බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Saturday, July 31, 2010
පරණ පෙම් හසුන් වල මතක
මේ ගැන ලියන්න හිත හිත ඉද්දි පිස්සා මලයා මට වඩා ඉක්මන් වෙලා තිබ්බා... පෙම් හසුන් ගැන පෝස්ට් එකක් දානවා කියන්නෙ දලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්..හෙට උදේට ගෙදර තත්ත්වෙ මොන විදිහට තියෙයිද කියලා තමයි කියන්න අමාරු.... කොහොමත් දවස් දෙකක් තුනක් ඇතුලත මම මේ පෝස්ට් එක මකලා දාලා තිබ්බෙ නැත්නම් ඒ කියන්නෙ කිසි ගැටළුවක් නෑ කියන එකයි.... කෝ කතාව වටේ යනවනෙ.... හරි කතාවට බහිමු....
මේ ගැන කියද්දි මතක් වෙන කතා කිහිපයක් ගැන අපේ පිස්සා මල්ලි අවධානය යොමු කරලා තියෙනවා.. එකක් තමයි ඒ කාලෙ පෙම් හසුන් වල ලියපු පොඩි පොඩි වදන්... අනික තමයි පෙම් හසුන් ගබඩා... තුන් වෙනි එක තමයි පෙම් හසුන් වලට ලබලා තියෙන අපල කල දසාව..... අද කතවෙදි තුන්වෙනි එකෙන් පටන් අරන් පළවෙනි එකට යමු....
කෙටි පණිවිඩ, ඊ මේල්, මූණුපොත වගේ තාක්ෂණික දියුණුවත් එක්ක නිකන්ම අභාවයට යන තවත් එක් කලාවක් තමයි මේ පෙම් හසුන් කලාව.. මම වගේම කසූ, පිස්සා සහ අපේ වයසෙ සහ ඊට වැඩි හැමෝම වගේ මේ පෑම් හසුන් කලාවෙ නිත්‍ය සාමාජිකයින් වෙන්න ඇති... පෙම් සබදතා නැති එකෙක් උනත් පෙම් හසුනක් ලියපු එකෙක් වෙනවා.. මොකද ගොඩාක් උන්ට වෙන්නෙ ලිවුම කියවලාම බෑ කියන එකයි.. මොකද සමහර අයගෙ ලියුම් කියවපුහම හා කියන්න ඉන්න එකත් බෑ කියනවා.. හරියට අර පිස්සගෙ සංකයා වගේ.... අම්මලාට හොරෙන් පොතේ මැද පිටුවෙ ලියුම ලියලා පොතක් අස්සෙ දාල අදාල පෙම්වතියට හෝ පෙම්වතාට දෙන එකත් හෙනම මෙහෙයුමක්.... ඒක සාර්ථකව නිම කලාම හිතට වෙන ෆිට් එක වචන වලින් වලින් විස්තර කරන්න බෑ.. නැද්ද පිස්ස මලයා... හා බොරුද කසූ.... බ්ලොග් ගඩොල් ලා, හා පැටික්කිලා, ඉබ්බලා එහෙමනම් පෙම් හසුන් ලියලා නැති උනත් සොදුරු සිතක් තියෙන වත් නම් අපූරු පෙම් හසුන් ලියලා ඇති.. සමාවෙන්න ඕන... ඉබ්බලත් පෙම් හසුන් ලිව්වා කියලා මෙ දැන් දැනගත්තා ඉබ්බගෙ අළුත්ම පෝස්ට් එකෙන්... කතාව යනවනෙ වෙන පාරවල් දිගේ.... ඒත් ඉතින් පෙම් හසුන්වල අභාවයට විකල්පයක් නෑ කියලා තමයි මට හිතෙන්නෙ....
දැන් කියන්න යන්නෙ පෙම් හසුන් ගබඩා ගැනනෙ... පොතේ කවරෙ අස්සෙ තමයි වැඩිපුරම ගබඩා වෙලා තියෙන්නෙ.. පර්ස් එකේ රහසිගත සාක්කුවලත් මේව ඕන තරම් තියෙනවා.. ඒත් මගෙ පෙම් හසුන් ගබඩාව තිබ්බෙ මරුම තැනක.. ඒක ගැන තමයි මේ කියන්න යන්නෙ..
මගෙ කාමරේ තිබ්බා බිත්ති අල්මාරියක් කණ්නාඩියක් හයි කරපු.... ඔයාලා දන්නවනෙ එහෙම එකක දොර ඇරපු ගමන් දොරේ පිටිපස්ස පැත්තෙ තියෙන්නෙ ලොකු හාර්ඩ් බෝර්ඩ් එකක්... ඔන්න ඔය හාර්ඩ් බෝර්ඩ් එක අස්සෙ තමයි මගෙ සහ අපේ උන්ගෙ සියලුම පෙම් හසුන් තිබ්බෙ... ගබඩා කරන්නෙ මෙහෙමයි... ඉස්සෙල්ලම ලියුම නමලා එකෙ පොඩි හිලක් හදනව අල්පෙනෙත්තකින් වගේ... හිලෙන් දිග නූලක් දාල ගැට ගහලා ලියුම අර හාඩ් බෝඩ් එක අස්සට දානව... එලියට එන නූල් කෑල්ල හාඩ් බෝඩ් එකේ අයින දිගේ හන්ගනවා... නූලෙ පාටෙන් තමයි කාගෙ ලියුම්ද කියන එක තීරණය වෙන්නෙ.. බැරිවෙලාවත් කණ්නාඩිය කැඩුනනම් තමයි කොල්ලගෙ සුවච කීකරු යාලුවො ඔක්කොගෙම රෙදි ගැලවෙන්නෙ... හික්ස්
ඊලගට ඉතිරි වෙන්නෙ පොඩි පොඩි පෙම් වදන් නෙ... මෝඩ... ක්‍රියේටිව්, ආතල්, පිස්සු වගේ ඕනෑම ප්‍රභේදයකට අයත් වදන් මේ තුල ගැබ් වෙලා තිබ්බා.... ගොඩක්ම මිල්ටන්ගෙ, ජෝතිගෙ සින්දු කෑලි තමයි.... ජනප්‍රියම සින්දුව උනේ මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි කියන සින්දුව... තව වික්ටර් රත්නායකගෙ තරු අත් අකුරින් ලියා එවමි වගේ සින්දුත් තිබ්බා...
පොඩි වදන් ලිව්වට ඒවනම් ටිකක් මොඩ පහේ ඒවා.. මෙන්න මේ වගේ..
වේවා ශාන්ති - නොවේවා කේන්ති
වංගු වංගු ගලන කොටයි ගගක් ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන
තව මේ වගේඅ ඒව නම් ගොඩායි... දන් මම කියන්න හදන්නෙ එදා මෙදා තුර මම කියවපු හොදම පෙම් වැකිය...
ඔබ යනෙනා ගමන දුටුවිට නැතිව කුදූ
මගෙ හද ගැහී වෙනවා පිස්සු පීකුදූ
හිතා ගන්න පුළුවන්ද ලියුම දුන්නට පස්සෙ මොනවා වෙන්න ඇද්ද කියලා.....
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අනෙ අම්මෙ.. මරේ මරු ඈ.. එල කිරිස්.. අර අන්තිම වදන නං එල.. :)
ReplyDeleteමරේ මරු!!! සෑහෙන්න දක්ෂයෙක් නොවෑ ලියුම් හංගන්න!!
ReplyDeleteතව කතා ගොඩාක් ලියන්නේ නැතිව ඉතුරු කරන් ඉන්නවා වගේ තමා පේන්නේ නම්. ඒවා ටිකත් ලිව්වා නම් මොකෝ වෙන්නේ අයියා ? ඒ ටිකත් ඉක්මණට ලියමු :)
ReplyDeleteහික් හික්.... ඔය අහුවෙන්නේ කට්ටියගෙ වැඩ...
ReplyDeleteහපොයි ඒක නම් බොහොම දියුනු ක්‍රමයක් නේ හසුන් හංගන්න... මලාට හොයන්න බැරි තැනක් වගේ.
හසිත මලයා කිව්ව කතාවට නම් එකඟයි. එක පාර බ්රේක් පාරක් වැදිල නොවැ... ලියමුකො ඉතිරි ටිකත්
තව ජනප්‍රිය වැකියක් අමතක උනා...... මොකක්ද දන්නවද?
ReplyDeleteසමන් මලින් පවන් සැලේ
ඔය අහුවෙන්නෙ ගෙදර උන්දැගෙ වැඩ x-(
ReplyDeletehe he hari maru wada ne abeetha karala thiyenne.
ReplyDelete........
Nish
mageth yaaluwek perum purala purala dunna kellekuta liyumak sindu keallakuth daala... uuta ona une pissu kela kela hitapu jeewithe kella nisa honda una kiyanna.... pihitata aawe kapuge ayya.. sinduwe kealla thamai "ayaale giya jeewithe.... obeni pana lebune" kiyana eka. sinduwa kota wediy kiyala moo demma pandi kamata eeta kalin padeth.. passe kella uuge dihaaa witharak newei api dihaawath beluweth nehe....
ReplyDeleteහිකි හිකිස් මරුනේ.... :D
ReplyDelete