ටිකක් හිනාවෙන්න කියන තීම් එකත් එක්ක නොයන පෝස්ට් තුන හතරකුත් මම ලියලා තියෙනවානේ.. ඔක්කොම එහෙමද දන්නේ නෑ.. බ්ලොග් ලියන්න පටන් අරන් මාස දෙක තුනක යනකන් හිනා යන කථා ලියලා ඒ කථා ඉවර උනාම ඉතින් තව තව දේවල් ලියන්න ගත්තානේ.... ඒ අතරින් මම ඉඳලා හිටලා සිංදු කීපයක් ගැනත් ලිව්වා.. අදත් ලියන්න යන්නේ සිංදුවක් ගැන... හිනාවෙන්න වගේම හිතන්නත් දෙයක් මෙහි තියෙන නිසා ඔන්න යාළුවනේ ලියන්න හිතා ගත්තා ටිකක් හිනාවෙන්න එකේ.....
සිංදුව ඔළුවට වැටුනේ අපේ පුංචි පුතාගෙන්... එයාට එයාගෙ ආච්චි අම්මා තමයි කියලා දීලා තියෙන්නේ.. මිනිහා ඕක නිතරම කියවද්දි තොල අඹර අඹරා ගොත ගගහා කියනකොට මම බැලුවා මොකක්ද මේ කියන්නේ කියලා... ජනප්‍රිය ගායකයෙක් වගේම හොඳ විකට නළුවෙක් වෙච්ච ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ ගීතයක් තමයි මේ.... කියැවෙන්නේ බොරු කකුල් කාරයෙක් ගැන...
පද රචනය මම කියලා වැඩක් නෑනේ... ඒ නිසා සිංදුව අහලම බලන්න.. මෙන්න මෙතනින් අහන්න පුළුවනි... අහලා බලලා දෙන්න කමෙන්ට්ස්....
මෙන්න ආයෙත් සිංදුව...
බලපුහාම මේ කථාවත් ඇත්ත නේද?
ප.ලි. ගිනස් පොතට යන්න හිතන් කමෙන්ට් කරන මූනුපොතේ ස්ටේටස් එකක් නිසා ඊයේ ගියානේ පොත් ප්‍රදර්ශනේට... එක පොතක්වත් ගත්තේ නෑනේ..... හයියෝ.. සල්ලි.. කට්ටිය ඇවිල්ලා හෙන පච ගොඩාක් කියලා විසිරිලා ගියා.... ඉතින් පොත් ප්‍රදර්ශනේට යන්න කලින් කට්ටිය සෙට් උනානේ බොරැල්ලට... දියත් කුලේ අපි කියන බ්ලොග් එකත් ඇතුලුව බ්ලොග් 20ක් ලියන ලසියා කීවේ මෙහෙමයි.... මොන පොත් ප්‍රදර්ශනද බන්.. ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉමු... හයියෝ.. බුක් ෆෙයාර්.....
ප.ප.ලි.අනේ චූටිම චූටි පෝස්ට් එකක්....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඔච්චරද අෆ්ෆා හයියෝ............ බුක් ෆෙයාර් එක ගැන තිබ්බේ
ReplyDeleteමැක්සා සින්දුව... තෑන්ක්ස් හොයල දුන්නට.
ReplyDeleteමොනාද අභිත අපි 3 විතර වෙනකල් බලං හිටියා කෝ එකෙක් වත් දැක්කෙ නැහැනේ. කියටද book fair ආවේ..
ReplyDeleteපේනවනෙ ඉතින් බුක් ෆෙයාර් කියල ගෙදරට කියල ඇවිත් මගින්ම යනවා අනුමත වීමට. හයියෝ.. සල්ලි..
ReplyDeleteකාගෙවත් කෘන්තක, රදනක, අරව මේවට හානියක් නැතෙය්?
ReplyDeleteබොරු කකුල් කාරෙයෙක් ගැන කියපු එකම සින්දුව මම හිතන්නේ.
ReplyDeleteස්තුතියි මේ ගායකයා ගැන මතකය අවදි කලාට.
සිංදුව නම් නියමයි !!!!!
ReplyDeleteඅපරාදේ අබීත අයියා කට්ටියම වේලපහ ආවානම් අපට බලා කියා ගන්න තිබ්බා. කොහෙද ඉතින් කට්ටියම වෙනම සෙට් වෙලානේ.
ඇත්තටම ඇපෙක්ස් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනය තමයි නැගලම ගියේ . . .
ReplyDeleteහයියෝ බුක් ෆෙයා තමා මටත් කියන්න තියෙන්නේ... ;)
ReplyDeleteඈ ඒපෙක්ස් එකෙත් පොත් ප්‍රදර්ශනයක් තිබ්බද ???!!! හයියෝ.. පොත් ප්‍රදර්ශනේ ! තාමත් සෝස් කනේ !
ReplyDeleteඔය ටයිටල් එකේ වචන මං දන්න ඒවාට වඩා වෙනස් ඇයිද කියල බැලින්නං ෆ්‍රෙඩී සිල්වා ම සින්දුව කාලා නේ.
ReplyDeleteඔරිජිනල් එකේ තිබුනේ "ඔය වාගෙ උඩින් යන ඈයෝ තවත් ලොව ඇතේ" කියලයි.
දැන්මේ අභීත ලින්ක් කරලා තියෙන නව රිද්ම එකේ අන්තිම පේලියේ වචනවල මාත්‍රා ගාන වැඩියි.
මෙතනින් අහලා බලන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0580010C02
මෙතන තියෙන්නේ "එයා උඩින් ගියත් බිමින් ගියත් වැරුද්දක් නැතේ" කියලයි!
අය්යෝ ලස්සන සින්දුවක්. හිනා යනවා. ඔයාගේ පූතා ඕක කියනවත් මැවිලා පෙනුනා...:)))
ReplyDeleteඅපරාදේ ලස්සන පොත් තිබුනලු. ඇයි ගිහින් ගත්තේ නැත්තේ???
කකා.. ඇත්ත නේන්නං.!
ReplyDeleteතව දවස් ගානක් තියෙනවනෙ... ගිහින් එන්න ආයෙ දවසක
ReplyDeleteහ්කිස්ස්ස්ස්.... මරු සින්දුව...
ReplyDeleteබුක් ෆෙයාර් ගැන තව ලියන්න තිබ්බනෙ..
සින්දුව හරි අගෙයි !
ReplyDeleteඅපූරුයි.... ප්‍රෙඩී ගේ ගීත හාස්‍යත් එක්කම තියෙන්නෙ ලොකු සමාජ පණිවිඩයක්...
ReplyDeleteමම කැමැතිම
පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන්කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන කෑකුං හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි
පාන්කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන් ගත්තේ
පාන්කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත් තටුවෙන් අල්ලා සෙළවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මාද ගොළුවතින් ඊට සවන් පෑවා
අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා
අනිත් එක තමයි අර පෙත්සම් සින්දුව.... අගේ ඇති ගීත...නැවත මතක් කිරීම ගැන ස්තූතියි...
ඒවගේම මේවා අද කාලෙට කොයි තරම් නම් ගැලපෙනව ද....
හ්ම්ම්...මාත් ආස සිංදුවක්...රේඩියෝ එකෙන් නම් අහනව බොරු...
ReplyDeleteබොහොම ස්තූතියි අභීත අයියෙ,,,,
කොච්චර පරන උනත් හැමදාටම වටින සින්දුවක්....
ReplyDeleteහාස්‍යය , ඇත්තටම හාස්‍ය රසයක් විදියට අපිට දුන්නු දක්ෂයෙක් ගැන කතා කළාට ස්තුතියි
ReplyDeleteනියම සින්දුව අත්තම්මා බබාට කියල දීල තියෙන්නෙ
ReplyDeleteඈ බන්... දතක් එහෙම ගැලෙව්වෙ නැතෙයි ???
ReplyDeleteහික් හික්.....කතාව ඇත්ත.........
ReplyDelete