Thursday, December 22, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය... 2

ගිය සැරේ මේ ගැන ලියලා තියෙන පෝස්ට් එක කියවලා නැත්නම් මෙතනට ගිහින් කියවලා එන්න... මම ඒක ලිව්වේ ඇයි කියලා ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා... මාර සීන් එක. මම වත් දන්නේ නැති තරම් ඒක ලිව්වේ ඇයි කියලා.. කියවන ඔබ ඒ කථාව පිළිගන්නෙ නෑ නේද? හික් පිළිගන්න බෑ නේන්නම්..... පිළිගන්න බෑ තමයි....  මම මේ වගේ පෝස්ට් දෙකක් තුනක් ලියලා පුරුදු නෑ.. එකපාර ලඟ ලඟම ඔළුවට පහරවල් දෙකක් වැදුනම මොන මඟුලකට බ්ලොග් ලියනවද කියලා හිතෙනවා.. මම මේක ලියන්න හිතුවේ පුතාගේ කමෙන්ට් එකක් නිසා.. අවසනාවට ඒක මගේ බ්ලොග් එකේ පෙන්නන්නේ නෑ... අයි ටී දැනුම බිංදුවට තියෙන මගේ මොලේට ඒ ඇයි කියලා හිතා ගන්න බෑ.. මෙන්න ඒ කමෙන්ට් එක....


පුතා has left a new comment on your post "ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය....": 


මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ.. ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා.. 
උඹ ඔය උඩින් කියල තිවුන හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ.. හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන් කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්... 
උඹ ඔය ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද කියලා පොඩ්ඩක් හිතපන්.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්.. 





ඇත්ත මචන්... පුතා.. මම ඒ පෝස්ට් එකෙන් අදහස් කලේ නෑ මම ඒ වගේ දෙයක් සංවිධානය කරන්නේ නෑ කියන එක.... ඒත් මම දකින විදිහට ඒකට පෙරමුණ ගන්න කවුරුත් නෑ වගේ..... ඔන්න ඕක තමයි අවුල...


ඒත් මේ පෝස්ට් එකෙන් පස්සේ මගෙන් මේල් වලින් චැට් වලින් මගෙන් කට්ටිය අහනවා ඇයි මෙහෙම එක දැම්මේ කියලා... ඒ ඔක්කොටම කියන්න සුභ ආරන්චියක් තියෙනවා.. ඩාක්ගේ ඔන් ලයින් දිනපොත ලියන නලීන් මල්ලියි අන්සතු දිනපොත ලියන අමිල මල්ලියි මොකක් හරි දෙයක් කරන්න යන බවට ඉඟි පල වුනා.. සමහර විට එහෙම වෙයි..... තව දෙයක් වෙන සලකුණුත් පලවෙලා තියෙනවා... එහෙම දෙයක් වුන දාට මගේ අනාවැකිය වැරදියි කියලා මේකේ ලින්ක් එකක් එක්ක ඔබගෙන් සමාව ගන්න මම අමතක කරන්නේ නෑ.....


ඒ වගේමයි.... එහෙම දෙයක් වෙනවානම් මගේ උපරිම සහයෝගයත් ගිය සැරේ වගේ මගේ පුංචි කම්පැනි එකෙන් අනුග්‍රාහකත්වයකුත් දෙන්න මම ඉදිරිපත් වෙනවා...


හරි එහෙනම් ඊලඟ සයිබර් සිහින උළෙලේදී (පැවැත්තුනොත්) හමුවෙමු... බලාගෙන ඉමු මේ පාර සිහිනය දකින්නෙ කවුද කියලා... දැක්ක පොර වටේ සෙට් වෙලා වැඩේ ගොඩ දාගමු...


ප.ලි. ගිය සැරේ මම දැකපු හීනෙට තව දවස් 15න් හරියටම අවුරුද්දයි.. කියවලා බලන්න ඒක කොච්චර මිහිරිද කියලා අලුතෙන් බ්ලොග් කියවන කට්ටිය.... මෙන්න මෙතනින් පාර..


ප.ප.ලි. මුල් ටික ඊයේ ඩ්‍රාෆ්ට් කලේ... අද ඒක ආයෙත් පුතා දාලා.. කමක් නෑ.. දැන් වෙනස් කරන්න බෑ

12 comments:

  1. හ්ම්ම් අනේ මන්දා

    ReplyDelete
  2. ලින්ක් එකේ පොඩි වෙනසක් කරන්න මන් දැන් බ්ලොග් එක ලියන්නේ මෙතන [http://dayariya.dcreation.info ]

    ඔව් මමත් අමිලත් පොඩි වැඩකට කතා බහ කරා බලමුකෝ වැඩේ hari යයිද නැති වෙයිද කියලා විස්තර පසුවට

    ReplyDelete
  3. අනේ මොකක් හරි තියමුකෝ...අපි එනවා කොහොම හරි...

    ReplyDelete
  4. මම උදේ ඔය ගැන දෙවත් එක්කත් කතා කලා..මොනාහරි කරමු..මාත් ඉන්නව සපොර්ට් එකට

    ReplyDelete
  5. ඕනම දේකට අපිත් ඉන්නවා... පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා... අනාවැකිය බොරු වෙන දිනය ඉක්මන් වේවා

    ReplyDelete
  6. සිංහල බ්ලොග්කරුවන්ට මේ මොකද වෙන්නෙ?

    අරහෙ කොහෙන්ද මන්දා පාත් වෙච්ච අලුත් හාදයෙක් සිංඩි වලට බැණ බැණ පෝස්ට් දානවා.

    ඒ අස්සෙ ලාංකීය සිතුවිලි අඩපණ වෙලා!

    සිංහල බ්ලොග් සංසදය විනාස වෙලා!

    කෝ ඉස්සර තිබුණ මත ගැ‍ටුම්! ඒ කාලෙ සිංඩියක් බලන්න ලස්සනයි. අදහස් උදහස් පිළිතුරු ලිපි කොච්චර සුන්දරද?

    දැන් කියවන්න දෙයක් ලියන අය ඉන්නෙ කී දෙනෙක්ද?

    අහෝ 2010 ස්වර්ණමය යුගය!

    ReplyDelete
  7. අභීත අයියගේ පිස්සු හැදෙන අනාවැකිය කියෙව්වාම සමහරු නොදන්න කතාවක් කියන්න හිතුනා දෙසැම්බර් 10 අපි මොකක්ද කරන්න හිටියෙ???? මොකක්ද වුනේ???? කරන්න දෙයක් නෑ අපිට බනිනවනං බනින්න ඒවා බාරගන්න වෙනවා අපිට.... වැරැද්ද අපේ..... සමාවෙන්න.....

    http://anything4every1.blogspot.com/2011/12/blog-post.html

    ReplyDelete
  8. මේ මගුල් වැඩක් නෑ, අපි අලුත් අවුරුද්දේ මොනා හරි කරමු බං. ප්‍රයිවට් ආතල් ගන්න උන්ට එහෙම කොරන්න කියල අපි ගිය පාර වගේ ඔක්කොම සෙට් කරන් පබ්ලික් ආතල් එකක් ගමු.

    ReplyDelete
  9. බැරි එකාලට ඩෙඟන්න කියලා . උඹලා උඹලට ඕන දේ කරපල්ලා බං මොකෝ බලෙං කාවවත් ගෙන්නගෙන ආතල් දෙන්න නෙවෙයිනේ හදන්නේ .

    ඊගාව වතාවේ තියන මෙවුවා එකට මමත් එනවා . කොච්චර දුරක් තිබුනත් කාරි නෑ මමත් එනවා .

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...