
පන්තියෙ Teacherගෙ නම ගීතා. ගීතා Teacher හරිම ප්‍රියමනාප කෙනෙක්. ඒත් ටිකක් සැරයි.. ඒ Teacher මට අදටත් හොදට මතකයි... මගෙ Wedding එක පවා මම ඒ Teacherට කිව්වා.
දෙවෙනි සතියෙ දවසක ගීතා Teacher දුන්න අපිට 'ල' යන්න rule නැති පොතේ පිටුවක් පුරා ලියාගෙන එන්න කියල... ඕක ඉතින් ගෙදර ආවට පස්සෙ මට අමතක උනා... ඉස්සර අපි ඉස්කෝලෙ ගියේ බක්කි කරත්තෙ.. හරිම ජොලි ගමන. ඉතින් ඔය කියන දවසෙ උදේ කරත්තෙට නගිනකොටම මතක් උනා 'ල' යනු පිටුව.
දැන් කරත්තෙ යන අක්කලගෙනුත් අහගෙන පිටුව පුරා 'ල' යන්න ලිව්ව. කරත්තෙ ගැස්සෙද්දි හරියට පිලිවෙලට ගානට ලියන්නත් පුලුවන්නේ. ඉතින් ඒ ගැස්සිල්ලට පින් සිද්ද වෙන්න පිටුවම දෙවියනේ කියල අකුරු 5කින් විතර ඉවර උනා. මමත් චන්ඩිය වගේ ඉස්කෝලෙට ගියා.... ගීතා Teacher ආව.. බැලුව මගේ පොත. අනෙ සාදු කියල ඇන්න ෂෝයි ටොක්කක්.. නැගිට්ටවල ගිහින් පන්තියෙ මුල්ලෙ බිත්තිය පැත්තට හරවල තිබ්බ විනාඩි 30ක් විතර...
අපරදෙ කියන්නෙ ඔන්න ඒදා තමයි දඩුවම්වල රහ තේරුනෙ. ඒක නිසා ඒ පටන් ගත්ත විදිහටම අඩුවක් නැතුව College එකෙන් out වෙනකන් පිලිවෙලට දඩුවම් ලැබුන මදි නොකියන්න.
ප.ලි. : කොල්ල පොඩි උනාට හරි කට්ටයි කියල teacher අම්මට කියල තිබ්බ පස්සෙ දවසක. අම්ම ඒ මොකද කියල අහපුවාම කිව්වලු 'ල' යනු 5කින් පිටුවක්ම ඉවර කරල තිබුන කියල.
මේ Picture එකේ තියෙන්නෙ අපේ College එක.
නියම කතාව
ReplyDeleteසුභ පැතුම්...දිගටම ලියන්න...මාත් බාලදක්ශයෙක්.. 1වන මොරටුව.
ReplyDeleteword verification අයින් කරොත් ලේසියි
ඔන්න Word Verification අයින් කලා... ඒත් Moderate කලා එක සිද්දියක් නිසා...
ReplyDeleteඅපෝ අඬන්නම නැතුව ඇති...
ReplyDeleteDevans කොල්ලෙක් නොවැ.මොන අවුරුද්දෙද අවුට් උනේ
ReplyDeleteDevans ne :D .. :D
ReplyDeleteකොහේ බැලුවත් අපේ එකෙක් ම තමා !
ReplyDeletemageth mulma madam geetha madam.1st gutiyath itin eyagenma thamai.
ReplyDeletekeep it up ayye.mama eka dawasin okkoma blogs kiyewwa.marai.
Proud to be DEVAN