පාසැල් කාලය කොච්චර සුන්දරද කියලා මතක් වෙන්නෙ දැන් ඒවා මතක් වෙනකොට.... මේක මතක් උනෙත් බාලදක්ෂ සීන් ලියන්න ගන්නකොට.. ඕනම පාසලක ඉන්නවනෙ අමුතුම කණ්ඩායම් කිහිපයක්.. ශිෂ්‍ය භටයො.. බාලදක්ෂයෝ වගේ අය.. මෙයාලා පාසල ඇතුලෙ පෙරලි කාරයො.. හැබැයි පාසල නියෝජනය කරන්න එලියට ගියාම අතිශය විනීතයි, අහිංසකයි.... ක්‍රීඩා කණ්ඩායම් තියෙනවනෙ ක්‍රිකට්, රග්බි, පාපන්දු වගේ ඒවා.. උන් ඇතුලෙත් පිටත් දෙකේම පෙරලි කාරයො... චෙස්.. රතු කුරුස සංගමේ, සිංහල සංගමේ, බෞද්ධ සංගමේ වගේ ඉන්න කොල්ලො ඇතුලෙත් අහිංසකයි.. පිටත් අහිංසකයි...
අපි අයත් උනේ ඕකෙන් පළවෙනි කොටසට.. ඒක තහවුරු කරන්න තියෙන හොදම සාධකය තමයි අපේ විදුහල්පතිතුමා මාව ඉලක්ක කරලා කියපු කතාවක්.. 1999 කුරුණෑගල දිස්ත්‍රික් බාලදක්ෂ කැම්පරියෙ ප්‍රථම ස්ථානය සහ සෑම අතින්ම දක්ෂ බාලදක්ෂ කණ්ඩායමට හිමි සම්මාන දෙකම දිනා ගත්තෙ මගේ නායකත්වයෙන් යුතු අපේ බාලදක්ෂ කණ්ඩායම.... සාමාන්‍යයෙන් එහෙම ජයග්‍රහණ ගත්තම පාසලේ ඊලග රැස්වීමෙ ඒක නිවේදනය කරලා අර ගත්ත කුසලාන විදුහල්පතිතුමා අතින් ළමයි ඔක්කොම ඉස්සරහා නැවත දෙනවා.. මෙන්න මේකත් ඒ විදිහට දුන්න.. මම පොර වගේ ගිහින් විදුල්පතිතුමා අතින් ජයග්‍රහන ටික අරන් වේදිකාවෙන් බැහැල එනකොට එතුමා මෙහෙම කියනවා මට ඇහුනා....
මට ඔය ළමයින්ට කියන්න එක දෙයක් මතක් උනා.. සමහර ළමයි ඉන්නවා පාසලෙන් පිටට ගියාම, එහෙම නැත්නම් පාසල නියෝජනය කරන්න ගියාම පාසලේ ගරුත්වය මනාව රකිනවා.. ඒත් ඇයි ඒ ළමයින්ට පාසල ඇතුලෙ ඒ විදිහට හැසිරෙන්න බැරි........
රෙදි බිමනෙ ඉතින්...........

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...

-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...
:D
ReplyDeletehaha
ReplyDeleteI thought it was another pora talk when I read the first few lines. Then I read the last lines........ LoL....
ReplyDeleteවිදුහල්පතිතුමා එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්ට ගේම දීලා වගේ
ReplyDeleteමීට පස්සෙ මම ගැන තියෙන කතා ලියන්නෙ නෑ කියලා මම තීරනය කලා මේ එනියාගෙ කොමෙන්ටුව නිසා... :(
ReplyDeleteහිහ්........ හිහ්.......... හිහ්....
ReplyDeleteවිදුහල්පතිතුමානම් මරු කියන්න ඕන හොදම විදියට කියලා,
වදින්න ඕන හොදම තැනට වදින්න වදින්න ඇතිනේද?
Anyage commentuwa gena echchara hithannepa ...
ReplyDeleteMata wage unanam waha bothalayak bedagena bonawa .. hihi
Hari oya dan hena wadakaraya.. puh..
ReplyDeleteAnika mekata kisima hinawak yanne na.. Gonma Gon Pora talk ekak
ReplyDelete