Thursday, August 19, 2010


ඔන්න හැමෝගෙම ඉල්ලීම හින්දා මම කවියක් ලියන්න හිතුවා.. ඒ කවියෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේකයි.. මගෙ පුංචි පුතාගෙ පළවෙනි උපන් දිනය යෙදෙන්නෙ හෙට... මේ කවිය ඒ වෙනුවෙන්......

පොඩි සිහින මතු කරන් නිදි වදින මා පුතේ...
නුඹයි මගෙ ලෝකයම එකලු කල මිණිකැටේ...
නුඹේ මව ආදරෙන් තිලිණ කල හොදම දේ...
වේය නුඹ කිරුලු ලා වැජඹියන් මේ ලොවේ...

අහිංසක මිනිසුන්ව පාගලා සැප විදින...
නරුමයින් ගෙන් වෙන්ව දිවි ගෙවාපන් දිනෙක..
නරක දේ නරක යැයි නුඹට හැගෙනා දිනෙක..
එරෙහි වී හඩ දියන් එකග වී සිත් මලට....

නුඹේ ලෝකය පුරා සිල්වතුන් හමුවේවි...
ඒ වගෙම නරුමයින් නුඹ වෙතට පැමිනේවි...
නුඹ ගනින් හරි පැත්ත එවිට නුඹ බැබලේවි..
පසු පසින් ඉදන් අපි නුඹට දිරි වෙර දේවි..

පුංචි අත් පා පුතේ නිතර එහෙ මෙහෙ කරන...
මිනිසුන්ට වැඩ සදන ලෙස හසුරපන් දිනෙක..
අහස අල්ලනු පිණිස නොයොදවා නුඹේ සිත...
ලොවට බර නැති එකෙක් ලෙසට ගෙවපන් දිවිය...

පුංචි මුව විවර කර කිරි සුවද විහිදෙනා........
ඉදන් මව් උකුල තුල හිනැහෙමින් දෙසට මා.........
නුඹ මගේ ලෝකයේ ඉදිරි සිහසුන දරා........
බැබලියන් මගෙ පුතේ ගුණ සුවද විසුරලා....





31 comments:

  1. යථාර්තය කැටි කොට ගත් අපූරු පද ටිකක්......

    ReplyDelete
  2. ෂික් වැඩක් නෑ බං අයියේ උඹේ කවි ටික...මේවනේ කවි කියන්නේ...බෑ බෑ කිය කිය ගොතල තියෙන්නේ ඔය අපුරූවට....ඔහොම යං.....

    අහ් පුංචු පුතුට ඔන්න හසියා අයියාගෙන් ඉස්ඉස්සෙල්ලාම සුභ පැතුම්....තුරුණුවන්ගේම සරණයි පුංචි පුතුටත් තාත්තටත් අම්මටත්‍‍‍‍....
    මතක් කරල ලොකු වුනාම හසියා අයියට කේක් කෑල්ලක් ගෙනත් දෙන්න හොදේ....
    (හසියා අයියා කීවේ මට වයස තාම අවුරුදු 3ක් වත් නැති බැවිනි.)

    ReplyDelete
  3. වෙලාවට හේමලයියා සුභ පතලා නෑ....නැත්නම් කේජු කෑල්ල අහක හිටපු නරියෙක් උදුරගන්නවනේ...... හික්ස්

    ReplyDelete
  4. අය්යා කියන්නෙ චූ.....................ටි අයියා.......... පව් මල්ලියා))))))))))))

    ReplyDelete
  5. ස්තූතියි හේමලයෝ

    ReplyDelete
  6. ඔන්න පුංචි පුතාට අපෙනුත් සුභ පැතුම්!

    කවි ලියන්න බෑ කියල බේගල් ඇදබාපු එකටනං වැඩක් දෙන්නම වෙනවා...

    ReplyDelete
  7. ස්තූතිය් බ්ලොගා...

    කොට්ට ප්‍රහාර ඇර වෙන ඕන මගුලක් :D

    ReplyDelete
  8. හරිම අපූරු පද පෙලක්...
    බෑ බෑ කිය කිය ඉඳල හොඳම හොඳ නිර්මාණයක් එළිදක්වල තියෙන්නෙ...
    දිගටම ලියන්න සහෝ..

    චූටි පුතුට සුබම සුබ උපන් දිනයකට මුළු හිතින්ම සුබ පතනවා!

    ReplyDelete
  9. අප්පටසිරි.. උඹත් හෙන වැඩකරුවෙක් නෙ බලාන ගියාම.. එල කවි පොඩ්ඩ.. මෙන්න වැම්පි මාමාගෙන් උම්ම්මා සමග සුබපැතුම්.. උඹට නෙවයි.. පුතාට!!

    ReplyDelete
  10. පුතාගේ උපන් දිනයට මාත් සුභ පතනව. තුනුරුවනේ අනන්ත බලයෙන් පුතාට යහපතක්ම වේවා....

    බ්ලොග් අවකාසේ
    කවි ලියන්න ආසාවේ
    ආවා වූ මේ අයියාට
    බුද්ධං සරණේ සරණයි

    ReplyDelete
  11. ලස්සනයි....හ්ම්...ඕං මගෙනුත් උණුසුම් සුභ පැතුම්...!!!
    ජයවේවා!!!

    ReplyDelete
  12. වැම්පි මාමා උම්මා දෙන්න ගිහින් පුතාගෙ බෙල්ල හිල් වෙයිද දන්නෙ නෑ..

    හැමෝටම ස්තුතියි මගෙ පොඩ්ඩා වෙනුවෙන්

    ReplyDelete
  13. සුබ පෑතුම් පොඩ්ඩා ට...........

    ලස්සන කවි ටික.........

    ReplyDelete
  14. චූටි පුතාට තුණුරුවන් පිහිට ලැබේවා!!!

    ReplyDelete
  15. පුතාගේ උපන් දිනයට සුභ පැතුම්!

    ReplyDelete
  16. මඩ ගොහොරුවක් වගේ තියෙන මේ ලෝකය ඇතුලේ , නෙළුම් මලක් වගේ දසත සුවඳ විහිදුවන්න ලැබේවා කියලා , පුන්චි පුතාට ආශිර්වාද කරනවා මේ බ්ලොග් අවකාශේ ඉන්න හැමෝම වෙනුවෙන්.

    නියම කවි ටික...(දිගටම කවි ලියන්න සුබ පැතුම් )

    ReplyDelete
  17. ඔන්න ඉතින් පරක්කු වෙලා ආපු හා පැටික්කිත් පුංචි පැටියට සුභම සුභ උපන්දිනයක් වගේම පැහැබර අනාගතයකට සුභ පැතුව කියන්න........!!!!!!

    ReplyDelete
  18. @ හා පැටික්කි (MS)....
    මේ පැත්තෙනම් වැහිබර....ඔය පැත්තේ කොහොමද පැහැබර වුනේ.....? :P

    ReplyDelete
  19. @ ෴ හසියා ෴
    මං යන තැන පැහැබර වෙනව නිකම්ම........ :P

    ReplyDelete
  20. මෙන්න මෙතනත් මුන් දෙන්නා කෙලගන්නවා.... හිකිස්....

    ReplyDelete
  21. පැහැබර කෙසේ වෙතත් තඩි වලවල්නම් හැදෙනවා ඇති...ඇයි තඩි හා පැටික්කියක් පැන පැන යනකොට....

    ReplyDelete
  22. @ අභීත අයියා
    අපි දෙන්න තව කොහේදි හරි කෙලගත්තද හැබෑටම අයියේ???????

    @ ෴ හසියා ෴
    ඔය පැහැදිලි ඉරිසියාව........
    රුසියාවටත් වඩා ලොකුයිලුනේ ඕක......... :p

    ReplyDelete
  23. @ හා පැටික්කි
    හරි එහෙම හරි කියන්නකෝ...කතාව ඇත්තනේ...වට පිටාවේ තියෙන උඳුපියළියයි කැරට් අරව මේවා ඔක්කොම කනවා.... :P

    ReplyDelete
  24. @ ෴ හසියා ෴
    ඔය පේන්නැද්ද පැහැදිලි රුසියාවට වඩා ලොකු එක.........

    අරව මේව ඔක්කොම කන්න මං කපුටෙක්යැ....... හොඳ පිරිසිදු උඳුපියළිය කැරට් කංකුං වගේ ගුණ එව්ව විතරයි කන්නේ..............
    ඔන්න ඔයා නම් ඉතින් කන්නැති දෙයක් නෑ කිව්ව එදා.........:P

    ReplyDelete
  25. well done abeetha.... give my belated birth day wishes to puthu...

    ReplyDelete
  26. @ හා පැටික්කි (MS)
    අහ් ඇත්තද...අහුවෙනවකෝ දවසක...හිටු කවන්නම් උඳුපියළිය....

    ReplyDelete
  27. @ ෴ හසියා ෴
    එහෙම දවසක් ආවොත් බලමුකෝ..........
    හැබැයි හොඳ එව්ව වෙන්න ඕනේ.......

    ReplyDelete
  28. Wish u Very Happy BIRTHDAY dear. May all Ur dreams come true !

    ReplyDelete
  29. පුංචි වුනත් හෙට දිනයට රටක් වටිනවා
    පුංචි අතින් පුංචි සිතින් ලොවක් දිනනවා
    පුංචි කතා පුංචි ලොවේ පොතක් ලියනවා
    පුංචි වුනත් සුබ පැතුමක් හදින් පතනවා

    ෴ පුංචි පුතාට සුබ උපන් දිනයක්෴

    ReplyDelete
  30. දිගටම කවි ලියන්න

    ReplyDelete
  31. මෙන්න මෙයා සිංහලෙන් ලියලා.. දැන් නියමයිනෙ නංගි

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...