ගොඩාක් අය කැමතියිනෙ තමන් නාගරිකයි කියලා පෙන්නන්න.. ගෙදර විදුලි පංකාවක් නැති සමහරු ඔෆිස් එකට ගිහින් ඒසී මැෂින් එක පොඩ්ඩක් වැඩ කලේ නැත්නම් බෙරිහන් දෙනවා... කොහෙද ඉන්නෙ අහපුවම කියන්නෙ ලගම තියෙන නගරයේ නම... බලපුවම ගෙදරට එතන ඉදලා කිලෝමීටර් 40ක් විතර යන්න ඕන... මම මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ....
මම කොහොමත් කතාවට අදාල පසුබිමත් පොඩ්ඩක් කියන නිසා මේ ටිකත් කියලම ඉන්න ඕන... මේ සිද්ධිය වෙද්දි මගේ වයස අවුරුදු 18ක් විතර ඇති. අපේ ගෙදර (කුරුණෑගල.) පිටිපස්සෙ පොඩි වත්තක් තියෙනවා. එකම වත්ත උනාට පොඩි කන්ඩියකින් නැගලා තමයි මේ වත්තට ගොඩ වෙන්න තියෙන්නෙ... අපි පොඩි කාලෙම අම්මලා මේකෙ නානාප්‍රකාර පලතුරු එලවලු වවලා තිබ්බ නිසා අදටත් ගෙදර වත්තෙ අවුරුද්ද පුරාම කුමක් හෝ පළතුරක් ඵල දරන නිසා අපිත් ගෙදර ඇතුලෙ ගත කරන කාලෙට වඩා වත්තෙ පිටියෙ ගෙවුනු කාලය වැඩියි... වෙන කතා යනවනෙ.. හරි මෙන්න කතාව....
දවසක් වත්තට ගිහින් ආපු අපේ අම්මා අර කණ්ඩිය ලගදි ලිස්සලා වැටුනා.. එකේ ප්‍රථිපලය උනේ අම්මාගෙ කකුලෙ අස්ථි දෙකක් හොදටම පුපුරලා ගිය එකයි... ඉංග්‍රීසි බෙහෙත් කරලා නිට්ටාවට සුව නොවුනු තැන හැමෝම වගේ අම්මත් සිංහල බෙහෙත් වලට යොමු වෙන්න තීරණය කලා... මේ සදහා අම්මා තෝරගත්තෙ ගලේවෙල ඉදලා මාතලේට යන පාරෙ කොබ්බෑවැහැර කියලා ගම්මානෙක හිටපු වෙද මහත්තයෙක්.. එතුමාගෙ විශේෂත්වය තමයි එතුමා බෙහෙත් කරන්න පටන් ගන්නෙ මධ්‍යම රාත්‍රී 12ට... මිනිස්සු දවල් 12 විතර ඉදන් පෝලිමේ ඉන්නවා... ගෙදර කොල්ලෙකුට ඉන්නෙ මම විතරක් නිසාත් අම්මගෙ කකුල අමාරු නිසාත් මට තමයි සෙට් උනේ පෝලිමේ ඉන්න වැඩේත්.. මමත් දැන් 1ට විතර ගිහින් බංකුවක ඉද ගත්ත.... අම්මවත් වත්තන් කරගෙන ඇවිත් මගෙ කිට්ටුවෙන් බිම වාඩි කෙරෙව්ව.. එක එක නානාප්‍රකාර කට්ටිය ඉන්නවා පෝලිමේ... මට කලින් හිටියෙ හොද පොශ් විදිහට හිටපු ආන්ටි කෙනෙක්... මම හිතන්නෙ වයස 35ක් විතර වගේ වෙන්න ඇති... 35 කට්ටිය ඒ කාලෙ ආන්ටිනෙ.. දැන් අක්ක උනාට.
කොහොම හරි පැයක් විතර වෙද්දි මේ ආන්ටි මාත් එක්ක කථාවට වැටුනා.. මාත් ඉතින් කැමැත්තෙන්ම ආන්ටිත් එක්ක චැට දාගෙන හිටියා.. එක වෙලාවකදි ගියා මෙහෙම දෙබසක්...
ආ.. පුතා.. වෙද මහත්තයා කීයට විතර එයිද දන්නෙ නෑ නේද?
12ට තමයිනෙ ආන්ටි එනව කියන්නෙ.. සමහර වෙලාවට පරක්කුත් වෙනවලු..
ඒක තමයි.. මොකද පුතා අම්මට..
කකුලෙ ඇටකටු දෙකක් පිපිරලා.. ඉංග්‍රීසි බෙහෙත් කලා.. ඒත් හරි ගියෙ නෑ... ඒකයි මෙහෙ ආවෙ... ආන්ටි කොහෙද?
මම කොළඹ..
ආ... ඇත්තද ආන්ටි.. කොළඹ කොහෙද?
ඇත්තම කියනවනම් මම ඒ කාලෙ කොළඹ පැත්තෙන්ම දැනගෙන හිටියෙ බොරලැස්ගමුව විතරයි... ඒත් අපේ ලොකු පුංචිලා හිටපු නිසා.... දැන් තමයි දන්නෙ බොරලැස්ගමුවත් කොළඹ නෙමෙයි කියලා... අර ප්‍රශ්නෙ ඇහුවෙත් හදිස්සියේවත් බොරලැස්ගමුවෙවත් කිව්වොත් තවත් ටිකක් කථාව ඇදගෙන යන්න තිබුනනෙ... ආන්ටිගෙ උත්තරය උනේ මේකයි..
කොළඹ කිව්වට පුතා මම ඊට ටිකක් මෙහා... මම යක්කල.. (ඔව් ඔව් පූසන්ගෙ ගෙවල් පැත්තෙ තමයි)පුතාලා කොහෙද?
ඔන්න ඉතින් මට හිනා යන්න පටන් ගත්තා... ඒ කාලෙත් මට කොළඹයි යක්කලයි අතරෙ තිබ්බ දුර ගැන අවබෝධයක් තිබ්බා... අර අහිංසක පුතා චරිතය මොහොතකට නැවතිලා කොලුකම ඉස්සරහ ආවා.... මම ආන්ටිට දුන්න උත්තරේ මෙහෙම එකක්..
ආ.. ආන්ටි අපිද? අපිත් කොළඹ...
ආ..... ඇත්තද පුතා... කොළඹ කොහෙද?
කොළඹ කිව්වට ඊට ටිකක් මෙහා ආන්ටි.. අපි කුරුණෑගල..
සුදු පාටට හිටපු ආන්ටි රතු පාට වෙන්න ගියේ විනාඩියකටත් අඩු කාලයක්... තවත් විනාඩි දෙකක් යන්න කලින් ආන්ටි එතනින් ගිහින් එයාලගෙ වාහනේ ආපු පිරිමි කෙනෙක් මම ලගින් වාඩි උනා... අම්මාත් මගෙ දිහා කන්න වගේ බලාගෙන හිටියට හැංගිච්ච හිනාවකුත් මූනෙ තිබ්බ වගේ මතකයි... කොහොමත් ආපහු එනකම්ම අම්මගෙන් නොසෑහෙන්න බැනුම් නම් ඇහුවා මතකයි...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අපුතා තමයි පුතා......
ReplyDeleteමරු කතාව අයියා.....
කුරුණැගල කිව්වට එතන ඉදන් කිලෝ මීටර් 40 විතරත් මෙහාද..
ReplyDeleteආ අයියා අපිත් කොළඹ....
ReplyDeleteකොළඹ කිව්වට ඊට පොඩ්ඩක් විතර මෙහා... කටුබැද්දෙ...
නියම කතාවක් සහෝ...
නෑ නෑ.. කුරුණෑගල ඉදලා කිලෝමීටර් 8යි...
ReplyDeleteSee now you are improving. This is much better than that lame "dry sprats" story. :-)
ReplyDeleteඕක හැමෝම වාගෙ කියන කතාවක්...පට්ට කතාව.......:)))
ReplyDeleteඔක හොඳටම පාවිච්චි කරන්නේ නුවර කට්ටිය.
ReplyDeleteපස්සේ අහලා බැළුවම මහියංගනේ මායිමෙ..
අපේ කොල්ලෝ ඒ දවස්වල නුවර කිවුව ගමන් අනිත් උන්ව මඩවන්නේ මහියංගනෙත් ඇදගෙන තමයි.
සහතික ඇත්ත...
ReplyDelete@මාරයාගේ හෝරාව...
අපේ එකෙකුත් හිටියා ඔහොම. ගෙවල් කොහේද බං කියලා අහුවම උ කියන්නේ කැන්ඩි කියලා. ඒ කිව්වට නුවරට ගිහින් තව බස් දෙකක ගිහින්, රෑ වුනොත් ත්‍රීවීල් එකකත් ගිහින්, ඇලකින් පැනල පයිනුත් යන්න තියෙනවා තව මීටර් දෙසීයක් විතර. හරියටම බැළුවොත් නුවර නෙමෙයි. උතුරු මැද පළාතේ මෙහා මායිමේ පොර ඉන්නේ. හක් එක්... හොඳම වැඩේ ඔය වෙලාවට ගෙදර ෆෝන් නම්බරේ අහපන්. ෆික්ස්ඩ් ෆෝන් නම් බඩු මාට්ටු... ;)
හිහිහිහි පට්ට පට්ට්....හැබැයි සමහරු තමන්ට තියෙන ළගම ප්‍රධාන නගරය කියනවා ඔය වෙලාවෙදී.ඒහෙම කියන්නේ ඇත්තට ඉන්න තැන කිව්වාම අනිත් එකා නොදන්න නිසා....
ReplyDeleteමරැ වැඩේ...හුගක් අය ඔහොම තමයි
ReplyDeleteඔය කොබ්බෑවැහැර වෙද මහත්තයගෙ ගෙදර හෙන ජංජාලයක් ගිහිල්ල තියනවලු නේද. මං දන්න හැටියට එයාගෙ දුව පුතාට පිහියෙන් ඇනල, ඒකට වෙදා හිරේ ගිහිල්ල...
ReplyDeleteදන්නෙ නෑ මචන්.. මොකද මේ සීන් එක උනේ අවුරුදු 12 කට විතර කලින්... එතනින් එහාට ආරංචියක් නෑ.... මොනවා උනත් හොද මනුස්සයා....
ReplyDeleteඅබීතත් කුරුනෑගල කිව්වාට .....................:):):)
ReplyDeleteමමත් කොළඹ කිට්ටුව තමයි.. කොහෙද කියල අහන්න එපා..
ReplyDeleteඑල කතාව සහෝ නියමයි..හේ ....
ReplyDeleteමම නම් බොරලැස්ගමුවේ :D
ReplyDelete@ හසී....
ReplyDeleteමට මේ කතාව කියවනකොටම මතක් වුනේ ඔබතුමී තමයි....
මෙහෙම නේ අයියා...( මට දැන් දැන් හැගෙන දැනෙන පරිදි මල්ලි මයෙ හිතේ)..කෙලින්ම කොහෙද කීවට දන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔන්න කෙලින්ම කීවොත් මම නම් තිබ්බටුවාවේ.දැන් දන්නවයි තිබ්බටුවාව කොහෙද කියල...
ReplyDelete( පුංචි නෝක්කඩුවක් තිබ්බ මට මේ බ්ලොග් එක මග ඇරෙනව කියල. ඇත්තටම ඇවිත් බැලින්නම් ගොඩක් පෝස්ටි මග ඇරිල...)
වත්ට : තැන නොදැනගත්තත් භාෂාවෙන් තේරෙන්නෙ මාතර පැත්තෙ කියලා... :D :D
ReplyDeleteඅනිත් එක මම කියන්නෙ ලගම තියෙන නගරය කියන එක වැරදියි කියන එක නෙමේ ලමයි.... යක්කල එකා කොළඹ කියන එක වැරදියි කියලයි...
හික්ස්...මගෙ අම්මියෝ! හිනා ගිහින් මැරෙනවා මචෝ!!.පූසොත් ඉතිං යක්කලම නෙවෙයි.ඊට කිලෝමීටර් ගානක් එහා.
ReplyDeleteඇයි අපේ කැම්පස් එකෙක් ඉන්නවා, පොර කියන්නෙ ඉන්නෙ තංගල්ලෙ කියලා.බැලින්නං තංගල්ලෙ ඉදලා ඉටිපන්දම් 15 - 20 ක දුරලු
@ පුරුපුරු
ReplyDeleteපුස් අයියේ....ඇත්තටම "ඉටිපන්දම් 15 - 20 ක දුර" කියන්නේ කොච්චර විතර දුරක්ද? ඉටි පන්දමකින් යා හැකි දුර කොපමණද? (දැන් කඩේ තියෙන් හිමිච්චන් ඒවායින් මීටර් දහයක් යන්න බෑ කියලා නම් දන්නවා...)
1993 වගේ කාලෙ තිබ්බ ඉටිපන්දම් තුනක් කිලෝමීටර් 4යි... මේ ගැන මම කිව්වෙ http://tikakhinawenna.blogspot.com/2010/06/14.html කතාවෙ..
ReplyDeleteදැන් ඉට්පන්දම්වල තත්ත්වෙ කොහොමද දන්නෙ නෑ.....
@ හසියා - හික් හික්!! මමත් කිව්වෙ අභීත කියපු ජාතියෙ ඉටි පන්දම් ගැන
ReplyDeleteමාත් නුවර තමයි... අර මාරයා කිව්වා වගෙ නුවර මහියංගනෙ...
ReplyDeleteහිකිස්!!
ReplyDeleteබලං ගියාම ඔක්කොමලා කරන වැඩක් නේද? අයෑම් ශ්‍රී ලංකා(ඇඩ් එකේ පරිදි) කිව්ව නම් හරි..
හා හා කොළඹට එක බසයෙන් අම්පාර නගරයෙන් කිව්වා වගේ තමා.
ReplyDeleteහිකිස් ...............
ReplyDeleteඅපේ එකෙක් ඉන්නවා උ මාතර හැබැයි ගෙවල් තියෙන්නේ මුරුතවෙල :D
වැඩි දුරක්‌නැ ඒ කියන්නෙ :P.
ReplyDeleteමේ අත ලග..... පොඩි දුරයි.... :D :D :D :D
ReplyDeleteහික් හික් මේක ඉතින් කොමන් සීන් එක....
ReplyDeleteඅපේ සංකයත් ගාල්ලෙනේ.... කොහොම හරි ගාල්ලේ ඉදන් බස් එකේ ගියොත් බස් 2 ක ගිහින් පැය 2ක දුර... හැබයි හැන්දෑවෙ 6 පහු උනොත් පැය 15 ක් විතර දුර හික් හික්
Colombo vs Greater Colombo!
ReplyDeleteකොළඹ නැගෙනහිර සීමාව අවිස්සාවේල්ල කිට්ටුව නේද?
මේකෙ අනිත් පැත්ත තමයි - අපි හිතමු කොහේද කියලා ඇහුවාම මං පරක්න්දෙනියේ කියල කිව්ව කියලා.
ඊලඟට එන ප්‍රශ්ණ වැල හිතාන්න පුළුවන් නේද?
හොඳ කතා දෙක තුනක් මතක් වුනා! තෑන්ක්ස්.
කොලඹ නෙමේ කෝලම...
ReplyDeleteහික්ස්. නියම කතාව.