Thursday, March 24, 2011

හුටා.. මගේ බ්ලොග් එක... අනේ මන්දන්නේ නෑ අමතක වෙලා ගියාද කියලා...... මොනවා උනත් මෙන්න නයිට් ප්‍රැක්ටිකල් අංක දෙක....

මේ කාලය නම් හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරම්ම කාර්ය බහුලයි.... මට හිතාගන්න බෑ ඊලඟට එන පැයේදි මම කොහේ ඉදියිද කියලා.... බ්ලොග් එක බැලෙන්නේත් ඉතා කලාතුරකින්.... මගේ බ්ලොග් එක මම බලාපොරොත්තු උනාටත් වඩා ප්‍රේක්ශක ප්‍රමාණයක් එකතු කරන තැනක් වෙලා තියෙන හොඳම වෙලාවේ මට ඔයාලා වෙනුවෙන් ලියන්න වෙලාවක් නැතිවෙලා.....


ව්‍යාපාර කටයුතු, සයිබරයේ සිහින උළෙල, අළුත් කාර්යාලයක් දැමීමේ වැඩ අතරේ යාළුවෝ මුණ ගැහෙන්නත් වෙලාවක් හොයා ගන්න ඕන. මේ වෙලාවෙ බ්ලොග් ලිපියක් ලියන්න වෙලාවක් ලබා දීම පිළිබඳ ස්තූති කරන්න ඕන අපේ ඔබ්සර්වර් අයියට... දන්නවද එයා ලංකාවට ඇවිත්... එයාට මේ මාසෙ පාවිච්චි කරන්න වාහනයක් හොයන්න මේ දවස් ටිකේම මහන්සි උනා... ඔන්න තව පැය දෙකකින් වාහනේ ගේනවා කියලා ඒකෙ අයිතිකාරයා කියපු නිසා ඒ පැය දෙකට දා ගන්න තරම් විශේෂ වැඩකුත් නැති නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න පටන් ගත්තා..... 


හරි දැන් මාතෘකාව.. ලියන්න කතා කිහිපයක් ලයිස්තු ගත කරලා තිබ්බත් මේ සිදුවීම මතකෙට ආවේ මගේ ලෝකය එකේ තිබ්බ නයිට් ප්‍රැක්ටිකල් පෝස්ට් එක කියෙව්වට පස්සේ.... රංග අයියා කියන ඔය ආයතනයේ ඔය කියන ඩිප්ලෝමාවම මමත් කරානේ.... රංග ලොක්කා මට වඩා වැඩිමල් නිසා ඒ කාලෙත් අපේ ඉන්ස්ට්‍රක්ටරයෙක් වී සිටින්න ඇති සමහර විට.... ඒ කියන්නෙ පොර අපේ සල්ලි වලින් කාලා බීලත් ඇති එහෙනම්......  :D



රංග කියපු විදිහටම අපිත් බැච් එකේ ඉන්න පජාතම සෙට් එකට ෆ්‍රී වෙන දවසක් බලලා නයිට් ප්‍රැක්ටිකල් එකක් දා ගන්නවා... පළවෙනි එක පොඩ්ඩක් නුපුරුදු විදිහට යන්නේ... ඒත් කට්ටිය බෑග් වල දාගත්ත බෝතල් වලින් ටික වෙන්න අනුමත වෙනවා..... මධ්‍යම රාත්‍රිය වෙද්දි  අපේ උන්ට ආවේ අමුතුම උණක්... ඒ තමයි අර අච්චර ලොකුවට තියෙන ලොබි එකේ "වන් බම්ප්" ගහන්න... මධ්‍යම රාත්‍රිය වෙද්දි කොයි ඉන්ස්ට්‍රක්ටර් අයියත් ඒසී එකත් දාගෙනම පොරවගෙන නිදි.... ඒ නිසා උන්ගෙන් ප්‍රශ්ණයක් කොහොමත් නෑ...ඒත් එක ප්‍රශ්ණයක්.... කෝ මේකට බෝලෙකුයි බැට් එකකුයි...... බැට් එකක් නම් ගැලවෙච්ච පුටු ඇන්දකින් හොයා ගත්තා...ඒත් බෝලයක්... කොහෙන් කියලා හොයන්නද? ඔන්න එකෙකුට ගණදෙවි නුවණ වගේ එකක් පහල් වෙලා අපේ උන්ගෙන් මෙහෙම ඇහුවා....


මචන්.. බෝලයක් නම් තියෙනවා... පොඩ්ඩක් පොඩියි... ජිල් බෝලයක් විතර ඇති... අවුලක් නැද්ද?


අපේ උනුත් මේ කථාව දෙපැත්තට හරවගෙන අරූව කින්ඩි කරන ගමන් මෙහෙමත් කිව්වා....


යකෝ හාල් ඇටේකට වඩා පොඩ්ඩක් ලොකු උනානම් ඇති... තියෙන ජිල් බෝලයක් ගෙනෙන්...


මූ ගියා ලැබ් එකට... ගෙනාවා බෝලයක්.... මොකක්ද දන්නවද ගෙනාව බෝලේ.... දැන් වගේ ඉස්සර ඔප්ටිකල් මවුස් තිබ්බේ නෑනේ..තිබ්බේ මිකෑනිසම් මවුස් කියන එක (වචනේ හොයලා දුන්නේ මගේ මරනය..). ඉතින් ඒ මවුස්වල යට තියෙන බෝල මතකනේ.. මූ අන්න ඒ බෝලයක් තමයි අරන් ආවේ.... එදා මෙදාතුර වන් බම්ප් ගහන්න සුදුසුම බෝලේ තමයි මවුස් එකේ බෝලේ.. ඉපිලීම එහෙම නැත්නම් බම්ප්වීම වැඩි නිසාත් බෝලය ඉතාම පොඩි නිසාත් ආතල් එකේ උපරිමේ ගන්න පුලුවන්.... බයවෙන්න එපා... කොච්චර හයියෙන් ගැහුවත් කැඩෙන්නේ නෑ.... ඉතින් මේ සෙල්ලම පාන්දර වෙනකන්ම ගියා.... ඊට පස්සෙ ඉතින් නයිට් ප්‍රැක්ටිකල් ආවෙම "වන් බම්ප්" ගහන්න බලාගෙන.... 


මම ජීවිතේ දැක්ක ආතල්ම ලිෆ්ට් එක දැක්කෙත් ඔය NIBM එකේදි තමයි..... අතින් දොර වහලා දැල් දොරකුත් වහලා බහිනකන් ඇගේ ලේ නැතුව ත්‍රාසජනක ගමනක් යන්න පුළුවන් ඒකේ....


ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු.....  කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත් ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

9 comments:

  1. ඇති ඔච්චර වැඩ අස්සෙ මෙහෙම වෙලාවක් හොයාගත්ත. :D

    ReplyDelete
  2. ඔබා අයියට වාහන හොයනව කියන්නෙ සෙල්ලං කෙලියන් නෙමේ නේද??? ඔබා චුරු චුරු ගගා හිටියෙ මාරයව බලන්න ආසයි යන්න විදියක් නෑ තාම අභීතය කාරෙකක් සෙට් කලේ නෑ කියල. අද හවස් වෙලා පුලුවං උනොත් ඔබා අයියලැයි දිහාවෙ ගොඩවැදෙන්න කියල තමයි මම හිතාන ඉන්නෙ.

    ReplyDelete
  3. ඔබා කොහෙද බං ඉන්නේ?

    හප්පා ඒ ඇඟ කිලිපොලා යන ලිෆ්ට් එක ගැන නම් මතක් කරන්නවත් එපා

    ReplyDelete
  4. @රංග: ඔබා මේ දවස් වල ගම්පහ ඉන්නෙ

    ReplyDelete
  5. ඔබ්සවර් අංකල් ට එක කාර් එකක්ද හෙව්වේ..හික්
    මවුස් බෝල වන් බම්ප්...නරකම නෑ...කොරලා බලන්න ඕනා..පින් පොම් බෝලේ බම්ප් වෙනවා වැඩි නිසා කරදර වැඩ්යි..මව්ස් බෝලේ තමා භාන්ඩේ..
    උලෙලදි සෙට් වෙමු.,..සංවිදායක තුමාට ජය වේවා!!!!

    ReplyDelete
  6. මේ ඉන්නේ රත්ගමයා! අද තමයි කාලෙකින් දැක්කේ. අවුරුදු උත්සවේ දවසට දෙන්නම් තෑග්ගක්! :|

    ReplyDelete
  7. මීයගේ බෝලෙත් නරකම නෑ ඉන්ඩෝර් ගහනකොට.ඒත් අවුල තියෙන්නේ දැන් ඒවා හොයාගන්න නෑ නේ.

    ක්‍රිකට් මැච් එකක් ගහපු කාලයක් මතක නෑ අප්පා...ආසාවේ බෑ.

    අවුරුදු උත්සවේ සික්ස් අ සයිඩ් පාරක්වත් නෑතුව කන්න හම්බුනේ නෑ වගේ තමයි

    ReplyDelete
  8. හුහ්... මටනම් ඉතින් එදාට එන්න එපාලුනෙ.. හික් ය...

    ReplyDelete
  9. NIBM එකේ lift එක ගැන නම් කියලා වැඩක් නෑ.
    මට නම් ඔතන පෙන්නන්න බැරි අර ගොබ්බ කොලඹයා නිසා.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...