Monday, December 26, 2011

අරක්කු ජුංඩක් ලාබෙට බීපු හැටි... ඊට පස්සේ වෙච්ච දේ... අයියෝ...

දැන් හිතන්න එපා මේ කථාව ලංකාවේද කියලා.. ලංකාවේ පුළුවන්ද අරක්කු බොන්න ලාබෙට... මම කියන්නේ එක්තරා කාලයක් ගැන.... හයියෝ මිනිස්සු අරක්කු බීපු තරමක්.... බත් පාර්සල් ලාබෙට දෙනවා කියපු තැනකවත් එහෙම පෝලිමක් නෑ... කියවන් ඔබටත් මේ ආරංචිය ලැබුනොත් කට්ටිය පිම්මේ උනන්දු වෙනවනේ.. පාවිච්චි කරන්නේ නැති වුනත් කවුද දෙවියනේ මේ මිනිස්සුන්ව මරන්න හදන්නේ කියලා හරි.... ඉතින් මේ ආරංචිය ආපු දවසේ අපට හිතුනෙත් මෙහෙමයි.... මේ කියන සති දෙකේ මිල ගනන් මෙන්න මේ විදිහට තමයි උනේ.... මට මතක හැටියට මේ 2003 වසරේ මැද භාගයේ....


අති විශේෂ           බෝතලය රුපියල් 140යි භාගය රුපියල් 70 යි
රෙඩ් රම්              බෝතලය රුපියල් 240යි භාගය රුපියල් 125 යි
වයිට් රම්             බෝතලය රුපියල් 220යි භාගය රුපියල් 110 යි
ලෙමන් ජින්        බෝතලය රුපියල් 220යි භාගය රුපියල් 110 යි
ඩ්‍රයි ජින්              බෝතලය රුපියල් 240යි භාගය රුපියල් 125 යි
වොඩ්කා             බෝතලය රුපියල් 260යි භාගය රුපියල් 140 යි


දැන් ඔයාලා බලනවනේ කොහෙන්ද බොලේ මෙච්චර ලාබෙට මෙහෙම ලැබෙන්නේ කියලා.. ඒවත් ලැබෙන්නෙ පින් පව් පලදෙන හැටියට... මම කියලා තියෙනවනේ මම කාලයක් විද්‍යා හා තාකෂණ අමාත්‍යාංශයේ සේවය කලා කියලා.. ඉතින් මේකට එක කාලයකදී ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා එකතු කලා රටේ තිබෙන මූල්‍යමය වටිනාකම් තිබෙන ආයතන ටිකක් පැවරුවා පුද්ගලීකරණය කරන්න.. හිඟුරාණ සීනි කර්මාන්තායතනයත් මේකට අයිති වෙච්ච නිසා එහි තිබුන සියලුම මත්පැන් බෝතල් වෙන්දේසි කරන්න අමාත්‍යාංශය තීරණය කලා... විකිණීමේදී අමාත්‍යාංශයේ කර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වයක් දෙන්නත් තීරනය කලා.... කරුමෙක මහත කියන්නේ මේ හිඟුරාන එකේ ප්‍රධාන කාර්යාලයයි අපේ කාර්යාලයයි තිබ්බෙ එකම ඉඩමේ.... ඉතින් පිරිමි ඔක්කොම ඒ දවස්වල නාගසලන් වෙලා හිටියේ.... මගේ බෝඩිම (අර නාරාහේන්පිට බෝඩිම ) තිබ්බෙත් එතන ඉදන් මීටර 50ක විතර ඉතා පොඩි දුරක්... තේරෙනවා නේද පිහිටීමේ භයානක කම... 



මේ මත්පැන් ගැනත් යමක් කියන්න ඕන... හිගුරාන සීනි කර්මාන්තායතනය ඒ කාලේ අක්‍රීය වෙලා තිබ්බ නිසා එහි සේවකයන් පැවසුවේ මේ මත්පැන් අඩුම තරමේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක් එහි ගබඩාවල පරණ වෙමින් තියෙන්නට ඇති බවයි... ඒක පානය කරන විට අපේ අය ඒ කතාව අත් වින්ද අපූරුව ගැනනම් මතක සටහන් ගොඩායි.. පලවෙනි වීදුරුවට බොන ඕනම කෙනෙක්ගේ ඇස් දෙක 50%ක් පියවෙනවා.. දොඩමලු වෙනවා... දෙවෙනි වීදුරුවට ඕන කෙනෙක්ගේ තොල් දෙක වේලෙනවා... ගොත ගැහෙනවා... තුන්වෙනි වීදුරුවට බෙල්ල කඩා වැටෙනවා.. සිංදුවක් තනියෙන් මිමිනෙනනවා.. හදිස්සියේවත් හතරවෙනි වීදුරුව පානය කලොත් කෙලින්ම ඩෙඩ් බොඩි.. කරේ ගෙනියන්න වෙන්නේ.. මේ ප්‍රථිපලය නැගලම ගියේ ඔතන තිබ්බ වොඩ්කා බෝතලේ....


ඉතින් ඕක බෝඩිමේ හිටපු රූමාත් එක්ක එක දවසක් පානය කලා... මෙන්න පහුවදා මූ රුපියල් 10000ක් දීලා කියනවා මේකෙම අරන් වරෙන් අද එද්දි කියලා... මටත් මොකෝ... මම ගෙනත් දුන්නා.... නියම බඩු ටිකක් තියෙනවා අරි අයියාගේ කාමරේ කියලා නාරහේන්පිට හන්දිය වටේ ඉතින් පොඩි කතාවක් එහෙමත් ගිහින්... දවස් දෙකකට විතර පස්සේ කාර්යාලය ඇරිලා බෝඩිමට එද්දි මිනිස්සු පෝලිමක් ඉන්නවා කාමරෙ දොරලඟ... මම ඉතින් මගේ යතුරින් ඇරලා ඇතුලට යද්දි ඉස්සරහින්ම හිටපු කොල්ලෙක් මට කතා කලා... 


මල්ලි.....


???????


ආරි අයියා නැද්ද?


නෑ මම හිතන්නේ එන්න ටිකක් පරක්කු වෙයි අද? 


මේ මට බොට්ල් එකක් ගන්න පුළුවන්ද? 


හප්පට සිරි.. බලද්දි අර පොර වොඩ්කා බෝතලේ 500 ගානේ විකුණලා.... සිරා ඩයල් තමයි අපටත් සෙට් වෙන්නේ.. ටක් ගාලා කාමරේ ලොක් කරලා පැන ගත්ත මම කෙලින්ම තිඹිරිගස්යායට ගියේ... තිඹිරිගස්යායට ගියෙද? මේ තියෙන්නේ ඒ කථාව.....


මහේන්ද්‍ර (නමෙ කොටසක්) මගේ පන්තියේ අල්ලපු පුටුවේ හිටපු ෆිට් එක.. ඌ මේ කියන දවස්වල පොලිසියේ නිළධාරියෙක්.. ඉතින් අපි දෙන්න බොහෝ වෙලාවට උගේ මෙස් එකේ හරි මගේ බෝඩිමේ හරි සෙට් වෙනවා සති දෙකකට විතර සැරයක්.. දැන් අර තිබ්බ වොඩ්කා බෝතලේකුත් අරන් තමයි මම ගියේ... අපි දෙන්නට තව දෙන්නෙක් එකතු වුනා.. ඒ පාසලේම අපිට වඩා බාල මල්ලිලා දෙන්නෙක් වෙච්ච සුගා සහ සාලි. දැන් හතර දෙනා එකතුවෙලා මහෙන්ද්‍රගේ කාමරේ වැඩේ පටන් ගන්නවා... මම අර ඉහත කියපු වෙරි සටහන අනුව ශොට් 16කින් වැඩේ ඉවර වෙන්න ඕනනේ.. ඒත් බෝතලයක් කියන්නේ මිලි ලීටර් 750ක්ම තියෙන එකක්නේ.. දැන් වට්ටේ යනවා බෝතලේ... අපිත් ඉතින් පරන ඉස්කෝල කථා කිය කියා වැඩේ යනවා... පසැල් කාලේ ඇදුනොත් බෝතල් 10ක් 15ක් හරි ඉවර වෙනකන් කියන්න කතා තියෙනවනේ... කොහොමහරි ඒ බෝතලේ හතර දෙනා එක්ක ඉවර කලා.. මම කොහොමත් මහෙන්ද්‍රගේ කාමරේ රෑ නවතිනවා.. දැන් අරුන් දෙන්නාව ගේට් එක ලඟට දාන්න අපි යනවා.. මතකයිද දන්නෙ නෑ ඉස්සර සහකාර පොලිස්  අධිකාරී වරුන් පාවිච්චි කරපු අර සුදු පාට ටොයියා කාර් එක... ඉංග්‍රීසි අකුරු වලින් ලියාපදිංචි කරන්න පටන් ගත්ත කාලෙම ආවේ.. ඔක්කොම කාර් ලියාපදිංචි වුනේ  wp GA කාන්ඩෙන් වගේ මට මතක.... ඉතින් අපි එන ඉස්සරහට මේ වගේ ටොයියා කාර් එකක් නවත්තලා තියෙනවා.. සුගා සාමන්‍යයෙන් කබරයා දැම්මත් දාන්නේ හොද තැන් වලට.... අනේ මූ එක පාරටම ඕක් ඕක් ගාලා දැම්මනේ කබරයෙක් කෙළින්ම අර කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පුරා... මාර ලස්සනට....


මහෙන්ද්‍ර හැරුන වේගෙට වඩා වේගෙකින් ආපහු දිව්වා... මම වෙන මොනා කරන්නද? මමත් දිව්වා.. ඒත් දිවවෙන්නේ නෑ.... වෙලාව රෑ එකයි... ඒ නිසා අපේ වාසනාවට මේ සිද්ධිය කිසි කෙනෙක් දැක්කේ නෑ....  දැක්කනම් එහෙම කෝමද? අපි කන එක, හිරේ යන එක පැත්තකින් තියමු.. අරූගේ රස්සාව.....


අමාරුවෙන් මුන් දෙන්නා ගේට්ටුවෙන් යනකන් ඉදලා මම ගියා මහෙන්ද්‍රගේ කාමරේට.... මේ ඉන්නේ පඩි පෙල නැග ගන්න බැරුව බිම ඉදගෙන.... ඒ කිව්වට මටත් බෑ... අපි දෙන්නගේ අන්‍යෝන්‍ය සහයෝගෙන් පඩිපෙල නැගලා කාමරේට ආවා....


දැන් ඉතින් පහුවදා උදේ නැගිටලා මූණ කට හෝදගෙන පහලට බැස්සා.... එලියට එනකොටම ඇහෙනවා එකෙක් ජාතිය අමතනවා... බලනකොට කාර් එකේ රියැදුරු තුමා රෑ ඩියුටි හිටපු එකාව කාර් එක ලඟට ගෙනල්ලා බනිනවා පලු යන්න.. කාර් එක වටේ කට්ටිය පිරිලා.... මමත් නිකන් ලාවට ඔළුව දාගෙන දන්නේ නෑ වගේ මාරු වුනා.....


අන්තිමේට මහෙන්ද්‍රම අර සහකාර පොලිස් අධිකාරීතුමාව එක්කරගෙන ඇවිත් රියදුරු තුමාට කථා කරලා ප්‍රශ්ණේ ගොඩින් බේරලා ලොක්කගෙන් ලකුණකුත් දාගෙන...


අපි සෙට් උනොත් අදටත් කතා වෙන දෙයක් තමයි මේ... පහුවෙලා හරි අර සහකාර පොලිස් අධිකාරී තුමාට ආරංචි උනානම් මහේන්ද්‍රගේ යාළුවෝ තමයි මේ වැඩේ කලේ කියලා.... අනේ සංදුක්කේ....


ප.ලි. මමයි සාලියි ඇර අනිත් දෙන්නම රටෙ නැති නිසා මේක ලිව්වට කමක් නෑ කියල හිතුනා...


ප.ප.ලි.. ආයේ ලිපියක් දාන්න හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ ජනවාරි පලවෙනිදා.. මාතෘකාව මොකක්ද දන්නවද? "සයිබරයේ සිහිණ උළෙල 2012" බලාපොරොත්තුවෙන් ඉන්න...


21 comments:

  1. හික් නියම කතාව.. රෑ ඩියුටි හිටපු එකා නිදාගෙන ඉන්න ඇති එහෙනම් සුවර් එකටම..

    ReplyDelete
  2. හික් හික් මරේ මරු.. පොලිස් අධිකාරීතුමා බ්ලොග් කියවනවනම් බඩු මාට්ටු.

    ReplyDelete
  3. උඹයි සාලියි ඇර අනිත් උන් රටේ නැහැ කියමුකෝ...
    එතකොට අර A.S.P. කාරය මේක දැක්කොත් මොනවා හරි හිතයිද දන්නෙ නැහැ නේද....???

    බාගදා... බුවා දැන් D.I.G.කෙනෙක් වත් වෙලා ඇති...

    ReplyDelete
  4. ඔකේ රායීට්...ලබන අවුරුද්දට ජයවේවා.....ඔය පඩිපෙලවල් නගිනව වගේද...ටොයිලට් පොච්චියට චුපාරක් ටාර්ගට් කොරනකොට ...කොහොමද පොච්චිය කැරකෙන ලස්සන...බිලා විතරක් ඇතැ වෙරිවෙලාම බලන්ඩ ඔනා ආතල් එක..නැද්ද මචාං...

    ReplyDelete
  5. අපිත් අවුරුදු 3ක්ම හිටියා නාරාහේන්පිට මැලිබන් එක ළඟ බෝඩිමක.. බෝඩීමේ නමත් මැලිබන් බෝඩිම.. සෙට් එක බිව්වහම නිදා ගන්නෙ කොහෙද මන්දා ? එච්චරටම නාග සලං..එක දවසක් ඇඳ උඩ හිටි එකෙක් දැම්මෙ නැද්ද කබරයා පාර බිමට.ඌට එලියට යන්නත් බැරි තරමටම වැඩී.. එතන ඇඳ ළඟ හිටපු එකාගෙ ඔඩොක්කුවෙන් එකයි..ඊක්....!!!! බිම හිටි එකා එලිවෙන කන් කුනුහබ්බෙන් බැන්නා අරූට..

    ReplyDelete
  6. ජී එල් ලොක්ක බියර් මිල ඩුකරාම කසිප්පු කාරයොත් බියර් ගහපු හැටි මතක් උනා. හැබැයි මුළු මොරටුවම බීල කාණුවල හිටිය අසූ හතේ කටුබැද්දෙ ස්කාගාරෙ ගබඩාව කැඩුව වෙලාවෙ නං!

    ReplyDelete
  7. අපොයි මෙහෙමත් බීමක්.නට්ටං වෙන්නම බීලනේ...

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ඇනෝ කමෙන්ට් එකක් ආපු එක ඩිලීට් කලේ එකේ තිබුණු කාරණාව නිසා නෙමේ.. ඇනෝ කෙනෙක් දාපු නිසා... මිනිහෙකුට චෝදනා කරන්නනම් නමින් එන්න තරම් නිර්භීත වෙන්න.....

    ReplyDelete
  10. මූ නං ආස්සරේ කරන්න වටින බෙබෙක් හෙම නෙමේ

    ReplyDelete
  11. //අභීත said...
    ඇනෝ කමෙන්ට් එකක් ආපු එක ඩිලීට් කලේ එකේ තිබුණු කාරණාව නිසා නෙමේ.. ඇනෝ කෙනෙක් දාපු නිසා... මිනිහෙකුට චෝදනා කරන්නනම් නමින් එන්න තරම් නිර්භීත වෙන්න.....//


    එතකොට ඉස්සෙල්ල පෝස්ට් එකට මම නමින්ම දාපු කොමෙන්ට් එක හේතුවක් කියන්නෙත් නැතුව, ඉවත් කරපු හේතුව කියනවද?

    ReplyDelete
  12. හිඟුරාන අතලඟම තිබිලත් අපිට තිබුනේ නෑ නෙව ඔයි චාන්ස් එක . ඒ කාලේ අපි පොඩි එවුන් නිසා ඉතින් අපිට බොන්න මෙවුවා එකකුත් තිබුනේ නෑ .. ඒවුණත් අප්පා අර මිල දසුන දකිනකොට බඩ පපුව හෝස් ගාලා යනවා

    පොලීසියේ සෑර් අනේ මේක බලන්ඩෝ ..!!

    පපලි එකට උඩින්ම මනාපයි ..

    ReplyDelete
  13. හරී.....අපේ ඒ.එස්.පී බාප්පාගේ කාර් එකට කබරයා දාපු එකා මාට්ටු... දෙන්නම් ජම්බු...!

    ReplyDelete
  14. ඒ එස් පී කිවුවේ අර ටී එන් එල් එකේ ඉන්න ඒ එස් පී ලියනගේ බුවාද?

    ReplyDelete
  15. අය්යෝ ,ඒ කාලේ අරක්කු විතරක් නෙමේ අනික් එව්වත් කොච්චර ලාබද,මට මතකය් 2006-2007 කාලේ රුපියල් 100 කින් දවස ශේප් වෙනවා,ඒ කාලේ රුපියල් 9000 පඩිය හොඳය්,අද 30000 ක් තිබුනත් මදි,හනේ ලංකාවට ගිය කලක්.ඉගෙනගන්න එවුන්ට අර එංගලන්තේ වගේ කරන්න වෙන්නේ,සල්ලි කොහොම හොයන්නද දුප්පත් පවුලකින් කැම්පස් ගියපු එවුන්....

    ReplyDelete
  16. අපෝයි මෙහෙමත් බීමක්....

    ReplyDelete
  17. කබරයෝ ගැන නම් කතා කරන්න එපා!අප්‍ර්ත් ඉන්නව නියම කබරයෙක්!

    ReplyDelete
  18. "සයිබරයේ සිහිණ උළෙල 2012" බලාපොරොත්තුවෙන් ඉන්න" මෙදා පාරනම් අපේ සෙට් එකත් ඕකට එන්න හිතන් ඉන්නේ ඕං :D

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...