Tuesday, August 24, 2010

කල්පනාව.........


ඊයෙ හවස දෙකට විතර දුරකථන ඇමතුමක් ආවා. හවස පහ විතර වෙද්දි කෑගල්ලට එන්න කියලා.. මගෙ පුංචි කොම්පැණියෙ කටයුත්තක් සදහා කලින් කරපු ඉල්ලීමකට එක්තරා පුද්ගලයෙක් මුන ගැහෙන්න අවස්ථාවක් ඉල්ලපු එකක ප්‍රථිපලයක් ලෙසට තමයි මේ දුරකථන ඇමතුම ලැබුනේ... කලාතුරකින් හිමි වෙන අවස්ථාවක් නිසා කාර් බූම් එකට තෙල් ටිකක් ගහගෙන එවෙලෙම පිටත් උනා... මාත් එක්ක සහයට ආවෙ අලුතෙන් අපේ කාර්යාලයට ආපු මගේ සගයෙක්.. නමින් ඔහු මුදිත..

අපි දෙන්න කාර්යාලයේ ඉන්නෙ පිස්සො වගේ.. සිනාවෙන් විහිලුවෙන් කාව හරි බයිට් එකට අරගෙන පොඩි ආතල් එකක් දාගෙන තමයි වැඩිපුරම ඉන්නෙ... (ආ මම මේ දැන් කියන්නෙ මම වැඩ කරන රජයේ කාර්යාලය ගැන.) කොච්චර වැඩ තිබුනත් අපි දෙන්න ඒවට මුල් තැන දීල වැඩ කරන ගමන් මූනෙ හිනාව තියාගන්න පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ... ඒ නිසා අපේ ප්‍රධානීන් අපිට වැඩක් පවරන්නෙත් මේ වැඩෙ හරියට කරයි කියන විශ්වාසය ඇතුව වාගේම මුන් දෙන්න මොන රටක් පටලවයිද දන්නෙ නෑ කියන පුංචි චකිතයකුත් එක්ක.... වෙන වෙන කතා යනවනෙ.. බැක් ටු කතාව...

අපි දෙන්න දැන් යනවා... මම පදවනවා.. මුදිත ඉදිරිපස අසුනෙ... අපි කාර්යාලයෙ ජීවිතේට සිරා ටෝක් දීලා නෑ.. ඒත් ඊයෙ අපි දෙන්නා සිරා ටෝකකට සෙට් උනා... මම ඌට කියපු දේවල් ගැන ඌ මොනවා හිතනවද මම දන්නෙ නෑ.. ඒත් ඌ මට කියපු සමහර දේවල් ගැන තව පාරක් හිතන්න මගෙ හිත මාව පෙළඹෙව්වා... ඒ අතරින් මගේ හිතට වැදිච්ච හොදම කතාවක් සහ ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන කථාවක් තමයි මේ කියන්නෙ... මට ඒ දෙබස් ටික හොදට මතකයි... ඒ නිසා සංශෝධනයකින් තොරවම ඒ ටික මම පහළ දානවා.. මුදිතයා කතා පටන් ගත්තෙ මෙහෙම...

මචන් අභියා... මම මචන් සෑහෙන්න කල්පනා කරන මිනිහෙක්... අපි ආතල් එකේ ඉද්දි මිනිස්සු අපි ගැන එහෙම හිතන්නෙ නෑ..

මොනාද බන්
උඹට ඔච්චර කල්පනා කරන්න තියෙන්නෙ....

කල්පනා කරන්න ප්‍රශ්ණ ඕනද බන්.. ඕක තමයි අපේ උන්ට වැරදිච්ච තැන.. උඹ හිතපන් පහු ගිය සතියෙ උඹ හිටියෙ නයා මැරිච්ච අහිකුන්ඨිකයා වගේ.. උඹේ බිස්නස් කේ
ස් අවුල් වුන නිසා උඹ කොච්චර කල්පනා කර කරද හිටියෙ... එත් අද උඹ කිසි කල්පනාවක් කරන්නෙ නැතුව ආතල් එකේ ඉන්නවා...
ඉතින්..

ඉතින් නෙමෙයි බන්... අපේ මිනිස්සුන්ගෙ තියෙන වැරැද්ද ඕක නෙමෙයිද? උඹ උනත් බලපන්.. උඹේ බිස්නස් එක දියුනු කරගන්නකම් උඹ මාර කල්පනාවෙන් වැඩේ කරගෙන යනවා... උඹේ අතට සල්ලියි අනිත් දේවලුයි උඹට සෑහෙන ප්‍රමාණයට එන්න ගත්තම උඹත් කල්පනා කරන එක නවත්තාවි.... මම හිතන්නෙ මචන්.. උඹ ඒත්
කල්පනා කරන්න ඕන කියන එකයි...

ත්ත කථාව මචන්...

ඒත් මචන් අපි ඉන්න හැටියට අපි වටෙ ඉන්න උන් අපිට කල්පනා කරන්න දෙන්නෙ නෑ... අපි නිකමට කල්පනා කරන්න පටන් ගත්තොත් ලගම ඉන්න එකා අහනවා "මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ" ඉවරනෙ බන් පටන් ගත්ත තැනින්ම... බොරුනම් බලපන්.. ඔෆිස් එකේදි උඹලා, බෝඩිමේදි යාළුවෝ, ගෙදර ගියාම අම්ම.. මේ කවුරුත් අපිට කල්පනා දෙන්නෙ නෑ...
සිරාවට බන්.. උඹ කියද්දි තමයි මටත් සීන් එක මැවෙන්නෙ..

නෑ උඹ හිතපන් අභියා..... දැන් අද මමයි උඹයි ගොඩක් දේ ගැන කතා කලා... මම ඒ ගැන කල්පනා කර කර ඉන්නවා.. එක පාරටම එකෙක් ඇවිත් මගෙන් ඇහුවොත් "මොනාද බන් උඹට තියෙන ප්‍රශ්ණෙ ඔච්චර කල්පනා කරන්න.." දෙන්න හිතෙනවනේ ඌට කණ පුපුරන්න... ඇයි බන්... කල්පනා කරන්න ප්‍රශ්ණ තියෙන්න ඕනද? නෑනෙ බන්...
මට නිකන්ම හිනා ගියා...

ඇයි උඹ හිනා වෙන්නෙ... පොඩ්ඩක් හිතලා බලපන්..

නෑ මචන්.. මට හිනා ගියෙ උඹ කියපු ස්ටයිල් එකට... කතාව ඇත්ත මචන් අපි කල්පනා කරන්නෙ අපිට ප්‍රශ්ණයක් ආපුහම තමයි...

මට හිතෙන්නෙ මේ ගැනත් කල්පනා කරන්න දෙයක් තියෙනවා වගෙයි...

10 comments:

  1. හ්ම්....නියම පෝස්ට් එකක්...ඕක මටත් අන්නතවත් හිතුන දෙයක්.
    අර සිංදුවක් තියෙන්නේ "සෝමතිලක ජහමහ" ශූරීන්ගේ "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ..." කියන සිංදුවේ දෙවෙනි පදය ඒ කියන්නේ.... "දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ....", අයියේ ඔයාගේ යාළුවා ඕක නෙවේද කියලා තියෙන්නේ...???
    කරදර ප්‍රශ්න ආපුවහම තමයි අපේ ඇස් ඇරෙන්නේ...හිතන්න ගන්නේ...හැබැයි ඕනිවට වඩා ප්‍රශ්න ගැන හිතන එකත් මෝඩ කමක් කියලයි මම හිතන්නේ.ඒ දැන දැනත් මටත් හිතට ප්‍රශ්නයක් ආපුවහම කරන්නේ හිතන එකම තමයි.ඒත් ප්‍රශ්න නැති වෙලාවට අපි හරියට අර පායනා වෙලාවෙදි සිංදු කියලා විනෝද වෙන පළගැටියා වගේ නේද? අන්තිමට වැස්ස ආපුවහම කන්න බොන්න නැතිව දුක් විදිනවා වගේ අපිත් ප්‍රශ්නය ආපුවහම ඒ ගැන දුක් වෙවී හිත හිතා කල්පනා කරනවා.සමහර විට අපි අර ප්‍රශ්න නැති වෙලාවේ සතුටින් හිටපු වෙලාවේ සැලකිල්ලෙන් හිටියනම් දුක් වෙන්න වෙන්නේ නැති වෙන්න, ඒකියන්නේ ප්‍රශ්නයක් ඇති නොවන්නත් ඉඩ තිබුණා‍.
    එක අතකට ප්‍රශ්නයක් ආපුවහම අපි දහඅතේ කල්පනා කරන්නේ ඒ ප්‍රශ්නයට විසදුමමද කියලා ලො‍කු සැකයක් තියෙනවා.මට නම් හිතෙන්නේ නෑ කියලා.අපි ඒ ප්‍රශ්නය ගැන හිතලා දුක් වෙන එකයි කරන්නේ.ඒ ප්‍රශ්නය වෙලා ඉවරයි,දැන් තියෙන්නේ ඒකට මුහුණ දෙන එක වුනත් අපි ඒ ප්‍රශ්නය ඇති වුනේ අපේ වරදින් නම් ඒ ගැන කම්පා වෙනවා.වෙන කෙනෙක් අතින් වුන දෙයක් නම් ඒ කෙනාට බණිනවා,වෛර කරනවා.ඒ අතරේ පුළුහන්නම් අපේ අතේ තියෙන වැරැද්ද වෙන කෙනෙක්ට පටවන්න හදනවා.හා නැද්ද...

    ‍කොහොම වුනත් සිනහා වෙවී සිනහා වෙවී කල් ගෙවන්න නම් බෑ.....ඒත් ප්‍රශ්න අපේ ජීවිතයට බාධාවක් නොකරගෙන සිනහා පිරුණු මුහුණින් ඉදිරියටම යන්න පුළුහන්නම් ඒක කොයි තරම් හොදද....අපිට මෙන්ම අනිත් අයටත්......

    ( මතකය අළුත් කරගන්න සිංදුවට මෙතෙන්ට යන්නකෝ....
    http://www.youtube.com/watch?v=XIOHN3yOFfw )

    බොහෝමත්ම ස්තූතියි, අභීත අයියේ... හිතන්න පුළුහන් මාතෘකාවක් ලිපියකින් දුන්නට.ඒ වගේම ඒ ස්තූතිය ඔබේ යහළුවටත්‍‍‍‍...

    ReplyDelete
  2. නියම පෝස්ට් එක.

    ReplyDelete
  3. ඕක කීවාම මට මේ කියමන මතක් වුන....කියාපු කෙනා නම් හරියටම මතක නෑ....ඒත් මේක බොහෝ දුරට ඇත්ත....
    "Most people don't like thinking b'coz it leads to conclusions. And we all know that conclusions are not always pleasant"......

    ReplyDelete
  4. සෑහෙන්න බොන ගමන් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් !

    ReplyDelete
  5. @ හසියා,
    සෝමතිලක ජයමහ කියන්නෙ මාත් බොහොම ආස කරන ගායකයෙක්...
    "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ..."
    මාත් ගොඩක් ආස කරන ගීයක්

    සබැඳියට ස්තූතියි සහෝ..

    ReplyDelete
  6. හැබෑ නේන්නං! මෑන්සුත් බලන් ගියාම නියම තර්කානුකූල බුවෙක් වගේ...

    ReplyDelete
  7. ඈත්ත අපි ජීවිතේ වර්ද්ද ගන්න එක තෑනක් තමා..........
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ..
    දුර නෙමෙයි ලඟ වත් පේන්නෙ නෑනෙ

    ReplyDelete
  8. සහෝදර සහෝදරියනි....

    මම මේ පෝස්ට් එක දානකොටම හිතුනා හෙන චව් පෝස්ට් එකක්ද මම ලිව්වේ කියලා... මට හිතෙන විදිහට සිරාම කමෙන්ට් ටික වැටිලා තියෙන්නෙ දැනුයි...

    ස්තූතියි දරුවනේ.........

    ReplyDelete
  9. මට නම් තියෙන ලොකුම කල්පනාව තමයි කල්පනා නොකර ඔහෙ බලන් ඉන්න කොට ඔපිස් එකේ සමහරු අහනව " මොනවද කල්පනා කරන්නේ කියල"

    එහෙම ඇහුවට කමක් නැහැ එයාල එහෙම අහන්නේ ඇත්තටම අපි කල්පනා කරන දේ දැන ගන්න නෙමෙයි නේ....

    "කල්පනා ලොව සල් වනේ " කියනව නේ...

    මම කල්පනා කරන්න ගත්තම හරියට ඒක මෙගා ටෙලි නාට්‍යයක් වගේ. ඒ නිසා මම කල්පනා කරන්න යන්නෙ නැහැ වැඩිය.

    වැඩිය කල්පනා කරන අයට තමයි පිස්සො කියන්නේ....

    ReplyDelete
  10. සහතික ඇත්ත... කල්පනා කරන්න ප්‍රශ්න ඕනිමද... ඒත් බන් මේ තියෙන ප්‍රශ්න රික කල්පනා කරන්න ගත්තොත් මෙලෝ මගුලක් කොරන්න බැහ මට නම්. ඒක නිසා ඕනි එකක් වයින් බොතලයයි කියල මම ඉන්නවා..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...