Friday, May 28, 2010

ඔන්න පලවෙනි කතාව.




පලවෙනි කතාව නිසා පුන්චි කාලෙන්ම පටන් ගන්න එක තමයි හොඳ.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.

මේ ඉන්නෙ මගේ පුන්චි පුතා... එයාටත් කොස් කොලයක් ගහන්න වෙවිද දන්නෙ නෑ..... :D :D :D

5 comments:

  1. කහඹිලියා නොගහපු එකට දෙමව්පියන්ට ස්තුති කරන්න!

    කකා

    ReplyDelete
  2. තාත්තා වගේ වුණොත් තමා කෙලියා තාප්පෙට වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු එහෙම කොස් කොල ගහන්න නොවේවා කියලා :)

    අර කොස් කොළ වැඩේ නිර්මාතෲ චූටි මාමා දැන් මොකද දන්නේ නැහැ කරන්නේ ?

    ReplyDelete
  3. අයියාට වැරදිලා, අපේ මාමලා ගහලා තියෙන්නේ කොස් කොල වෙන්න බෑ.එයිට වඩා ටිකක් දරුණු කොළ ජාතියක්.මං හිතන්නේ ඒකේ කිචි තාම තියෙන හින්දා වෙන්න ඇති අපි තාමත් සීමාවක් නැතුව ඇවිදින්නේ.

    ReplyDelete
  4. මේ පැත්තට කලින් ඇවිල්ලා තිබුනා. ළඟදි නම් ආවෙ නෑ. පහුගිය දවස් වල වැම්පට දාපු කොමෙන්ට් නිසා අභීත මහත්තයගේ blog එක හොය හොයා හිටියේ. ඔබතුමා blogger profile එක හදල නැහැ නොවැ. ඒක හදාගන්න. වැම්පයර්ගේ link එකෙන් මේ පැත්තට අවාම තමයි දන්නේ මේක අභීත මහත්තයගෙ කියලා.
    ඔබතුමාගේ වෙබ් අඩවිය වැඩ නැහැ නොවැ. තව එකක් ඔබගේ fb link දෙක පොඩ්ඩක් වැරදිලා. ඒකත් හදන්න.
    ඔබට ජය!

    ReplyDelete
  5. link වැරදියි කිව්වට ලිපිය කිව්වේ නෑනේ. තුන්වෙනි ලිපිය.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...