Saturday, July 17, 2010

වැවක් මැද තියෙන දූපතක රැයක් නවතින්න කැමතිද?


මෙන්න තවත් මාකටින් පාරක්... ලංකා ටුවර් ඕර්ගනයිසර්ස්ලත් එක්ක එකතු වෙන ඔයාලට තවත් සුන්දර අත්දැකීමක් උරුම කරලා දෙන්න තමයි අපි මේ හදන්නෙ.... ලංකාවෙ තියෙන විශාලම වැවක් මැද්දෙ තියෙන අක්කර තුනක් විශාල දූපතක රැයක් ගත කරන්න ඔයාලා කවදාවත් අකමැති වෙන එකක් නෑ.... ඒ අතරෙ අපි දෙන විවිධ පහසුකම් ගැනත් ඔයාලට මේ ලිපියෙන් කියවන්න පුලුවන් වේවි......

පළවෙනියටම ඔයාලා තීරණය කරන්න ඕන ඔයාලා දවස් කීයක් අපිත් එක්ක ගත කරනවද කියන එක... ඒ අනුව tour එක සැළසුම් කරගන්න ඔයාලට පුලුවන්... තඹුත්තේගමින් හැරිලා රාජාංගනේට යන්න කොළඹ ඉදන් යන කෙනෙකුට පැය 4ක් 5ක් විතර යනවා....අපි මේ කියන Island එක තියෙන්නෙ ලංකාවෙ සුපතල රාජාංගනය වැව මැද... උදේ ගෙදරින් යන කට්ටියට දවල්ට කාලා එහෙම හවස 2 විතර වෙද්දි රාජාංගනේට ලගා වෙන්න පුලුවන්... එතන ඉදන් ඔයාලට යන්න වෙන්නෙ බෝට්ටු දෙකක් එකතු කරලා හදපු පාරුවක් වගේ එකක... කිලෝමීටර් 2ක් විතර යන ඒ ගමන බයෙන් පිරිච්ච සුන්දර ගමනක්..... ඔයාලගෙ ආරක්ෂාවට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අපි ඒ ගමන තුලදි සලසනවා... ඒ නිසා බය වෙන්නනම් කිසිම කාරනාවක් නෑ....

කූඩාරම් ඇතුලෙ බූරු ඇදන් තුල තමයි ඔයාලට ඉන්න වෙන්නෙ.. එක පාර විසි දෙනෙකුට නවතින්න පුලුවන්... තවත් අය ඉන්නවනම් එලිමහනෙ පැදුරු දාලා නිදාගන්න පුලුවන්... ඒකට අවශ්‍ය ගිණිමැළ සහ ආරක්ෂාවට අවශ්‍ය පුද්ගලයිනුත් අපි විසින් ඔයාලට සපයනවා....නවාතැන් ඔය ආකාරයට තමයි වෙන්නෙ... ගෑනු ළමයින්ට සහ පිරිමි ළමයින්ට වෙන වෙනම උනත් කූඩාරම් සපයන්න අපි සූදානම්...

ඊලග ප්‍රශ්ණය ඔයාලට එන්නෙ කෑම සම්බන්ධයෙන්නෙ.. මෙන්න ඒ ගැන විස්තර.... කෑම වේල් 3ක් ඔයාලට අපි විසින් දෙනවා.. ඒව සම්පූර්ණයෙන්ම ගමේ කෑම.. ඔයාලගෙ ඇස් ඉස්සරහම තමයි ඒ සියල්ල වෙන්නෙ.... රෑට උදේට සහ දවල්ට අපි දූපතේම කෑම හදන්න අපි තීරණය කරලා තියෙනවා.. මේ සම්භන්ධ වැඩි විස්තර අපිට කතා කරලා ලබා ගන්නත් පුලුවන්.... ඊට අමතරව සිසිල් පැන්, තේ වගේ ඒවත් වෙලාවට ඔයාලට ලැබේවි....

කුරුල්ලො බලන්න, දූපතේ අවිදින්න, වැවේ නාන්න වගේම මාලු බාන්න වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් අවස්ථාව ඔයාලට ලැබෙනවා.. හවසට ඉර බැහැලා යන ආකාරය වගේම උදේට ඉර නගින එකත් අපූරුවට ඔයාලට නරඹන්න පුලුවන් මේ දූපතේ ඉදලා.... අමතර පහසුකම් ලෙස ඔයාලට සලසන්න අපි තීරණය කරලා තියෙන්නෙ B.B.Q. සහ කැලිප්සෝ සංගීතයයි... මේ පහසුකම් සදහා ඔයාලට අමතර ගෙවීමක් කරන්න සිදුවේවි....

ඊලගට තමයි වැදගත්ම දේ.. මේ සදහා කීයක් වැය වෙනවද කියන ප්‍රශ්නෙ තමයි ඔයාලට දැන් තියෙන්නෙ කියලා මම දන්නවා.... මේ සදහා එක්කෙනෙකුට රුපියල් දෙදාස් හත්සිය පනහක් තමයි අපි තීරණය කරලා තියෙන්නෙ.... මේකෙ සදහන් නොකරපු කාරණා ගැනත් අපි හිතලා තමයි තියෙන්නෙ.. ඒ නිසා ඔයාලගෙ ..... එකෙ උපරිම විනෝදය ගන්න අපිට කතා කරන්න....

මේ අත්දැකීම විදගන්නට 0714449162 කියන දුරකතනයට කතා කලොත් අපිට කතා කරන්න ඔයාලට පුලුවන් වේවි..........

ප.ලි. වැවේ ගමන් කරන්න අමාරු සහ බය අයට අපි ඒ ලග, පහසුකම් සහිත තැනක් සූදානම් කරලා තියෙනව.... ඒ වගේ කට්ටියට අපි පෙර කිවූ පහසුකම් සියල්ලමත් ඒ විදිහටම එතනදි දෙන්න සුදානම් කරලා තියෙනවා...

8 comments:

  1. ඔය කියනෙ දුන්න කෙටුව ගල ගෑනද එකෙනම් නිදනයක් තියනවලු නේද

    ReplyDelete
  2. ඒක නෙමෙයි.... ඔයාලට ඕන නම් එතනටත් ගිහින් එන්න පුලුවන්... ;D

    ReplyDelete
  3. ගොඩක් හොඳයි. පුලුවන්ද ඕගොල්ලන්ගෙ ප්‍රඩක්ට් ගැන මට මේල් කර්න්න.
    (ඔය කරන දේවල් පරිසරය රැකගෙන කරන් ඒවනම් විතරයි හැබැයි )

    ReplyDelete
  4. ඉන්දික, අපේ පැකේජ් ඔක්කොම පරිසර හිතකාමීයි.... ලොකු ටෝක් දෙන්නෙ නැතුව ඇත්ත කියනවනම් කියන්න තියෙන්නෙ අපි ජීවත් වෙන්නෙ මේ පරිසරය පිරිසිදු උනොත් විතරයි.... අපි යන තැන් වල එක ටොපි කොලයක්වත් නොදා ඉන්න අපේ කාර්ය මණ්ඩලය සැලකිලිමත් වෙනවා....

    ReplyDelete
  5. ඔය ගාන කොළබ ඉදල ගිහින් ආපසු එන්න යන සම්පූර්ණ ගානද?බෝට්ටු ගමනත් එක්ක?

    ReplyDelete
  6. ප්‍රවාහන ගාස්තු මේකෙ නෑ..... ඒ එක එක්කෙනාට අවශ්‍ය ප්‍රවාහන ක්‍රම වෙනස් නිසා....

    ReplyDelete
  7. මේවා කියවද්දී යන්න හිතෙනවා අප්පා. අපිත් යන්න සෙට් වුණු දවසට අභීත අයියාට කියන්නම්කෝ :)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...