Thursday, March 17, 2011

හීනයක් මේ විදිහට සැබෑවෙන එකම එකා මමද දන්නේ නෑ.....



මතකද දවස? 2011 ජනවාරි 08. මම මගෙ බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් එක දැම්මා.... හීනය... සැබෑවෙයි කියලා බලාපොරොත්තුවකුත් නොතිබුනාම නෙවෙයි.... ඒත් මෙන්න ඒක හැබෑ වෙන්න යනවා... විවිධාකාරයේ අමුතු අමුතු දේවල් ගොඩාක් එක්ක ඒ හා බැදිච්ච පින්බර අරමුණකුත් එකතු කරගෙන මේ ගමන ඉදිරියට ඇදෙන හැටි දැක්කම මට මගේ සතුට වාවන්න අමාරුයි.... සයිබරයේ සිහින උළෙල ගැන දැන ගන්න මෙතනින් යන්න....


ඉතින් මගේ හීනය නිසාම මම මේකට ඇතුලත් වෙන්න අවශ්‍ය ෆෝම් එකත් මෙතන දාන්නම්... ඔයාලත් එන්න බලාපොරොත්තු වෙනවානම් මේක පුරවලා සබ්මිට් කරන්න... ගේට්ටුවෙන් ඇතුල් වෙන්න අවශ්‍ය නිසි අවසරය එතනින් ලැබේවි... සබ්මිට් කරලා විතරක් මදි හැබැයි.. ස්තිර කිරීමේ පණිවිඩයත් හැකි ඉක්මනට යවන්න ඕන... එතකොට තමයි ඔබව සයිබර් උත්සවයට එන පුද්ගලයෙක් කියලා නිල වශයෙන් සටහන් වෙන්නේ.... ඒ වගේමයි.. ඔබ කැඳවාගෙන එන පුද්ගලයා පිළිබඳ වගකීමත් ඔබ විසින් දැරිය යුතුයි ඔන්න.... හරි මෙන්න ෆෝම් එක.. ඉස්සෙල්ලා රෙජිස්තර වෙලා ඉන්න...






ඊලඟට බැනර් නේ.... ජේඩී මල්ලියා මරු බැනර් එකක් ඩිසයින් කරලා තිබ්බා.... ප්‍රමානයන් දෙකකට ඔයාලට ගැලපෙන එක බ්ලොග් වලට දාගන්න පුළුවන්... මෙන්න එහෙනම් ඒකත් දැම්මා... 


කුඩා ප්‍රමාණයේ බැනරය...


http://cyberfestival.blogspot.com/" target="_blank">http://lankeeya.lk/jd/cyber.jpg" width="200" height="249" border="0">


මධ්‍යම ප්‍රමාණයේ බැනරය....


http://cyberfestival.blogspot.com/" target="_blank">http://lankeeya.lk/jd/cyber250.jpg" width="250" height="311" border="0">


දවසේ වැඩසටහන ගැන දන්නවනේ ඉතින්..... උදේ 9.30ට ආරම්භ කරලා හවස් වෙනකන් ඉන්නයි බලාපොරොත්තුව... හවස දෙකට පටන් ගන්නවා ඩීජේ එක... ඔන්න ඊට පස්සෙ නටන එකයි තියෙන්නේ දිවවල් ටයි වගේ දාගෙන... බිරින්දෑවරු, ස්වමි පුරුෂයෝ, දරුවෝ වගේම වෙන්ඩ ස්වාමි පුරුෂයොයි, වෙන්ඩ බිරින්දෑවරුයිත් එක්ක ගෙන ආවට කමක් නෑ... වෙන්න දරුවෝ නේද? හරි ඉතින් ඉන්නවානම් එයාලවත් එක්ක එන්න......  



ඒ වගේම හීනය සැබෑ කරගන්න උදව් දෙන හැමෝටමත් ස්තූතියි ඔන්න... අපේ ඔක්කොගෙම වැඩක් වෙලා තියෙන හීනෙට අයිතිකාරයෝ නෑ...ඒ නිසා හැමෝම එදාට එන්න.... මම දන්නවා... අපි අපි මුණ ගැහෙන්න මීට වඩා අවස්ථාවක් නැති වේවි....


මෙන්න තවත් කාරණයක්.. ඉහත දක්වපු ෆෝම් එක අපි අන්තර්ජාලය හා මුසු කලේ ඊයෙ උදේ වරුවේ.... මේ වෙනකොට 60 දෙනෙකුට වඩා පිරිසක් ඒ හා එක් වෙලා ඉන්නවා... පිරිමි ළමයින්ට සුභ ආරංචියක්ද මංදා... වැඩිපුර එනවා වගේ පේන්නෙ නම් ගෑණු ළමයි වගේ......  හරි අපි එහෙනම් අප්‍රේල් 03 වෙනිදට මුණ ගැහෙමු... ජය වේවා... (ඔක්කොම මේක කියවලා ගිහින් චන්දෙ දාන්න :D )





ප.ලි. අද අපේ සුපිරි බ්ලොග් කරුවෙක්ගේ හා බ්ලොග් කාරිණියක්ගේ උපන් දිනේලු.... බ්ලොග්කරු තමයි අපි කවුරුත් දන්න දිලුම්... ඒ කියන්නේ ඉලංදාරියා... සුභ උපන් දිනයක් වේවා මලේ.... උඹේ උපන් දින තෑග්ග අපි මේ අවුරුද්දෙ දිනයක දෙන්න හිතන් ඉන්නේ.....


බ්ලොග් කාරිණිය සිහින දකින්නියකගේ අඩවිය ලියන ස්වප්නා.... නම කියනවට කැමති වෙයිද දන්නේ නෑනේ.... සුභ උපන් දිනයක් වේවා නංගි...... ඔයාගේ උපන් දින තෑග්ගත් මේ අවුරුද්දේ ලැබේවි ඔන්න...

14 comments:

  1. නියම ලිපිය අයියා. එන්න තවත් ආසා හිතුණා. ඉලන්දාරියාටත් ස්වප්නාටත් සුභම සුභ උපන් දිනයක් වේවා!

    (පොඩි ප්‍රශ්නයක් ..... අපිට වෙන්න ස්වාමි පුරුෂයොත් නෑ නෙ. එතකොට මොකද කරන්නේ? )

    ReplyDelete
  2. 'හීනයට අයිතිකාරයො නැහැ' ලස්සන යෙදුම.
    සයිබරි සහින බක් මහ උලෙලට ශුභ පැතුමි.

    මා මීට කලියෙනුත් ලිවිව වගේ නැවතත් මතක් කරනව

    විනෝදයට ගැඹුරකුත් දෙන්න.

    පොඩි පහේ පින් අතේ වැඩකුත් කරන්න.

    ReplyDelete
  3. ස්තුතියි සුබ පැතුම් වලටත්, තෑග්ගටත් දෙකටම :)

    ReplyDelete
  4. අබිලියෝ දැන්වත් නිදා ගනිද්දි ඇස් වලට අර පිපිඤ්ඤා පෙති දෙකක් වත් තියන් නිදියපන්....උඹ එක එක හීන දැක දැක ඒවා හැබෑ කොරගන්න අඬනකොට අපිටත් ඇ‍‍ඬෙනවනේ....

    වැඩේ එලකරි අයියා අපි මොනා කීවත්...ආ....

    හැමදේම හිතනවටත් වඩා ගොඩක් සාර්ථක වෙනවා...ඒ ගැන බයවෙන්න දෙයක් නෑ....

    අහ් අපේ මේ උපන්දින කාරයටයි කාරි‍ටයි සුභම සුභ උපන්දිනක් වේවා...!!!

    ReplyDelete
  5. සුබ පෑතුම්වලට හෑමොටම ස්තුතියි වෙවා!!!!!!


    ජයවෙවා!!!!

    සිහිනය සිහිනයක් නොවෙ...

    ReplyDelete
  6. අභීත අයියේ මට එක්කන් එන්න එකෙක් නෑ බං. ඔව කාව හරි නංගි බබෙක්ව සෙට් කරපංකෝ බං මටත්. අපිත් ආසා නැද්ද කපල් ඩාන්ස් එකක් දාන්න?

    ReplyDelete
  7. අපි එනවෝ.....උපදින්න ඉන්න දරුවෝ දැන්ම උපද්දව ගන්න ඕනා එක්කන් එන්නා...
    නියම වැඩක් අභී අයියා....
    සංවිධායක කමිටුවටම තුති.....

    ReplyDelete
  8. ස්තූතියි අභීත ඇතුළු සංවිධායක කමි‍ටුවටම. අතක් පයක් නොකැඩී බෝවෙන ලෙඩක් නොහැදී, වෙන දහදුරා මරාළයක් ඔළුවට කඩන් නොවැටී බේරිලා උන්නොත් මායි චූටිමැණිකෙයි පොඩි එකායි එනවා අනිවා !

    ReplyDelete
  9. දැනටමත් මේක හීනයකට වඩා හැබෑවත් වෙලා නේද. ඉටුවන දවස එන්න විතරයි නේද තියෙන්නේ.
    කට්ටියම ගිහින් ඉක්මනට ෆෝර්ම් එක පුරවන්න

    ReplyDelete
  10. "පිරිමි ළමයින්ට සුභ ආරංචියක්ද මංදා... වැඩිපුර එනවා වගේ පේන්නෙ නම් ගෑණු ළමයි වගේ......"

    අනේ බොල තොගෙ මාකටිං . . . .

    ReplyDelete
  11. දුක සේ කියමි එන්නට බැරිවා බාගෙයි .. බලමු තව දවස් කීපයක් තියනවනේ . හැකි උපරීම උත්සහය දෙන්නම්.මාර ආසයි එන්න..

    ReplyDelete
  12. පොලිතින් භාවිතය අවම කරනවා නේද..? පොලිස්ටයිරින් කෑම පෙට්ටි, අනෙකුත් ප්ලාස්ටික් කලමනා භාවිතයෙන් වැළකෙන්න කියලා ඉල්ලීමක් කරනවා..

    ReplyDelete
  13. ආල් අයියා... ඔය හිනේ බලපු වෙලාව මට කියන්නකෝ.. ඒ වෙලාවට මාත් හීනයක් බලලා හැබැ කර ගන්න...

    සයිබරේ අපිට ජය වේවා....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...