Wednesday, May 25, 2011

කොත්මලේ කථාව.....ප්‍රශ්ණ ගොඩකට මෙන්න පිළිතුරු.....

ඊයේ පෝස්ට් එක දැම්ම වෙලාවේ ඉදන් දුරකතන ඇමතුම්, ඊ මේල, චැට් මැසේජ් ආදී ගොඩාක් දේවලින් මගේ කොත්මලේ වැඩේ ගැන අහලා තිබ්බා... ඉතින් අකැමැත්තෙන් උනත් කියලා දන්න හිතුවා.... (අ යන්න වැරදිලාද කොහෙද ටයිප් උනේ....) මඩ රංගයා පෝස්ට් එකකින් මට ලස්සනට නෙලලාත් තිබුනේ... ඔබ සියළු දෙනා හිතන මහා සරුවට නෙමෙයි නෝනාවරුනි මහත්වරුනි... පුංචිම පුංචි ලී බංගලාවක් (Wooden Cottage) තමයි මම පටන් ගත්තේ.... රොකී ක්ලිෆ් තේ වත්ත අයිති වින්ඩ්ස් ප්‍රමෝෂන් (Winds Promotions (pvt.) Ltd.) කියන ප්‍රචාරක ආයතනයට... එහි තියෙන ලී බංගලාව තමයි මේ මම කියන තැන.. එහි සියළුම සංචාරක සම්භන්ධීකරණ කටයුතු කරන්නේ මට අයිති එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැෂනල් ආයතනයයි (Explore Lanka International (Pvt.) Ltd. ) ...


දැන් නයා ඇරියා ඇතිනේ... ඔන්න කොටේජ් එක ගැන විස්තර... මේ ලී කොටේජ් එක, එක් කාමරයකින් විසිත්ත කාමරයකින්, ආලින්දයකින්, කෑම කාමරයකින් හා කුස්සියකින් සමන්විතයි... දෙදෙනෙක්ගේ සිට හයදෙනෙක් දක්වා ඉතා සුව පහසුව නවතින්න පුළුවන්.... පිරිමි ළමයි කණ්ඩායමක් වගේ නම් දහදෙනෙකුට වගේ නවතින්න පුළුවන්... ඊට අමතරව කූඩාරම් වල අවශ්‍ය තරම් නවතින්න පුළුවන්...

ආහාර ප්‍රශ්ණය නේද? කෑමට අදාල කළමණා ගිහින් දුන්නම එතන බලාගන්න අය ඔබට ආහාර පිළියෙල කරලා දෙයි.. හරි හරි...., බයිට් එහෙමත් හදලා දෙයි..ඒත් බඩු ටික අරන් යන්න... බත් සහ එළවළු සහිත කෑම වේලක් සහ තෝසෙ ඉට්ලි වගේ දමිළ කෑමකට අවශ්‍ය කළමණා අරගෙන යනවනම් මට ඔබට විශේශයෙන් යමක් කියන්න ඕන... ඒ ඉතාම රහට සැකසූ අහාර වේලක් භුක්ති විඳින්නට ඔබට හැකිවේවි.... 

ඊලඟට මොකක්ද දැනගන්න ඕන.. ආ.. සනීපාරක්ෂාවද? ප්‍රධාන ලී කොටේජ් එක සඳහා ඉතා පිරිසිඳු වැසිකිලියක් හා නාන කාමරයක් තියෙනවා... කූඩාරම්වල ඉන්න අය සඳහා පිරිසිඳු වැසිකිළි පහසුකම් වගේම විවෘත නාන වතුර මල් සවි කරලා තියෙනවා... දිය නෑම සඳහා ලස්සන පිහිල්ලක් වගේම දිය ඇල්ලක්ද ඉඩමේ කෙලවරක පිහිටා තියෙනවා...

හරි.. දැන් ආලෝකය... කිසිදු විදුලි බල්බයක් නෑ... ලැන්තෑරුම් හා ගෑස් ලාම්පු ඔබේ අඳුර මඟ හරවාවි... සෑම ඇඳකම තියෙන විඳුලි පන්දම හදිසි අවශ්‍යතාවයකට ඔබ ලඟ හිඳීවි. ඔබගේ බැටරි අඩු වෙච්ච ජංගම දුරකතන රාත්‍රියේ ස්විචය ඕෆ් කර භාර දුන් පසු උදේට චාජ් කර දෙන්න එතන කාර්ය මණ්ඩලය කටයුතු සලසා දේවි...

කලු පාට ටීෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ කවුද කියලා දන්නවනේ...
එහෙ ගිහින් බලන්න තියෙන්නෙද? කොත්මලේ ජල විදුලි වැඩසටහන වගේම ඉහල කොත්මලේ ජල විදුලි වැඩසටහනත් නැරඹීමේ හැකියාව තියෙනවා... මහනුවරට කිලෝ මීටර 40කින් පමණ ලඟාවිය හැකි නිසාත් නුවර එළියට කිලෝමීටර 30කින් පමණ ලඟා විය හැකි නිසාත් ඒ ආශ්‍රිත ප්‍රදේශ නැරඹීමේ හැකියාව තියෙනවා.... මේ කොටේජයේ නවාතැන් ගන්න ඔබට අත්පන්දු, බැඩ්මින්ටන් වැනි එළිමහන් ක්‍රීඩාවලත් චෙස්, කැරම් වැනි ගෘහස්ත ක්‍රීඩාවලත් යෙදීමේ පහසුකම තියෙනවා.... ඊට අමතරව පා පැදියක නැගී ප්‍රදේශය පුරා සංචාරය කිරීමේ අවස්තාවක්ද ලබා ගත හැකියි.. වනය තුල පා ගමන් මෙන්ම කුරුල්ලන් නැරඹීමටද පහසුකම් සලසා තියෙනවා... ඊට අමතරව ධීර ක්‍රියාකරකම් සහිත විශේෂ පැකේජයක්ද ඔබට සුදානම් කර ගන්න පුළුවන්.... 


දැන් ඉතින් ගාස්තුව නේද? මෙහි නැවතීමට පමණක් එක රාත්‍රියකට රුපියල් 7500.00ක මුදලක් අය කරනවා.... කූඩාරම් ගහගෙන ඉන්නවනම් එක් අයෙක්ගෙන් රුපියල් 500.00ක මුදලක් අය කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ.. කූඩාරම් සංකල්පය කෙරේ එනවානම් අඩුම තරමේ පස් දෙනෙක්වත් පැමිණිය යුතුයි. මීට අමතරව විශේෂ සේවාවන් සඳහා එක් එක් අය කිරීම් තීරණය වෙනවා... උදාහරණයක් ලෙස මධු සමය ගත කරන්නට එන පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් මෙන්ම ධීර ක්‍රියාකාරකම් (Adventure Activities) සඳහා එන අයටද සුවිශේෂ පැකේජයන් ලබා ගත් හැකියි.

වැඩි විස්තර දැනගන්න ඕනනම් හෝ මෙය වෙන් කරවා ගැනීමට අවශ්‍යනම් ඉතින් දෙන්න තියෙන්නෙ මගේම දුරකථන අංකය තමයි.... මෙන්න කවුරුත් දන්න ඒ අංකය 0714449162.

එහෙනම් කට්ටියම එන්න නවතින්න බලාගෙන.. විශේශ වට්ටමකුත් ලබා දෙන්න බැරිවෙන එකක් නෑ...

31 comments:

  1. එල යන්න සෙට් උනොත් කියන්නම්. මඩයට ලාවට මඩකුත් ගහලා තියෙන්නේ..........

    ReplyDelete
  2. ඇත්තටම නියමයි අයියේ.. ආසයි දැක්කාම... බලමු බලමු ඇවිත් යන්න එන්න දැන්ම නෙමේ හැබැයි හිකිස්‌

    ReplyDelete
  3. ඇත්තටම පට්ට සිරා ජොයින්ට් එක. රිලැක්ස් නම් රිලැක්ස් ඇඩ්වෙන්චර් නම් ඇඩ්වෙන්චර්, බොන්න නම් බොන්න

    ReplyDelete
  4. එල එල.... මේ තියෙන්නෙ ඇඩ් එකේ දෙවනි කොටස. මම කිව්වෙ බොරුද ... අභේපාල මාම සල්ලි ගෙවලා තමයි අර කලින් ඇඩ් එක රංගගේ බ්ලොග් එකේ පල කරලා තියෙන්නෙ....!

    ඒකෙන් කමක් නෑ..... අභේපාලයෝ, ලඟදි ලංකාවට ආවහම හම්බවෙමු හරිද ඩිකවුන්ට් ගැන කතා කරගන්න....!

    ReplyDelete
  5. යකෝව්.... මට වඩා නකි හුචක්කුත් මට මාමා කියනවනේ බොලේ....

    ReplyDelete
  6. අයියා එහෙනම් වැඩේ ෆිට් නේ අපි අර කතා කර ගත්තු ඩීල් එක කරමු ඈ... මට ගානට කමිෂන් එක දෙන්නකෝ.. මම බිස්නස් ඩිවලොප්මන්ට් එක කොරාලා දෙන්නම්....

    ReplyDelete
  7. හලේ ! මේ අබරන් මාමා එදා මට අඩගහුවේ නෑනේ . ක්ලාස් පැත්තකින් දාලා එනවනේ එහෙමනම්.

    ReplyDelete
  8. අභීත මහත්තයා කැතයි හොඳේ... බොලා එදා නිකමටවත් ඔය වගේ ඉස්පොට් එකක් ගැන කිව්වනම් උඹ ආරාධනා නොකරත් බලෙන් හරි එනවනේ... :)

    ReplyDelete
  9. මේ ඇඩ් එක මතක තියාගන්නවා... මං අබේපාල අයියාට ;) මැසේජ් එකක් දාලා තව විස්තර ගන්නම්.. එල

    ReplyDelete
  10. නියම තැනක් වගේ නවතින්න. බලමුකො අනාගතේදි.. හික්ස්

    ReplyDelete
  11. සිරා පොට් එකක් වගේ.නුවර එලියේ ආවම නවතින්න බලාගෙන එන්නම්.

    ReplyDelete
  12. මැක්සා ව‍‍ගේ....අපි ට්‍රිපක් ආවොත් කියන්නම් කෝ.....

    ReplyDelete
  13. වට්ටම් දුන්නම් 10000ක් විතර වෙයිද මන්දා. අයියේ රා එහෙම නැද්ද? මටනම් එන්න වෙනවා බං ඉක්මනටම...

    ReplyDelete
  14. මරු ඇෂ් ට්‍රේ එක ඇ :-D

    දුමී මුන් දෙන්නා කතා වෙලා ඇඩ් එක දෙකට කඩලා දැම්මා :-D

    ReplyDelete
  15. අභියා, මොකො කියන්නෙ..? ඇගෙන්ස්ට් එකට මාත් පටන් ගන්නෙයි ඇඩ්ඩටයිසින්..? අපි දෙනො අලි ඇඩ්වෙන්චර්, හරිය..?? :P

    ReplyDelete
  16. මොකද කියන්නේ මං දැන් කමෙන්ට් කරන්නද එපාද..:D

    @Dee- අනේ යන්න..ඔයාගේ වල් අලි දැන් කෝ..උන් ඔක්කෝම වන අලි කොලා නේද..?දැන් මොන ඇඩ්වෙන්චර්ද..? හික්..වල් අලි එක්ක වගේ කොහේද අප්පා වන අලි එක්ක ඇඩ්වෙන්චර්...

    ReplyDelete
  17. පට්ටනේ බොල....සැට්වුනොත් එන්නම්කෝ ඔය පැත්තේ....කවුරු හරි ආවොත් සැට් කොරලත් දෙන්නම්කෝ....

    ReplyDelete
  18. මමත් එනෝ චෙස් අතක් ඇදල යන්න

    ReplyDelete
  19. කොත්මලේ ලස්සන පලාතනේ. අපිත් දෙසැම්බර් වල බලන්නම්කෝ.

    ReplyDelete
  20. ඔය මධුසමය ගතකරන්න එන අයට මොකටද අමුතුවෙන් Adventure Activities?

    :-)

    ReplyDelete
  21. ඔය ලොකුවට දාලා තියන මොබයිල් නම්බරේ මගේ මොබයිල් එකේ දාගත්තා. සුදු, කලු යාලු ගෑනු ලමයි ඔක්කොටමත් දුන්නා.:D

    ReplyDelete
  22. අඩේ එල එල.. ,මේ මට පොඩි පරහකට තියෙන්නෙ මොකක්ද මේ මධුසමය ගත කරන්න යන අයට ඇඩ්වෙන්චර්ස් කරන්න දෙනවයි කියන්නෙ? :)

    එල වැඩක් ලොක්කා.. නියමයි.. ගාණත් සාධාරණයි .. අපි ඔය වගේ එකකට ගිහින් ඔයිට වඩා 3000ක් වැඩිපුර දුන්නා මීට අවුරුදු තුනකට කලින්.

    ReplyDelete
  23. මාරයා - දැන් වල් අලි කවුදැ, වන අලි කවුදැ.. අලි බෙට්ටක්වත් පෑගුනාදැයි ඔහෙට..? :P

    ReplyDelete
  24. @ Dee

    මෙන්න ආණ්ඩුව වල් අලි ප්‍රශ්නය විසඳපු හැටි. දැන් වල් අලි කියල ජාතියක් නෑ. ඉන්නෙ වන අලි. සිම්පල් ප්ලෑන් එකක්.

    Read this
    http://webalochana.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  25. බාල්දියට අළු කඩන්නෙ පච්ච සිරාද?

    ReplyDelete
  26. ස්තුතියි, අරුණ!

    සී ලංකා මාතා.. ඔහොම ගිය දෙන්!! :P

    ReplyDelete
  27. අපිත් සෙට්වෙන්න ඕන වුණු වෙලාවක අභීත ලොක්කාව කන්ටැක්ට් කරන්නම්. බ්ලොග් ලියන එවුන්ට ඩිස්කවුන්ට් එහෙමත් තියෙනවානේ

    ReplyDelete
  28. යන්න නම් ආසයි මේ පෝස්ට් එක දැක්කාම ......
    බලන්න ඕන .........

    ReplyDelete
  29. ඈ බොලේ අර රංගය සිගරට් අළු කඩන්නෙ බාල්දියකටද? ඒකෙන් හිතාගන්න ඇහැකිනෙව පුතයගෙ තරම.

    බොලේ ඕකෙ හනිමූන් කොරන්නත් ඇහැකිද? ඊලඟ පාරවත් බලමු, හැබැයි රජෝ පත්තෑයෙක් හරි කූඩැල්ලෙක් හරි සෙට් උනොත් පහුවදාට ඉස්පිරිතාලෙ තමා ඉන්න වෙන්නෙ ඔතාගෙන.

    ReplyDelete
  30. අභීත මං ඇඩ් එකක හැදුවා. මේක මගේ මුණු පොතේ දාන්නද?

    රන්ගයටත් දෙන්නද?

    -------------
    මහා මුකලානක ඇඩ්වෙන්චර් අත්දැකීමක්.

    එකෝ ටුවර ගයිඩ මහත්මයෙකුගේ ලෑලි හෝටලය.

    - එලි මහන් වතුර මල්
    - ලන්තෑරුම් එළියෙන් රාත්තිරි සාද
    - ටෝච් එකක් පමණක් ඇතිව ලෑලි ඇඳේ නිදි සුව
    - හොනිමූන් යුවල් සඳහා විශේෂ ඇඩ්වෙන්චර්

    බලා ඉන්න එපා.

    අද අදම ඔබේ නිවාඩුව ගත කරන්න මෙන්න කදිම තැන.

    ReplyDelete
  31. මෙ තැන මම දැන ගත්තෙ අද.ඒකට බොහොම ස්තුතියි.එ වගෙම කොත්මලේ තවත් මේ වගේ තැන් දෙක තුනක්ම තියෙනව..පොඩ්ඩක් හොයල කියන්නම්...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...