Friday, March 2, 2012

කියවන ලියන ඔයාලට මතකද මේ පිස්සු දවස....

ගිය අවුරුද්දෙ දවසක ගොඩාක් දෙනෙක් කියවපු ලියපු එක මාතෘකාවක් තිබ්බා.... ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න තමයි මම හදන්නේ... ඒත් මේ ලිපියේ වැදගත්ම වෙන්නේ අන්තිම වාක්‍යය.. දැන් ඉතින් උඩ ටික කියවන්නෙ නැතිව එක පාරටම යටට යන්න එපා... කට්ටියටම තේරෙනවනේ මම කියන්න යන්නේ මොකක්ද කියන එක ගැන... වෙන මොකුත් නෙමේ අනේ ගිය අවුරුද්දේ සයිබරයේ සිහිණ උළෙල ගැන.... මේ තියෙන්නේ ඒ ගැන එක එක කට්ටිය කියපු ඒවා... 


මේ තියෙන්නේ රංග ලිව්ව එක...


ගේට්‍ටුවේ රස්සාව වැපා සහ මරණේට භාර දුන්නත් අන්තිමට ගේට්‍ටුවේ ඉන්නට උනේ වැපාට සහ මටය. අපි ලෙසටම රාජකාරිය කලෙමු. කොච්චර සිරාවට කරාද කියල කියනව නම් වැපා ආරධිත අමුත්තෙක් ගෙන් ( ඉන්ද්‍රනාත් තේනුවර අය්යා) රුපියල් සීයක් ගන්නට ගොස් චාටර් නොවී බේරුනේ 99 යෙනි.


මේක මාරයාගෙන්....



මෙන්න බොලේ ඒත් එක්කම විසිල් පාරක් ඇහුනා..මම ගණන් ගත්තේ නැහැ..ඒත් මට පෙනුනා මෙන්න මගේ දෙපැත්තේ හිටිය උන් ආත බූත කඩාගෙන දුවනවා..මල හත්ඉලව්වයි උං දුවනවා..මම ඉන්නවා..
මට හිත හිත ඉන්න ඒ හැටි වෙලාවක් තිබුනේ නැහැ..ඒ හින්දා මමත් සෑහෙන පහුවෙලා හරි දුවන්න තිබාගත්තා...


ඕනේ එකක් කියලා දිව්වා, කනා මුට්ටිය ගහන්න කියලා ගියත් මට කලින් දිනුවා, තොප්පි දාන්න ගිහිල්ලා තොප්පිය වැටුනා
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ ), සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා, මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ


පස්සේ ගුරුප් ෆොටෝ හැටක් විතර ගත්තා. අවුලක් නෑ වැඩි හොඳටනේ… මොකක් හරි එකක මං නැතත්, මගේ දත් කුට්ටම හරි ඇතිනේ… මං කලුයි කියලා හිතාන උන්නට අක්ක කෙනෙක් නම් කිව්වා, ඔයා දැන් හිටියට වැඩිය සුදුයි කියලා… අපරාදේ මගේ අතේ මාරු කාසි තිබුනේ නැහැනේ… නැත්තං ඔබනවා කටේ…


මේ ලිපිය කියෙව්වාට පසු බොහෝ අය මාවත් මා මුලින් කිව් බැලැක් ලිස්ට් එකට දමා ගන්නවාට සැකයක් නැති බව මා දන්නා නමුත් කිව යුත්ත කෙලින් කියනවා විනා මොකටද මේ යාලුවෝ තරහා කරගන්නේ කියා නිහඬව සිටීමට මට නොහැකිය. සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලොව කොහේවත් නැත.



ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව. ඒ වුනාට කමක් නෑනෙ.. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...

සිහින උලෙල හමාර උනා නේ..එක එක්කෙනා අදුර ගත්තා..කට්ටිය පුදුම උනා.. 'අම්මට සිරි..අඩෝ මේ උඹද" කියලා නොකියපු එකෙක් නැති තරම්.ඉතින් මම මේ දැන් කියන්න යන්නේ රත්ගමයා බක් මහා උලෙලට ආවම එක එකාට මගේ ගැන ඇති උන හැගීම්..


අන්තිමේදි රසම රස කේක් කෑලි දෙක තුනකත් රහ එහෙම බලලා කට්ටියම කවල් සංගීතෙට නටන්න පටන්ගත්තා. දාපු සින්දු මොනවද කියල උන්ටවත් මටවත් තේරුනා කියල නම් මම හිතන් නෑ. එකිනෙකා හදුන්වා දීම තමයි මේ අවුරුදු උළෙලේ මම මුහුණ දීපු ඇග කිළිපොලා යන අවස්තාව


උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.


 හා. හා පුරා කියල මුලින්ම ගියා බැලුම් පුම්බන්න.මොන........ ඒවාට අවුරුද්දක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලද කොහෙද එකෙක් බැලුම ගත්ත ගමන්ම පිපිරෙවුව.මට නම් හිතාගන්නත් බැරි වුණා.ශේප් එකේ අගිල්ලෙනුත් ඇන්න. ඒත් මගේ එක පිපිරුනේ නැ.අන්තිමේදී බැලුම සංවිධායක උතුමන්ටම දීල ආයි ඇවිල්ල වාඩි වුණා.


කොපි පේස්ට් බෑනේ ඒකෙන්... චැක්...


හී.. හී.. අපේ අම්මනම් දැන් පුල්ම වර්චස්.... පණුවාගේ ඉල්ලීම පරිදි සිහින කුමරියට ඉදිරිපත් වීම සහ ඩී ජේ එකේදී නැටීම (වගේ එකක් කිරීම) නිසා....  මගේ ඉතිරිව තිබුණු ලකුණු කැපී ඇත... ඊලග අවුරුද්ද වෙද්දි මහත්තයෙක් හම්බ උනොත් ගොඩ නැත්නම් ආයේ අම්මා එක්ක එනවා නම් බොරු....


ඉතින් ඒ විදිහට දැන් මේ නැ‍ටුම් තරඟය වෙලාවෙත් මාව පරල වෙන්නම එනවා. යන්තම් පාසල්ගේ කටේ බලේට තමයි පියවි සිහියෙන් නැ‍ටුවේ. අනේ ඉතින් මේක කිව්වට තරහ වෙන්න එපා. නටන්න දාපු DJ එකනම් හරි නැහැ. සිංදු දෙක තුනයි දැම්මේ හොඳට නටන්න පුලුවන්. අනිත් ඒව වලට ස්ලෝ මෝශන් නැ‍ටුම් තමයි දාන්න වෙන්නේ. ඉතින් මගේ හුලන් බැස්සා ඒ සිංදු ඇහිලා. 


අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා.. 
(මේකේනම් කට්ටියගේ පටි රෝල් වෙලා වගේ...)


ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.


මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...


  අපි මොන තරම් දේවල් වලට සාදාරණ විසඳුම් හොයනවද? ඒත් ඊයේ අවුරුදු උත්සවේ තිබ්බ හේතුවට තර්කාණුකූල පදනම මොකක්ද? කෙනෙක්ගේ කන් දෙක සුවපත් කරා කියලා අපිට ලැබෙන දේ මොකක්ද? ඒ උනත් ඊයේ අපි හැමෝම මොන තරම් සතුටු උනාද?


පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත. ඉතිං මෙහෙම බලාගෙන යනකොට 2011 සිහින සයිබර් සැණකෙලිය තනිකර පාඩම් මාලාවක් නොවේදැයි අන්තිමේට මම අහන්න කැමතිය.


දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.


ලොකු දූත් සංගීත තොප්පි, අලියාට ඇස තැබීම ඒවට සහභාගී කෙරෙව්වා... චූටිට නම් පස්සෙ වෙලාවක යෝගට් කවන්න ගෙනල්ල ඉතිරි වෙච්ච යොගට් කවුරු හරි කකා ඉන්නව දැකල ආසා ආවා... හෙ හෙ... 


සයිබරය නම් වූ මඟුල් සක්වල....... අප්පා මෙහෙම සයිබරයෙන් ගොඩ යෑමක්.... සයිබර් කපල් ගමකට ඇවිත් හිටියා...ඉතින් මේ ඔක්කොම ඇවිත් සතුටු වෙලා අනිත් උන්ට පණිවිඩයක් දීලා ගියා කියලා තමයි මට හිතෙන්නේ.. එහෙම හිතුනෙත් වැප්නි සාන්ත මල්ලි කියපු කතාවකින්... යකෝ මුන් ඔක්කොම ගොඩ යන එකේ අපිත් ඉන්ටනෙට් එකෙන්වත් එකක් හොයා ගන්න ඕන...


සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනා‍ගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා

ඉතින් ඔන්න ඔහොම තමයි කට්ටිය ඒ ගැන ලිව්වේ.... මේ පාරත් ඔහොමම ලියවෙයි.... මේ පාර සයිබර් උළෙල තියෙන්නේ අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ එකේලු.... ඉතින් එදට හම්බෙමු.....

ප.ලි. මේ ඔක්කොම එකතු කරලා තිබ්බ වැප් මල්ලිට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.... අනික් එක මේ කට්ටියගේ බ්ලොග් වලින් උපුටා ගත්ත ඒවා නිසා අවසර නොගෙන පල කරපු නිසාත් සමාව දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.... 

58 comments:

  1. අඩෝ මම විතරයි කවි පන්තියක් ලිව්වෙ උඹ ඒක අරගෙන නෑ නෙ අයියා :((

    ReplyDelete
    Replies
    1. සංජු නංගි කිව්වේ මෙන්න මෙහෙම.....

      දින දින ගත වෙවී තුන් වෙනිදත් ආවා
      හතර වටින් එන කට්ටිය රොක් වූවා
      උණ බම්බුවක්වත් හොයන්න බැරි වූවා
      ඒකත් නුවර ඉදලම අරගෙන ආවා

      http://sanjuishere.blogspot.com/2011/04/blog-post_09.html

      Delete
  2. බලමු බලමු. නිවසෙන් අවසර හම්බෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. කතන්දර මාමාලා, මාතලන් සීයලා වගේ අයත් එනවා කියන්න.. ටුක් ගාලා අවසර ලැබෙයි....

      Delete
  3. ලංකාවෙ හිටියනම් අනිවාර්යෙන්ම එනවා..

    ReplyDelete
    Replies
    1. දැන්ම ටිකට් බුක් කරන් ලංකාවට එන්න මල්ලී...

      Delete
  4. කොහොම හරි එන්න ඕනෙ.

    ReplyDelete
  5. මේ පාරනම් ඇත පය කැඩුනත් exam මකබාවුනත් එනවා ..!!

    ReplyDelete
  6. මේ සැරේ මොනවද ලියන්නෙ කියලා දැන්ම ඉඳන්ම ප්ලෑන් කර ගෙන ඉන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි හමුවීම වේදනකාරීද කියලා ලියහන්.. :D

      Delete
  7. හික්ස්..බලමු බලමු ගොඩ බැසීමකට යම් සූදානමක් තියනවා

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේ බලන්නමද? :)


      මොකට හරි කමක් නෑ වරෙන්...

      Delete
    2. වරෙන් වරෙන්, දඹුල්ලේ ගිහින් තලගොයෙකුත් මරා ගන්න...

      Delete
  8. අරවා තියෙනවනේ.. මම දැක්කා දේවා මොකක්ද කුණුහබ්බයක් ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ සැලෙන්න එපා ඒවට

      Delete
    2. සපුරා තහනම්... අහුවුන ගමන් එළියට දානවා....

      Delete
    3. දැන් දැන් දාන කමෙන්ට් වලින් පේන්නේ.. ඊ මේල් කවිකාරි නෙවෙයි, ඊ මේල් වලිකාරි වගෙයි..... :D

      Delete
    4. අහූන ගමන් එලියට දානවා ??? මොකක්ද බං ???. උඹද අල්ල අල්ල චැක් කරන වැඩේ කරනෙ ??

      Delete
  9. කුරේ කිව්වේ අර ගූ මෝල ගාව ග්‍රවුන්ඩ් එකෙයි

    ReplyDelete
    Replies
    1. නෙද්දකින්... ගූ මෝල් නම් කොතනද ඒවා දන්නවා... :D

      Delete
  10. ගිය පාර බ්ලොග් කියවන එකෙක් විතරයි.ඉතින් ඇත්තටම එන්න බය හිතුනා..නැත්තන් ගියපාර එකටත් මම එනවා.. හැබැයි මේ සැරේ බ්ලොග් ලියන හන්දා ඊටත් වඩා බයෙන් ඉන්නේ.. :)

    පෝස්ට් වලින් තුන හතරක්ම අත ඇරිලා තිබිලා තියෙනවා. කියවන්න ඕනේ.. :)

    ReplyDelete
    Replies
    1. උඹ මේ පාරවත් වෙලාවට කෝච්චිය අල්ලාගනින්...

      Delete
  11. ම්..මමත් එන්ඩ ඉන්නේ හික්

    ReplyDelete
    Replies
    1. උඹනම් නොඑන තරමට හොඳයි... :D :D :D

      Delete
  12. එල නෙවෙයි, වෙලාවට වරෙන්....

    ReplyDelete
  13. සිරාය.. සෑමා එනු නියතය.. !

    ReplyDelete
  14. ටිකට් බුක් කරලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවද? කාර් එකත් බුක් කරලා තියෙන්නේ....

      Delete
  15. මගේ ටිකට් එක රෙඩී.....අවුරුදු කාලම වැඩේට සෙට් වෙන්න පුළුවං වෙයි.....

    ReplyDelete
  16. අනේ ඉතින් අපි කොහේ එන්නද..සුභ පතන්නම්..

    ReplyDelete
  17. ප්‍රතිපාදන වෙන්කරගනිමින් සිටිමි

    ReplyDelete
  18. මට නම් තැන අත ළඟ වගේ තමයි ඒත් මේ කියන දවස වෙද්දි මම කන්ද උඩරටනේ අප්පා....උත්සවේ ඉවරවෙන්න කලින් එනවමයි

    ReplyDelete
  19. මමත් දැක්ක දේවා මොකක්දෝ ලියල තියෙනවා... හිත කිරී ගැහුනා මගේ ඒක දැකල... ඒ උනත් එනවා...

    ReplyDelete
  20. මේකටනම් අනිවා එන්න ඕනෙ.....

    ReplyDelete
  21. මාත් ආවට කමක් නැතෙයි බං ?

    ReplyDelete
  22. අයියේ.... බස් එකේ හොරෙන් ආවොත් ටික්කෝ අල්ලයිද?

    ReplyDelete
  23. බස් ගාස්තුත් වැඩියි අප්පා

    ReplyDelete
  24. එන්න බැරි උනත් බොක්කෙන්ම සුභ පතනවා...
    මෙදා පාරත් එළටම තියෙන්න කියලා...

    ReplyDelete
  25. අම්මට සිරි මං දැන්නෙ දැක්කෙ බං මං ලියපු එක O_o

    ReplyDelete
  26. මට නමි ඒ ගැන ලියවුනු එලම පෝස්ට් එක තියෙන්නේ දුකා අයියාගේය

    ReplyDelete
  27. මට අවුරුදු කුමාරි දෙනවා නම් මාත් එනවා

    ReplyDelete
  28. හප්පේ මං බැලුවා දූ දුටු සැණකෙලි සිරි ලිපියට, හිටි හැටියේ හිට්ස් මොකද කියලා............ පස්සේ මගේ පර චිත්ත විජානන ඥානය නොවන ඥානයට වැටහුනා මෙහෙන් තමයි කට්ටිය එහේ ඇවිල්ලා තියෙන්නේ කියලා.............

    ReplyDelete
  29. මේක ප්ලෑන් කරලා කරන වැඩක්
    අපි මේක හෙලා දකින්න ඕනී
    අභීත අයියා අත යටින් ගානක් දි ලින්කු සහිත පෝස්ට් එකක් දමිමවා
    ඒවිට හිට්ස් ගාන ඉහල යයි

    ReplyDelete
  30. ඇයි හත් දෙයියනේ මම ලීවෙ මෙහෙමනෙ.. ඇයි ඒ කොටස දැම්මෙ නැත්තේ...

    “වස වැරැද්දක් වෙන්න ගියේ.. හීනෙ දැකපු එකා පැත්තක... අනේ ඒකා වගේ එකෙක්.... දරැවෙක් ඉන්න තාත්තෙක් කියලා නිකමටවත් හිතන්ටම බැහැ...“

    ReplyDelete
  31. හිකිස්...

    ReplyDelete
  32. අනිවාර්යෙන්ම එන්න බලනවා .

    ReplyDelete
  33. මම අදුරන මොකෙක්වත් නැතිවෙයි.. ඒත් බලන් ඉදලා හිනා වෙලා යන්න හරි එනවා..

    ReplyDelete
    Replies
    1. නොදන්න, නොදැකපු අය අදුන ගන්න / සුහදතාවය ඇතිකරන්න තමයි මල්ලී මේ වැඩේ සංවිධානය කරන්නේ.. :)

      අනිවා වරෙන් .. දැන් උඹව අදුනන එකෙක් හරි ඉන්නවා.. :)

      Delete
  34. එනවා...එනවා...
    ඒත් ඉතින් අපි මොකෙ එන්න ද?

    ReplyDelete
  35. හප්පේ එදා දවස තමෛ දවස..... අනෙ මේ පාරත් පරක්කු වෙලා නැගිට්ලා ක්ලාස් කට් කරල හරි කොහොම හරි එන්න ඕනා. :D

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...