Tuesday, December 20, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය...

මේ බ්ලොග් අවකාශය තුල මම කරපු කියපු දේවල් ගොඩායි.. ආතල් ගත්ත ඒවටත් වඩා මඩ ගහපු පිස්සු නටපු සැක පහල කරපු දේවල් ගොඩායි... උදාහරණ මඩ කියලා මගේ පෝස්ට් එකක තිබ්බ ගමන් කට්ටිය දන්නවා අසේලයාට දුන්නා තමයි ශොට් එක කියලා... ඊලඟට කට්ටිය බලාපොරොත්තු වෙලා ඉන්නේ අසේල මට පහර එල්ල කරන කල්... 


ඒ වගේමයි දිළුම් වෙනුවෙන් කට්ටිය එකතු වෙච්ච එක.... බ්ලොග් අවකාශයේ කට්ටිය එකා වගේ ඒ වැඩේට උර දුන්නා.. අපි හැමෝම අපේ සහෝදරයෙක්ගේ අපේ දරුවෙක්ගේ වැඩක් වගේ මේ වැඩේට එකතු වුනා.. හැම පැත්තෙන්ම උස්ව නැගුන දල රළ පෙල දිලුම් වෙනුවෙන් සුනාමියක් වුනා... අවාසනාවට අපිට ඒ ඉලක්කයට යන්න බැරි වුනත් දිළුම්ගේ රෝගයට සමාන රෝගයක් තියෙන ජෙරූශා දැරිය සුවය ලැබීම අපිට සතුටු හිතෙන කාරණාවක්...


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඒ තමයි සයිබරයේ මහා පික්ෂුව.. සිහින උළෙල.. මගේ කරුමෙට දැක්ක සිහිනේ සැබෑඋනේ හිතුවටත් වඩා හොඳට.... අපි ඔක්කොම එකතු වෙලා නියමෙටම විනෝද වෙච්ච කට්ටිය එදා විසිර ගියේ තවත් ඒ වගේ එකතු වීමක බලාපොරොත්තුවෙන්....


මේ ලඟදි වුනේ මම හිට්ස් බලාගෙන ලියපු පෝස්ට් එක.. මතකනේ අර කතන්දරයි ටැබූයි ඇනොනිමසුයි එක්කෙනෙක්ද කියලා.... ඔන්න මේක නම් මට දැන් ඇත්තටම සැකයක් උනේ මම දාපු කමෙන්ට් එකක් ඇනොනිමොස් ලියන පොර පබ්ලිශ් නොකරපු නිසා....


මෙච්චර වෙලා වටේ පඳුරු වලටනේ තැලුවේ... දැන් තමයි කියන්න හදන්නේ අද මාතෘකාව... ඒ කියන්නේ මේකේ විෂ්මිත අනාවැකිය... පික්ෂු හැඳෙන... ඔන්න එහෙනම් කිව්වා....


මට පේන තරම් දුර අනාගතයේ නැවත බ්ලොග්කරුවන් මුණගස්සලා ආතල් දෙන ඒ වගේ එකක් සංවිධානය වෙන්නේ නැතිවෙයි... 


මේ මට හිතෙන හැටි විතරයි.... සමහර විට එහෙම නොවෙන්න පුළුවන්....   

41 comments:

  1. මම බ්ලොග් ලියන්න එන කාලෙ වෙද්දිඋ බ්ලොග් ලියන උන් අතරේ කල්ලිවාදය කියන එක සැරටම තිබුනා. ඒත් මම ඒ කිසිම එකකට සම්බන්ධ නොවුනා වගේම ඒ හැම කෙනෙක් එක්කම සුහදව වැඩ කරා. ඒ වගේ කල්ලි වලට සම්බන්ධ නොවුන ගොඩක් අය නිසා තමා කල්ලි අමතක කරල එකට වැඩක් කරන්න, එකට සෙට් වෙන්න බ්ලොග් ලියන හැමෝටම හැකියාවක් ලැබුනෙ. ඒත් දැන් අන්තිම මාස කීපයේ ඉඳන් මටත් තේරුන දෙයක් තමා ආයෙත් මොන මොනාදෝ හේතුවක් නිසා ඒ එකමුතු ගතිය නැති වෙලා වගේ කියලා.

    අභීත මොන හේතුවක් නිසා පෝස්ට් එක දැම්මද දන්නෙ නෑ. මම කිවුවෙ මට පෙනුන දැනුන දේ තමා.

    ReplyDelete
  2. ඇයි මචෝ මෙහෙම හිත් කීරි ගස්සන අනාවැකි කියන්නේ..

    ReplyDelete
  3. ඔව් අසේල.. උඹේ පෝස්ට් එක කියවලා හිතිච්ච දේවලුයි තවත් දෙවලුයි ගොඩාක් එකතු කරලා මේක ලිව්වේ...

    ReplyDelete
  4. මම අර රතුපාටට තිබුන ටික විතරක් කියවලා කමෙන්ට් කරේ. ඒත් මම ලිවුව දේ හරි වගේ.

    ReplyDelete
  5. හයියෝ මදෑ කට්ටිය එකතු වෙනකල් බලාගෙන හිටියා.

    ReplyDelete
  6. කවදද ආයෙත් එහෙම දෙයක් එන්නේ කියල මම නම් බලන් ඉන්නේ.

    ReplyDelete
  7. මේ බ්ලොග් කියන්නෙ තාමත් අපේ රටේ ගහන කැලෑ පත්තරයක් වත් බලන ගණන හෙවත් කැලැපත්තර බලන ගණනවත් නොබලන දෙයක්..මහා ලෙුකූ බ්ලොග් කාරයන්ටත් පෝස්ට් එකට හිට් පන්දාහක් එන්නෙ නෑනෙ..මේකෙ යෙදිල ඉන්න අය මේ ස්පේස් එක ගන්නෙ අනෙක් ඒවට වඩා ලේසි නිසා..ඇත්තටම අපිට පිනාචාර්ය අනුග්‍රාහකයෙක් ඇවිත් රස කෑම එකක් එක්ක බීමත් දීල මේ වගේ එකක් සංවිධානය කරන්න පුලුවං උනත් එන්න බැරිවෙන උන් ඉඳී..කිසි දෙයක් හදාරන්න කැමති නැති සමාජයක් උඩ ඉන්න අපිට මේ බ්ලොග් අස්සෙ තියෙන ස්පේස් එකටත් කස්ටිය එකතු කරගන්නව කියන්නෙත් මාර ගැටලුවක්..එහෙමම විවිධ මත දරන පිරිසක් එකතු කරනව කියන්නෙ ඊටත් වඩා ලෙුකු දෙයක්..කලිං පුලුවං වෙන්න ඇති..ඒත් දැන් මේ ලියන පිරිස පලල් වෙනකොට ඒක තව තවත් අමාරු වෙනව..
    ඉස්සර එක කැම්පස් එකක එක සෙක්ෂන් එකකට ඇඩ් එකක් දැම්මම බ්ලොග් කාරයො 5-6 දෙනෙක්වත් අහුලගත හැකි එවෙලට.. ඒත් දැන් උනුත් තැන් තැන් වල ජොබ්වල..

    ReplyDelete
  8. අනේ මන්ද බන්... මූනු පොතට ලොග් වුනාම බ්ලොග් කරුවො සෙට් එකක් එහේ ගිහින් පින්තූර... තව බ්ලොග් සෙට් එකක් තව කොහේ හරි... පින්තූර දැක්කම ඇඩෙනවා ඉතින්... මුහුදෙන් එහා ඉන්න අපිට සෙට් වෙන්න ඉතින් පෙරුම් පුරන්න එපැයි.

    මොනව උනත් උබේ හීනෙට අදටත් පින් දෙනව මම නම් එදා දැන අදුර ගත්තු බ්ලොග් කරුවො... ඒ අත්දැකීම සුපිරියි..
    අහ් නෙළුම් කොලේ සීන්ස් එක.. ඒක ලොවෙත් නැති රැය...

    අනේ මන්ද බන්.. මම හිතන් හිටියේ කට්ටිය හෝ ගාල සෙට් වෙනව කියල.. එහෙමත් නෑ වගේ.

    උබේ අනාවැකි මම දන්නෙ නෑ ඔන්න අප්‍රේල් දිහාවට ඔබා මාමයි.. මායි.. ඕනයඉ ලංකවට එන්න ඉන්නේ... ලෑස්ති කරපන්කො මොනා හරි.

    PISSA. (

    ReplyDelete
  9. අසේලයියා උදේ පාන්දර හැරෙනකොට මම ඒත් කල්පනා කලා මොනවම හරි ලඟදි වෙලා තියෙනව කියලා. සෑහෙන්න කල්පනා කරල ඒක ට කමෙන්ට් එකක් දැම්මෙ. අනික් එක්කෙනා නම් මල්ල ලෙහලම ඇරලා ඒත් මල්ල ඇනෝ මල්ලක් ඒකයි ප්‍රශ්නෙ. අනේ අර අවුරුදු උත්සවේ කාලෙ එකමුතු කම නම් මතක් වෙනකොට හරිම ආසයි. හැමෝම එකා වගේ හිටියා. රණ්ඩු වුනත් එතනින් ඉවරයි. අන්තිමට රණ්ඩු උණ එවුන් තමා හොඳටම ෆිට් වුණෙත්. පහුගිය කාලෙ රස්සාවෙ වැඩ නිසා ආස්සරේ කරන්න බැරි වුණ එකෙන් සෑහෙන්න දේවල් මග ඇරිලා වගේ. ඒ වුණාට මේ පාර නම් අභියා බොරුකාරයා වෙනවනම් මම කැමතියි.

    ReplyDelete
  10. අනිවා සංජුවා අක්කෙ.. අපි අබිඅයියා බොරු කාරයා කරමු.. අලේ අර උඩ කඹ අදින සීන් කෝන් දක්ක ගමන් මම ගෙස් කෙරුවේ ආයි අපි දෙන්නට රචියට ලසියට සහ කෙහෙල් කොටුවේ අයියට අබි අයියාගේ ටීම් එකට එන්න ආරාධනාවක් කොලාය කියලා.. එදා නේද දවස.. අපි ආයි සැට් වෙලා ඔය අබියා නැමැති අනාවැකි කියන ගිරවා බොරු කාරයා කරමු...

    අභිත අයියේ මොකෝ කියන්නේ අපි අර අබියා කියන අනාවැකි ගිරවාට එරෙහිව නැඟි හිටිමුද?

    ReplyDelete
  11. පස්සේ ලියන්නට සිතුනි...
    ඇයි අලෝ.. ඔයා හිතුවද මේ වගේ අනාවැකි කියවලා අෆිට හිනා යයි කියලා...:D

    ReplyDelete
  12. සාමාන්‍යයෙන් අභීත කියන කතා එච්චර "සීරියස්" නොගත්තට මේ කියපු කතාව ඇත්ත වෙන්න පුළුවං කියලා වටේ පිටේ සිද්ධ වෙන දේවල් බැළුවම පේනවා.

    ජය වේවා!!!

    ReplyDelete
  13. මෙව්වා මෙහෙම වෙන්න ඕනි දේවල් අප්පා... එව්වා මේ සොබාදාමේ හැටි..

    ජය වේවා අභි අයියා...!!!

    ReplyDelete
  14. කාලය මැවු වෙනසක අරුමේ...!!

    ReplyDelete
  15. අනේ මන්ද? මොනවා කියන්නද? කල්ලිවාද කුහකත්වය අපේ ජානගත ලක්ෂණ නේද?

    ReplyDelete
  16. හිතා ගන්න බෑ...අභී අයියෙ...

    ReplyDelete
  17. අභියාගේ සැබෑ නොවන පළමු සිහිනය.....
    හිකිස්...

    ReplyDelete
  18. මේක අභීතගෙ, මාකෙටින් පාරක් සයිබර් සැනකෙළියට. අපි නං සැලෙයි ඕවට, ටිකටුත් බුක් කරලා තියෙද්දි .

    ReplyDelete
  19. http://lkgossipnews.blogspot.com/2011/12/blog-post_19.html
    මේකනිසාද ඔය අනාවැකි කියන්නේ
    මුන්ට පිස්සු ඔයලා ඔහොම යන්න
    මන් හැමදාම ලාන්කීය සිතුවිලි සින්ඩ් එකේ බ්ලොග්ස් ගොඩක් කියවනව
    ඔය හිට්ස් කියන්නේ මොකඩ්ඩ හිට් කරන්නේ කොහොමද නම් මන් දන්නැ කවුරැ හරි කියල දෙනවනම් මටත් හෙල්ප් එකක් දෙන්න තිබ්බා

    ReplyDelete
  20. වර්චුවල් ලෝකයේ දෙවල් සැබෑ ලෝකයට ගේන්න බැරි යැයි පසු තැවීමේ පලක් තිබේද?

    ReplyDelete
  21. අනේ මන්දා!!!
    මමත් බලාගෙන හිටියේ ඒ දවස ළඟදි උදාවෙයි කියලා!

    ReplyDelete
  22. අනේ මන්දා... මම නම් ඉතින් ඔහොම එකකට ඇවිල්ලම නෑ..
    මගේ මහා ලොකු බ්ලොග් කෙරිල්ලක් තිබුනෙත් නෑ නේ කොහොමත්..
    ඒ වුනත් කොහොම හරි කට්ටිය එකතු වෙනවනම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
  23. හ්ම්ම්.. බොහෝදුරට ඒක හරි කියලා මටත් හිතෙනවා...

    ReplyDelete
  24. සැර මදි අභීත.. ! තව බර කරලා දමමු !

    ReplyDelete
  25. කමින්ග් කලර් ඉස් නොට් ගුඩ්.........

    ReplyDelete
  26. මම නම් බ්ලොග් ලියන එකෙක් නෙවි
    එවුනට 2009 ඉදන්ම බ්ලොග් කියවනවා
    මටත් තේරෙන හැටියටනම් අබිත අයියා කියන කතාව ගොඩක් දුරට ඇත්ත.දැන් සිංහල බ්ලොග් නිකන් පාර්ලි‌‌මේන්තුව වගේ වෙලා
    මරාගන්න එකමයි

    ReplyDelete
  27. හ්ම් හ්ම්... ඒ මදිවට බ්ලොග් ලියන උන් ෆේස්බුක් එකෙනුත් සෙට් වෙලා මරාගන්නවා.. :D

    ReplyDelete
  28. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  29. මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ.. ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා..
    උඹ ඔය උඩින් කියල තිවුන හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ.. හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන් කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්...
    උඹ ඔය ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද කියලා පොඩ්ඩක් හිතපන්.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්..

    ReplyDelete
  30. අබීත අයියට ඒ වගේ හමුවීමක සිහිනයක් පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට බැරියේ සයිබර් අවුරුදු උත්සවේ වගේ...

    ReplyDelete
  31. තාම මට එකෙක්වත් බලන්න බැරි උනා,,මම එද්දී එකෙක්වත් හොයන්න නැති වෙයි වගේ මේ යන හැටියට

    ReplyDelete
  32. බ්ලොග් අවකාශේ කට්ටිය එකට එකතු කිරීමේ මූලික සාධකය උනේ ටේස්ට් එක.

    පොත් ගැන, ෆිල්ම්ස් ගැන, සිංදු ගැන, බීම ගැන, ඩ්‍රාමා ගැන ආදී ගොඩක් දේවල් ගැන ගොඩක් අයගේ ටේස්ට් එක එකයි.

    කවුරු මොනවා කිව්වත් එක අත්තේ වහන කුරුල්ලෝ රෑන් එකට සෙට් වුනේ ඒ නිසා කියලා මට නම් මගේ බොක්කෙන්ම කියන්න පුලුවන්.

    ඒ දේ නැති වෙනවා හරි නැති වුනා හරි නම් ඒ වුනේ වෙන්නේ ඒ ටේස්ට් එක නිසා එකට එකතු වුනු කස්ටියගේ මනුස්සකම තමන්ගේ බිස්නස් එකේ දියුනුවට යොදා ගන්න ඕන කියලා වැඩ කරපු එක් බ්ලොග් සක්විති කෙනෙක් නිසා කියලයි මට නම් හිතෙන්නේ.

    සක්විතිගේ වැරැද්ද වැරැද්දක් විදිහට දකින්නේ නැතුව සක්විතිට අහුවුනු අයට සහ සක්විතිලාට බිහිවෙන්න ඉඩ දුන්නු සිස්ටම් එකට බනින සමාජෙක සක්විතිම "අඩෝ උඹලා මට අහුවෙලා පරිප්පු කන්න එපා හරිය" කියලා තගක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැති වෙයි හැබැයි මේ යන විදිහට සහ අපි අපි සිතන පතන විදිහට . . . !!

    ReplyDelete
  33. අභියෝ මචං උඹේ බ්ලොගේ මොකක් හරි අවුලක් තියෙනවා.. පොඩ්ඩක් බලපන්.. මම දවල් කමෙන්ට් එකක් දැම්මා.. දැන් බලද්දි ඒක නෑ.. මේකයි කමෙන්ටුව...
    "මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ..
    ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා.. උඹ ඔය උඩින් කියල තිවුන
    හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන
    කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක
    උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ..
    හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන්
    කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්... උඹ ඔය
    ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි පොඩ්ඩක්
    හිතපන්..ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ
    උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද
    කියලා.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි
    වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ
    කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්..

    ReplyDelete
  34. වෙනස් විදිහට හිතන පතන ඒ අනුව වැඩ කරන මිනිස්සු එකට ඒකරාශී කරගෙන ගිය අවුරුද්දේ සයිබර් සැනකෙළිය පවත්වන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක්!

    පොදු අරමුණක් වෙනුවෙන් එකතු උනත් මට හිතෙන විදිහට හැමදාම වගේ අන්තිමට වෙලා තියෙන්නේ ආත්මාර්ථකමයි,කුහකත්වයයි ලොකු කරගත්තු එක
    ඕක තියෙන කන් අපිට කවදක්වත් රටක් විදිහට ඉස්සරහට යන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. මම මේ ලිපිය දකින්න ටිකක් පමා වුණා . වැඩක් කරද්දී ඉතින් ඒකට අකුල් හෙලන අය වගේම වැඩක් නියමෙට කලාට පස්සේ ඒකේ ඇද කුද හොයමින් ඒකට පහර ගහන්න ඉන්න උදවියත් මේ රටේ අනන්ත ඉන්නවා උං කියන දේ අහලා නිකං බිය වෙලා මෙහෙම හැම දේම නොකර හිටියොත් උං එයි අපිවත් ආම්බං කරන්න .

    කොයි තරම් උත්සව සංවිධානය වුනත් මේ තරම් දුරක ඉන්න මට ඒවට එන්න්න තියන අවස්ථාව නම් ගොඩක් අඩුයි . ඉතින් එහෙවු එකේ මට මෙවුවා තිබ්බත් එකයි නොතිබ්බත් එකයි කියලා ඉන්න පුලුවන්

    අපිට ඉතින් මෙහේ ඉඳන් ඔවුවා සංවිධානේ කරන්නත් බෑ .. දැනුමක්වත් පලපුරුද්දක්වත් අපිට නෑ නේ . අපිත් ඉතින් බලාන ඉන්නේ උඹලා ඔය ලිංක් එකේ උන්න එකාගේ වගේ එකෙක්ගේ පොඩි සිඟිති ආතල් එක බලලා දැකලා බය වෙලා ඉඳිවීද කියලා .

    ReplyDelete
  37. අපරාදේ. මදෑ කට්ටිය සෙට් වෙනකල් බලාගෙන හිටියා.

    ReplyDelete
  38. හලේ.... මදැයි..
    අලේ ඔය කිව්වට ඔහොම කොරන්ට එපා අලො..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...