බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Wednesday, August 18, 2010
හාල්මැස්සො වලිය
අද මේ කියන්න යන්නෙ මුහුදෙ ඉන්න හාල්මැස්සො ගැන නෙවෙයි.. මම කොහොමත් කතාවක් කියද්දි ඒකෙ පසුබිම ගැනත් පොඩ්ඩක් කියන නිසා අදත් ඒ පසුබිම ගැන පොඩ්ඩක් කියන්නම්.... මම කාලයක් වැඩ කලා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ.... ඒකෙ ස්වයං රැකියාවලට මිනිස්සුන්ව පොළඹවන, විවිධ ආහාර වර්ග විජලන ක්‍රියා වගේ පාඨමාලා නොමිලේ ජනතාවට දෙන සේවයකුත් තිබුනා.. ඊට අමතරව විසිතුරු මල් පැල, බ්ලොග් ගල් නිෂ්පාදනය (අපේ පූසො ටිකත් යැව්වහැකි තමයි) වගේ ඒවත් තිබ්බා.... කතාවට අදාළ වෙන්නෙ අර කලින්ම කියපු විජලන සීන් එක තමයි.. ඉතින් ඔය අපේ අමාත්‍යංශෙ උදව්වෙන් පොඩි පොඩි බිස්නස් පටන් ගත්තු සමහර අය එනවා එයාලගෙ නිෂ්පාදන අපිටත් විකුනන්න... ඒවා ඉතාම පිරිසිදුයි,,, ඒකෙ දෙකක් නෑ..... කිතුල් හකුරු, පැනි, කරවල වගේ දේවල් අනර්ඝ තත්වයෙන්ම තියෙනවා.. මොකද අපිට දෙන එක අවුල් උනොත් වැඩෙත් හබක් වෙනවනෙ... හරි.. දැන් ඉතින් කතාවට බහිමු...
ඔන්න ඉතින් එක දවසක් ගෙනාවා වේලපු හාල්මැස්සො... අඩු ගානට හොද බඩු.. ඒ වගේ දෙයක් රජයේ කාර්යාලයකට ගෙනාපුහාම ඉතින් අහන්න දෙයක් නෑනෙ.. දැන් කට්ටිය වට වෙලා ගන්නවා... මම වැඩ කලේ ගිනුම් අංශයේ.. අපේ සෙට් එකත් ඉතින් දුවගෙන ගිහින් හාල්මැස්සො ගෙනාවා... අපේ කරු අය්යත් පිඹගෙන ගිහින් පැකට් එකක් අරන් ආවා.... අපි ඉතින් බෝඩින් කාරයොනෙ.. අපිට මොකටද හාල්මැස්සො... අපි ඉතින් යන්නෙ නෑ ඕවට... කඩෙන් දෙන දෙයක් කාලා පාඩුවෙ ඉන්නවා...
ඔන්න ටික වෙලාවක් යද්දි මම කරු අයියගෙ මේසෙ ලගට වෙලා වෙන වැඩක් කර කර ඉන්නවා... වෙන වැඩක් කිව්වට කාත් එක්ක හරි කදයක් තමයි ඉතින්... ඒ කදේ දාන අතරෙ කරු අයියගෙ හාල් මැස්සො පැකට් එකත් මගෙ අතේ තිබ්බා. ඒ වෙලාවෙම එතනට පාත් උනේ අපේ ආදරණීය මිසිස් මැටිල්ඩා ඇන්ටි... ආපු ගමන් මගෙන් ඇහුව ප්‍රශ්නයක්..ඒකත් එක්ක මමයි මැටියි අතරෙ පහල තියෙන ආකාරයේ දෙබසක් ආවා...
ආ... අභීත, මොකද හාල්මැස්සො පැකට් එකක් අතේ තියන්
ආ මිස්.. හාල්මැස්සො ගෙනාවනෙ විදාතා ළමයෙක්... එයාගෙන් ගත්තා..
ඔයා බෝඩ් වෙලානෙ ඉන්නෙ.. ඔයා දැන් උයාගෙනත් කනවද?
අනේ නෑ මිස්.. මම මේ ඉනෝකටත් කිව්වෙ ඕනනම් මේක අරන් යන්න කියලා... මම ඉතින් ඒ ළමයා පව් කියලා ගත්තේ.. රුපියල් 100 නෙ..
ආ.. මට ගන්න ගන්න බැරි උනානෙ අභීත.. එහෙනම් මට දෙනවද? මම රුපියල් 100ක් දෙන්නම්..
ආ.. කමක් නෑ මිස්.. මෙන්න ගන්න... මම කොහොමත් මේක කාට හරි දෙන්න හිටියෙ...
ඔන්න ඉතින් මිසිස් මැටිල්ඩා මට 100ක් දුන්නා... මම දෙයියනේ කියලා කරු අයියගෙ හාල්මැස්සො පැකට් එක මිසිස් මැටිල්ඩට විකුනුවා...
ඔන්න කථාවෙ වීරයා ආවා.. ඒ කියන්නෙ අපේ කරු අයියා ආවා.. බැලුවා .... හාල්මැස්සො පැකට් එක නෑ... ඇද්දා කොක්ක...
කවුද ගත්තෙ මගෙ හාල්මැස්සො එක..
දැන් ඔක්කොම ඉන්නව බිම බලාගෙන... පොඩි අවුලකට උනේ මැටීට එක පාරම පත්තු උනා සීන් එක.. එයාගෙ ඔලුවට ආවා මම ගුලියක් තමයි අඹරලා තියෙන්නෙ කියලා.. එයා හාල්මැස්සො එක කරු අයියට දීලා මෙහෙමෙ කිව්වා..
මම ඕක අභීතගෙන් ගත්තෙ... අනිවර්යයෙන්ම ඔයාගෙ එක තමයි එයා දෙන්න ඇත්තෙ කියලා..
ටිකක් නැගල යන්න තිබ්බ සීන් එකක් ඒ විදිහට ශේප් උනා.. මමත් ගිහින් හිනාවෙලා මැටීගෙ රුපියල් 100 දීලා ආවා.... පොඩ්ඩක් ඇහේ කොනෙන් බලපුවාම කරු අයියා මම දිහා ඔරෝගෙන බලන් ඉන්න හැටි නම් මම අපූරුවට දැක්කා.......
ප.ලි. මට දැන් කවි ලියන්නත් පුළුවන් කියලත් හිතෙනවා.. ඒත් ටිකක් ලැජ්ජයි වගේ.. තව ටිකක් කල්පනා කරලා බලලම ලියනවා..... එක එක අයගෙ කවි පෝස්ට් වලට මම දාපු කමෙන්ට් දැක්කම කවියක් ලියන්නම හිතෙනවා.. බලමුකො ඉස්සරහට...
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
මොනවට ලැජ්ජාවෙන්නද අනේ කවි ලියන්න....කිසිම සීමාවකට හිර නොවී හිතෙන හැටි අකුරු කරන්න.....:)
ReplyDeleteලැජ්ජාව බලපන්කො හික් හික්.... ලියපන් ලියපන් අපි බලනවනේ... හොඳ නරක කියන්නවත් ලියන්න එපැයි.
ReplyDeleteමොන ජංජාලයක් වෙයිද කියලා කවුද බන් දන්නෙ.....?
ReplyDeletemona unama moko ban.. onna ohe liyala dapan apitath balanna... :D
ReplyDeleteපට්ට කතාව....
ReplyDeleteඅහ්...ලියන්ට ලියන්ට...අපි ඉන්නව නොවැ කියවන්ට....මොකටැයි ලැජ්ජා වෙන්නේ...වරදයැ කොරන්නේ...
Moda Choon.........
ReplyDeleteto: aniyaaa.. ow moda choon thamayi.... ayi mokadha oyaata.... namen comment ekak dhanna beri kondha pana nethi udhaviya
ReplyDeleteහිහ්.. මෙන්න බලහන්කෝ... මහ ලොකු කට කාරයට ලැජ්ජයි ලු.
ReplyDeleteකවි ලියන්න මොනවට ලැජ්ජා වන්නේ
ලැජ්ජා වෙන්න දේවල් නැති වද දන්නේ
ලියහන් අයියෙ කවියක් මේ අපි ඉන්නේ
වැටි වැටි තමයි අපි කවුරුත් ඇවිදින්නේ...
මම
සොඳුරු සිත
෴ වත් ෴
නමින් අභීත උනා ට බයයි වගේ නේද?
ReplyDeleteහික් හික්!! ඔය පුරුද්දනං හොද එකක් නෙවෙයි මචෝ! කවදහරි හොදට ගුටි කාලා තමයි නවතින්නෙ...
ReplyDeleteකවි ලියන් න
ලැජ්ජ වෙන් න
එපා
කොහොමද මගෙ කවිය?
හා නේ ලැජ්ජා වෙන්න එපා ලියන්නකෝ. අපි අපිමනේ කියවන්නෙත්.අනික මේ නමම අභීත වෙච්චි එකේ ඔහොම වෙලා හරියනවැයි..
ReplyDeleteදැන් නම් ලියන්නම වෙන සීන් එකක් තියෙන්නෙ... බලමු ඉතින් සලකලා... මල විජ්ජුම්බරයක් වෙන්නයි යන්නෙ.....
ReplyDeleteබ්ලොග් ගඩොල් වෙත : ඒ උඹට තියෙනවනෙ මචං මාර හැකියාවක්.. අත දෙන්න ඉන්නෙ සුදු පූසිත්....
ReplyDeleteහික්ස්...සුදුපූසි අත දෙන්නෙ ඉංගිරිසි කවි ලියන්න විතරයි බං! මට කියල තියෙන්නෙ සිංහල කවි ලියන්න එපා කියලා.ඒවා ඒ තරමටම සුන්දරයිලු
ReplyDeleteඉන්ග්‍රීසිත් මෙහෙමද දන්නෙ නෑ.. අපිට තේරෙන්නෙත් නෑනෙ ;)
ReplyDeleteYoko, moda katha liyannne nathu honda katha liyapan. Balapan, Blog Gadol, Ibba liyan katha....
ReplyDeleteAwa balala hadiyang.........
කවි හදන්න
ReplyDeleteකවි ලියන්න
මන්ද පමා
වෙනු නොපමා
ලියපන් බන් බය නැතුව ......... මේ මාත් ලියන්නේ :D
ReplyDelete[ කවදා කවි ලියපු උන්ද අපි :D ]