Tuesday, September 13, 2011

ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර.... අයියෝ..... සල්ලි..... සුනිල් අයියා හින්දා රටේ නැති කරදර.......

ඉස්සෙල්ලම කියන්න ඕන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්න පටන් ගත්තා කලින් පෝස්ට් එකේ ඉදලා.. ඔන්න ඔක්කොටම උත්තර දීලා තියෙනවා... දැන් දිගටම කරන්න හිතාගෙන ඉන්නේ... මෙච්චර කල් මම මගේ බ්ලොග් එකෙන් එක එක වැඩ කරා නොවැ... හිනා කථා, ගීත විචාර, යාළුවන්ට මඩ වගේ ලොකු ලොකු කථා ගොඩාක් දාලා ගිය සතියේ පොඩි සමීක්ෂණේකුත් කරලානේ නැවැත්තුවේ.... අද ජීවිතේට නොකරපු වැඩක් තමයි කරන්න යන්නේ.. ගෙදර යන්න බැරිවෙයිද දන්නේ නෑ... ඔටෝ පබ්ලිශ් දාලා තියෙන නිසා  අද තමයි මේක පබ්ලිශ් වෙන්නේ... අද මම ඉන්නේ යාල නිසා අනිද්දා වෙනකන් තියෙනවා තරහා ගියොත් නිවෙන්න.... (දන්නවනේ ඕනේ චන්ඩියෙක් ගෑණිට බයයිනේ..... : D) රංජුලා... බ්ලොග් අවකාශයේ ගොඩාක් දෙනෙක් අදුරනවා... එක්සෙල් වර්ල්ඩ් එකේදිත්, ගල්කිස්සේ බීච් එකෙදිත්, කිතුල්ගල ට්‍රිප් එකේදිත්, දුමියාගේ ගෙදර තිබ්බ පැදුරු පාටියේදිත්, බ්ලොග් කරුවන් හා හමු වුනා... ඒ නිසා සමීප බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ගේ හොඳ යාළුවෙක්... රන්දිල්ගේ බ්‍රැකට් එකක්.... :D. හරි කථාවට යමුකෝ එහෙනම්....


අපි දෙන්නා හමු වුනේ මම කලින්ම වැඩ කරපු අමාත්‍යාංශෙදි.. මම එතනින් අයින් වෙලා තවත් රජයේ දෙපාර්තමේන්තුවකත් වැඩ කරලා රස්සාවෙනුත් අයින් උනත් රංජු තවම එතන රැකියාව කරනවා.... ඉතින් මේ අමාත්‍යාංශයේ සුභ සාධක සංගමයක් තියෙනවා.... පටන් ගත්තෙත් අපි ඉන්න කාලෙම තමයි.. මූලිකයා උනේ මම නායකත්ව ගතිගුන ප්‍රායෝගිකව ඉගෙන ගත්ත ඊ. ජිනදාස මහත්තයා... ඔව් එයා තමයි, අර ආගමන විගමන පාලක වෙලත් ඉඳලා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙලාත් ඉඳලා, ධීවර අමාත්‍යාංශයේ ලේඛම් වෙලාත් ඉඳපු පරිපාලන සේවයේ සොඳුරු මිනිසෙක්... ආයෙත් පිට ගියානේ කථාව... ඉතින් මේ සුභ සාධක සංගමේ මේ අවුරුද්ද සඳහා වූ නිලධාරි මණ්ඩලයට මැයත් පත්වෙලා... කරුමේ තමයි.. අයියෝ.... සල්ලි... :D



ක්‍රියාකාරීව ඉන්නේ කාන්තාවන්ම හතර දෙනෙක්.... ඔන්න ඉතින් අපේ එක්කෙනත් ඒකට අයිතියි... පළවෙනි වැඩේ විදිහට මුදල් සෙවීමේ වැඩසටහනක් තමයි කරන්න හදන්නේ... මොකක්ද කරන්නේ කියලා තීරණය කරපු දවසේ රාත්‍රියේදී අපි දෙන්නා අතර ගියේ දෙබස තමයි මේ...


අප්පච්චි, මේ පාර වෙල්ෆෙයා එකෙන් අපි මියුසිකල් ශෝ එකක් කරන්න යන්නේ....


අප්පට සිරි.. ඔයාල සිංදු කියනවද? බඩුම තමයි....


අයියෝ නෑ අනේ... සුනිල් එදිරිසිංහගේ "සඳකඩ පහන" ගෙන්නනවා....


ආ ඒක හොඳ ශෝ එක....


හොඳ ශෝ එක නෙවෙයි.. අපිට ඇඩ්වටීස්මන්ට් ටිකක් හොයලා දෙන්න... නැත්නම් කොහොමද අපි ෆන්ඩ් එක වැඩි කරන්නේ....


මේ පිස්සුනම් කෙලින්න එපා... මට මේ දේවන්ස් බෑෂ් එකට ලක්සෙක ඇඩ් හොයන්න වෙලා.. ඒ ටික ඔයාට දීලා කොහොමද?


අනේ මේ.. ඔයාගේ දේවන්ස් බෑෂ් වගේ නෙවෙයි අපේ "සඳකඩ පහන".. 


අමාරුවෙන් ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා (ඒ කියන්නේ පුළුවන්තරම් නිහඬව ඉඳලා :D) යන්තම් ඇඩ් වැඩෙන් ගැලවුනා...



ඔන්න දැන් සඳකඩ පහනේ වැඩ ටික කෙරීගෙන යනවා...  ඒ අතරේ දවසක් මහ රෑ නින්දෙන් බිරිඳ නැගිටිනවා.. පහත තියෙන්නේ දෙබස..


ආයි ආයි.. අප්පච්චි... කෙණ්ඩ පෙරලෙනවා...


මොකෝ මොකෝ.... කොතනද? කොහෙද රිදෙන්නේ....


දනහිසට පහලින්.... අනේ රිදෙනවා අප්පච්චි....


හරි ඉන්න ඉන්න.. ඔයා නිදා ගන්න.....


දැන් ඔන්න මම පොඩි මසාජ් එකක් දීලා සැලෝන්පාස් ප්ලාස්ටරේකුත් අලවලා බැන්ඩේජ් එකකින් ඔත ඔත ඉන්නකොට ආයෙත් කතා කරනවා මෙන්න...


මේ....


ඇයි.. තවම රිදෙනවද?


අපි එක්දාස් පන්සීයේ ටිකට් විතරක් ගහමුද?


ඈ?


ඈ නෙවෙයි... පොඩි ටිකට් ගහනවාට වඩා ඒවා ලාභ වෙයි නේද නිලූ.. මැඩමුත් එහෙම කතාවක් කීවා...


මට තේරුනා ට්‍රැක් පැනලා හීනෙන් තමයි මේ දෙන්නෙ කියලා....


හරි හරි.. ඔක්කොම එක්දාස් පන්සීයෙන් ගහමු.... ඉතින් කොහොමද අපි මේවා විකුනන්නේ...


සරසවි එකටයි තව තැන් දෙක තුනකටයි දෙමු....


කොහොම හරි මුළු කාරක සභා රැස්වීමම තියන්න පුළුවන් උනා නින්දෙන්ම... මට හිනාව නවත්ත ගන්න බැරි උන නිසා ඒ සද්දෙට ඇහැරිලා මගෙන් අහනවා 


මොකද මේ හිනාවෙන්නේ අප්පච්චි....?


නෑ.. නෑ... අපි එක්දාස් පන්සීයේ ටිකට් ගහලා සරසවියට දාලා විකුනමු....


එතකොට තේරුනා මොකක් හරි අවුලක් කියලා... පහුවදා උදේ අම්මත් එක්ක කියලා තිබ්බ මෙහෙම...


අයියෝ.... මේ සඳකඩ පහනක් හින්දා මම ඊයේ රෑ හීනෙන් කියවලාද කොහෙද ටිකට් ප්‍රින්ට් කරන කථාවක්....



පහුගිය සෙනසුරාදා හවස එක පාරටම රංජු මම උඩයන ප්‍රශ්ණයක් ඇහුවා... ඒ දෙබසත් දාන්නම්කෝ දෙබසක් විදිහට...


මේ අද රෑ 8ට විතර ගෙදර ඉන්නවද අප්පච්චි ඔයා...?


ඔව්..... ඇයි?


BMICH එකට ගිහින් එමුද පොඩ්ඩක්....


හා යමු අම්මා.. මොකද්ද සීන් එක....


අද වික්ටර්ගේ "ස" තියෙනවනේ.... ඒකට පොඩ්ඩක් ගිහින් එමුද?


ඈ.. රෑ 8ට මෙහෙන් ගිහින් හරියනවද "ස" බලන්න.. 6.30ට විතර පටන් ගන්නේ....


අයියෝ "ස" බලන්න නෙමෙයි අනේ....


ඈ...? එහෙනම්..... ?


අපි handouts වගයක් ගැහුවා සඳකඩ පහණේ.... ගිහින් "ස" බලලා යන කට්ටියට බෙදන්න ඕන....


අප්පට සිරි.. මේ තියෙන්නේ.. රංජුගේ තව යාළුවෝ දෙන්නෙකුයි, එයාලගේ හබියෝ දෙන්නයි, මමයි ඔය බෙදන්නේ handouts ටියුෂන් ගෝලයෝ වගේ.... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බෑ... මොනවා උනත් පවුල බේර ගන්නත් ඕනනේ.....



අන්තිම සිද්ධිය... ගිය සතියේ එනවා මට මගේ පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක් කාලෙකින්......


අඩේ අභියා..


ඔව් මචන්.... කාලෙකින් මොකද මතක් වුනේ....


උඹේ ගෑණි කොළඹ නගර සභාවෙද වැඩ කරන්නේ....


හික් හික්.. ඒ මොකද බන්.....


අන්න සාරිය ඉනේ ගහගෙන තව ගෑණු තුන් දෙනෙක් එක්ක කොල්ලුපිටිය හන්දියේ බැනර් වගයක් එල්ලනවා....


හප්පට සිරි.... ගත්තා එසැනින් කෝල් එකක්...


මේ කොහෙද ඉන්නේ....? ( පසුබිමින් ගාලගෝට්ටි, රථ වාහන ශබ්ධ ආදිය.... )


අපි මේ කොල්ලුපිටිය හන්දියේ....


ආ.. මොකද කරන්නේ....?


මමයි, ශ්‍රියානි අක්කයි, තරංගනියි, නිලුයි සදකඩ පහනේ බැනර් එල්ලනවා....


කිරි අප්පට බල්ලො පැනපි.... කවදා කාපු ටකරන්ද? මට හිනාව නවත්ත ගන්න සෑහෙන්න වෙලා ගියා...


මෙහෙමත් සිද්ධි වෙලා බ්ලොග් එකෙත් නොදා හිටියොත් මොන අපරාදයක්ද මගේ ප්‍රේක්ෂ්කයෝ වෙනුවෙන්.... ඔන්න කාලෙකට පස්සේ හිනාවෙන්න... මට අඩන්න වෙයිද දන්නේ නෑ....


අහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.... ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය වන "සදකඩ පහණ" 2011 සැප්තැම්බර් 18 දින පස්වරු 06.30ට බිශොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා... රුපියල් 1500.00 ටිකට්, රුපියල් 1000.00 ටිකට්, රුපියල් 500.00 ටිකට්, රුපියල් 300.00 ටිකට්, තමයි තියෙන්නේ.. මේ ටිකට් ගන්න පුළුවන් මහරගම, දෙහිවල හා නුගේගොඩ තියෙන සරසවි පොත්හලේ ශාඛා වලින්, සලාකා එකෙන්, බොරැල්ලේ සදීපා පොත්හලෙන් වගේම එදින දොරටුවෙන්... 



මම නම් කියන්නේ 1500 ටිකට් එකක් අරගෙන "මේ තරම් සියුමැලිද කළුගල්" ගීතය විතරක් සජීවීව ඇහුවත් පාඩු නෑ.. සුනිල් එදිරිසිංහයන්ගේ මම ආස ගීත අතර "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" සිංදුවටත් සහ "දෙවෙනි බුදුන් ලෙස" සිංදුවටත් හිමි වෙන්නේ විශේෂ තැනක්...


ප.ලි. රංජු, මේ මොනවා කිව්වත් මේ වැඩේට කරන කැපවීම දැක්කම මට උඹ ගැන ආඩම්බරයි මචන්....


ප.ප.ලි. කමෙන්ට් දදා අහන්න දෙයක් නෑ... තියෙන බය හින්දා තමයි යටින් ඇඩ් එකක් දැම්මේ ඒක පිටින් දාලා හරි ශේප් කර ගන්න....  

44 comments:

  1. හීනෙන් කියවපු එක නම් ආතල් එකට තියෙන්න ඇති........ හික් හික්!

    ReplyDelete
  2. ඔහොම හීනෙන් කියවන කේස් එකක් හින්ද මමත් කෑවනේ හෙනම කුණක්... ඒ අතින් අයියට වුන එක හොදයි...

    මොනව වුනත් ඇඩ් එක දාපු හින්ද බේරෙන්න පුළුවන් වෙයි.. :)

    ReplyDelete
  3. ආඩම්බර වෙන්න ඕනෙ ඔය තරම් දෙයක් කරන්න පුලුවන් බිරිඳක් ලඟ ඉන්න එකට

    ReplyDelete
  4. මට අර බැනර් කතාව දැක්ක ගමන් මෙන්න මේක මතක් උනේ..
    http://onezerozerowords.blogspot.com/2011/07/blog-post_28.html
    ඒ අතින් නම්..හොදයි.. :D :D

    මගේ ලොකුම කැමැත්ත අබී මහත්තයාට දවස් 3-4 ක් වත් බත් කාඩ් කැන්සල් වෙනවා නම් :P :P

    ReplyDelete
  5. මමත් දැක්කා කවුද කාණ්ඩයක් ස ඉවර වෙලා එද්දි හෑන්ඩ් අවුට් වගයක් බෙදනවා..පරක්කු වුන නිසා මම එතනින් දුවල වගේ ආවා.. අභියා කියල දන්නවනම්.. කොහොම හරි හෑන්ඩ් අවුට් එකක් ගන්නවා.. චික්.. සඳකඩ පහන බලන්නවත් ට්‍රයි එකක් දෙන්නම් !

    ReplyDelete
  6. බනින එකක් නෑ. ඔයා මේ සෑහෙන ප්‍රචාරයක් දීලා තියෙන්නෙ.

    ReplyDelete
  7. කෝකටත් ගෙදර යද්දී හෙල්මට් එකක් දාගෙන යන්න....:D

    ReplyDelete
  8. බොරු බයිලා ටිකක් ගහලා ගහලා අන්තිමට මාකටින් පාරක් දුන්නා නේද... හිකි හිකි...

    ReplyDelete
  9. අප්පට සිරි.. ඔයාල සිංදු කියනවද? බඩුම තමයි....


    අයියෝ නෑ අනේ... සුනිල් එදිරිසිංහගේ "සඳකඩ පහන" ගෙන්නනවා....

    සෑහෙන්න අමාරු වෙන්න ඇති නේද සඳකඩ පහන ගෙන්නන්න. ඇයි අප්පා කොච්චර බරක්ද. කළුගලින්නෙ හදල තියෙන්නෙත්. ඕවටත් රූට් පර්මිට් ගන්නවද අයියා.

    ReplyDelete
  10. මෙතන කොහෙද මල්ලි මඩක් තියෙන්නෙ... උඹ හිත යටින් ඒකිට දක්වන ආදරය එ්කි ගැන කැකෑරෙන ආඩම්බරය නම් අපට පේනවා..

    යාල ඉඳලා ගුටි බලාපොරොත්තුවෙන් ගෙදර යන උඹට හම්බෙන්නෙ නම් වෙන මොනාහරි.. බලාපන්කෝ... මං කිවූ දෙයක් වැරදිලා නැ.. ;)

    ReplyDelete
  11. ආදරණීය පවුලක් සහා හොද ප්‍රචාරයක් .ජයවේවා!!

    ReplyDelete
  12. ....කොච්චරවත් හස්බන්ලා දැකලා තියෙනවා. ඒත් මේ වගේ wife ට හෙල්ප් කරලා පස්සෙ ජනප්‍රියත්වයත් ලබා දෙන husbamd ලා දැක්කාමයි..

    ReplyDelete
  13. ලිපියේ අන්තිමට එනකන් මම කල්පනා කලේ අභියව බලන්න හොස්පිටල් එනකොට ගේන්නේ මිදිද , නෙස්ටමෝල්ට් ද කියල , අර මාකටින් ඡේදය දැක්කට පස්සෙ තමයි වැඩේ අතැරල දැම්මේ

    ReplyDelete
  14. නියම මාකටිං ඈ අයියා....... හික්ස්......

    ReplyDelete
  15. හස්බන්ඩ් කෙසේ වෙතත්, වයිෆ් නම් මරේ මරු....:D

    ReplyDelete
  16. අන්න ගෑණු...ඈ..බං අයියෙ දැන් කොහෙද මේකෙ මඩ තියෙන්නෙ.මට පේන්නෙ නෑ නෙ...o_O

    නොමිලේම ප්‍රචාරයකුත් දීලා තියෙන්නෙ....හික්ස්

    ReplyDelete
  17. //කොහොම හරි මුළු කාරක සභා රැස්වීමම තියන්න පුළුවන් උනා නින්දෙන්ම...// පට්ට පදිරිය!

    ReplyDelete
  18. අයියගේ අක්කා නම් වැඩක් කරනකොට බැහැලා ඒ වැඩේ කරනවා කියලා කතාව කියවනකොට තේරෙනවා.

    ReplyDelete
  19. අඩේ අවලමා . . . . ‍තෝ නිකමටවත් කීවෙ නෑ නේද BMICH එක පැත්තෙ යන විත්තියක්. . . . . කිවුවනං එනවනෙ සපෝට් කෑල්ලක් දෙන්න

    ReplyDelete
  20. හික් බත් කාඩ් එක කැන්සල් වෙන එකක් නෑ...

    ReplyDelete
  21. බොලාලා BMICH ආපු වෙලාවකට වරෙල්ලකො අපෙ ඔෆිස් එකටත්.. එතනමයි තියෙන්නෙ.. අපෙ ටරු පහෙ (තරු නෙවෙය් හොඳේ) කැන්ටිමෙන් වඩෙයි ප්ලේන්ටියි අරන් දෙන්නම්.. අපි එහෙමයි සලකන්නෙ ඈ !!! එතනම තියෙනවා අර දුනුවායන්ගෙ සංගමයක්ද මොකද්ද එකක්..උන්ට ටාගට් මදි වෙලා මූවින්ග් ටාගට් වලට ගන්නෙ පාරෙ යන අයව.. එතනම් දැන් ස්විමිං පූල් එකකුත් තියෙනවා.. ඕන්නම් ස්විමිං පාරකුත් දමල ගියහැකි..

    ReplyDelete
  22. මේක දැකලා නෝනා ඔයාට බනින එකක් නෑ.හොද කියයි.මේ වගේ කඩිසර ක්‍රියාශීලි ගෑනු ලැබෙන්නේ පෙර පිනට යාළුවා.ලියල තියෙන විදියෙන්ම පේනවා දෙන්න කොච්චර සමගියෙන් ඉන්නවද කියලා.

    ReplyDelete
  23. අභිත අයියා, නිකන් අපිට පානිය දාන්නේ නැතුව ඇත්ත කියපන්. අක්කා කිවා නේද සඳකඩ පහණට ඔයාගේ බ්ලොග් එකෙන් ඇඩ් එකක් දෙන්න කියලා. රටේ නැති ජාති කියලා අපිව හිනස්ස්වලා ශේප් එකේ ඇඩ් එකත් දීලා තියෙන්නේ ඔය. අනේ මන්ද? අපිටයි කතන්දර කියන්නේ?? :D :D

    ReplyDelete
  24. යාලෙම නවතින්න වෙයි වගේ...

    ReplyDelete
  25. මම අහීතව දන්නෙ නෑ... අහල තියෙන විස්තර විතරයි... රංජුලා සහෝදරී( නංගි අක්ක කියන්න බයයි.. අර එකෙක් කරගෙන තියෙන හරිය මදෑ )වැඩක්, වැඩක් හැටියට කරන්න දෙන ගේම ඇහුවහම හිතෙනව යකාගෙ හැටියටයි විමානෙ පහලවෙන්නෙ කියන එක ඇත්ත කියල...

    ReplyDelete
  26. අක්ක කිව්වලු ඔයාගෙ බ්ලොග් එකෙන් සඳකඩ පහණට පොඩි සපෝට් එකක් දුන්න නම් අර ටිකට්ස් වලින් පොඩි කොමිස් එකක් ගත්ත හැකි කියල. අභිය මේ ඒකට තමා වලි කන්නෙ... නැත්තන් ටිකට්ස් වල විස්තර දාන්න ඔනියැ ''ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර.'' කියල හෙඩින් එකක් දාල?

    ඇත්ත කියහන් අයියේ ඒක නේ සීන් එක? :P :D :P :D :P :D

    ReplyDelete
  27. @ අවංක පැට්ටා,
    ඔය අභීතට සමහරු "දත් දොස්තර" කියන්නෙ මොකද දන්නෙ නැහැ.

    ReplyDelete
  28. අනේ අභියෝ. අපේ කොන්ඩෙ බැඳලා වගේ පේනවැයි? අපි චිනෙනුත් නෙවෙයි :D. හොඳ හිතින් බ්ලොග් එකේ ඇඩ් එකක් දාන්න කියල කිව්ව නේ?
    ඔය දීල තියෙන්නෙ, ඇට්ටි, කලටි, මදටි ඔක්කොම හැලෙන්න! කලින් පොස්ට් එකේ වගේ හිට් වැඩි වෙන හෙඩිමකුත් එක්ක!
    වැඩ සටහන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනව.
    මේකෙ වික්ටර් ගේ 'ස' ලියල තියෙනව දැක්කම මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා අර අනිත් 'ස' මතක් වෙලා.

    ReplyDelete
  29. කෝකටත් අයියා යාලේම ගෙයක් ගන්න බලන්න..ලොල්

    ReplyDelete
  30. පිලිප් කොට්ලර් පරාදයි දාලා තියන මාකට්ං පාරට

    ReplyDelete
  31. සංවේදී සටහනක්. මටත් මගේ පවුල් ජීවිතේ මතක් වෙලා ඇඬුනා.

    ReplyDelete
  32. හික් හික්!! දැන්නං ප්‍රිය බිරිඳගෙන් අමතක නොවෙන සංග්‍රහයක් ලැබෙනවා ඇති තනෝජා අක්කා කිව්වා වගේ

    ReplyDelete
  33. අන්න නියම ගෑනු අභී අයියෙ. අයිතිවාසිකම් ගැනම කතා කරනවා මිසක් ඔය වගේ පොදු තැනකදී ඉදිරිපත් වෙලා වැඩක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඒ අතින් අයිය පට්ටම ලකී. රන්ජුලා අක්කට නංගිලා නැද්ද? :D

    හැබැයි මම නම් කියන්නෙ අභී අයියෙ ඔය යාල හරියෙන්ම මොකක් හරි තැනක් හොයාගෙන නවතින්න. ගෙදර එන එකේ නම් තේරුමක් නෑ. :)

    ReplyDelete
  34. අභීත ගොයියට අපේ රිප්ලයි කරන්න බැරි වෙච්ච හේතුව මම කස්ටියට පහදන්න ඕන නෑ නේද ?

    කීවානම් මම එනවා නෙව හෑන්ඩ් බිල් බෙදන්න ඔවුවා මට සුම්මා වැඩ ඇයි බං මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඕකමයි කරන්නේ .

    මෙදා පොටේ අප්පචිට නම් බඩු බනිස් .!

    ReplyDelete
  35. "දත් දොස්තර" ගැලපෙන නම.

    ReplyDelete
  36. මඩ හරහා පබ්ලිසිටිය... අක්කා හීනෙන් කිව්වා නේද මඩක් ගහලා හරි කමක් නෑ ෂෝ 1ට ඇඩ් 1ක් දාන්න කියලා...

    ReplyDelete
  37. @ ඔබා මාමා අපේ මස්ටක ඕනයා ගෙන් ඇහුවනම් කියයි මොකෝ අරම කියන්නෙ කියල... මොකද ඩබලම හොඳ ඇල්කො දොස්තර ලා නිසා.

    ReplyDelete
  38. මුගේ බයිලා... අනිවා අභියට සද්දයක් දාන්න ඇති බ්ලොග් එකේ මේකට ප්‍රචාරයක් දුන්නෙ නැත්තම් කඩෙන් කාපිය කියල... ඒක තමයි මේ බටර් පාන් ලුණු මිරිස් ඔක්කොමත් එක්ක ඇඩ් එක දීල තියෙන්නේ... නැත්තම් නිකන් අවුල් අවුල් වගේ නේ...

    හික් හික්... ඈ බන් ඔය කිව්ව කිතුල්ගල ගල්කිස්ස බීච් ආදී එව්ව ගැන කියද්දි නම් පට්ටම ඉරිසියයි. ඒ අස්සෙ බොල 10 වෙනිදටත් අඩව්වක් අල්ලනන් යනවනේ..... සික්...

    ReplyDelete
  39. මාකටිං පාරේ හැටියට වැඩේ නැගල යන පාටයි. ගෙදර බැරි නම් ඔෆිස් එකේ හරි ඉන්න බැරියැයි. :D

    ReplyDelete
  40. ගරිල්ල මාර්කටින්ග්

    ReplyDelete
  41. මූ ඉන්න ඕන ටුවරිසම් වල නෙවි "ට්‍රයඩ්" එකේ!

    මොකද මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ල හැමෝම ධීවර අමාත්‍යංශෙත් වැඩ කරල තීන්නෙ?

    ReplyDelete
  42. දණහිසෙන් පහල කෙන්ඩ පෙරලුනම කරන්ඩ පුළුවන් හොඳ උපදෙසක් දෙන්නම් . ඩිග් ගාල කලුල වළලු කරෙන් උද අතට තද කරන්ඩ... අත්දුටුවයි සත්තයි හරියනවා...

    ReplyDelete
  43. අර කතාවක් තියේනෙ සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියෙක් සිටී කියලා ..... මට පෙන්නෙ ඒක දැන් අනිත් පැත්ත හරවන්න කාලෙ හරි...

    ReplyDelete
  44. අපොයි මටත් ඉන්නව ඔයවගෙ බොක්කක්.රජයෙ පරිපාලන තනතුරක් දැරුවට මිනිහ පාලනෙ වෙන්නෙ වලලු අතෙන්.බිවුවොත් බොන්නෙ වැඩ ඇරිල ගෙදර යන ගමන් විතරයි.එත් නොතෙරෙන ගානට විතරයි.අවුරුද්දට යාලුවො සෙට් එකට අපෙ ගෙදර දෙන පාටියටත් එන්න බැරි සයිස් එකක් තියෙන්නෙ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...