බෝඩිම් කතා කිහිපයක් ලියපු එකේ මම හිටපු තවත් එක බෝඩිමක් ගැන කියන්න තමයි හදන්නෙ... අමුතු පහේ අත්දැකීම් රාශියක් එකතු කල මේ බෝඩිම මට විවිධාකරයේ මිනිසුන් රැසක් ඇසුරු කරන්න අවස්ථාව සලසලා දුන්න බෝඩිම.... බෝඩිමේ සංයුතිය උනේ මෙහෙමයි... කාමර 5ක් තිබ්බා... පලවෙනි කාමරේ පුද්ගලික සමාගමක ගිනුම් ලිපිකරුවෙක් සහ කම්කරු අමාත්‍යාංශෙ ලිපිකරුවෙක් හිටියා... දෙවෙනි කාමරේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරියෙක් හිටියා.. තුන්වෙනි කාමරේ මම සමග කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙක් හිටියා... හතරවෙනි කාමරේ හිටියෙ CIMA පාඨමාලාව හදාරන ගාල්ල, නුවර ගම් ප්‍රදේශ වෙච්ච මගෙ වයසෙම කොල්ලො තුන්දෙනෙක්.. අවසන් කාමරේ හිටියෙ 141 මාර්ගයෙ රියැදුරු මහතෙක් සහ පහල තිබුනු දුරකතන කඩේක වැඩ කරපු මල්ලි කෙනෙක්.. තරතිරම කෙසේ වෙතත් අපි ඉතා සමගියෙන් හිටියා කියන එක කියන්න ඕන.. ආ බෝඩිම ඔයාලත් දන්න තැනක තමයි... නාරාහේන්පිට 141 බස් නැවතුම්පල දන්නවනෙ.. හරියටම ඒක ඉස්සරහ තියෙනවා තුන් මහල ගොඩනැගිල්ලක්... ඒකෙ උඩම තට්ටුවෙ තමයි බෝඩිම...
දැන් ඒකෙ දිවි ගෙවපු හැටි... මට 4.30 වෙද්දි කාර්යාලය ඉවරයි... ටක් ගාලා බෝඩිමට ඇවිත් බොටමක් ටී එකක් දාලා බාටා දෙකකුත් දාගෙන ෆෝන් එකයි පර්ස් එකයි අතට අරන් එනවා පහලට.... රන්ජිත් අයියගෙ ටර්න් එක එනකන් (රන්ජිත් අයියා කියන්නෙ අල්ලපු කාමරේ ඉන්නවා කියපු 141 බස් එකේ රියැදුරු මහත්තයා) නාරාහේන්පිට හන්දියේ ඉන්න ලොතරැයි අයියලයි, තැඹිලි මල්ලිලයි, පත්තර අක්කලයි අනිත් නංගිලයි ඔක්කොම එක්ක සිරා චැටක් දාගෙන පොඩි චාටරයක් කනවා... රන්ජිත් අයියගෙ බස් එක එනවා.. මම නගිනවා.. යනවා වැල්ලවත්තට.. ගිහින් බීච් එකේ ටිකක් ඇවිදිනවා... දන්න එකෙක් හිටියොත් පොඩි බියර් පාරකුත් දානවා... රන්ජිත් අයියගෙ ඊලග ටර්න් එකේ නැගලා ආපහු එනව බෝඩිමට... ඉතින් නාරහේන්පිට ටවුම ගෙදර වගේ....
ඉතින් අපේ කාමර වලට උඩින් තිබ්බෙ ස්ලැබ් එක විතරයි... රෑ වෙද්දි කාගෙ හරි පාටි එකක්.. ස්ලැබ් එකේ උඩ තමයි පාටි පැවැත්වෙන්නෙ.. එතන තියෙන නිදහස නිසා අපේ උන්ගෙ යාලුවොත් පාටි දාන්නෙ අපේ බෝඩිමේ උඩ තට්ටුවෙ.. ඕන පිස්සුවක් නටලා සිංදු කියලා කාටවත් පේන්නෙ නැතිව යන්න පුළුවන් නිසා පාටි වලට අපේ බෝඩිමට තිබ්බෙ හොද ඉල්ලුමක්... වාසනාවටද අවාසනාවටද මන්දා ඉතින් බෝඩිමේ උන්ගෙ පාටි වලටයි උන්ගෙ යාළුවන්ගෙ පාටි වලටයි සහභාගී වෙන්න උනාම ඉතින් ඒ කාලේ ටිකක් වැඩිපුර වැනෙන සීන් එකක් තමයි තිබ්බෙ... වැඩිපුර කිව්වට ඉතින් එච්චරම නෑ.. වැඩිම උනොත් සතියට දවස් හතකට වඩානම් වැනිලම නෑ...
පාටි ඉවර වෙලා රෑ 11ට විතර අපේ කාමර තියෙන තට්ටුවට ඇවිත් බැල්කනි එකේ ඉදන් පාර දිහා බලාගෙන ඉන්නවා කට්ටියම පෝලිමට... ඒ වෙලාවට තමයි නාරාහේන්පිට හන්දියේ අප්සෙට් ඩයල් ටික එහෙ මෙහෙ යන්නෙ.. අපි කරන්නෙ උඩ ඉදන් උන්ට අනන්මනන් කියන එක... හැමදාම අපේ බයිට් එක වෙන පොරවල් වගේම ඉදලා හිටලා එක පාරට අපේ බයිට් එකට සෙට් වෙන පොරවලුත් ඉන්නවා කරුමෙට වගේ... නිතරම අපිට සෙට් වෙන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ කරත්තෙ අන්කල්... කරත්තෙ අන්කල් කියන්නෙ හවසට නද වෙන්න ගහලා කරත්තෙකුත් එක්ක ගෙදරට යන පොරක්... ගොනා පුරුද්දට ගෙදර යන නිසා පොරත් කරත්තෙ අල්ලගෙන විසිවි විසිවි පරන ග්‍රෑම්පෝන් තැටියකුත් හයියෙන්ම දාගෙන තමයි යන්නෙ... අපි සහ පොර අතර වෙන දෙබසකින් එකක් තමයි මේ.....
හලෝ අන්කල්... කොහොමද...? අදත් රෑ වෙලා වගේ නේද?
ඔව් කොල්ලනේ... ඔ.. ඔ.. ඕන්න අපේ ර.. ර..ස්.ස්..සාවේ හැටි.. එන්ජිම ගෙදරට යන හින්.. හින්ද.... මමත් යනවා....
අන්කල් එන්ජිම කිව්වෙ හරකට.. ඇයි ඌනෙ කරත්තෙ එන්ජිම...
ඒ අතරෙ අපේ එකෙක් මෙහෙම ඇහුව...
මේ අන්කල්... දවසක සෙට් වෙලා එන්ජිම කමුද?
මොකක්........................? උඹේ *$####!%^()** ***#$$$$##@$#@@@$$Q###$$$@#4$$
පාලුවට ගිහින් තිබ්බ නාරාහේන්පිට හන්දිය දෙවනත් වෙන කොට අපි කාමරවල දොරවල් වහගෙන නිදාගන්න ගියෙ බඩවල් අල්ලගෙන....
ප.ලි. 1. දැන් මේ වැඩේ වැරදියි සහ පව් කියලා තේරෙනවා... ගොඩක් වැරදි වැඩ වැරදි කියලා තේරෙන්නෙ පහු වෙනකොටනෙ...
ප.ලි. 2. කවි ලියන කේස් එක දැන් එලටම යනවනෙ.. සොදුරු සිතෙයි විහග ගීතයෙයි කවි වලට දාන කමෙන්ට් වලින් තමයි පොඩි ආතල් එකක් හිතට එන්නෙ... ලියන්න වෙනවා තව තවත්.....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අඩේ කොල්ලො, මම දැන් ඉන්නේ මේ ඉසව්වේ තමා..
ReplyDeleteලංගමේ ඉස්සරහා....
එන්ජිම දැන් නැතිව ඇති නේද?
ReplyDeleteඔන්න බලාපන් මං උබේ බ්ලොග් එක මෙච්චර කලක් හෙව්වා .....
ReplyDeleteඅද තමය හම්බුනේ .............
දැන් ඉතින් නිතර ඇවිත් යන්න එන්නම්
ඒත් කාලෙකට කලින් ගොඩ වෙලා කියලා සටහන් වෙලා තිබ්බනෙ මචන්.... මොනවා උනත් සාදරයෙන් පිළිගන්නවා.... ඔක්කොම කියවලා කමෙන්ට් දාමු එහෙනම්.......
ReplyDeleteහික්ස්...නියමයි මචෝ!!! අපිටත් බෝඩින් ජීවිතේ කතා සෙට් එකක් තියනවා දාන්න.ඒත් තවම 11 වසරෙ කතා යන නිසා දැන්ම දාන්න විදිහක් නෑ.
ReplyDeleteබ්ලොග් එක සින්ඩි වලට දාලා නැද්ද?
මල සේකා මං කලින් ඇවිත් තියේද? ............ එල එල එහෙනම් උඩ කමෙන්ටුව සංසෝදනය කරනවා මෙන්න මෙහෙම
ReplyDelete"කලින් පැමිණියත් පසුව මග ඇරුණු මේ බ්ලොගය කරා අද සිට දිගටම එමි"
[ අමතක වෙන ලෙඩේ මට නැහැ ඔන් :D ]
blog gadol - දාලා තියෙන්නෙ මචන්.... සමහර ඒවා පෙන්නන්නෙ නෑනෙ... උපදෙස් දියන්කො ඊ මේල් හරහා...
ReplyDeleteහෙහේ නියමයි නියමයි....ජොලියට කිව්ව හින්ද අවුලක් නෑනෙ
ReplyDeleteනියමයි...අපිත් එන්නම්කො හැමදාම කියවන්න...මටත් අද තමයි හම්බුනේ..වැප් අයියගෙ ලින්ක් එක හින්ද...එහෙනම් මේ වගේ එල කිරි කතා ලියමු දිගටම
patta.......;))))))
ReplyDeletehe he he..niyamai
ReplyDelete"වැඩිම උනොත් සතියට දවස් හතකට වඩානම් වැනිලම නෑ..."
ReplyDeleteමරු වැනිල්ල...සහෝ
කිව්වත් වගේ දැන්නං එන්ජිං ගලෝල ඇති නේද?
"ගොඩක් වැරදි වැඩ, වැරදියි කියලා තේරෙන්නෙ පහු වෙනකොටනෙ..."
ඒ කතාව නම් සහතික ඇත්ත... ගොඩදෙනෙක්ට ඒක එහෙම තමයි..
මචන්.. බ්ලොගර් වල ඩ්‍රාෆ්ට් සේව් කරන්නෙපා, එතකොට සින්ඩියේ යටිනුයි ලිස්ට් වෙන්නෙ. උඹ ලයිව් රයිටර් වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල ලියහං බ්ලොග් පෝස්ට්ස්. අවුල් නං මේල් මී!
ReplyDeleteඑන්ජිමේ පිහිට තමා ..............
ReplyDeleteයකෝ අර එන්ජිමේ සීන් එකට හිනා වෙලා තව ඩිංගෙන් බීපුවත් එලියේ... පිස්සුනේ කෙලින්නේ... හික් හික්... ඈ බන් මේ පැත්තෙ කලින් ආවට මේ බ්ලොග් එක වැඩිය මීටර් වෙලා නෑ නේ සින්ඩි වල...
ReplyDeleteඅවුලක් නෑ... මම බ්ලොග් එකටම දා ගත්තා... සින්ඩි ඕනි නෑ මේක බලන්න දැන් හික් හික්
ගතවුන මිහිරි මතකය අමතකව නොයත්
ReplyDeleteසැතපෙන සිහින සේ ඉදහිට අවදි වුවත්
ගත වුන කල් ඉතින් අවුරුදු වලට ගියත්
හිටගෙන වැනෙනවා සිහිවන විටදි තවත්
thuuu thopila...
ReplyDeleteඅම්මෝ මාර අමාරුවකින් මේ බ්ලොග් රක හොයා ගත්තේ. ඔන්න ටිකක් හිනා වෙන්න ඇවිත් ඓාඳටම හිනා උනා.
ReplyDelete"දවසක සෙට් වෙලා එන්ජිම කමුද?" කියලා ඇහුවේ CIMA කරන්න ඇවිල්ලා හිටිය ගාල්ලේ dial එකද? :P
ReplyDeleteඅහෝ එන්ජිම .... එල කථාව ඈ ....
ReplyDelete