Saturday, May 29, 2010

ජීවිතේ රසවත්ම ජීවිතයේ රසවත්ම සිද්ධිය.

මේ Title එක බලපුවහම නිකන් අවුල් වගේ නේද? මම ඒකෙන් අදහස් කලේ ගොඩක් අයගෙ ජීවිත වල පොඩි පොඩි Sub ජීවිත තියෙනවනෙ. ඒ කියන්නෙ ඔය Campus ජීවිතේ, බෝඩින් ජීවිතේ, පාසල් ජීවිතේ වගේ ඒවා. ඉතින් මගේ ජීවිතෙත් එහෙම Sub ජීවිත කීපයක් තිබුනා. ඒවයින් හොදම එක තමයි මගේ බාලදක්ෂ ජීවිතය. කොටින්ම මගෙ සංචාරක ව්‍යාපාරයටත් මූලික අඩිතාලම උනෙත් මේ බාලදක්ෂ ජීවිතයම තමයි.

බාලදක්ෂ ජීවිතය හොදම ජීවිතය වෙච්ච තව සිංහල බ්ලොග්කරුවන් දෙන්නෙක් ඉන්නව මම දන්න. එක්කෙනෙක් චාමර ජයවීර. අනිත් එක්කෙනා හසිත චාමිකර. හසිතයි මමයි මුන ගැහුනෙ Camps, Hikes ගිහිල්ලමයි... චාමරයි මමයිනම් එක College එකේ.. අපි දැන් College එකෙන් අයින් වෙලත් ගොඩක් කාලයක් උනාට තවමත් බාලදක්ෂ වලට යන්නෙ ඒ වෙනුවෙන් වූ ආසාව නිසමයි. මේ දවස්වල Sri Lanka Old Scouts and Old Guides Association කියල එකක් හදාගෙන අපි ගොඩක් Social Services කරන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ.

ඉතින් මේ රසවත්ම ජීවිතේ වෙච්ච රසවත්ම සිද්ධිය කියන්නයි මම හදන්නෙ.

ගාල්ලෙ තියෙන සංඝමිත්තා බාලිකා එක දන්නවනෙ මේ රටේ ඉන්න ඔක්කොම අය වගේ. ඒකෙ තිබුන ගවේෂන තරගයක්.... සංවිධානය කරල තිබුනෙ සංඝමිත්තා බාලදක්ෂිකාවන්. ලංකාවෙ ඉන්න බාලදක්ෂිකාවන් අතරින් සංඝමිත්තා බාලදක්ෂිකාවන් ඉදිරි පෙලේ ඉන්නව කියන එකත් කියන්න ඕන. ඉතින් මේ තරගය තිබුනෙ හියාරෙ කියන වැසි වනන්තරයේ. අපි ඉතින් මේ කාලෙ වෙද්දි බාලදක්ෂ Field එකේ පොරවල්. පොඩි අය ඇදුම් 2ක් ගෙනියනව. එකක් කැලේ යන්න. අනික නිළ ඇදුම. අපි ඇදුම් 1යි. ඒකෙන් තමයි කැලේත් ගිහින් ගෙදර එන්නෙත්... ඔන්න ඉතින් ලංකාවෙ ප්‍රසිද්ධ පාසල් කීපයක ආදි බාලදක්ෂයොත් දැන් සෙට් වෙලා කැලේ යනව.. ඔහොම යද්දි තමයි හම්බුනේ ඉන ලගට වතුර තියෙන තැනක්. ආපහු එන්නත් බෑ. එතකොට 5Km විතර ගිහින්.. තව 1Km විතර යන්න තියෙන්නෙ... ඒකෙන් එගොඩ වෙච්ච ක්‍රමය මේ Picture එක බලලා හිතා ගන්න පුලුවන් වේවි ඔයාලට.... මේ සිද්ධියෙ තව රසවත් දේවල් තියෙනවා... ඒව කියන්න ගියොත් මට මේක ඉවර කර ගන්න ලැබෙන එකක් නෑ...

ප.ලි. photo එකේ ඉන්න අය මට නඩු දාන්නෙ නැතිවේ කියලා හිතනවා.




පේනව නේද? ඔක්කොගෙම කලිසම් කරේ................................................

10 comments:

  1. "අනිත් එක්කෙනා හසිත චාමිකර. හසිතයි මමයි මුන ගැහුනෙ Camps, Hikes ගිහිල්ලමයි... "
    අභීත අයියා මාවත් මතක් කරලා.

    කාරණේ මට අයියව හම්බුණේ මූණු පොතෙන්. කොහොම වුණත් අයියයි මායි Camp වලදිත් හම්බවෙන්න ඇති.

    මම සහභාගි වුණු ලංකාවෙම බාලදක්ෂයෝ ආපු camps 2 ක් තියෙනවා. එකක් බලපිටියේ තිබ්බ 6 ජාතික ජම්බෝරිය, අනික නුවර එලියේ තිබ්බ 7 ජාතික ජම්බෝරිය. මම හිතන අයියත් ඒවාට එන්න ඇති කියලා.

    ඒත් මේ අභීත එදිරිසිංහ කියලා හම්බෙලා කතා කරලා නැහැ.

    කොහොම වුණත් ඉදිරි කාලේදී Sri Lanka Old Scouts and Old Guides Association එකේ වැඩකට අපු වෙලාවක හරි අපි හම්බෙමු. මම Sri Lanka Old Scouts and Old Guides Association එකේ FB Group එකේ හිටියට මට තාම කිසි වැඩකට set වෙන්න වුණේ නැහැ.

    කතාව ගැන කිව්වොත් ඔයා කිව්වා වගේම මගේ ජීවිතේ තිබ්බා funම කාලයක් තමා scouting කරපු අවුරුදු 7. තාමත් camp එකක් කිව්වොත් යන්නේ scouting එක්ක තියෙන අපූරූ බැඳීම නිසා

    එල කතාව. තව කතා ලියන්න අයියා. ජය !!!

    ReplyDelete
  2. මගේ මතකය නිවැරදි නම් මමයි ඔයයි හම්බ උනේ මල්ලි Colombo Camporee එකකදි... මුන ගෙහුනු විදිහ කියන්නම් හම්බ වුන දවසකදි..

    ReplyDelete
  3. මම 2004, 2005, 2007, 2008, 2009 තිබ්බ කැම්පෝරිවලට ආවා. මම මේ කල්පනා කලේ මට අයියව හම්බුණේ කොහොමද කියලා. මට නම් මතක් වෙන්නේම නැහැ

    ReplyDelete
    Replies
    1. "අනිත් එක්කෙනා හසිත චාමිකර. හසිතයි මමයි මුන ගැහුනෙ Camps, Hikes ගිහිල්ලමයි... "

      hikzzz adurane nathi un aduranawa kiyana eka meya ge rasawa boruwen jeewath wena minisu ohomai malli eala eala obe dahirya agaya karanawa hasitha best of luck

      Delete
  4. onna ayya mata sinhala typing nan baaaaa, kiyanna oni mechcharai ayya galle gihillath kellonge parippu kawa ne?
    lol

    -Oshan

    ReplyDelete
  5. පරිප්පු විතරද? ඔය picture 1කෙන්ම පෙන්නෙ රෙදි නැතිව ඇවිත් තියෙන්නෙ...:-)

    ReplyDelete
  6. කූඩැල්ලන් නොසිටියේයැයි මම සිතමි....

    ReplyDelete
  7. කූඩැල්ලන් සිටි බවක් මතකෙට එන්නේ නැත. මේකෙදි සිදුවුන අනෙක් සිද්දිය තමයි දමින්ද මල්ලි පිඹුරෙක්ගෙ පිටට පය තබා යෑම.

    ReplyDelete
  8. mmmmmmmmmmmmmm patta athal seen eka. mama colombo walatama full free eke awa.

    ReplyDelete
  9. Abetha ayyata mathaka nathuwata mulunma mage kane kudallek kaweth Hiyaredi thamay. Kudalu wimane...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...