බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Sunday, May 30, 2010
වෙසක් කාලෙට මතක් වෙන ජනකගෙ වෙසක් කූඩුව
මේකත් බාලදක්ෂ කරන කාලෙ සිද්ද වෙච්ච නියම කතාවක්. මගෙම Batch එකේ හිටියා ජනක හේරත් කියල යාලුවෙක්.... අදටත් මගේ ලගින්ම ඉන්න යාලුවෙක්. කවදාවත් එක පන්තියෙ ඉදල නැති උනාට බාලදක්ෂ කණ්ඩායමේ, ශිෂ්‍ය නායක මණ්ඩළයේ, අමද්‍යප සංගමයේ (ඒ කාලේ) වගේ තව ගොඩාක් දේවල් වල මාත් එකට හිටිය පොරක් තමයි ජනක. මම දන්න හිත හොඳ මිනිස්සුන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න මනුස්සයෙක් තමයි මේ ජනක හේරත් කියන්නෙ....
ඉතින් කතාව මේකයි... මිනිහ හොඳ කලා කාරයෙක්.. චිත්‍ර අඳින්න, කැටයම් කපන්න, ඕනම කලා වැඩක් ගැන හසල දැනුමක් තියෙන නිසා බාලදක්ෂ කණ්ඩායම වාර්ෂිකව ඉදිරිපත් කරන වෙසක් කූඩුව ගහන්න පැවරුනෙත් මේ ජනකටම තමයි.... පාසැල් කාලයෙ හිටපු ගුරුවරුන් අතරෙ ඉටු දෙවියෙක් විදිහට අපි සලකන අපේ බාලදක්ෂ ආචාර්ය විමල් පෙරේරා ගුරුතුමාගෙ හිතත් පොර දිනාගෙන හිටියා. ඉතින් අප්‍රේල් මාසෙ අන්තිම වෙද්දි Sir ජනකට කතා කරලා කියනවා "ජනක පුතා, මට මේ පාර හදන වෙසක් කූඩුවෙ Plan එක ගෙනත් දෙන්න කියලා... මූ දුවගෙන එනව බාලදක්ෂ කාමරේට.. දැන් අදිනව Plan එක. කූඩුව තට්ටු දෙකයි... දෙපැත්තට කැරකෙන්නෙ... පාසලේ Colours වලින් රැලි... ඇතුලෙ Scout කෙනෙක් හිටගෙන ඉන්නවා....... දැක්කහම ආසයි Plan එක... ඉතින් දැන් මෙයා ගිහින් මේ Plan එක Sir ටත් දෙනව.. Sirටත් හරිම සතුටුයි කූඩුව දැකල...
දැන් වෙසක් ලංවෙනවා.... කූඩුව හදන පාටක්වත් නෑ... කොහොමත් මෑන්ගෙ වැඩ අන්තිම තත්පරේට නිසා අපිත් ඉන්නව... අහපුවම කියනව පොඩ්ඩක් හිටපන් බං ඕක ටක් ගාලා හදලා දාමු කියලා.. අපිත් ඉන්නවා... ඔන්න වෙසක් දවසත් උදා වෙනවා.... කූඩුව තවමත් නෑ... කොහේහරි ගිහින් ඉදල 10ට විතර එනව මූ Scout Room එකට.. අපිත් ඉන්නව මෙයා එනකන්, මොකද මෑන් නෙ දන්නෙ ප්ලෑන් එක. ඇවිත් කියනව.. "මචන්, දැන් අරක හදන්න වෙලාවක් නෑ.. මොන මගුලක් හරි හදල එල්ලලා දාමු" කියල. අපි ඉතින් ඌට බැන බැන අටපට්ටමක් හදල ඒකෙ Maliyadeva Scouts කියලත් ගහල ඉස්කෝලෙ ඉස්සරහින්ම එල්ලනව...
හොදම ටික මේකයි... අර ප්ලෑන් එක බලපු සර් ගෙදර අයත් එක්ක එනව අපේ කූඩුව පෙන්නන්න... ඇවිත් බලනකොට මේ තියෙන්නෙ බැබලි බැබලි අටපට්ටමක්.. සර්ටත් ලැජ්ජයි.. අපිට ඊටත් වඩා ලැජ්ජයි.. ලැජ්ජයි කියල ජනකයව මරන්නද? ඌට බැන බැන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හදවත් පුරවාගෙන අපි ගෙදර යනවා....
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සූදානම්ව සිටිනු කියන එක ගෑවිලාවත් නැති කෙනෙක් වගේ. කොහොම වුණත් තැනේ හැටියට ඇණේ ගහන්න Scouts ලා හොඳට දන්නවා :)
ReplyDelete"something is better than nothing" නේ....
ReplyDeletehe...he....he...
හෙ හෙ ... මරු සීන් එක ... තැනේ හැටියට ඇනේ ගහල ඇඟ බේර ගන්නෙක තමයි ඉතින් ලේසිම වැඩේ
ReplyDeleteI didn't you are a Devan.. its nice to know the things done by our seniors.. :)
ReplyDelete