඩ්ඩා කිව්ව "මොකක්ද බන් ලයිට් ගියා කියලා ට්‍රිප් එක යන්නෙ නැත්තෙ, මම වගෙ කලින්ම ඇදගෙන රෙඩි වුනානම් ඉවරනෙ, දැන් බලපල්ල කීයද වෙලාව" කියල මූ ඔරලෝසුව දිහාට නෙත් හෙලුවා... ඔන්න වෙලාව 12.15යි. පොරගෙ මූන රතු උනා.. සියලු කතා නැවැත්තුවා... ඇදුම් ඔක්කොම ගලවලා වීසි කරල සරම ඇද ගත්ත... සිංහල භාෂාවේ තියෙන අමිහිරිම වදන් තෙපලමින් ගිහින් නැවත නිදා ගත්ත...
හැබැයි කොල්ලට විහිලු තේරුනු නිසා පහුවදා නැගිටල batch trip එකත් ගියා...
ප.ලි. මේ කාගෙවත් pictures upload කරන්න බැරි මේ ඔක්කොම අද සමාජයේ ඉහල තනතුරු වල ඉන්න නිසඉ....
බෝඩිමේ වෙච්ච රසවත්ම සිද්දිය ලබන මාසෙ ඉදිරිපත් කරනවා.. මොකද ඒකට කතා නායකයගෙන් අවසර ගන්න ඕන..
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Sunday, May 30, 2010
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ane appa abeetha..blog eka liwwata kamak nehe...oke samahara katha kiyanna giyoth genu gewal wlin elawai...eka handa parissamin...kauda katha nayakaya...me abbethayata una dewaluth liyanna wei...neththan hari nehene.
ReplyDeletehebei issellama poddata mada gahapu ekata man wiruddai..paw ahinsakaya...
oya bodime rasa katha liyala iwara karanna beriwei...
Abeeethayo.. ara Udanage nick name eka Pabada? ehema neththan Bu____ya da?..
එල කතාව අයියා. බෝඩිමක ඉන්න එකත් මාරම ෆන් වැඩක් කියලා මාත් පිලිගන්නවා.
ReplyDeleteඒත් තමා මට නම් එහෙම අත්දැකීම් නැහ අයියා. ඉස්කෝලේ ගියෙත් ගෙදර ඉදන් කැම්පස් යන්නෙත් ගෙදර ඉදන්.
A/L කරන්න මාස තුනකට කලින් අපි Logic වලට class ගිය මිස්ගේ ගෙදර නැවතිලා පාඩම් කරන්න නම් සෙට් වුණා. කට්ටියගේ ෆන් වැඩ කෝටියයි. පුලුවන් වුණොත් දවසක් ඒ කතා ටිකත් ලියන්නම්කෝඅ.
මරු කතාව . දිගටම ලියන්න.
ReplyDeleteමාර ෆන් කතාව ... හිනා කාල මැරෙනව .. දිගටම ලියමු
ReplyDeleteEla ela abeetha...mata oya seen eka thama hodata mathakay.....
ReplyDeleteසිරා කතාව දිගටම ලියන්න
ReplyDelete