Saturday, May 29, 2010

පාසල් කාලයේ පලවෙනි දඩුවම

පුන්චි කාලෙ අපෙ අම්මලා කොල්ලට හොදට උගන්වන්න ඕන කියල මාව පලාතෙම තිබ්බ හොදම පිරිමි ස්කෝලෙට දැම්මා. 2 වසරෙ ලොකු අයියලා පෙරහරක් එහෙම තියල අපිව පිලිගත්තා. ඒත් මාව දාල අම්මා යනකොට අඬපු බවක් මට මතක නෑ. කවුරුත් එහෙම කියලත් නැති නිසා මම හිතන්නෙ මම අඬන්න නැතුව ඇති කියලයි.

පන්තියෙ Teacherගෙ නම ගීතා. ගීතා Teacher හරිම ප්‍රියමනාප කෙනෙක්. ඒත් ටිකක් සැරයි.. ඒ Teacher මට අදටත් හොදට මතකයි... මගෙ Wedding එක පවා මම ඒ Teacherට කිව්වා.

දෙවෙනි සතියෙ දවසක ගීතා Teacher දුන්න අපිට 'ල' යන්න rule නැති පොතේ පිටුවක් පුරා ලියාගෙන එන්න කියල... ඕක ඉතින් ගෙදර ආවට පස්සෙ මට අමතක උනා... ඉස්සර අපි ඉස්කෝලෙ ගියේ බක්කි කරත්තෙ.. හරිම ජොලි ගමන. ඉතින් ඔය කියන දවසෙ උදේ කරත්තෙට නගිනකොටම මතක් උනා 'ල' යනු පිටුව.

දැන් කරත්තෙ යන අක්කලගෙනුත් අහගෙන පිටුව පුරා 'ල' යන්න ලිව්ව. කරත්තෙ ගැස්සෙද්දි හරියට පිලිවෙලට ගානට ලියන්නත් පුලුවන්නේ. ඉතින් ඒ ගැස්සිල්ලට පින් සිද්ද වෙන්න පිටුවම දෙවියනේ කියල අකුරු 5කින් විතර ඉවර උනා. මමත් චන්ඩිය වගේ ඉස්කෝලෙට ගියා.... ගීතා Teacher ආව.. බැලුව මගේ පොත. අනෙ සාදු කියල ඇන්න ෂෝයි ටොක්කක්.. නැගිට්ටවල ගිහින් පන්තියෙ මුල්ලෙ බිත්තිය පැත්තට හරවල තිබ්බ විනාඩි 30ක් විතර...

අපරදෙ කියන්නෙ ඔන්න ඒදා තමයි දඩුවම්වල රහ තේරුනෙ. ඒක නිසා ඒ පටන් ගත්ත විදිහටම අඩුවක් නැතුව College එකෙන් out වෙනකන් පිලිවෙලට දඩුවම් ලැබුන මදි නොකියන්න.

ප.ලි. : කොල්ල පොඩි උනාට හරි කට්ටයි කියල teacher අම්මට කියල තිබ්බ පස්සෙ දවසක. අම්ම ඒ මොකද කියල අහපුවාම කිව්වලු 'ල' යනු 5කින් පිටුවක්ම ඉවර කරල තිබුන කියල.

මේ Picture එකේ තියෙන්නෙ අපේ College එක.

8 comments:

  1. සුභ පැතුම්...දිගටම ලියන්න...මාත් බාලදක්ශයෙක්.. 1වන මොරටුව.
    word verification අයින් කරොත් ලේසියි

    ReplyDelete
  2. ඔන්න Word Verification අයින් කලා... ඒත් Moderate කලා එක සිද්දියක් නිසා...

    ReplyDelete
  3. අපෝ අඬන්නම නැතුව ඇති...

    ReplyDelete
  4. Devans කොල්ලෙක් නොවැ.මොන අවුරුද්දෙද අවුට් උනේ

    ReplyDelete
  5. කොහේ බැලුවත් අපේ එකෙක් ම තමා !

    ReplyDelete
  6. mageth mulma madam geetha madam.1st gutiyath itin eyagenma thamai.
    keep it up ayye.mama eka dawasin okkoma blogs kiyewwa.marai.
    Proud to be DEVAN

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...