Monday, November 1, 2010

අප්පච්චිගෙ දඩුවම්.... 01

බ්ලොග් ලියන්න ටිකක් කම්මැලි හිතිලා මේ බස් කෙරුවාව නිසා... ගූගල් බස් එකට අපිව හුරු කරපු එකට වග කියන්න ඕන අපේ වැප් මල්ලි.. මිනිහා තමයි මේ විදිහට අපිව අයාලේ යැව්වෙ.... හරි ඒ කතාව පැත්තකින් තියලා අපි යමු අපේ කතාවට.... කලින් කියපූ කතාවෙ මම අපේ අප්පච්චි ගැන කියලා තියෙනවනෙ... දඩුවම් කරන කොට තමන්ගෙ දරුවා කියලා නෑ... දෙනවා කන් දෙකෙන් දුං විසිවෙන්න.. ඒ වගේම අපූරු දඩුවම් දෙන එකෙත් කෙලවරක් නෑ.... මේ ගැන සීරීස් එකක්ම ලියන්න පුළුවන්.. මට දුන්නු මරු දඩුවමක් ගැන ඔයාලට කියන්නම්....


ඉතින් මේ ගෙදරදි දෙන දඩුවම් වලට වැඩිපුරම වගේ භාජනය උනේ අහිංසකව කල් ගෙවපු මාවම තමයි.... මට වැඩිමල් අය විදිහට හිටියෙ අක්කලාම තුන් දෙනෙක් නිසා එයාලගෙ පවුත් එක්කම පොලී සමගින් ගෙවීමේ න්‍යායට මම වගකීමෙන්ම බැදිලා හිටියා..... අප්පච්චිට තරහා ගියාම ගහන්නෙ මොකෙන්ද කියන එක එච්චරම ප්‍රශ්නයක් නෙමෙයි.... ගිරය, පුවක් ගෙඩිය වගේ සැහැල්ලු අවි වගේම ලගම තියෙන පුටුව වගේ බර අවිත් පාවිච්චි කරන්න අප්පච්චි පැකිලුනේ නෑ.. මේ කතා පසුවට කියන්න තමයි හිතන් ඉන්නේ..... ගෙදර තියෙන ඕනම දෙයක් අප්පච්චිගේ අයුධයක් පත්වීම සදහා වන හොදම උදාහරණය වන්නේ දිනක් මේසය මත තිබූ පරිප්පු දීසිය දෙවෙනි අක්කාගේ කණ අසලින් පියාඹා ගොස් බිත්තියේ වැදී අවසන් ගමන් ගිය මතකයයි.... 


මේ කියන්න යන්නෙ බාලදක්ෂ උණ නිසා මා ලැබූ දඩුවමකි... මේ කතාව කියද්දි අප්පච්චිගෙ තවත් ගුණාංගයක් ගැන නම් නොකියම බෑ.. ඒ තමයි අපි එනවා කිව්ව වෙලාවට ගෙදර එන්න ඕන.... පරක්කු වෙනවානම් රෑ ගෙදර එන්නෙ නැත්නම් උදේ කියලා යන්න ඕන.... කලින් එනවා කියලා ගිහින් පරක්කු උනොත් නම් බඩුම තමයි.... මේ කොන්දේසිය තමයි මම නම් නිතරම කඩ කලේ.... හරි කතාවට එමුකො...... 


බාලදක්ෂ කදවුරක් ලංවෙද්දි අපට තියෙන රාජකාරි එමටයි.... ඉතින් ඉස්කෝලෙ ගහන්නෙ ෆුල් නයිට්... ඇදුම් පහ හයක් අරන් ඉස්කෝලෙට එනවා... එලි වෙනකන් පුවක් ගස් කපනවා... කාලීන උපකරණ හදනවා.. ඉස්කෝලෙ තැඹිලි කඩනවා, අල්ලපු වතුවල කෙහෙල් කැන් කපනවා වගේ එකී මෙකී නොයෙකුත් වැඩ..... උදේම නැගිටලා ඉස්කෝලෙ ටැප් එකෙන් නාගෙන පොඩිවෙච්ච ඇදුම් මාර ගේමක් දීලා තලාගෙන අපි පංතියට යනවා.. ඉතින් මේ වගේ දවසක තමයි මම අපේ අප්පච්චිට කලින් එනවා කියලා ඉස්කෝලෙ ආවේ..... 



කෑම්ප් එකේ වැඩ නිසා ඔක්කොම එකසිය ගානට වැඩ.... මටත් ගෙදර සපුරා අමතක වෙලා හිටියෙ...... ඔන්න පාන්දර එකට විතර මතක් උනා දෙවියනේ අප්පච්චිට එනවා කිව්වා නේද කියලා... දෙපාරක් හිතන්න කිසිම කාරණාවක් නෑ.. අද ගියෙ නැත්නම් හෙට බඩු ෂුවර්.... කොල්ලෙක්ගෙන් ඉල්ලාගත්තා පාගන බයිසිකලයක්.. පැද්දා කෙලින්ම ගෙදරට කිලෝමීටර් 8ක්.... කොහොමහරි ගෙදර එද්දි පාන්දර 2ට විතර ඇති.... දැන් ඉතින් බයේ ගැහි ගැහි තට්ටු කලා දොරට.... අප්පච්චිගෙ ගාම්භීර සද්දෙත් බර අඩි තියලා එන සද්දෙත් ඇහුනම අපේ පපුවෙ සද්දෙ ඊට වඩානම් වැඩි වෙනවා.... අප්පච්චි දොර ඇරලා මෙහෙම ඇහුවා....


ආ.... උඹ දැන්ද එන්නෙ....


ඔව් අප්පච්චි පොඩ්ඩක් පරක්කු උනා....


ආ ඇත්තද? එහෙම අහපු අප්පච්චි දොර වහලා ඇතුලට ගියා.... ටිකක් වෙලා ගියාට පස්සෙනෙ මට මතක් උනා යකෝ.. මම තවම එලියෙනෙ ඉන්නෙ.... ආයෙ දොරට තට්ටු කරලා කිසිම වැඩක් නෑ.. අප්පච්චිගෙ තීරණය ජීවිතේට වෙනස් වෙන්නෙ නෑ.... අක්කගෙ කාමරේ ජනේලෙන් පහුවදා අදින්න තියෙන ඇදුම් ටික ඉල්ලගෙන වෙන කරන්නම දෙයක් නැති නිසා ආපහු පැද්දා ඉස්කෝලෙට....



සෑහෙන කාලයක් යනකන් කොල්ලො මාව බයිට් එකට ගත්තා මේ සීන් එක නිසා... මොනවා කරන්නද? අපිත් ඉදලා හිටලා හරි ඇස්වහ කටවහ යන්න හරි බයිට් වෙන්න ඕනනෙ කියලා විදගෙන හිටියා.....


ප.ලි. ඊලග කතාව ඉක්මනට දාන්න හිතාගෙන ඉන්නවා....

22 comments:

  1. හික් හික් ... ඇයි ගෝනි කැබැල්ලක් නැද්ද එලිපත්තේ ... ටිකක් ඇල වෙන්ට ... :D

    ReplyDelete
  2. ඔන්න එහෙනම් හෙට ලිඳේ පනින්න ලැස්තිවෙයන් ... හෙට ඉඳන් පුරුදු කරන්නේ ලිඳේ පනින්න :D

    ReplyDelete
  3. එහෙම උනොත් ඉතින් බල්ලා ඉන්නේ කොහෙද වැප්... ඒ ගැන හිතලයි ආයේ ගිහින් තියෙන්නේ.. :D

    ReplyDelete
  4. තාත්තා බනින්නෙ ගහන්නැතුව දොර වහපු එක ගැන සන්තෝස වෙන්න පුළුවන්නේ...

    ReplyDelete
  5. උඹට බය හිතුනේ නැද්ද මචෝ පාන්දර 2ට 16km බයිසිකලේ පදිද්දී?

    ReplyDelete
  6. අර හොල්මන් ගහ පහු උනේ නැද්ද??.....:-D

    ReplyDelete
  7. ඔහොම දඩුවමක් ලැබුන එක හොඳයි.. කොහොමද කන රත් වෙන්න දුන්නා නම්...

    ReplyDelete
  8. මොනාවුනත් ඔය දඩුවම හන්දා තමයි ඔබතුමා අද ඔතන ඉන්නේ.....

    ReplyDelete
  9. මොනවා කරන්නද? අපිත් ඉදලා හිටලා හරි ඇස්වහ කටවහ යන්න හරි බයිට් වෙන්න ඕනනෙ කියලා විදගෙන හිටියා.....

    ඒ පුරුද්දට වෙන්ඩෑ දැන් දිගට හරහට බයිට් වෙන්නේ?

    ReplyDelete
  10. බයිට් උනාට කමක් නෑ වටේ ඉන්න අය බයිට් නොකර....
    12ට කලින් යන්න තිබුනනේ එතකොට දවස ඉවර නෑනේ.

    ReplyDelete
  11. පිළිවෙල, හික්මීම, හරි දැක්මක් ඇතිව
    යන එන මඟ කියාදී ,අග තැන්පත්ව
    ගුටියක් නොමලදින්, දඩුවමකට ලක්ව
    පාඩම තවම මතකෙහි ඇත තැන්පත්ව

    ReplyDelete
  12. මොකද ලොක්කා මේ දවස් ටිකේ සද්දයක් නැතිව හිටියේ ? අප්පච්චිගෙන් සබ්බුවක් හම්බුණාවත්ද ?

    ReplyDelete
  13. හොඳ වැඩේ ....හොඳම වැඩේ ....

    මේ වගේ අප්පච්චිලා ඉන්නව නම් කොච්චර හොදද .

    මොකද දන්නව ද? එතකොට ඒ ඒ පුතාලා ලොකු වෙලා කසාද බැන්ඳට පස්සෙත් පමා නොවී ගෙදර එන්න ඉගෙන ගනීවී‍.

    එතකොට මම වගේ අහිංසක භාර්යායාවන්ට රෑ නිදි මරා ගෙන ඇස් වලට ඉරටු කෑලි හයි කරන් මඟ බලාන ඉන්න ඕනි නැහැ නෙ...

    ඒ අයියේ තාමත් දෙගර යන්නේ පමා වෙලා ද?

    ඉස්සර අපෙ තාත්තත් ගෙදර එන්නේ මහ රෑ මැදියමේ. ඒ තාත්තගේ රස්සාව නිසයි...අපේ කන්නෙත් නැතිව මඟ බලන් ඉන්නව කියට හරි තාත්තා ගෙදර එනකම්...

    ( අද නම් එහෙම බිරින්දෑ වරු නැතිව ඇති නේ ද? )

    ReplyDelete
  14. උඹ පොඩ්ඩයිනේ පරක්කුවෙලා තිබ්බේ... ඒකයි තාත්තා දොර වැහුවේ. උඹ තව ටිකක් පරක්කු වෙලා (පැය 4ක් විතර) ආවානම් තාත්තා දොර අරියි. එතකොට කොහොමත් උදේ වෙලානේ බං... :)

    ReplyDelete
  15. අම්මෝ .................. ඕගොල්ලන්ගෙ තාත්තා ඔච්චර සැරද? :(

    ReplyDelete
  16. දඬුවම එතනින් ඉවර උනාද නැත්තං පහුවදා උඔට පුවක් ගෙඩි ප්‍රහාරයක් වත් දියත් උනාද!

    (බස් එකේ ගියාට කමක් නෑ කියන්න තියෙන ඒවා ලියහං. අමතක වෙන්න කලින්.......)

    ReplyDelete
  17. එළ කොල්ලෙක්නේ..උඹ නෙවෙයි තාත්තා...

    ReplyDelete
  18. honda wede ubata..oya mona daduwama dunnath abeethayawa hadanna puluwan une nene appachchita...oka jeewitheta kiyana welawata enne ne kohewath...

    ReplyDelete
  19. තව මොන දඩුවම් ද කිමි16ක් පව්දපු එකම මෑදෑ. මමත් වෙලාවට වෑඩ
    ඒ කිව්වෙ මගෙ වෙලාවට.

    ReplyDelete
  20. රෑ නිසා 16 ගානක් නැහ... දවල් වරුවක උනා නම් නියම දඬුවම උබට හික් හික්

    ReplyDelete
  21. හික් හික් මරු වැඩේ කොරල තියෙන්නෙ ... තාත්තටම නොදෙවෙනි පුතා ...

    හැබැයි ගොඩක් ගෙවල් වල මම දැකල තියෙනව තාත්ත ඕනවට වැඩිය තරවටු කරන්න ගිහින් ළමයි අයාලෙ යනව ...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...