Monday, August 2, 2010

කොළු කාලෙ වැඩ තමයි වැඩ.............

පාසැල් කාලය කොච්චර සුන්දරද කියලා මතක් වෙන්නෙ දැන් ඒවා මතක් වෙනකොට.... මේක මතක් උනෙත් බාලදක්ෂ සීන් ලියන්න ගන්නකොට.. ඕනම පාසලක ඉන්නවනෙ අමුතුම කණ්ඩායම් කිහිපයක්.. ශිෂ්‍ය භටයො.. බාලදක්ෂයෝ වගේ අය.. මෙයාලා පාසල ඇතුලෙ පෙරලි කාරයො.. හැබැයි පාසල නියෝජනය කරන්න එලියට ගියාම අතිශය විනීතයි, අහිංසකයි.... ක්‍රීඩා කණ්ඩායම් තියෙනවනෙ ක්‍රිකට්, රග්බි, පාපන්දු වගේ ඒවා.. උන් ඇතුලෙත් පිටත් දෙකේම පෙරලි කාරයො... චෙස්.. රතු කුරුස සංගමේ, සිංහල සංගමේ, බෞද්ධ සංගමේ වගේ ඉන්න කොල්ලො ඇතුලෙත් අහිංසකයි.. පිටත් අහිංසකයි...

අපි අයත් උනේ ඕකෙන් පළවෙනි කොටසට.. ඒක තහවුරු කරන්න තියෙන හොදම සාධකය තමයි අපේ විදුහල්පතිතුමා මාව ඉලක්ක කරලා කියපු කතාවක්.. 1999 කුරුණෑගල දිස්ත්‍රික් බාලදක්ෂ කැම්පරියෙ ප්‍රථම ස්ථානය සහ සෑම අතින්ම දක්ෂ බාලදක්ෂ කණ්ඩායමට හිමි සම්මාන දෙකම දිනා ගත්තෙ මගේ නායකත්වයෙන් යුතු අපේ බාලදක්ෂ කණ්ඩායම.... සාමාන්‍යයෙන් එහෙම ජයග්‍රහණ ගත්තම පාසලේ ඊලග රැස්වීමෙ ඒක නිවේදනය කරලා අර ගත්ත කුසලාන විදුහල්පතිතුමා අතින් ළමයි ඔක්කොම ඉස්සරහා නැවත දෙනවා.. මෙන්න මේකත් ඒ විදිහට දුන්න.. මම පොර වගේ ගිහින් විදුල්පතිතුමා අතින් ජයග්‍රහන ටික අරන් වේදිකාවෙන් බැහැල එනකොට එතුමා මෙහෙම කියනවා මට ඇහුනා....

මට ඔය ළමයින්ට කියන්න එක දෙයක් මතක් උනා.. සමහර ළමයි ඉන්නවා පාසලෙන් පිටට ගියාම, එහෙම නැත්නම් පාසල නියෝජනය කරන්න ගියාම පාසලේ ගරුත්වය මනාව රකිනවා.. ඒත් ඇයි ඒ ළමයින්ට පාසල ඇතුලෙ ඒ විදිහට හැසිරෙන්න බැරි........

රෙදි බිමනෙ ඉතින්...........

9 comments:

  1. I thought it was another pora talk when I read the first few lines. Then I read the last lines........ LoL....

    ReplyDelete
  2. විදුහල්පතිතුමා එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්ට ගේම දීලා වගේ

    ReplyDelete
  3. මීට පස්සෙ මම ගැන තියෙන කතා ලියන්නෙ නෑ කියලා මම තීරනය කලා මේ එනියාගෙ කොමෙන්ටුව නිසා... :(

    ReplyDelete
  4. හිහ්........ හිහ්.......... හිහ්....

    විදුහල්පතිතුමානම් මරු කියන්න ඕන හොදම විදියට කියලා,

    වදින්න ඕන හොදම තැනට වදින්න වදින්න ඇතිනේද?

    ReplyDelete
  5. Anyage commentuwa gena echchara hithannepa ...

    Mata wage unanam waha bothalayak bedagena bonawa .. hihi

    ReplyDelete
  6. Hari oya dan hena wadakaraya.. puh..

    ReplyDelete
  7. Anika mekata kisima hinawak yanne na.. Gonma Gon Pora talk ekak

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...