පුංචි එකාගෙ උපන් දිනයට මම ලියපු කවියට ඉහලම ප්‍රතිචාර හිමි වෙලා තිබුනා... එයා වෙනුවෙන් ලබා දීපු සුභ පැතුම් වලට ඔහු වෙනුවෙන් මගේ ස්තූතිය ඒ ඔක්කොටම පිරිනමන්න කැමතියි.... ඔන්න එහෙනම් ස්තූතියි... ඒ වගේම මගේ පුංචි කොම්පැණියත් මේ දවස්වල හෝ ගාලා වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තියෙන කාලය ඉතාම අඩුයි... රූපවාහිනී වැඩසටහනකටත් සහභාගී උනා නොවැ විනාඩි 20කම....
ඒව මේව කතා නැතුව බහිමුකො අද කතාවට... අද ලියන්න යන්නෙ මිත්‍රත්වයේ නාමෙන් කාපු කටු ගැන... උදවු කරන්න ගිහින් මටත් තව යළුවන්ටත් වෙච්ච දේවල් කිහිපයක් තමයි මේ පහළ තියෙන්නෙ.. දන්නවනේ ඒ කාලෙ... ජංගම දුරකතන නෑ... ගෘහස්ථ දුරකතනත් ඉතාම සීමිතයි.. කෝල් ගන්නෙ තැපැල් කන්තොරුවට ගිහින්... සන්නිවේදන පහසුකම් අවම මට්ටමේ තියාගෙනත් අපේ උන් ආදරේ බාධක ජය ගත්තේ ඉතාම සූක්ෂම අන්දමින්.... තව එක දෙයක් කියන්න බැරි උනා... ප්‍රවාහන පහසුකමුත් ඉතා අඩු යුගයක තමයි මේ දේවල් සිද්ද උනේ.... ගම්බද පාරවල් වල එක පැත්තකට ගිය බස් එක ආයෙත් ආපහු එන්නෙ පැය දෙකකට විතර පස්සෙ.... මේවා මතක් වෙද්දිත් දැන් හිනා යනවා... ඔන්න එක කතාවක්... අපේ ගැන්සියේ පොරක් සාමන්‍ය පෙළ කාලෙම දාගත්ත අපේම බාලිකාවට යන ටිකක් ගම්බද පැත්තක ටිකක් ලස්සන ගෑණු ළමයෙක්.... මම හිතන්නෙ ඒක තමයි අපේ ගැන්සියේ එකෙක් ඉස්සෙල්ලාම ගොඩ ගිය සීන් එක.. අපිත් දැන් පට්ට සපෝට්... හරියට අපි දාගත්ත වගේ... අපිටත් කෙල්ලෙක් නැති එකේ අපිටත් වැඩක් තියෙන්න ඕනනෙ... (මේ ගෑණු ළමයා දැන් මගේ බ්ලොග් එකේ හොද පාඨකයෙක් කියලා තමයි ආරංචිත්.. තරහා වෙන්නෙත් නැතිවෙයි.) දැන් ක්ලාස් ඉවර වෙලා අපේ කොල්ල නගිනවා කෙල්ලගෙ බස් එකේ.. එ පිටිපස්සෙන් අපිත් නගිනවා.. දැන් උන් දෙන්නා ලව් කරගෙන යනවා.. අපිත් ගැන්සිය පිටින් පට්ට පිස්සුව්ක් කෙලගෙන යනවා...ගෑනු ළමය බහින හෝල්ට් එකට පස්සෙ හෝල්ට් එකෙන් අපිත් බහිනවා.. බස් එක තවත් කිලෝමීටර් 7ක් විතර යනවා.. දැනටත් කිලෝමීටර් 10ක් විතර ඇවිත්... බස් එක ආපහු එන්න තව පැය දෙකක් වත් යනවනෙ... අපි ඉතින් පටන් ගන්නවා පයින්ම ආපහු එන්න... අර ගෑණු ලමයගෙ ගේ ලගින් එද්දි එයත් මොකක් හරි බොරු වැඩකට එලියට එනවා... අපේ එකත් ඉතින් අවසන් වතාවටත් උගේ ප්‍රේමියව බලලා ආපහු අපිත් එක්ක සෙට් වෙනවා... අපහු කුරුනෑගලට එනකන්ම අපේ වැඩෙ අරුගෙ පලු යන්න බනින එක... කොච්චර බැන්නත් පහුවදාටත් අපි ඌත් එක්ක ආයෙ යනවා... මොකද අපේ එකෙක්නෙ දෙයියනේ කියලා.... ගුටි කෑවොත්වත් අඩුම ගානෙ ඌත් එක්ක එකට දුවන්න හරි පුලුවන්නෙ... කොහොමහරි ඒ ආදරෙ සංක්‍රාන්ති සමය එනකම්ම අපේ පාද චාරිකාව ඉවර උනේ නෑ....
රත්නෙ.. අපිත් එක්ක හිටපු සිරාම පොරක්... කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ... ෆුල් ෆුන් එකේ තමයි හිටියෙ... කෙල්ලන්ගෙන් අහන්න ටිකක් භයයි වගේ හිතෙන උන් ඌට තමයි කියන්නෙ මචන් අරකගෙන් අහපන්කො මට කැමතිද කියලා.. ඌ නෙවෙයි දෙපාරක් හිතන්නෙ.. ගියා ලගට .. ආයෙ ඌට වගේ ටෝක් දීලා තමයි අහන්නෙ.... ඉතින් දවසක් මූ කලා මරුම වැඩක්... ගෑණු ලමයි දෙන්නෙක් හිටියා එකටම... ක්ලාස් එන්නෙත් යන්නෙත් ඉදගන්නෙත් හැම මගුලක්ම එකටම තමයි කරන්නෙ.. එකක් කලුයි.. අනික සුදුයි.. අපෙත් එකෙක් හිටියා අර කලු ගෑණු ළමයට බැල්ම දාපු... දැන් ඌ රත්නෙට කිව්වා මචන්.. අර කෙල්ලගෙන් මට කැමතිද කියලා අහපන්කො... රත්නෙයාට මොනාද ඕවා... ගියා කෙල්ලො දෙන්න ගාවට... ගියාට පස්සෙ මුට හිතුනා කලු කෙල්ල අරූට ගැලපෙන්නෙ නෑ කියලා.. ගිය එකේ ආපහු එන්නත් මොකක්ද වගේ හින්දා ඇහුවා සුදු පාට කෙල්ලගෙන්... එයත් කිව්වලු හිතලා බලල කියන්නන් කියලා... රතනෙයා වීරයා වගේ ආවා.. ඇවිත් අරූට සීන් එක කිව්වා... අම්මා සිරි හෙන කොක්ක... හොදම සීන් එක පහුවදා අර ගෑණු ළමය කැමතියි කිව්වා.... මොනා කරන්නද? ඔරුව පෙරලුනු පැත්ත හොදයි කියලා අරුත් අවුරුදු තුනක් යනකම්ම වැඩේ කරගෙන ගියා..
ධනේ.. මෙන්න තවත් පොරක්.. මේක තමයි හොදම කතාව.. බතලගොඩ වැව රාජධානිය කරගෙන වාසය කරපු අපේ කොල්ලෙක් තමයි... උසස් පෙළ කරද්දි හැමෝටම එනවා වගේ මූටත් විද්දා මල්සරා... පාසැල් බස් රථයේ ගිය ගෑණු ළමයෙක් තමයි මුගෙ මීටරේට අහු උනේ... ඉතින් දවසක් පට්ටම දුකක් විදලා අපි කාටත් හොරෙන් මූ ඇහුවා අර ළමයගෙන් කැමතිද කියලා.... ගෑණු ළමයි වැඩිපුරම දෙන උත්තරේ වෙන හිතල බලල හෙට කියන්නම් කියන එක තමයි මුටත් ලැබුනේ.... කොල්ලත් ආපහු ආවා.. හෙට උදා උනා... උදේම බස් එකට නගිද්දි අර ගෑණු ළමයා මූත් එක්ක ආදරෙන් හිනා වුනා.. වැඩෙත් හරි වගෙයි... මූටත් එහෙම හිතුනා... එතකොටම තමයි මල්සරා විදපු හීය ආපහු ගත්තෙ.. පොර ගෑනු ළමයට කිට්ටු කරලා මෙහෙම කිව්වා...
නංගි.. මම මගෙ අදහස වෙනස් කරගත්තා.. ඔයා මට කැමති උනත් දැන් කරන්න දෙයක් නෑ..
වීරයා වගේ පොර ආපහු එද්දි ගෑණු ළමයා තක්බීර් වෙලා බලාගෙන හිටියා කියලා තමයි දැකපු උන් කියන්නේ....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
හ්ම්..පට්ට සිද්දි තමා වෙලාතියෙන්නෙ..
ReplyDeleteජයවේවා!!!
අන්තිම එක නං පට්ටම සිරා මචන්.. එල වැඩ නෙ උඹලත් කරල තියෙන්න...හීක් හික්..
ReplyDeleteහික්ස්...
ReplyDeleteඅන්තිම එක තමා සිරා කතාව...
ඒක නෙවෙයි මේ කටිටියගේ වර්තමාන තත්වෙත් දැම්මනං තමා මරු
වාසනාවකට හරි අවාසනාවකට හරි මට නං ඉස්කෝලේ යනකාලේ ඔය මල්සරා හරි හමන් විදිහට විද්දේ නෑ...
උඩම කතාවෙ කොල්ලා දැන් හොද සල්ලිකාර ව්‍යපාරිකයෙක්.. අක්කර 40ක තේ වත්තක අයිතිකාරයෙක්.. කෙල්ල විදෙස්ගතයි...
ReplyDeleteරත්නෙ පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.. අනිකා ව්‍යාපාරිකයෙක් වගේම රජයේ සේවකයෙක්.... සංචාරක නියෝජිත ආයතනයක අයිතිකරුවෙක්.. කෙල්ල ගැන ආරංචියක් නෑ...
තුන්වෙනි කතාවෙ ධනෙ... සමුද්‍ර ඉංජිනේරුවෙක් වගේම එක්දරු පියෙක්..
පට්ටම පට්ට කතාව.....
ReplyDeleteඅර වැම්පයර් අයියා කිව්ව වගේ අන්තිමයනම් පට්ටම පට්ට....
ආ.... රන්ඩු වෙලා ඉවරද මල්ලි..... මම මේ හූනා කියන්නා වගේ කියන්නෙ... නෑ.. එක්කොත් ඕනෙ නෑ........ හිකිස්....
ReplyDeleteනියම කතා ටික මචෝ!!!එළකිරි...
ReplyDeleteara kalu kellata belma dapu kenawa man dannawada koheda...hikzzzzz
ReplyDeleteඋඹ දන්න එකෙක් තමයි කස්..... හිකිස්.....
ReplyDeleteපට්ට..........
ReplyDeleteඈත්තට අරූ එහෙම කිව්වෙ ඈයි ?
ohoma yan.. ohoma yan
ReplyDelete@නිශ් : අපි උගෙන් පස්සෙ ඇහුවා... කිව්වට විශ්වාස කරපන්... ඌ දන්නෙත් නෑ.... සිරාවටම...
ReplyDeleteරත්නෙ පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.. අනිකා ව්‍යාපාරිකයෙක් වගේම රජයේ සේවකයෙක්.... සංචාරක නියෝජිත ආයතනයක අයිතිකරුවෙක්.. කෙල්ල ගැන ආරංචියක් නෑ...
ReplyDeleteමේ කවුද? මේ අර බ්ලොග් ලියන අභීත ද?
ඔන්න ඉතින් වත් ආවට වඩා නාවනම් හොදයි කියලා හිතෙන වෙලාව... හිකිස්.....
ReplyDeleteඅම්මපා ඒක් නොතෙරුනානෙ
ReplyDeleteඅනිකා ව්‍යාපාරිකයෙක් වගේම රජයේ සේවකයෙක්.... සංචාරක නියෝජිත ආයතනයක අයිතිකරුවෙක්.
උඹලගෙන් භාගයක් ටියුබ් ලයිට්........ හි හී.........
ReplyDeleteඅනේ ඇත්තමයි කොහෙද බොල මේ බ්ලොග් එක හංගගෙන හිටියේ උබ....
ReplyDeleteපට්ට කතා ටික. ඔක්කොමත් හරි කවුද බොල අර අන්තිම කතාවෙ හිටිය එකා....ඌව පට්ට ගහන්න එපැයි බන්... ඔය කාලේ නිකන් කෙල්ලෙක් ඇහුවත් පැනල යාලුවෙන කාලේ නේ...
he he..... me anthima kena Dananjaya Munasinghe neda abheetha ayya......
ReplyDelete