Wednesday, July 28, 2010

සොදුරු කලාකරුවා.... ප්‍රේමකීර්ති ද අල්විස්


මම දන්නෙ නෑ මේ කතා වලට හිනායයිද කියලා.... මේ මාසෙ 31 වෙද්දි මේ සොදුරු මාධ්‍යවේදියා, ගීත රචකයා, කලාකරුවා අපි අතරින් සමු අරන් අවුරුදු 21ක් වෙනවා.. එතුමාගෙ ගීතවලට ප්‍රිය නොකරපු චරිතයක් අද හොයා ගන්න පුළුවන්ද කියන එක නම් ගැටලුවක්... අති විශිෂ්ඨ ගීතයක් රචනා කරන්න එතුමට ගිහින් තියෙන්නෙ තත්පර කීපයක් විතරයි... මේ බ්ලොග් සටහන ලියන්න මාව පෙළඹෙව්වෙ තීනු සත්‍යාගෙ බ්ලොග් එකේ ප්‍රේමකීර්ති ගැන තිබ්බ පෝස්ට් එක.. කතාවට බහිමුකො ඉතින් වැල්වටාරම් නැතුව නේද?

ඉතින් කියන්න යන්නෙ එතුමා ගැන මම එහෙන් මෙහෙන් අහපු පොඩි කතා කිහිපයක්... මේ කතාවල නිරවද්‍යතාවය කොච්චර දුරට හරිද කියලා නොදන්නවා උනත් ප්‍රේමකීර්ති නම් ඒ අසහාය කලාකරුවාගේ හැකියාවන් ගැන හිතනකොට මේව ඇත්ත වෙන්න පුලුවන් කියලා තමයි හිතෙන්නෙ...

කතා අංක 01..

එක්තරා දවසක ප්‍රේමකීර්තිව මුන ගැහෙන්න ගෙදරට ගියේ වික්ටර් රත්නයකයන්... ඒ යද්දි ප්‍රේමකීර්ති කොහෙදෝ යන්න ලෑස්ති වෙලා හිටියෙ ටිකක් කලබලෙන්.. වික්ටර්.. පොඩි ගමනක් යන්න තියෙනවා.. වරෙන්කො යන්න කියලා ප්‍රේමකීර්ති වික්ටර්වත් ඇදගෙන ගමන පිටත් උනා.. වික්ටර් ආපු කාරනාව දැන් කැලේ... ප්‍රේමකීර්ති ගියේ අසනීප වෙලා රෝහල්ගත කරලා හිටපු එතුමගෙ අම්මව බලන්න... බලලා එන ගමන් තමයි ප්‍රේමකීර්තිට මතක් උනේ වික්ටර් එන්න ඇත්තෙ වුවමනාවකට වෙන්න ඇති කියලා..ඉතින් ප්‍රේමකීර්ති වික්ටර්ගෙන් ඇහුවලු මොකද වික්ටර් අහන්නත් බැරි උනානෙ ඇයි ආවේ කියලා... වික්ටර් කිව්වලු සින්දුවක් ලියාගන්නත් එක්කයි අවෙ අයියා කියලා.... ආ කියපු ප්‍රේමකීර්ති බස් එකේ යන්න දෙන්නට ගත්ත ටිකට් එකේ මෙන්න මේ සින්දුව ලියලා බස් එකෙන් බහින්න කලින් වික්ටර් අතට දුන්නලු.....

ආදරයේ උල්පත වූ අම්මා... මා ඔබගේ පුතනූ.......


කතා අංක 2

ත්‍රීකුණාමලයෙ නිලාවේලි මුහුදු වෙරලෙ ප්‍රේමකීර්ති ඇතුළු කට්ටිය පොඩි සාදයකට සෙට් වුනා... වෙලා යනකොට කට්ටියගෙ පදමත් වැඩි නොවුනා නෙමෙයි... පුංචි ශාරීරික අවශ්‍යතාවයකට පැත්තකට ගිය ප්‍රේමකීර්ති දැක්කෙ ඈත අහසෙ හුදකලා වෙච්ච තරුවක්... තරුව දිහා බලපු ප්‍රේමකීර්ති, වික්ටර් කොලයක් අරන් වරෙන් කියලා කෑ ගැහුවා.... අත පිහින්න තිබ්බ කොලයක් අරන් එතනට ගිය වික්ටර්ට ලියාගනින් කියලා ප්‍රේමකීර්ති මේ සින්දුව කියෙව්වාලු...

තනි තරුවේ......... තනි තරුවේ....


කතා අංක 3

මේ පාර ප්‍රේමකීර්තිත් එක්ක සෙට් උනේ මිල්ටන් මල්ලවාරච්චි... ගෙදර සෙට් වෙන තැනට එන්න පුංචි ගෑනු ලමයෙක් පොරකනවා දොර ගාව.. පොඩි ලෑල්ලක් නිසා එන්න බැරි පොඩිත්ති දොර අසලින්ම එහෙට මෙහෙට යනවා.. අමාරුවෙන් ඇවිදින පොඩි එකී දිහා බලන් හිටපු ප්‍රේමකීර්ති පොඩි කොල කෑල්ලක් අරගෙන ඒකෙ මෙන්න මෙහෙම ලිව්වා

හෙමින් සැරේ පා තබනා දුවේ හර්ශනී...


තවත් මේ වගේ කතා ගොඩයි... ප්‍රේමකීර්තිට වෙඩි තිබ්බෙ කවුද කියන එක ගැන ප්‍රශ්නයක් නෑනෙ... එත් මට එක ප්‍රශ්නයක් තියෙනවා...

මෙහෙව් සොදුරු මිනිසෙකුගෙ හදවතක් පසාරු වෙන්න උන්ඩයක් යැව්වෙ ඇයි?
මේ ප්‍රශ්නෙට උත්තරේ වෙඩි තියපු මිනිහවත් වෙඩි තියන්න කියපු පාර්ශවයවත් දන්නෙ නෑ කියලා මට හිතෙනවා....






24 comments:

  1. අනේ ඇත්තමයි මන් නම් තාම දන්නේ නැහැ හරියටම කවුද වෙඩි තිබ්බේ කියලා. ඒත් හිතෙනවා වෙඩි තිබ්බ අයත් දැන් දුක් වෙනවා ඇති කියලා

    ReplyDelete
  2. මිනිහගෙ එකක එක දුර්වල කමක් තිබ්බ. ඒක තමා වෙඩි උන්ඩෙ වදින්න හේතුව උනේ...

    ReplyDelete
  3. man ahala thiyennee thanitharuwe liwwe nilaweli welle kiyalai
    chaminwije@yahoo.com

    ReplyDelete
  4. විශිෂ්ඨයි.. එතුමගෙ හැකියාවන් ගැන ඉතින් කතා දෙකක් නෑ නෙව.

    ReplyDelete
  5. මේ සොඳුරු මිනිසා වෙනුවෙන් අපි හැදූවා පුංචි වීඩියෝ ක්ලිප් දෙකක්. ඒව 31 වෙනිදා ම අප්ලෝඩ් කරන්නයි හිතාගෙන හිටියෙ. ඒත් මේ ලිපිය දැක්කම කලින්ම ඒක දාන හිතුනා. ඉන් එකක් මම අද උදේ පාන්දරම අප්ලෝඩ් කළා. මෙතැනින් බලන්න.

    http://www.youtube.com/watch?v=75XRdJyLiUs

    ReplyDelete
  6. අදයි අලුත් මිත්‍රයව අදුන ගත්තෙ.. මෙ සොදුරු මිනිසා අප අතර හැමදාම ජිවත් වෙනවා..ස්තුති සටහනට මිත්‍රයා.

    ReplyDelete
  7. Here is the other video created as a tribute to Premakeerthi.

    http://www.youtube.com/watch?v=_KaPVF6sc3w

    ReplyDelete
  8. සොඳුරු මිනිසෙක්ව මතක් වෙන්නේ තවත් සොඳුරු මිනිසෙක්ටම තමයි.

    ඒ වගේම ලංකාවේ හිටිය තවත් සොඳුරු මිනිසෙක් තමා විජය කුමාරතුංග. ඒ සොඳුරු මිනිසාගේ මුහුණ දිහා බලාගෙන මුහුණට තමා ඝාතකයේ වෙඩි තියලා තිබ්බේ මම දන්න විදිහට.

    ReplyDelete
  9. http://silumina.lk/2010/08/01/_art.asp?fn=av1008018

    ReplyDelete
  10. ඔය තනි තරුවේ ගීතය ගැන නම මමත් අහල තියෙනවා...

    අපේ අවාසනාවට එහෙව් මිනිසෙක් කුරිරු දේශපාලනය විසින් බිලි ගත්තා.

    ReplyDelete
  11. දේශපාලනයේ බිලි ගැනිමක් තමයි ඉතින්.කොහොම උනත් අපූරු දක්ෂතාවක් ඈති සුන්දර මිනිසෙක්

    ReplyDelete
  12. තනි තරුවේ ලිව්වෙ පොඩ්ඩක් වැඩි වෙච්ච වෙලාවක කියල නං මාත් අහල තියනවා. හැබැයි දරා ගන්න බැරි දුකෙන් කියල තමයි මම අහල තියෙන්නෙ

    ReplyDelete
  13. කියල වැඩක් නැ... මට ප්‍රෙමකීර්ති කියන කලාකරුව ගැන ඔහු ජීවත්ව සිටි සමයේ මතකය බොහොම අඩුයි (ඒ කාලෙ මං පොඩි)..ඒත් කලාකරුවෙක් ව වෙඩි උණ්ඩයකින් මරා දාන්න බැ කියන එකට හොදම උදහරණය තමයි මේක.මොකද ඔහු මිය ගියත් ඔහුගේ කලා කෘති තාමත් අපි අතර තියෙනව අපි ඒව වැලද ගන්නවා..මං වගේ ඔහුගෙ රසිකයො බිහි වෙනව

    ReplyDelete
  14. වික්ටර් මිල්ටන් වගේ තව බොහොම සුන්දර ගීත ගායනා කරපු මර්වින්, ප්‍රියා වගේ අයත් ප්‍රේමකීර්ති නැතිවීම නිසා නිහඬ වුණා... ඔහු හිටපු සුළු කාලය තුල කරපු දේවල් අනුව අද වෙනකල් හිටියනම් කරන්න තිබුණ දේවල් ගැන හිතාගන්නවත් බෑ...

    බොහොම ස්තූතිය් මේ සටහනට..

    ReplyDelete
  15. ප්‍රේමකීර්ති ව ඝාතනය කරනකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති. ඒත් දවසින් දවස මට ඔහු ගැන තිබුණු ගෞරවය වැඩි වුණේ ඔහුගේ නිර්මාණ වල තිබුණු අපූර්වත්වය නිසාමයි. ස්තුතියි ඔහු ගැන ලියැවුනු මේ අපූරු සටහනට සහෝ...

    ReplyDelete
  16. ඔව්..... ඔහු සැබවින්ම සුන්දර මිනිසෙක්...... මට මතකයි අපි ඉස්සර පොඩිකාලේ කොයිතරම් වැඩ තිබු හැම සෙනසුරාදාවකම උදේ 7.30 එතුමා මෙහෙයවපු “ආයුබෝවන්“ වැඩසටහක ඉතාමත් ආදරයෙන් නරඹනවා... ප්‍රේමකීර්ති මයත්තයගේ සංකලනයන් අතර තවත් අපුරැ සංකලනයක් තමයි නිහාල් සිල්වා කියන්නෙත්.....

    ස්තුතියි ඹබට....

    ජය !!!!

    ReplyDelete
  17. Me 31 ta Prem nethi wela aurudu 22. Eda nodanna hungak dewalata Nirmala Pilithuru deela thiyenawa. Kawuruth balanna 'Premakeerthinie" Prashna godakata pilithuru labei. Premkeerthi upan gei Sri Lanka karayek. Me Sri Lanka anduwa premakeerthi marawapu ekata thamai guwan widuliye sabhapathikama deela thiyenne. Hudda thamai Prem merewwe. Premadasa Premta Guwan widuliye sabhapathikama denna heduwe 1989 July wala. Eka denagena thamai Tara Ajith lawa prem marewwe. JVP eka Prem maruwe nae. Eka loku boruwak.

    Samaraweera Mudalige Don Ariyarathna De Alwis

    ReplyDelete
  18. මේ වගේ අහිංසක නිහතමානී කෙනෙක්ව මරල දාන ඒ හිත කොයි තරම් දරුනු වෙන්න ඕනෙද? කොහොමත් එයා ලියපු 1 සිංදුවක් හරි අහල තියෙන මිනිහෙකුට නම් ඒක කවදාවත්ම කරන්න බැරි දෙයක්!!!
    පවුකාරයො!!!!
    තමන්ගෙ පඩියෙක් කොටසක් දැන් අපි හැමෝම කතා කරන එක්සත් ජනතා නිදහස් සංවිධානයේ අරමුදලට බැර කරන්න නීත්‍යානුකූලව පොරොන්දු වෙච්ච මනුස්සයෙක් ප්‍රේමකීර්ති කියන්නෙ... ඒ උනාට හැමදාමත් ඒ මනුස්සයට රස්සවෙ තිබුනු කැපිලි කෙටිලි.....!!!!!!??
    අඩු ගානෙ අද ඒ මනුස්සය ගැන හරි හමන් කතිකාවතක් වත් නෑ...
    මම ආසම සිංදුව "තනි තරුවේ..."!!!

    ReplyDelete
  19. ප්‍රේම්ව මැරුවේ ජේ.වී.පේ එකෙන්. ප්‍රේම් විතරක් නෙමේ පාලිත පෙරේරාවත් තව පොඩ්ඩෙන් මරනව. (jvp එකට ගරහන්න කියනව නෙමේ)
    60,000කටත් වඩා පාරවල් ගානේ පිච්චුන සාපලත් කාලයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති මැරුවෙ JVP Account එකට බැරවෙන්න අද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවෙ වාඩි වෙලා ඉන්න හිතක් පපුවක් නැති ප්‍රේමදාසට ලංවෙලා කාළයක් ඉදලා දැන් මහින්දට කිට්ටුවෙලා ඉන්න පුද්ගලයායි. කියවන්න නිර්මලා ද අල්විස් විසින් රචිත "ප්‍රේම කීර්තිනී" කෘතිය...

      ඇගේ ප්‍රිය බිරිඳ විසින් අවදිකල හඩ තුළ ඒ පිළිබදව පැහැදිලිව සටහන් වේ....

      Delete
  20. http://andarademala.blogspot.com/2010/10/blog-post_12.html

    ReplyDelete
  21. ''ප්‍රේමකීර්තිනී'' නමින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට වගකිව යුත්තන් ගැන හෙළිකරමින් ලියා ඇති පොතෙහි නවතම(දෙවන) මුද්‍රණය දැන් පිටවී තිබෙනවා. ඒගැන නිර්මලා ද අල්විස් මහත්මියගෙන් අසා දැන ගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071-4531673

    ReplyDelete

  22. ''ප්‍රේමකීර්තිනී'' නමින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට වගකිව යුත්තන් ගැන හෙළිකරමින් ලියා ඇති පොතෙහි නවතම(දෙවන) මුද්‍රණය දැන් පිටවී තිබෙනවා. ඒ පොත දැන් මිලට ගත හැකියි. ඒ ගැන අසා දැන ගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071-4531673

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...