Wednesday, September 7, 2011

දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි.....

මේ දවස්වල සංචාරකයින් එන කාල සීමාව නිසා ආපි පොඩ්ඩක් ලෑස්ති වෙනවා.. අළුත්ම කිරි ටොයියා වෙබ් සයිට් එකක් එළියට දාන්න හිතාගෙන මේ දවස්වල රෑ වෙනකන් වැඩ නිසා පොඩි වෙලාවක් තියෙනවා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න... මේ කථාවත් මගේ පළවෙනි රැකියා ස්ථානයේ සිද්ධියක්.. එහි තිබ්බා වෙනම අංශයක් ඇල්බීසියාවලින් ඉන්ධන නිපදවීම කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරපු... මෙහි අධ්‍යක්ෂ තුමා සිංහල ජාතිකයෙක් නොවන නිසා චතුර නැහැ සිංහල කෙරෙහි.. ඒ වගේමයි කෑම ඉතා අඩුවෙන් ගන්නේ.... බෙහෙත් වලින් තමයි පෝශ්‍ය පදාර්ථයන් ඔක්කොම ගන්නේ....


වටේමනේ යන්නේ.. ඒත් ඉතින් කථාවේ පසුබිමත් ඔක්කොම දැන ගන්න ඕනනෙ නේද? ඉතින් මෙයාලට අයිති සයිට් තියෙන්නේ කොළඹින් ගොඩාක් ඈත... හිටපු ගමන් මේවා අධීක්ෂනය කරන්න සුදු මහත්තැන්වරු එනවා... ඉතින් මේ අධ්‍යක්ෂ තුමා තමයි මෙයාලත් එක්ක යන්නේ රට වටේ... රියැදුරු නිහාල්.( අපි අතරින් සමුගත් සොඳුරු මිනිසෙක්..) ඔහු ඉතින් ගමන අවසන් වෙලා මම ලඟට ඇවිත් දෙනවා රස සිද්ධි ඔක්කොම...


දින පහක විතර රවුමක් ගිහින් ඇවිත් නිහාල් මගේ ඉදිරියෙන් වාඩි වුනා... 


අභීත මහත්තයා... මරුම සිද්ධියක් උනානේ මේ පාර...


ඇයි මොකක්ද ඒ පාර..


අපේ සර් මරුම වැඩක් කරානේ සේනාරත්න මහත්තයාට.... අපි අඟුණකොල පලැස්සේ සයිට් එකට ගිහින් ආවේ ගාලු පාර දිගේ... වැලිගම හරියෙදි අළුත්ම හාල්මැස්සෝ තිබ්බා විකුනන්න පාර අයිනේ. සේනාරත්න මහත්තයා කිව්වා පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න කියලා හාල්මැස්සෝ ගන්න... මෙන්න අපේ සරුයි සේනාරත්න මහත්තයයි අතරේ ගිය දෙබස.... 


මොකද ශෙනේරත්න නවත්තන්න කිව්වේ.....


හාල්මැස්සෝ ටිකක් ගන්න සර්.. අළුත්ම ඒවා ලාබෙට ගන්න පුලුවන්නේ..


ලාබෙට? කීයක් වෙනවද ශේනේරත්න?


කිලෝ එකක් 160ක් විතරවත් වෙයි සර්....


අනේ ශේනේරත්න, කැල්සියම් පෙත්තක් ගන්නවකෝ.. ශත පේයි....


හරිනේ.... මල පැනපු සේනාරත්න මහත්තයා කිව්වේ මෙච්චරයි....


ඔන්න ඔහෙ යමන් නිහාල්.. මොන හාල්මැස්සොද?



හරි දෙවෙනි කථාවට යමු... තවත් දවසක සුදු මහත්තැන් කෙනෙක් එක්ක ගියා සයිට් එකක් බලන්න.. අපේ සර්ගේ කෑම අඩුවෙන් ගන්න පුරුද්ද සුද්දට හරියනවයෑ... අන්තිමේදි සුද්දා උදේ එකොලහට කිව්වලු බඩගිනියි කියලා.. ලඟම තිබ්බ තේ කඩේ නවත්තලා දැන් කට්ටිය කනවලු.. සුද්දාත් සර් දෙන ඒවා රස ගුණ වයමින් කෑවලු.. බිල ගෙවන තැනට ආපු අපේ සර් මුදලාලිට මෙහෙම කිව්වලු...


දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි දෙකයි....


කඩේ මුදලාලි උඩබිම බැලුවලු මේ මොනාද මේ කියන්නේ කියලා.. කෙහෙල්ගෙඩි කෑලි විකුනන කඩයක් දන්න අහල පහලකවත් නෑනේ ඉතින්.....


මොකක්ද මහත්තයෝ....


දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි දෙකයි....


මුදලාලි උඩ බිම ගියා.... අන්තිමේදි නිහාල්ගේ පිහිට තමයි මුදලාලිට තිබ්බේ...


කිඹුලා බනිස් දෙකකටයි කෙහෙල්ගෙඩි දෙකකටයි බිල දාන්න මුදලාලි.. ඕකට සිගරට් පහකටත් එකතු කරන්න....


කෙහෙල් ගෙඩි කේලිත් එක්ක දිඹුලෝ තමයි මේ මනුස්සයා සුද්දටත් කවලා තියෙන්නේ.... අන්තිමේට සිගරට් පහකටත් ගෙවපු එකෙන් නිහාල්ගේ ගානකුත් ශේප් උනා....


ඡායාරූපය මාරයාගේ බුකි පිටුව...

15 comments:

  1. මරු බුවෙක්නේ ..........:D

    ReplyDelete
  2. හික් හික් බි.පෙ.සි අෆ්ෆා............. :D

    ReplyDelete
  3. ඔන්න කාලෙකට පස්සේ ඇත්තටම හිනා වෙන්න පෝස්ට් එකක් දාලා...

    ReplyDelete
  4. ඔන්න ඇත්තටම අද නම් හිනා උනා....:D

    ReplyDelete
  5. හික් හික්.. අපෙ එකෙකුටත් හරියට වචන පැටලෙනව "මැදලෑලි මැදලෑලි මට ලෙවරියා දෙකක් දෙන්න" කියල තමයි මුදලාලිගෙන් ලැවරියා දෙකක් ඉල්ලුවෙ

    ReplyDelete
  6. මට මේක කියවද්දි මට මතක් උනේ...
    ශික් කේව අපේ සුපියල් පා...කේව..
    පට්ට කතාව අභීත අයියේ..

    ReplyDelete
  7. අද නම් හිනා ගියා... :D

    ReplyDelete
  8. අනේ ශෙනේරත්න මහත්යට දුක හිතෙන්න ඇති....

    ReplyDelete
  9. පළවෙනි එකනං ලොවෙත් නෑ. නියම ටෝක් එක!

    ReplyDelete
  10. සුද්දත් රස කර කර කෙසෙල්ගෙඩියි කිඹුලා බනිසුයි කාලද ? එ කඩේ එවා විත්‍රද දන්නෙ නැ තිබුනේ ??????????

    ReplyDelete
  11. හික් හික් මටත් මේක කියවපු ගමන් මතක් උනේ සිහිනය කිව්ව එකම තමයි.... හික් හික්

    ReplyDelete
  12. අප්පේ...අර බොස්ට දිවක් කියලා එකක් නැතුව ඇති රස විදින්න. හොදයි හැබැයි දිව පිනවන්නෙ නැතුව අනික් ටිකත් සංවර කරගත්තොත් නිවන් ගිය හැකි....:)))

    ReplyDelete
  13. සුද්දටත් ඉතින් රට ගිහිං කියන්ඩ බැරියෑ අහවල් රටේ කඩේකින් කිඹුලෙක් කෑවා කියලා ..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...