බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Thursday, August 19, 2010
ඔන්න හැමෝගෙම ඉල්ලීම හින්දා මම කවියක් ලියන්න හිතුවා.. ඒ කවියෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේකයි.. මගෙ පුංචි පුතාගෙ පළවෙනි උපන් දිනය යෙදෙන්නෙ හෙට... මේ කවිය ඒ වෙනුවෙන්......
පොඩි සිහින මතු කරන් නිදි වදින මා පුතේ...
නුඹයි මගෙ ලෝකයම එකලු කල මිණිකැටේ...
නුඹේ මව ආදරෙන් තිලිණ කල හොදම දේ...
වේය නුඹ කිරුලු ලා වැජඹියන් මේ ලොවේ...
අහිංසක මිනිසුන්ව පාගලා සැප විදින...
නරුමයින් ගෙන් වෙන්ව දිවි ගෙවාපන් දිනෙක..
නරක දේ නරක යැයි නුඹට හැගෙනා දිනෙක..
එරෙහි වී හඩ දියන් එකග වී සිත් මලට....
නුඹේ ලෝකය පුරා සිල්වතුන් හමුවේවි...
ඒ වගෙම නරුමයින් නුඹ වෙතට පැමිනේවි...
නුඹ ගනින් හරි පැත්ත එවිට නුඹ බැබලේවි..
පසු පසින් ඉදන් අපි නුඹට දිරි වෙර දේවි..
පුංචි අත් පා පුතේ නිතර එහෙ මෙහෙ කරන...
මිනිසුන්ට වැඩ සදන ලෙස හසුරපන් දිනෙක..
අහස අල්ලනු පිණිස නොයොදවා නුඹේ සිත...
ලොවට බර නැති එකෙක් ලෙසට ගෙවපන් දිවිය...
පුංචි මුව විවර කර කිරි සුවද විහිදෙනා........
ඉදන් මව් උකුල තුල හිනැහෙමින් දෙසට මා.........
නුඹ මගේ ලෝකයේ ඉදිරි සිහසුන දරා........
බැබලියන් මගෙ පුතේ ගුණ සුවද විසුරලා....
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
යථාර්තය කැටි කොට ගත් අපූරු පද ටිකක්......
ReplyDeleteෂික් වැඩක් නෑ බං අයියේ උඹේ කවි ටික...මේවනේ කවි කියන්නේ...බෑ බෑ කිය කිය ගොතල තියෙන්නේ ඔය අපුරූවට....ඔහොම යං.....
ReplyDeleteඅහ් පුංචු පුතුට ඔන්න හසියා අයියාගෙන් ඉස්ඉස්සෙල්ලාම සුභ පැතුම්....තුරුණුවන්ගේම සරණයි පුංචි පුතුටත් තාත්තටත් අම්මටත්....
මතක් කරල ලොකු වුනාම හසියා අයියට කේක් කෑල්ලක් ගෙනත් දෙන්න හොදේ....
(හසියා අයියා කීවේ මට වයස තාම අවුරුදු 3ක් වත් නැති බැවිනි.)
වෙලාවට හේමලයියා සුභ පතලා නෑ....නැත්නම් කේජු කෑල්ල අහක හිටපු නරියෙක් උදුරගන්නවනේ...... හික්ස්
ReplyDeleteඅය්යා කියන්නෙ චූ.....................ටි අයියා.......... පව් මල්ලියා))))))))))))
ReplyDeleteස්තූතියි හේමලයෝ
ReplyDeleteඔන්න පුංචි පුතාට අපෙනුත් සුභ පැතුම්!
ReplyDeleteකවි ලියන්න බෑ කියල බේගල් ඇදබාපු එකටනං වැඩක් දෙන්නම වෙනවා...
ස්තූතිය් බ්ලොගා...
ReplyDeleteකොට්ට ප්‍රහාර ඇර වෙන ඕන මගුලක් :D
හරිම අපූරු පද පෙලක්...
ReplyDeleteබෑ බෑ කිය කිය ඉඳල හොඳම හොඳ නිර්මාණයක් එළිදක්වල තියෙන්නෙ...
දිගටම ලියන්න සහෝ..
චූටි පුතුට සුබම සුබ උපන් දිනයකට මුළු හිතින්ම සුබ පතනවා!
අප්පටසිරි.. උඹත් හෙන වැඩකරුවෙක් නෙ බලාන ගියාම.. එල කවි පොඩ්ඩ.. මෙන්න වැම්පි මාමාගෙන් උම්ම්මා සමග සුබපැතුම්.. උඹට නෙවයි.. පුතාට!!
ReplyDeleteපුතාගේ උපන් දිනයට මාත් සුභ පතනව. තුනුරුවනේ අනන්ත බලයෙන් පුතාට යහපතක්ම වේවා....
ReplyDeleteබ්ලොග් අවකාසේ
කවි ලියන්න ආසාවේ
ආවා වූ මේ අයියාට
බුද්ධං සරණේ සරණයි
ලස්සනයි....හ්ම්...ඕං මගෙනුත් උණුසුම් සුභ පැතුම්...!!!
ReplyDeleteජයවේවා!!!
වැම්පි මාමා උම්මා දෙන්න ගිහින් පුතාගෙ බෙල්ල හිල් වෙයිද දන්නෙ නෑ..
ReplyDeleteහැමෝටම ස්තුතියි මගෙ පොඩ්ඩා වෙනුවෙන්
සුබ පෑතුම් පොඩ්ඩා ට...........
ReplyDeleteලස්සන කවි ටික.........
චූටි පුතාට තුණුරුවන් පිහිට ලැබේවා!!!
ReplyDeleteපුතාගේ උපන් දිනයට සුභ පැතුම්!
ReplyDeleteමඩ ගොහොරුවක් වගේ තියෙන මේ ලෝකය ඇතුලේ , නෙළුම් මලක් වගේ දසත සුවඳ විහිදුවන්න ලැබේවා කියලා , පුන්චි පුතාට ආශිර්වාද කරනවා මේ බ්ලොග් අවකාශේ ඉන්න හැමෝම වෙනුවෙන්.
ReplyDeleteනියම කවි ටික...(දිගටම කවි ලියන්න සුබ පැතුම් )
ඔන්න ඉතින් පරක්කු වෙලා ආපු හා පැටික්කිත් පුංචි පැටියට සුභම සුභ උපන්දිනයක් වගේම පැහැබර අනාගතයකට සුභ පැතුව කියන්න........!!!!!!
ReplyDelete@ හා පැටික්කි (MS)....
ReplyDeleteමේ පැත්තෙනම් වැහිබර....ඔය පැත්තේ කොහොමද පැහැබර වුනේ.....? :P
@ ෴ හසියා ෴
ReplyDeleteමං යන තැන පැහැබර වෙනව නිකම්ම........ :P
මෙන්න මෙතනත් මුන් දෙන්නා කෙලගන්නවා.... හිකිස්....
ReplyDeleteපැහැබර කෙසේ වෙතත් තඩි වලවල්නම් හැදෙනවා ඇති...ඇයි තඩි හා පැටික්කියක් පැන පැන යනකොට....
ReplyDelete@ අභීත අයියා
ReplyDeleteඅපි දෙන්න තව කොහේදි හරි කෙලගත්තද හැබෑටම අයියේ???????
@ ෴ හසියා ෴
ඔය පැහැදිලි ඉරිසියාව........
රුසියාවටත් වඩා ලොකුයිලුනේ ඕක......... :p
@ හා පැටික්කි
ReplyDeleteහරි එහෙම හරි කියන්නකෝ...කතාව ඇත්තනේ...වට පිටාවේ තියෙන උඳුපියළියයි කැරට් අරව මේවා ඔක්කොම කනවා.... :P
@ ෴ හසියා ෴
ReplyDeleteඔය පේන්නැද්ද පැහැදිලි රුසියාවට වඩා ලොකු එක.........
අරව මේව ඔක්කොම කන්න මං කපුටෙක්යැ....... හොඳ පිරිසිදු උඳුපියළිය කැරට් කංකුං වගේ ගුණ එව්ව විතරයි කන්නේ..............
ඔන්න ඔයා නම් ඉතින් කන්නැති දෙයක් නෑ කිව්ව එදා.........:P
well done abeetha.... give my belated birth day wishes to puthu...
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDeleteඅහ් ඇත්තද...අහුවෙනවකෝ දවසක...හිටු කවන්නම් උඳුපියළිය....
@ ෴ හසියා ෴
ReplyDeleteඑහෙම දවසක් ආවොත් බලමුකෝ..........
හැබැයි හොඳ එව්ව වෙන්න ඕනේ.......
Wish u Very Happy BIRTHDAY dear. May all Ur dreams come true !
ReplyDeleteපුංචි වුනත් හෙට දිනයට රටක් වටිනවා
ReplyDeleteපුංචි අතින් පුංචි සිතින් ලොවක් දිනනවා
පුංචි කතා පුංචි ලොවේ පොතක් ලියනවා
පුංචි වුනත් සුබ පැතුමක් හදින් පතනවා
෴ පුංචි පුතාට සුබ උපන් දිනයක්෴
දිගටම කවි ලියන්න
ReplyDeleteමෙන්න මෙයා සිංහලෙන් ලියලා.. දැන් නියමයිනෙ නංගි
ReplyDelete