Tuesday, September 6, 2011

බ්ලොග් කරුවෝ වැඩිම ගානක් දැනට මුණ ගැහිලා තියෙන්නේ මමද?

අද හවස ත්‍රිරෝද රථයකින් කාර්‍යාලය කරා එද්දි මට මෙහෙම හිතුනා.... ඇත්තටම මමද කියලා මට හිතුනා.. ඒ ගැන ලිපියක් ලිව්වොත් හොදයි කියලත් හිතුනා.. මේකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා කියලා දැන දැන උනත් මම හිතාගත්තා ඔන්න ඔහේ ලියනවා කියලා.. ලින්ක්ස් දමන්නත් බලාපොරොත්තු වෙනවා... ඒත් කවුරු හෝ අමතක වුනොත් තරහා වෙන්න එපා... කමෙන්ට් එකක් විදිහට "ඇයි මම එදා මුණ ගැහුනේ" කියලා යන්න අමතක කරන්න එපා....


බ්ලොග් එක ලියන්න පටන් ගද්දිම මට උදව් කරපු කීප දෙනෙක් හිටියා... චාමර, රනිල්, හසිත. මේ හැමෝම මට පාසැල් කාලයේදීම හෝ ඊට පසුව මුණ ගැහුණ බාලදක්ෂයින්.... ඊට පස්සේ යම් යම් කටයුතු වලදි මට මුණ ගැහුනේ වැප් නිශාන්ත. ඔන්න ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ෂණය ආවනේ.. ඒකෙදි මුණ ගැහුනා බ්ලොග් කරුවෝ රාශියක්.. ගොඩාක් දෙනෙක් මුණ ගැහුණු පළවෙනි අවස්ථාව තමයි ඒ... රන්දිකා, පසන්, කසුන්, ගීතික, බුද්ධි, අනුරාධ, දිල්ශාරා, පුරසඳ, මැරියන් මේ අය හමු වුනා..... 


ඊට පස්සේ අපි හමු වුනේ ගූගල් බස් වලට පිංසිද්ද වෙන්න එක්සෙල් වර්ල්ඩ් එකේදි... මේකෙදි නම් අර කට්ටියට අමතරව මුණ ගැහුනේ අසංක, ජේඩී, කුශාන්, ෆා, වාසල කියන අය.. ෆා සහ කුශාන්ගේ පරිඝණක පන්තියක් කට් කරලා අපි ආයෙත් සෙට් උනේ ගල්කිස්සෙ මුහුදු වෙරලේ.... මෙතනදි නවකයෝ උනේ නදීශා, අසන්කා,ජනිතා, ප්‍රියන්ත සහ රසික නානායක්කාර. මෙන්න ඊටත් පස්සේ අපි ගියානේ ට්‍රිප් එකක් කිතුල්ගලට...ඒකෙදි අළුතෙන්ම මුණ ගැහුනේ තිස්ස අයියා, රන්දිම, තුශාර රවීන්ද්‍ර, නුවන් කියන අය... ඒකනම් හරිම විනෝද සාගරයක් වුනා...  


ඊට පස්සේ අපි සෙට් වුනේ විහාර මහාදේවී එකේදි.... එත්නදි රචින්ත, හශිකා, චමිල, දුලිප්, පහන්, අසේල, ලසිත, ජනිත්, ලිශාන්ගෙහාන්, ගයාන්, යොහාන්, කණිශ්ක, හසිත කියන අය මුණ ගැහුනා.. දෙවෙනි රැස්වීමට නලීන්, චාපා නංගීත් ආවා.. අමතක වෙච්ච දෙයක්.. ඊට කලින් අපි ගියානේ කතන්දරගේ තාත්තගේ අවමංගල්‍යයට..එතනදි මුණ ගැහුනා කතන්දර. කොහොම කොහොමහරි අවුරුදු උත්සවේට කලින් දිළුම්, සුභාශ්, වරුණ, තුශර, සනත් අයියා, ඉන්ද්‍රනාත් අයියා, චින්තක අයියා කට්ටියත් මුණ ගැහුනා..


ඔන්න දැන් තමයි නාන අවස්ථාව.... සයිබර් සැණකෙළිය.... කොහොම නම් කරන්නද? මමත් එක්ක කතා කරලා ගියා වගේ යන්තම් හරි මතකයක් තියෙන හැමෝවම මම මෙතන දානවා.... අනේ දෙවියනේ.. මට එක්කෙනෙක්වත් මඟ නොඇරේවා...... ඔන්න එහෙනම් පටන් ගන්නවා.. මෙච්චර කල් මුන ගැසුන අය ඕන නැහැනේ... ඉස්සෙල්ලාම බැස්සේ නුවර ගැන්සිය... කාවින්ද්‍යා, සන්ජු, දර්ශන, බනියා, ගීත්, කට්ටියත්, තනෝජා අක්කාඉනෝශා, නෙරන්ජි, නිලුශා, ප්‍රසන්න, ඉරු, ඉශාර, සංජීව, පැතුම්, සුපුන්, කෝසල, සුමුදු, හසිත, චේතිය, ශිරෝශි , ප්‍රවීන් සහ තවත් ගොඩක් අය මුණ ගැහුනා.. අනේ දෙවියනේ කියලා මට අමතක වෙලානම් සමා වෙලා යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න... හිතුවට වඩා පොඩ්ඩක් ලේසියෙන් වැඩේ ගොඩ දාගත්තද කොහෙද මම හිතන්නේ...


අම්මෝ. මටනම් දැන් ඇතිත් වගේ.. කොහොමහරි ඊට පස්සේ අළුත් බ්ලොග් කරුවෙක් මුණ ගැහුනේ අම්පාරේ ගිහින්... ඒ තමයි සඳරු... ඊටත් පස්සේ මේ ලඟදිම ලඟදි දුශාන්... බොහොම ලඟදි කඩුගන්නාවේ යන්න ගිහින් මුන ගැහුනා අමිල සහ තිසර... අද හවසත් තවත් අගේ ඇති බ්ලොග් කරුවෙක් මුණ ගැහිලයි ආවේ.. ඒ රෝහන අයියා..... එදා මෙදා තුර මට හමු වූ බ්ලොග් කරුවෝ තමයි මේ....



අද බෝනස් එකක් විදිහට මට අළුතින් දකින්නට ලැබුන බ්ලොග්ස් 4ක් දෙනවා.... සමහර ඒවා පරණයි.. කරුමේ කියන්නේ මට ලඟදිනේ ඇහැ ගැටුනේ.... ඒවත් අගේ ඇති බ්ලොග්ස් හතර.. මෙන්න ඒ බ්ලොග් ටික...



එකේ වාට්ටුව
වයිට් කණ්ණාඩි
මාළිගාව
වෙනී


ප.ලි. බ්ලොග් වල ලින්ක් සොයා ගැනීමට අපහසුවෙන් මා හතර අතේ ඇඹරෙද්දී මගේ පිහිටට ආ හශිකා හෙට්ටිගේ සොයුරියට මාගේ ආදර ස්තූතිය.....


ප.ප.ලි. මේකේ නම් තියෙන සමහර අයට මෙතනින් ගියාම තමයි මතක් වෙන්නෙ මග නමට බ්ලොග් එකක් තිබ්බනේ කියලා... එහෙනම් ගිහින් ආයෙත් මකුළු දැල් එහෙම කඩලා නමෝ විත්තියෙන්ම පටන් ගමු....

40 comments:

  1. ආ... බුකිය වෙන දෙයක් ගැන කතා කරක කරනෙ මේක ගැන කිවුවෙ.. ලින්ක්ස් දාල ඇඩිල ඉන්නෙ කියල.. දැන්නෙ තේරෙන්නෙ අභීත අයියෙ.. අම්මප මටනම් එපාම කරපු වැඩේ ඔය ලින්ක් දාන එකට.. මම හිතන්නෙ වැඩිම ලින්ක් තියෙන පෝස්ට් එක විදියට ගිනස් පොතට යනවා :D :D

    ReplyDelete
  2. අඩේ අභීත අයියට අපිව අමතකද .......?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මමනම් කතා කරලා තිබුනට තාම බ්ලොග් ලියන කවුරුවත් මුන ගැහිලා නෑ.. ලංකාවට අපු වෙලේ මුණ ගැහෙන්න හිතුවත් එක කරන්න බැරි උනා.. ඒ අතින් අභිත අයියා වාසනාවන්තයි...

    ReplyDelete
  5. බලාගෙන ය‍නකොට අභීත අයිය මාර පොරක්නෙ..

    ReplyDelete
  6. අපි ළඟදිම මුණගැහෙමු.

    ReplyDelete
  7. අභීත සමාන සුඛදුක්ඛ වර්ගයේ යාළුවෙක් බව කිව හැකියි.
    ඔබට මගේ ආචාරය.

    ReplyDelete
  8. ස්තූතියි අභීත. මම ලියන්න පටන් ගත්තෙ ජූලි ඒ කියන්නෙ යන්තම් මාස 2යි.ඒත් 2008 ඉඳන්ම ඔය ගොල්ලන්ගෙ බ්ලොග් කියෙව්වා. ඒ ආභාශය තමයි මගෙ බ්ලොග් පෝස්ට් වල තියෙන්නෙ. දැන් දෙසැම්බර් 10 සහ ඊට ඉස්සර පොත් ප්‍රදර්ශනයෙදි මට අවස්ථාවක් තියේවි, මම බොහෝම ආසාවෙන් කියවපු, බ්ලොග් වල අයිතිකාරයො මුණ ගැහෙන්න බලමු මම කොච්චර වාසනාවන්තද කියල.

    ReplyDelete
  9. හහ්.. මං බ්ලොග් වල ඇඩ්‍රරස් දන් නැති උනත්.. මීට වඩා ප්‍රමාණයක් දන්නවා වගේ :D ගොඩක් උන් ආ බනියා ගාගෙන යනවා.. අදුරන්නෙත් නැ :D

    ලිංක් දැමිල්ල නම් මරන්න වගේ.. ඒ අතිං මේක සිරා නෙවැ..

    ReplyDelete
  10. බොලේ මාවත් මතක් වෙලා තියෙන්නෙ......


    ඕන නං අමතක වෙච්ච දෙන්නෙක් මතක් කොරන්නන්.....ඕනයා සහ මාරයා....

    ReplyDelete
  11. එල එල හෙන සේනාවක් ඉන්නවනේ....

    ReplyDelete
  12. ඒයි . . . උඹ "ඇනෝ" සෙට් එක ගැන ලියල නෑ නෙ . . .?

    @ඔබ්සර්වර්:
    අඩේ ඔබ්සර්වර් අයියා . . . ටැංකිවු මාව මතක් උනාට. අභීතය "දුලිප්" කියල ලිංක් එකක් දාල තියෙන්නෙ මගෙ අටමගලට තමයි.

    ReplyDelete
  13. අභිත අයියා එහෙනම් ලගදීම අපිත් මුණගැහෙමු.

    ReplyDelete
  14. බ්ලොග් කියවන අය මුණ ගැහිලා නෑ වගේ....හෙහ් හෙහ්...

    ReplyDelete
  15. හා හා මාත් දෙතුන් පාරක් හම්බවෙලා තියෙනවා. අවුරුදු උත්සවේදී, ඉලන්දාරියාගේ මලගෙදරදි

    ReplyDelete
  16. අපිත් ළඟදි හම්බවෙමුකො.
    මටනං තාම හම්බවෙලා තියෙන්නෙ එක්කෙනයි.

    ReplyDelete
  17. කෝ මාමේ, අර පිළිකා රෝහලේදි මුණ ගැහිච්චි උදවිය

    ReplyDelete
  18. අභීත අය්යා රංගව හම්බුවෙච්ච හැටි දාල නැහැනේ.අප්පා මෙච්චර බ්ලොග් ලියන කට්ටිය දන්නව කියල අදනෙ දන්නේ

    ReplyDelete
  19. මට නම් හම්බ වෙල තියෙන්නෙ හාවයි පොඩියි විතරයි.

    ReplyDelete
  20. මමත් බ්ලොග් නොලිව්වට ඕනෙ (දුලිප්) අයියගෙ ගෙදරදි අපි මුණ ගැහුනා වගේ මතකයි. හි හි හි.... :D

    ReplyDelete
  21. අභියෝ අපි හමුවෙලා තියනවද?...:D D D
    හික් හික් උඹටත් හිතෙන දේවල්....

    ReplyDelete
  22. අපිත් ලගදි හම්බවෙමුකෝ අහි අයියේ :) :)

    ReplyDelete
  23. අපි බොහෝ දෙවල් කථා කලා නේද ඊයේ. ඔබ වැනි අය මේ බ්ලොග් ලෝකයේ තවතවත් බිහි වේවා. ඔබට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  24. අපිත් එනවා ලඟදිම අභීත අයියා වගේ බ්ලොග් අවකාශයේ දැවැන්තයන්ව මුණගැහෙන්න..

    ReplyDelete
  25. සමහරවිට වැඩිම අයව දන්නේ මම වෙන්නත් පුලුවන්. ඔය ලිස්ට් එකේ ඉන්න අයගෙන් 3 -4 දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොමල්ලව මම දන්නවා. ඒ ඇරෙන්න ඔය ලිස්ට් එකේ නැති බ්ලොග් ලියන තව 10 - 15 දෙනෙක්ව මම පුද්ගලිකව දන්නවා.

    ReplyDelete
  26. බොහොම වැදගත් ලිපියක්.මටත් සෑහෙන දෙනෙක් හොයාගන්න පුලුවන් වුනා මේකෙන්.මං නම් තාම දැකලා තියෙන්නෙ ඉස්සර ඉදන් දන්න (බ්ලොග් ලියන) අයව තමා.බලමු දෙසැම්බර් 10 එන්න පුලුවන් වුනොත් කට්ටියව අදුරගන්න පුලුවන් වෙයිනෙ.

    ReplyDelete
  27. මම නං බ්ලොග්කරුවන් එක්කෙනෙක්වත් මුනගැහිලාවත්, චැට්කරලවත් නැති කෙනෙක්.

    ReplyDelete
  28. මමත් හිතන්නේ බ්ලොග් කරුවන් අතරෙන් වැඩිම වාරයක් මට මුන ගැහුනු එකත් උඹ වෙන්න ඕනෙ. ඇයි රෑට නිදාගන්න යනකොට සමුගන්න එකා ආපහු උදේ දත් මදින්නත් කලින් ගේ දොරකොඩ ඉන්නවා නෙව ....! හික් හික් හික්.....!

    ReplyDelete
  29. ඊ ගාව සයිබර් සැනකෙලියෙදි හම්බ වෙමුකො .......

    ReplyDelete
  30. අර කිව්වත් වගේ අභියට පිළිකා රෝහලේදි හම්බ උන අපිව අමතක වෙලාවත්ද ?

    ඊට කලින් දවසෙ කොහුවලදි හම්බ වුනු එක නම් අමතක උනත් තව සාධාරනයි කියතහැකි...

    ReplyDelete
  31. බලමු ..අපිත් දවසක මුනගැහේවී නේද?

    ReplyDelete
  32. කනාවට වගේ මාවත් මතක් වෙලා තියෙනවා :D

    කශ්ටිය නම් සෙට් වෙලා ඇති මතක නෑ හැබැයි දැන් :p

    ReplyDelete
  33. අභීත අයියට තමයි ස්තුති කරන්න ඕනි මොකද හුඟක්ම බ්ලොග් කරුවො මුන ගැහුනෙ සයිබර් සිහිනේ හින්දා...

    සික්... හා හා පුරා කියල මුන ගැහුනු පලමු බ්ලොග් කරුවත් අභීතයනේ... අර නෙළුම් කොලේ රැස්වීමට සැට් වෙච්චි දවසෙ ලිෆ්ට් එකක් දුන්නේ හික් හික්.. එදා තමයි එදා...

    හැබයි මට කාල ඉන්න බැරි බොලව් ටික සැට් වෙලා එහෙ මෙහෙ රවුම් ගහල ෆොටෝ දාද්දි... හිටියනම් ලංකාවෙ සැට් වෙන්න තිබ්බනේ කියල...

    අභීත අයියාඅ හැබැයි බ්ලොග් කරුවන් මුන ගැස්වීමට ලොකු දෙයක් කලා කියල මම හිතනවා...

    ReplyDelete
  34. අපි ආයේ මුන ගැහෙමු අභීත අයියා .. උඹ ඇවිල්ලා ලේසියෙන් අමතක කරන්න බැරි වර්ගයේ මනුස්සයෙක් .. නියම බොක්කක් ..!

    ReplyDelete
  35. මගේ බ්ලොග් එක වෙනස් කලා... http://kinnaravi.blogspot.com/

    කොට ජීවිතේ

    ReplyDelete
  36. ආ අපි හම්බවෙලා තියෙනවා නේද? හලේ දෙවියනේ ඒ දවස උදා නොවුනනම්............... :ඪ්

    හැබැයි අපරාදෙ කියන්න බෑ කට පුරෝලා 'අනුරාධ' කියලාම කියලා තියෙනවා.... මන් හිතන් හිටියෙ තොපිට දැන් ඒ නම අමතකත් ඇති කියලා. :D

    ReplyDelete
  37. එළ එළ. ආවහම දන්න කියනා අයව හමුවෙන්න අදහසක් තියේ. එහෙනං අභිය තමා හොඳම සංවිධායක වැඩේට

    ReplyDelete
  38. අහ්...... මමනම් ඉතින් මේ බ්ලොග් කලාවට අලුත්ම අලුත්.. අදමයි මේ බ්ලොග් එක හමුවුනෙත්... :)
    මම කවුරුවත්ම හම්බෙලා නෑනෙ... කවදාහරි හමුවෙයි කියලා හිතන්වා..:)

    ReplyDelete
  39. අනේ මාවත් හම්බ වෙලා නේද? ........ හෙහෙහෙ ඒත් දැන් හම්බ වෙන්න ඉන්න සෙට් එක වැඩි නිසා පොතක් අරගෙන ලියාගන්න තමා වෙන්නෙ හම්බ වෙච්ච ලිස්ට් එක

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...