Wednesday, July 18, 2012

අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?

පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්ලීම් ආව නිසා මා අකමැත්තෙන් උනත් නතර කරන්න හිතුවා.. ඒ ගැන සමාව ඉල්ලන ගමන් කාලීන මාතෘකාවක් ගැන වචනයක් දෙකක් ලියන්න හිතුනා... බ්ලොග් ලියන කියවන ඔක්කොම දන්න පරිදි මේ දවස් වල බ්ලොග් ලෝකය නිකන් බෙංගාල බොක්ක වගේ... හැම තැනම රණ්ඩු.. හින්ට් වගේ දේවල් ගොඩාක් මාරු වෙනවා... නිකන් දාන කමෙන්ට් එක දිහා බලන්නෙත් "අඩේ මූ මට නෙළුවද?" කියලා.. ඒ නිසා පොඩි සිද්ධි කීපයක් එක්ක පොඩි ලිපියක් ලියන්න තමයි මම අදහස් කරන්නේ....



මම බ්ලොග් ගැන දන්නේ මීට අවුරුදු තුනක කාලයක ඉඳන්.. අවුරුද්දක්ම කලේ බ්ලොග් කියවපු එක... ඊට පස්සේ අවුරුදු දෙක බ්ලොග් කියවන ගමන් බ්ලොග් ලිව්වා.. ඉතින් මේ මරා ගැනීමේ අතීතය අර අවුරුදු තුනටත් එහාටත් දිවෙනවා මම හිතන විදිහට... ඒ කාලෙත් විවිධ කල්ලි අතරෙ බ්ලොග් පෝස්ට් වල අනන්තවත් ගැටුම් ගියා.... ටැබූලා, කතන්දරලා (ශේප් එකේ ජාමේ බේරගෙන හීන් නූලෙන්) බියොන්ඩ් ද ෆ්‍රේම් ලා, චමිල ද අල්විස්ලා, මගේ මරණයලා හෙමි හෙමින් මරාගත්තා..... හැබැයි මත වදීමය වශයෙන්... ඊට පස්සේ දුකාලා, සෝඩා ගුනේලා, මාරයාලා (ඒ කාලේ... දැන්නම් පූස් පැටිය වගේ තමන්ගේ වැඩක් බලගෙන හිටියට..) මම, ජ්‍යෝතිශලංකලා වගේ අයත් මරාගත්තා මේ බ්ලොග් කෙරුවාව නිසා.. නමුත් ඒ හැම දෙයක්ම ඉතාමත් හොඳ විනයක් ඇතුව නියම කාරණාවන්ට අදාලව ගිය රණ්ඩු සරුවල්.. එතනින් එහාට කිසිදු සිත් නොහොදක්වත් ඒකට හින්ට් එකක් ලෙස වෙන බ්ලොග් එකකවත් වෙනත් තැනකවත් ඒ කාලේ ඉතා ජනප්‍රිය වුන ගූගල් බස් එකකවත් ගහ ගන්න ගියේ නෑ... එය ඉතාම වැදගත් වලියක් බවට පත් වුනා... ඉතාම දැඩි වදන්වලින් බ්ලොග් හරහා ගිය ගැටුම් වල ගන්නට දෙයක් තිබුනා....


ඒත් අද? බ්ලොග් කරුවන්ගේ පෞද්ගලික ජීවිතත් බ්ලොග් වලට සම්භන්ධ කරගෙන තමයි පෝස්ට් ලියැවෙන්නේ... ඒක ඉතාම නරක වැඩක්.. පහුගිය දවසක අළුතෙන්ම කළ එළි බැස්ස ඇනෝ අඩවියක මම ඉතාමත්ම වැදගත් කමෙන්ට් දෙකක් දැක්කා.. ඒ තමයි මේ පහළින් තියෙන්නේ...



අද සිංහල බ්ලොග් අවකාශයට වෙලා තියන දේ බැලුවම නම් හරිම දුකයි. මේ සිංහල යුනිකෝඩ් හැදුවට පස්සේ ලස්සනට ගලාගෙන ආපු සිංහල බ්ලොග් අවකාශය අද තියන තත්වය හරිම ශෝචනීයයි, කාලිංග,ධනික,සුදාරක,ඉන්දරේ,මලින්ත,පහන්,වැප්,ලසිත්,ආනන්දවර්ධන,ටැබූ,මලී,රංගි,ලිශාන්,චමිල,අසංකා,දුකා,කතන්දර,සුපුන්,පැතුම්,මරණේ,රචින්ත,වරුණ,කැළුම්,පස්සේ කාලේ මාරයා,බුද්ධි,දිල්සරා,දුමී,සදරු,චානුක වත්තේගම,බ්ලොග් ගඩොල්,තරිදු,කුමුදු පිංතු, තව නම් ගොඩක් තියනවා,,මේ ඒ අය ගොඩ දාපු,ලස්සන කරපු බ්ලොග් අවකාශය තොපිලා කන්නේ, පලවෙනි අවුරුදු උත්සවේ,ඉලන්දාරියගේ මිනිය උඩින් නැගිටපු ඒ එකමුතු කම අද වෙනකොට විනාශ කරලා ඉවරයි. අද තියෙන්නේ ලස්සන සිංහල බ්ලොග් අවකාශයක් නෙමේ, ගොඩක් සිංහල බ්ලොග් නම් තියනවා බලන උනුත් ගොඩක් ඉන්නවා,,ඒත් මේක තනිකර වැසිකිළියක්,ගොඩක් කමෙන්ට් වැටුනට උබලා හිතන්න එපා මේ ලියන ඒවා ලස්සනයි කියලා,,ඒවා තිබුනා සිංහල බ්ලොග් පටන් අරගෙන අවුරුදු 2ක් විතර යනකන්,,අද ඒවා නෑ.ආයේ ඒ වගේ කාලයක් එන්නෙත් නෑ.... 

Post a comment.

Unsubscribe to comments on this post.

මෙන්න මේක තමයි එදා මෙදා තුර බ්ලොග් වෙනස වෙනුවෙන් මම දැක්ක හොඳම කමෙන්ට් එක.. බ්ලොග් තුල වාද කිරීමේ ගතිය ඒ කාලේ ඉතාම හොඳින් තිබුනා.. සමහර ආගම්වාදී බ්ලොග් තුල අපි මතවාදීමය අයුරින් මරා ගත්තා.. ඒ වගේමයි බ්ලොග් ලිපි වලට අභියෝග කරමින් අපි ලිව්වා.. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි.. මේ තියෙන්නේ බියොන්ඩ් ද ෆ්‍රේම් අඩවියේ තිබ්බ ලිපියක් විවේචනය කරලා මම 2010 ලියපු ලිපියක්. ඒ වගේම මගේ අර තිබ්බ ටැබුයි කතන්දරයි ඇනෝයි එක්කෙනෙක්ද කියලා දාපු ලිපි තුනක්.. ඒක වෙන අරමුණකට දැම්මත් එය ඉතාම ඉහළින් විවේචනයට ලක් වුනා... ඊට පස්සේ මගේ හිට් ලිස්ට් එකේ උඩ තියෙන එක.. ඒකත් විවේචනයට දැම්මා.. නමුත් ඒ එකක්වත් බ්ලොග් ලෝකයෙන් පිටට ගියේ නෑ.. පෞද්ගලික කරුණු ඉලක්ක කරගෙන බැන ගත්තේ නෑ.. 

නමුත් අද? මම හිතන විදිහට මේ තත්ත්වයනම් ඉතාම වේගයෙන් වෙනස් විය යුතුයි.. එහෙම ගියොත් අපිට කියවන්න ඉතිරි වෙන්නේ ලපටි බ්ලොග් කිහිපයක් විතරයි.. ලපටි කියන එකෙන් මම කලේ බ්ලොග් බාල්දු කිරීමක් නෙමෙයි.. හතු පිපෙන්නා වගේ එන අළුත් බ්ලොග් විතරයි.. දැනටමත් පරන බ්ලොග් රාශියක ලිපි වැටෙන්නේ ඉතා කලාතුරකින්... ඒ වගේම අළුත් බ්ලොග් වල පරන බ්ලොග් වල වගේ රසවත් ලිපි වැටෙන්නෙත් ඉතා කලාතුරකින්.. හැම තැනකම තිබෙන සමබරතාවය බ්ලොග් ලෝකයේත් තිබිය යුතුයි.. පරණ කාලයේ තිබ්බ වැදගත් බ්ලොග් අතරට, මගෙ බ්ලොග් එක වාගේ මෙලෝ වැඩකට නැති ඒවත් තිබ්බ එකෙන් ඒ සමබරතාව රැකුනා කියලයි මට හිතෙන්නේ.. පිස්සාත් ඔළුව වනාවි මාත් එක්ක එක පෙළට...

බ්ලොග් ලිපි අතර රණ්ඩුව තියෙන්නේ ඒ අදාල බ්ලොග් වල විතරයි... එය පිළිළයක් ලෙස බ්ලොග් ලෝකය පුරා පැතිරවිය යුතු නෑ.. අනේ මගේ යාළුවාට මුන් කෙළලා කියාගෙන තමන්ගේ බ්ලොග් එකට එන ඌටත් නිකරුනේ අවි අමෝරාගෙන පහර දෙන්න සූදානමින් සිටීම නොකල යුතු දෙයක්.. ඒ වගේමයි.. බ්ලොග් රණ්ඩුව එතනින් ඉවර කර ගත යුතු දෙයක්.. නැවත අළුත් කාරණයක් නිසා රණ්ඩු විය යුතුයි... නැත්නම් මේකත් දේශපාලනීකරණය වේවි... 

අනික තමන් ලියන දේට එරෙහිව කවුරු හෝ යමක් ලිව්වොත් එය දරාගැනීමේ හැකියාව ඉතා දැඩිව කතෲ සතු විය යුතු වෙනවා... ඒ වෙනුවෙන් බැනුම් ඉවසිය යුතු වෙනවා.. මොකද ඔවුන් අදහස් දක්වන්නේ තමන්ගේ ලිපිය ගැන නිසා... පසුව ඒ පිළිබඳ තම මතය ප්‍රකාශ කිරීම තමයි වැදගත් මම හිතන්නේ... මම දන්නවා.. මේ ලිපිය පරන බ්ලොග් කරුවෝ ගොඩාක් දෙනෙක් කියවයි... ඔබගේ කමෙන්ටුයි වැදගත්... මේ මාගේ අදහසයි... බ්ලොග් ලෝකය අගාධයට යා නොදී රැක ගැනීම ඔබ අප සතු වග කීමක් ලෙස මා දකිනවා... ඒ නිසා පරණම, මධ්‍ය හා නවක බ්ලොග් කරුවන්ගේ අදහස් ඉතාම වටිනවා... මම හිතන්නේ ඔබේ අදහස් ඉතාමත් නිර්ව්‍යාජව මෙහි පළකරාවි...

ප.ලි. : ඊයේ වගේම අදත් හෙටත් මගේ බ්ලොගය ඇනෝලට විවෘතයි. ඒ නිසා ඇනෝ කියන සංකල්පෙට ලැජ්ජා කරන්නේ නැතුව වෙන මිනිස්සුන්ට හිරිකිත නැතුව කියවන්න පුළුවන් වෙන විදිහට ඔබ කමෙන්ට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා... ඇනෝ සම්භන්ධව රනා, අර අළුත් ඇනෝ සයිට් එකට දාපු කමෙන්ට් එකකුත් දාලම ලිපිය කියවන්න කැමතියි...

රනා has left a new comment on the post "[පාඨක ලිපි] ගල්කාරයෙක්ගේ නිරුවත": 

ඇනෝනිමස් සංකල්පයෙන් මීට වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවං බං...
උදාහරණෙකිං පැහැදිලි කරන්නං.

ඇනෝනිමස් සංකල්පය කියන්නේ නිකං "යුද්ධ ටැංකිය"ක් වගේ සීන් එකක්.
උඹ මේ කරන්නේ පොඩි කොල්ලෝ සෙට් දෙකක් ජංගි සීන් එකකට ගහගන්න කොට මැද්දට යුද්ධ ටැංකිය බස්සලා වැඩ දානවා වගේ සීන් එකක්.
යුද්ධ ටැංකිය පීචං කරන්න එපා බං.

ජය වේවා!!! 

Post a comment. 

Unsubscribe to comments on this post. 



පසුව ලියන සටහන : හැමෝගෙන්ම ඉල්ලන්නේ බොර දියේ මාළු බාන්න හදන්න එපා..... ඔබට ඇනෝ නිදහස දීලා තියෙන්නේ වෙන බ්ලොග් ගැනවත් වෙන බ්ලොග් කරුවන් ගැනවත් කියන්න නෙවෙයි.... මේ කරුණු ගැන කියන්න විතරයි.... මා බ්ලොග් ලෝකයේ ලද දරුණුම පරාජය මේ බ්ලොග් එකේ කමෙන්ට් මොඩරේට් කිරීමට සිදු වීමයි....

208 comments:

  1. මොනවා කියනවාද මන්දා!
    ඔය ලින්ක් වැඩ කරන්නේත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා මකලා කතන්දර? ලින්ක් වලට නොයා අදස දානවද වද නොදී... :D :D :D

      Delete
    2. නෙදකින් මේ කකා නම් මහ පජාත පොරක් නේ බලපන්කො කිසි විලිසංගයක් නැතිව උගේ බ්ලොග් එක මාර්කට් කරන හැටි.... බ්ලොග් අවකාශේ රෙන්නේ මුන් වගේ මැටි හරක් තමයි.

      Delete
    3. කරුණාකර විනීතව හැසිරෙන්න.. මීට වඩා සභ්‍ය විදිහට බැන්නානම් තමයි හොඳ....

      Delete
    4. @ AnonymousJuly 18, 2012 4:57 PM
      ඔය රෙනවාය කියන වචනය නෙමේ මං පාවිච්චි කරන්නේ එක්කෝ කක්කා කරනවාය නැත්තං බොග දානවාය කියලායි.

      ඔබට බොග දැමීමට ප්‍රශ්ණයක් නම් මෙන්න හොඳ ක්‍රමයක්.
      http://kathandara.blogspot.com/2010/07/blog-post_26.html

      මං යුනිවසිටි කාලේ ඉගෙන ගත්තේ.

      Delete
    5. ඉතින් උඹ ම කියපන් අභීත මූ වගේ ලැජ්ජාවක් බයක් නැති මැටි හරකෙකුට බැනල වැඩක් තියනවද??? මූ ට බැන්න කට මම උලාගන්නවා ගලක. කනගාටුවට කාරණය මුන් පොරවල් කරගෙන ඉන්න බ්ලොග් අවකාශේ ළදරුවොත් මුන් ව ආදර්ශයට ගන්න එක. කකා උඹට නම් කියන්න දෙයක් නෑ මගේ බෂාවෙන් කිව්වොත් උඹ තනිකර කක්ක ගොඩක්. උඹල වපුරන දේවල් කවද හරි උඹලටම නෙලාගන්න වෙයි. මෙන්න මම ගියා ජයවේවා!!!!!

      Delete
    6. @ Anonymous July 18, 2012 5:19 PM

      අපි ටිකක් හිනාවෙන්න එන තැනට ඔහේ ඇවිත් මට බැනලා, අන්තිමේදී කේන්තියෙන් යන්න ගියා.

      මට නං පව් කියලා හිතෙනවා.

      ඔහේ මට බැන්නේ මාව හොඳ ළමයෙක් කරන්නද? නැත්තං මගේ කේන්තිය අවුස්සලා මා එක්ක වලියක් ඇද ගන්නද?

      මං නං කේන්ති ගන්නෙත් නෑ, වලියට බරත් නෑ!

      Delete
  2. මේ පෝස්ට් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලාත් නෑ.

    ReplyDelete
  3. මෙන්න මපරණ මතකයක්: ටැබූ, කතන්දරකාරයා වලිය ෂේප්!
    http://kathandara.blogspot.com.au/2010/06/blog-post_1669.html

    !!!

    ReplyDelete
    Replies
    1. අද එක දෙක තුන තුන කකානෙ

      Delete
    2. දැන් මං කතන්දර පෝස්ට් කිරීම සතියකට හතරේ සිට දෙකක් (හෝ තුනක්) දක්වා අඩු කරලා නිසා වෙලාව තියෙනවා.

      Delete
  4. අනේ මන්දා අභිත අයියේ
    මමත් බ්ලොග් කියවන්න අරන් තාම වෑඩි දවසක් නම් නෑ. හෑබෑයි වටිනා බ්ලොග් ගොඩක් හම්බ උනා. ඒවා අතර නොවටිනා ඒවත් නොතිබුනා නෙවේ. ඔයාගෙ කතාව නම් ඈත්ත. හෑබෑයි කට්ටිය මරා ගන්නෙ මෙලෝරහක් නෑති වෑඩක් නෑති දේවල් වලට. ඒකයි දුක.

    ඔයත් ලගදි අහක යන බාල්දියක් පෙරලගත්තවගේ මට මතකයි :)

    ReplyDelete
    Replies
    1. බාල්දියක් පෙරලගත්තද මන්දා බන්.. බල්දියක් ඔළුවේ නැමුවා කියලානම් මතකයි...

      Delete
  5. සෑහෙන්ඩ ඇත්ත..ඉස්සර බලපු බ්ලොග් වල පෝස්ට් වැටෙන්නේ කලාතුරකින්.ඒත් ඉදලා ඉදලා පෝස්ට් එකක් දැම්මත් ඒවා ඉක්මනට ගිහින් කියවන්නේ ඒ කාලේ ඒ බ්ලොග් වල තිබුන රසවත් දේවල් නිසා..
    ඔය ආගම් බ්ලොග් සීන් එක ඒකාලෙත් තිබුනා දැනුත් තියෙනවා/දැන් නම් ඒක බුකියේ වැඩිපුර තියෙනවා.මක්කොරන්නද..සියල්ල නැසෙන සුලුයි නේ..

    ReplyDelete
  6. අපිත් නම් තවම අලුත් හැබැයි තවම කාටවත් මඩක් ගහන ඒවා ලියලා නෑ.පොඩ්ඩක් ටෙන්ශන් එකෙන් මිදිලා මේ වගේ තැනකට ඇවිල්ලා ඔලුව කූල් කරගන්නකොට පෝස්ට් එකකට වැටුණ කමෙන්ට් එකක් දැකලා හිතට සතුටක් දැනෙන කොට එක එකාට මඩ ගහලා කාවවත් නෝන්ඩි කරලා බ්ලොග් ලියලා වැඩක් තියනවද?අනේ මන්දා මෙතන හරි ලියන්නේ ඒ ඒ අයගේ හිතට එන දේවල් නේ.
    ජය වේවා!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //මම ලිව්ව පෝස්ට් එකට මගෙත් එක්ක තදට විවේචනය කරගත්ත වර්ණා,තරියා,කවුළුව ඇවිත් කමෙන්ට් කරලා ගොඩක් විවෘතව උන්ගේ අදහස්.//

      ඔබතුමීගෙ ඒ පෝස්ට් එකේදි වර්ණා,තරියා,කවුළුව කමෙන්ට් වලට පුදුමවෙලා ඔබතුමීගෙ කට ඇරිලා තිබ්බ විදිහට මට හිතුනේ ඔබතුමී තමයි දැනගෙන ඉඳලා නැත්තෙ මේවා පෝස්ට් එකට විතරයි කියලා. තරහා හිතේ තියන් නේද හිටියෙ.

      Delete
    2. මගේ පෝස්ට් වල ඇනෝලා යහපත් ආකාරයට හැසිරිලා තියෙනවා පෙරදී එක පෝස්ට් එකක ඇර.. ඒ මගේ ඉල්ලීම නිසා කියලා මගේ හිතේ තියෙනවා රමී... ඒ නිසා තමයි දැම්මේ.. මම විශ්වාස කරනවා එහෙම කරයි කියලා....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රමීෂා ඔයා හිතන් ඉන්නේ ඔයා හෙනම රැඩිකල් කියලා නේද ? බීපු පලියට දුමක් දැම්මට ලොකු ටෝක් දුන්නට රැඩිකල් වෙන්නෑ රමීෂා. නිකං දෙන්නැතව යන්න

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. @ රමේෂා

      ඔන්න ඔන්න ඉතින් ඕවා තමයි පෙන්නන්න බැරි. AnonymousJuly 18, 2012 5:05 PM මම. මම හොඳ හිතින් ඇහුවම ඔබතුමී එන්නෙ ලොකු ටෝක් දාගෙන.

      මම මෙතන කිව්වෙ ඔයා උඩ කමෙන්ට් එකේ කියපු දෙයක් ගැන. ඒක මෙතන නොකියා කමෙන්ට් එකේ ලින්ක් එක කොපි කරගෙන ඇවිත් ඔයාගේ බ්ලොග් එකේ දාලාද කියන්න කියන්නෙ. එතකොටත් කියාවි ඒ පෝස්ට් එකට අදාළ නෑ කියලා.

      Delete
    7. @ රමේෂා , ඔබතුමී රජාට මඩගහල ලියල තිබුන පොස්ට් එකනම් බලල මට නම් ච්කේ කියල හිතුන.රජා ලියපු දෙයක් ගෙඩි පිටින් අරන් ගහනවට වඩා ඔයාට වෙනදෙයක් ලියන්න තිබුන.ඔයා කොමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ අදාලව නෙමේ.අපහාස කරන එක.නම ලියල බ්ලොග් ලියන එකෙකුට එහෙම ජරා කතා කියල පොස්ට් එකක් ලියන එක කොතරම් සදාචාරාත්මකද ? අනුන්ගේ එකක ඇවිත් ඇමතීම ගැන සමාවෙන්න අපි වගේ ඇනෝලට ඒ අහ ඉඩ නැති හින්දයි මෙතනින් ආවේ. උත්තර දෙනවනම් මම ලියපු දේට අදාලව උත්තර දෙන්න.

      Delete
    8. ano : මම කැමතියි මේ මාතෘකාව එතන කතා කරනවානම් සහ මෙතන කතා නොකරනවානම්. මගේ සංවාදය මට වැදගත් නිසා...

      Delete
    9. සමාවෙන්න එහෙ අපිට අදහස් දක්වන්න දෙන්නෙ නැති හින්ද ම්හෙදි අල්ල ගත්තෙ.රැඩිකල් තැන්වල අපිට තැනක් නෑනේ ඔන්න රැඩිකල්.සමාවෙන්න ඒක ඉවරයි:

      Delete
    10. ඇනෝ නෙමෙයි ඇනෝJuly 18, 2012 at 6:32 PM

      උඩ කමෙන්ට් කරලා තියෙන ඇනෝට පේන්නේ රමේෂාව රැඩිකල් විදිහට. ඒත් ඇනෝ කැමති නෑ රමේෂා රැඩිකල් කියලා පිළිගන්න. ඇනෝගේ කොමෙන්ට් වලින් මටනම් පේන්නේ ඇනෝට රමේෂා ගැන පොඩි ඉරිසියාවක් තියෙනව වගේ. තමන්ට ජොයින්ට් එකක් ගහන්න උවමනාව තිබිලත් ලෝකෙට බොරුවට පෙන්නන් ඉන්න හොඳ මූණ නැතිවෙයි කියන බයට ජොයින්ට් එකක් නොගහා වද විදින්න එපා ඇනෝ. ආතල් එකේ කාලා බීලා සමාජෙට ඕන මඟුලක් හිතාගන්න කියලා සැහැල්ලුවෙන් ඉන්න. කුහක කමින් ඉරිසියාවෙන් ජීවත් වෙන්න එපා. අනුන්ගේ සතුටට ඉරිසියා කරන්න එපා.

      Delete
    11. මට අනූව රමීශා යකඩ කෙල්ලෙකි, රංග වැන්නෙක් සුලුකලකින් තම සැමියා කර ගැන්මට තරම් ඇය තුල තිබූ යකඩ බව වර්ණනා කල යුතුය මන්ද සොදුරු සිත වැනි නිර්මාණ කාරියන් රංගගේ බ්ලොග් අඩවියේ පෑ හැට හතර මායම් වලට රංග හසු නොවීමය,

      රමීශා රැඩිකල් කෙල්ලෙකු නොවේ, නමුත් කෙලින් කතාකරන, කෙලින් වැඩකරන, අද කාලයට ඔබින කෙල්ලකි,

      තමන් අහිංසකයි කියාගන්නා අමාවි (වින් චැට් කිරිල්ලි), තමන් ජීවත් වන ලෝකය තුල සිදුවන සියල්ල හැර අන් යමක් ගැන නොසිතනා කාවින්ධ්‍යා (සුදු හංසි), දිල් වැන්නියන්ද තමාගේ මතය හිස් මුදුනිනින් පිළිගත යුතුයැයි සිතනා ප්‍රවීනා (පොඩි කුමාරි හාමි), මෙන්ම, තමන් නැති බ්ලොග් අවකාශයක් නැතැයි සිතනා වර්ණා වැනි අය සමග ගත් කල රමීශා ගැන කෙල්ලෙකු වශයෙන් මම ආඩම්බර වෙමි,

      කෙල්ලෙකු ජොයින්ට් ගැසීම අද කාලයට අරුමයක් නොවේ, අනෙක ඔවුන්ගේ ජීවිත හා චර්යාවන් බ්ලොග් ලෝකයට අදාලත් නැත,
      මා රමීෂා ගේ දකින ඉහලම ගුනාංගය ඇය කිසි විටෙත තම ජීවිතය හා සම්බන්ධ ඝණ පුර්ණය තම බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් නොකිරීමයි,

      නමත් තමන්ගේ ජීවිතයේ සිදුවන හා නොවන සියල්ල ෆැන්ටසියක් ලෙස පාඨකයන් ඉදිරියේ මවනා අමාවී සහ ප්‍රවිනා යන අයවලුන් තරයේ පිළිකුලට භාජනය කල යුතුමය,

      සිංහල බ්ලොග් අවකාශයේ දක්ෂ නිර්මාණ කාරියටන් සිටී ඔවුන් අතරින් අඳෝනාකාරියන් විසින් නිර්මාණ කාරියන් වසාගෙන ඇත, කාවින්ධ්‍යා යනු කෙනෙකි, මුල් කාලයේ විරහවකින් පටත් ගත් ඇය කල් යත්ම තමා තුල සිටි නිර්මාණ කාරියව එලි දක්වන්නේ කිසිවෙකුටත් ලෙහෙසියෙන් තේරුම් ගත නොහැකි සියුම් මඩ ප්‍රහාර සහිත නිර්මාණ සමගිනි, මඩ වුවත් එවායින් කිසිවිටෙක හින්ට් පාස් කිරීමක් හෝ නම් වශයෙන් පුද්ගලයින් අපහසුතාවයට පත්කිරීමක් කර නැත මට අනූව ඒවා හුදෙක් හාස්‍ය උත්පාදක විවේචන පමණි, සිදුවිය යුත්තේ එයයි, නමුත් එවන් නිර්මාණාත්මක හැකියාවකට උරුම කම් නොකියන ප්‍රවිනා සහ අමාවි වැනි අයවලුන්ගේ මෑත කාලයේ පලවු ලිපි බොහෝමයක සාරාංශය ගත්කල එය තනිකරම ව්‍යංගයෙන් කිසිවෙකුට කරන ලද දොශාරෝපනයකි, අමාවි අයියාගේ මනමාලිය හා මුහුදේ නෑම බලොග් ලෝකයට අරුමයක් වූයේ ඇය සැඟවී සිට කරන ලද ඇනෝනිමස් වි්‍යාපාරයට ඇය කිසිසේත් සම්බන්ධ නොවුන බවත්, ඇය තරම් අවිහිංසකාවියක් සිංහල බ්ලොග් කාරියන් අතර තවත් නැති බව හැඟවිමට බවත් එය කියවා ඇයව හුරතල් කල පාඨකයින්ට නොතේරුනා වන්නට පුළුවන, කිසිවෙකු සුද්ද වත්තියෝ නොවේ,

      මා දකින කාන්තා බ්ලොග් කරණයේ ඇති අවුල් වියවුල් බොහෝමයකට හේතුව අමාවි කාවින්ධ්‍යා හා ප්‍රවිනා අතර පවතින සීතල ගින්නට වර්ණා වැනි වැල්ලේ වට්ටි අම්මලා විසින් දමන පිදුරු හේතුවී ඇති බව හැඟේ. රමීශා වෙනමම ගමනක් යන්නීය, ඇයට අනූව ඇය නිවැරදි නමුත්. සියල්ලන්ම අතේ වැරදි ඇත, ප්‍රවිනා අමාවි වැන්නියන් තේරුම් ගත යුත්තේ සදාකල් තමන්ව හුරතල් කරන්නට තම බ්ලොග් අඩවියට පැනි ඇඹලයන් නොඑන බවය, කාවින්ධයා සහ රමීෂා තේරුම් ගත යුත්තේ තමා ලියනා සියල්ල ආමාවි ප්‍රවිනා ලියන බොළඳ ලියවිලි මෙන් පාඨකයන් සමන් මල් පුදා පිළි නොගන්නා බවය,

      වර්ණා තේරුම් ගත යුත්තේ රෙද්ද උස්සාගෙන වැල්ලේ කරන ක්‍රියාවන් බ්ලොග් අවකාශය තුල නොකර සිටින්නට


      අභීතටද යමක් කිව යුතුය, තමන්ගේ වැඩක් බලාගෙන විහිලු කතාවක් ලියාගෙන සිටියානම් ඔබත් වටිනා බ්ලොග් කරුවෙකි

      සියල්ල දෙස දුර සිටන් බලා සිටින මම ඔබලාගේ සහෝදර බ්ලොග් කාරියක්

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. රජා ඒ පෝස්ට් එකේ කියල තිබුනෙ පොදුවේ උගේ මතය. ඌ ඒකෙදි ඔයා පච්චයක් ගහගත් බව පවසන ඔයාගෙ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එකක් දාල ඔයා පිටේ පච්චයක් ගසාගත් බෑවින් ඔයා බඩුවක් කියල තිබුනෙ නෑනෙ.

      අනික රජා උගේ බ්ලොග් එකේ ඉන්නෙ උගේ පික් එකෙ දාගෙන සහ උගේ FB ලින්ක් එකත් දාගෙන. නමුත් ඔයා ඉන්නෙ අනුවර්තනාමයකින්. රංග අයිය බෑදපු නිසා අපි ඔබව දෑන ගත්ත උනත් ඔයාගෙ බ්ලොග් එක පළමු පාරට බලන කෙනෙකුට ඔයා කෙල්ලෙක් කියලවත් එක සෑරේට කියන්න බෑ

      නමුත් රජාගෙ බ්ලොග් එක බලන ඕන එකෙකුට ඌ මොකාද කියල විනාඩි පහකින් හොයාගන්න පුලුවන්. ඉතින් මට නම් හිතෙන්නෙ ඔයා එයාව අර විදියට හයිලයිට් කරල පහර ගහපු එක වෑරදියි. ඔයාට තිබුන පච්ච ගහන අය බඩු නොවේ කියල හරි ඔයාගෙ මතය වෑදගත් විදියට කියන්න. අර විදියට ලින්ක් නොකර.

      අනික අක්කේ මෙහෙම කිවුවට අමනාප වෙන්න එපා. මට නම් ඒ ඔයාගෙ පොස්ට් එකේ බස හෑසිරවීමෙන් සහ කමෙන්ට් කරපු අයගෙ පුද්ගලික දේවල් ඈදන් පහර ගෑසීමෙන් පෙනුනෙ ඔබේ නොවදගත් කම පමනයි. අනික ඈයි හෑමතිස්සෙම ඔයා කෙනෙක්ගෙ ලිංගික ජීවිතය අලලාම චරිත සහතික දෙන්නෙ. ඔයා තෙරපිස්ට් කෙනෙක්ද?

      සොරි සංවාදය හයිජෑක් කරනවට. නමුත් මේව නොකියත් බෑ

      Delete
    14. ඉස්සර වෙලා අභීත අයියගෙන් සමාව ඉල්ලනවා මේ වගේ කමෙන්ට් එකක් මෙතන දාන්න වෙච්ච එක ගැන.උපාසක වෙසින් ඉන්න අයගේ හෙළුව අනිත් අයටත් පෙන්නන්න ඕන නිසයි රිප්ලයි කරේ
      අනේ මහ ලොකු රමේශා.තමන් පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලවත් හරියට පෙන්නන්නේ නැතුව .එතකොට එයා තව කියනවා සංවාදයට එන්නලු ඇනෝනිමස් කමෙන්ට් ඩිසේබල් කරලා දාන දාන කමෙන්ට් එක මොඩරේට් කරලා කාවවත් සංවාදයට ගන්න පුළුවන්ද ? මහා නුවණක්කාර රමේශා මැතිනියෙනි ටැබූ ,බඩු සහ රජු පෝස්ට් එකේ මම දාපු කමෙන්ට් එක කෝ? කිසිම කුණුහරුපයක් කාටවත් මඩක් නැතුව මම මගේ මතය විතරයි කිව්වේ .තමන්ගේ මතයට විරුද්ධව දාන කමෙන්ට් හංඟලා උත්තර දෙන්න පුළුවන් කමෙන්ට් විතරක් පෙන්නගෙන ඔය කරන්නේ ජෝක් එකක්.බලන අයව ගොනාට අන්දන එක.ඕක බ්ලොග් ලිවිල්ලේ සභ්‍යත්වෙද? නමින් රමේශා වෙලා පෝස්ට් ලියද්දි දාන වචන වලින් පේන්නේ ඔබ මානසික අසහනයකින් ඉන්න බවයි.හැම පෝස්ට් එකටම ලිංගිකත්වය ඇදලා ගන්න එකෙන් ඒක හොඳටම පැහැදිලියි.ඒවගේම තමයි උඩ ඇනෝ දාලා තියෙන අදහසට මමත් 200% ක් එකඟයි.රමේශා වෙලා තියෙන්නේ රජුගේ ගමන දිහා බලන් ඉන්න බැරි එක.

      Delete
    15. ඇත්තටම මේ හසිනි කියන ගැහැනු ඇඳුමක් ඇඳන් ආපු "ඇනොනිමසය"ගෙ කමෙන්‍ටුවෙන්ම බ්ලොග් අවකාශය දැන් ගිහින් තියෙන්නෙ කොයිබටද කියල පැහැදිලි වෙනව. රමේශ කියන්නේ ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියල දැනගන්න එකේ මොකක්ද තියෙන වැදගත්කම ලියනදේ ඇරෙන්න? ඒ කියන්නෙ ගෑනු ටික පිරිමි හොයල පස්සෙන් පුක දීගෙන යන්නත් පිරිමි ටික ගෑනුන්ව හොයල සෙවල හලන එකත් කියන එකද බ්ලොග් කලාවෙ නම නැම්ම?

      අනික උඹල මෙතන ඉරාගෙන කමෙන්ට් දාන එකෙන් ඔය කියන කිසිම කෙනෙක්ට ගානක් වෙන එකක් නෑ. මේකෙන් වෙන එකම දේ අභීත හිට්ස් ටිකක් කමෙන්ට්ස් ටිකක් වැඩි කර ගන්න එක විතරයි. ඉතිං තව කමෙන්ට් කරල උගේ මේ මහඟු විය්‍යාපෘතියට දායකත්වයක් දෙනමෙන් මම කාරුණිකව මේ පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

      ජය

      Delete
    16. This comment has been removed by the author.

      Delete
    17. සිගිති ආතල් ගන්න එපා බන්. හසිනි කියන්නෙ ගෑනු අදුමක් ඈදන් ආපු එකෙක්ද? එහෙම නෑත්තම් රමෙශ කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක නෙවෙයි මෙතන පොයින්ට් එක. ඒකි සෑගවිලා ඉදන් එලිපිට ඉන්න එකෙකුට ජරා විදිහට පහර ගහපු එකයි වරද.

      අනික අපි බ්ලොග් කියවන්නෙ අපේ සල්ලිවලින් ගත්තු නෙට් කනෙක්ශන් වලින්. අපිට කෑමති බ්ලොග් එකක් අපි කියවනවා. අභියට හිටිස් කමෙන්ට්ස් වෑඩි උනාම උඹට කහනවද ආ? මේ බ්ලොග් එක ලිවුව කියල ගූගල් එකෙන් අභියට මාසෙ අන්තිමට චෙක් එකක් දෙනවද නෑත්තම් අපිට බ්ලොග් විසිට් කරන ගානට සල්ලි දෙනවද නෑනෙ.

      ඔච්චර කුහක වෙන්න එපා බන්. උබට අභියත් එක්ක ඉරිසියානම් උගෙ බ්ලොග් එකට වඩා හොද බ්ලොග් එකක් හදලා සමාජයට හරවත් දෙයක් දීපන්. එතකොට ඉබේම උඹ්ටත් හිට්, කමෙන්ට්ස් වෑඩි වෙවි.

      උඹත් අපේ රටෙ මිනිස්සුන්ට හොද උදාහරනයක්. පිට රටවල මිනිහෙක් හෑදෙනව දෑක්කම අනිත් උන් කරන්නෙ කට්ට කාගෙන එහෙන්ට යන්න ට්‍රයි කරන එක. ඒත් අපේ උන් කරන්නෙ අර හෑදෙන එකා ආපහු වලට අදින්නෙ කොහොමද කියල දිවා රෑ කල්පනා කරන එක.වෙනස් විදියට හිතපල්ලා දෑන්වත් හෑදියල්ලා

      Delete
    18. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 10:51 PM

      @දරුවනි,

      ආයුර්වේද විශේෂඥයකු හැටියට හෙළ බොදු කාන්තාවන් ටැටූ ගැසීම ගැන මගේ මතය පළ කරන්නටද ඉඩක් ලබා දෙන්න.

      ටැටූ හෙවත් පච්චා කොටා ගැනීම අපේ පැරණි හෙළයන්ගේ කුල සිරිතකි. පලාබත්ගල ආසන්නයේ, කණ්ඨමාරී යකින්න ගැවසුනා කියන දිවා ගුහාවෙන් සොයා ගත් සෙල් ලිපියක සඳහන් වන්නේ "පචච මකර රවණ පුකක දසස හිස" යන්නය. මෙයින් කියැවෙන්නේ අප මහා හෙළ රාවණා රජතුමාගේ තට්ටම පුරා එතුමාගේ අධෝ මාර්ගයට කටවල් බලියාගෙන සිටින දස හිස් මකරකුගේ පච්චයක් තිබුණු බවයි. පච්චා කෙටීම කොයි තරම් පැරණි හෙළ සිරිතක්දැයි මෙයින් පැහැදිළි වේ.

      එසේම රාවණා රජතුමන්ගේ තට්ටම පුරා දිගට වැවුණු අධෝ රෝමයන්ද මේ මකරාගේ කටින් පිටවන ගිනි දැල් ලෙසට කපා සකස් කර තිබුණු බව හෙළ සාහිත්‍යයේ සඳහන්ය. බලන්න කතන්ද්‍ර දරුව, අපට ඇත්තේ කොයිතරම් දියුණු ඉතිහාසයක්ද? අපේ ඉතිහාසය ගැන අප නොදන්නා දේ කෙතරම්ද?

      නමුත් හෙළ කතුන් පච්චා කොටා ගැනීම අපේ පැරැන්නන් අනුමත නොකළ බව පත පොතින් පැහැදිළි වේ.

      බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.

      ටැටූචඃ කුලපුරුෂඃච තේජසං වර්ධනම්
      රාජරාජ බොහොතං කීර්ති ස්වශක්ථ්‍යායඃ
      නාරිඃච ටැටූචඃ ආකෘෂ්‍යතෙ මළ වදයඃ
      ශව මහී තයා හංවඩුඃ ගව මශීෂඃ භාති

      අදහස: ටැටූ කොටා ගැනීම පුරුෂයින්ගේ කීර්තිය වර්ධනය කරන්නේය. රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ කීර්තියටම හේතුවන්නේය. එහෙත් කාන්තාවන් ටැටූ කොටා ගැනීම මළ වදයක් වන අතර එසේ ටැටූ කොටා ගන්නා ගැහැණිය හංවඩු ගැසූ ගව මහීෂාදීන්ගේන් වෙනස් නොවන්නේය.

      එසේ වෙතත් පච්චා කෙටීමේදී මලක් ගැසීම නම් පැරණි හෙළ කුල සිරිතක්ම වන අතර රාවණා රජතුමා පවා තම තට්ටමේ පච්චය කොටා ගැනීමදී මලක් ගසා සිටි බව වර්ගපූර්ණිකාවේ සඳහන් බව වාර්තා වේ. මල් ගසන විධි ක්‍රම දහයක් ගැන ආයුර්වේදයේ සඳහන් වන අතර ඒ ගැන පසුව විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    19. දෑන්නෙ රමේශ අක්කගෙ ක්මෙන්ට් එක දෑක්කෙ. මරු භාශාව, වනාතමුල්ලෙ ගෑනුත් රෙදි උස්සන් කෑ ගහන් එන්නෙ ඔහොම තමයි.

      වෑදගත් විදිහට පොයින්ට් එකට දෙයක් ඈහුවම ඒකට උත්තර නෑති හන්දා මගුලෙ කුහක කමක් කතාකරනව.අභිතට කොන්දක් තියන නිසා ඌ ඈනො එනේබල් කරල තියෙන්නෙ. ඔයාට ද්‍රවස්තිතික සෑකිල්ලක් තිබ්බට ඌ මොනව කරන්නඩ? ඒක නිසා ඌට බොරුවට බනනින්න එපා.

      /ඒත් මේ පොන්න වේසිගේ ඇනෝලට උන්ගේ ස්වයං වින්දනය කරන්න උඹේ බ්ලොග් එක වේස මඩුවක් කරලා/

      ඔයා පොඬිකාලෙ හෑදුනු පරිසරය දෑන් මේ බ්ලොග් එක බලන කාටත් පේනව.
      අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයාට තියන ඔය ලිංගික අසහනය රංග අයියගෙන් සන්තර්පනය කරගන්න. අර අහින්සක කොල්ලන්ට චරිතසහතික නොදි.

      රටෙ නෑති කුනුහරුප ඔක්කොම කියකිය එනව මෙතන ඈනොඔලට හෑසිරිම උගන්න්වන්න.තූ නොදකින් මෙහෙම ගෑනු

      Delete
    20. අනේ බුදු රාජපක්ශ අයියේ.. සුදු වෑන් නැතිව වෙන ඕනෑ කෙහෙල්මලක්...

      Delete
    21. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 11:07 PM

      @අභීත දරුව,

      නැත නැත. නුඹට ධවල රථ නොඑවන්නෙමි. වැරදිලාවත් ආවොත් හෙම මගේ දුර බණනුවට අමතනු මැනැවි. මගේ ඥාති සොහොයුරන් මාර්ගෙයන් මම නුඹ යළිත් සුදු අසුන් යෙදූ පොලීසි රථයකින් ගෙදරටම ඇරලවමි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    22. රමියා.., මේක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි... මගේ බ්ලොග් එකේ මමම ඇනෝ දාගෙන ආතල් ගන්න තරම් මේනියා එකක් මට නෑ.... මේකේ ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.. කියවන එකෙක් තේරුම් ගනීවි ඇත්ත මොකක්ද කියලා.... උඹලා ඉන්න මතය ඕකනම් ඒක නිවැරදි කරන්න එහෙම නැත්නම් අනේ මොකක්ද මේකට කරන්න ඕන කියලා බැගෑපත් වෙන්න මට අවශ්‍යත් නෑ.. උඹට තේරෙන කලෙක තේරේවි.

      Delete
    23. This comment has been removed by a blog administrator.

      Delete
    24. කඩවර, කරුණාකරලා මගේ බ්ලොග් පෝස්ට් එක කියවලා එනවද? ඔබ වැන්නන් නිසා අනෙකුත් ඇනෝලාටද මඟ ඇහිරීමට ඉඩ ඇත.... එබැවින් මගේ පෝස්ට් එක පිළිබඳ කමෙන්ට් පමණක් දෙන ලෙස ඉල්ලා සිටිනවා....

      Delete
    25. This comment has been removed by a blog administrator.

      Delete
    26. aniwa ano tiyapan konda pana tiyanawa nam..mata terena widihata rameshala wage aya inna one..nattan ubala karanne pitawal kaha ganna eka...melo rahak nati post walata patta patta kiyala comment watenne ekane...hamoma openly hitala commnet danawa nam hodai wage nikan mara ganne natiwa..

      Delete
    27. මොකද්ද බන් අභීත , අයි රමේෂ ගේ කොමෙන්ට්ස් අයින් කරේ ...
      දැන් මෙතන කියන මෙලෝ සංසාරේ දෙයක් තේරෙන්නේ නැහැ !!!!

      Delete
  8. බ්ලොග් රචකයින් එකිනෙකාගේ පෞද්ගලිකත්වය අරමුණු කොට ගෙන පහර දී ගත යුතු නැත යන ඔබේ නිගමනයට එකඟ වන නමුත් එය මෑතකදී ඇතිවුණු ප්‍රවණතාවයකැයි නොසිතමි. මේ ඔබ හොඳයි කියන කාලයේම ලියැවුණු එවන් කැත පෞද්ගලික ප්‍රහාරයකි. මෙය පළවූයේ "පස්පංගුව" නම් බ්ලොග් එකකය. මීට සමාන කැත ප්‍රහාර පන්හිඳ සමඟ, පෙරමුණෙ රාළගේ අටුවාව ආදී තවත් බ්ලොග් ගණනාවකින්ම කළ බවත් මතකයි. අවශ්‍ය නම් (තවමත් මකා නැති නම්) උදාහරණ සැපයිය හැකිය.

    ටැබුවාගේ පියාට ලියපු කවි…
    By paspanguva

    උනහපුලුවටත් තම පුතු මැනිකක්ලු
    දරුවෝ දෙමාපියන්ගේ එක සතුටමලු
    මෙවන් දෙයක් වත් දන්නැති තිරිසන්නු
    දරුවෝ තනන්නේ රතියෙහි අවසෙස් ලෙසලු

    මිනිහෙකු වැරදිනම් ඔහු හට බැනීමද
    හිතුනොත් ගිහින් කන හරහා තැලීමද
    ඉවසිය හැකිමුදු කෙලෙසක ඉවසමුද
    ගෙදර බුදුන් ඔහුට අනුව ගොනෙකි අද…

    උඹේ අම්මට… කවුරුත් නම් බනින් නැති…
    පිය සෙනෙහස නුඹට නම් අඩු වෙන්ඩ ඇති…
    ඒකයි තියෙන්නේ ඔය වගේ අමන ගති…
    අම්මට දොස් නොදී උඹේ තාත්තට බනිමු අපි…
    (ගතේ අසා සරමේ පිහිදැම්ම නම් ඇති…)

    ටබුවානෝ නුඹටයි මේ ලියන්නේ
    නුඹට අගුණ නුගුණ විතරය ඇහෙන්නේ
    ශුක්‍ර දායකයා අද දොස් අහන්නේ…
    වැදූ මවට නම් නැහැ අපි බනින්නේ…

    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා..
    ඉගෙනගත්ත ටික දැන් දැන් මතු වෙන්නා…
    පඬි කම් දෙසමින් මිනිසුන් රවටන්නා…
    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා.

    http://tinyurl.com/d45uk3m

    ReplyDelete
    Replies
    1. මම අදහස් කරන්නේ මේ බැනීමේ තියෙන නිර්මාණශීලී කම... ටැබූ වුනත් බලලා හිනාවෙන්න ඇති...

      Delete
  9. මමත් දැන් සැහෙන කලෙක ඉදන් බ්ලොග් කියවනවා.ඒත් අබිත අයියේ කියන්න දුකයි දැන් නම් බ්ලොග් බලන එක මහ වදයක් වෙලා තියෙන්නේ.මෙලෝ වැඩකට නැති ඒවාට ලොකු වලි බලන බලන තැන.දැන් නම් එපා වෙලා.අනිත් එක බලන්න ආස හිතෙන පොස්ට් එකක් දන්නෙත් හදිසියෙන් බ්ලොග් එකක.අනේ මන්ද මොනවා වෙළද කියලා. :(

    ReplyDelete
  10. ටැබූවයි මායි වලි තිබුනේ නෑ මුල් කාලේ.

    හැබැයි ටැබූ යන්න කිට්ටුව මං ටැබූ ගේ නම ටයිටලයට දාපු මේ පෝස්ට් එක හින්දා ටැබූ මා එක්ක වලියට ආවා.

    "W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ"
    http://kathandara.blogspot.com.au/2011/01/w3lanka.html

    ReplyDelete
    Replies
    1. පලයං ගොං තඩියා මෙතන හිට්ස් ගන්න ලිංක් දාන්නෙ නැතුව. අනේ තොට ලැජ්ජ නෑනෙ.. බූරු මී ගවයා..

      Delete
    2. @ Anonymous July 18, 2012 10:34 PM

      ඔහොම නෙමේ බණින්නේ, මෙන්න බණිනවා නම් හොඳ වචන සෙට් එකක්.
      http://kathandara.blogspot.com.au/2012/04/few-rarely-heard-sinhala-words.html

      !!!

      Delete
  11. අදටත් ඔය උඩ කියලා තියන අය ලිවුවා වගේ බ්ලොග් නැතුව නෙමේ,ඒත් හරිම පුංචි ප්‍රමාණයක්, ඉස්සර ඉතා සීමිත බ්ලොග් ප්‍රමාණයක් තිබුනත් අද වගේ වැසිකිළි බ්ලොග් කලාවක් නෙමේ තිබුනේ,ඒ කාලේ මීට වඩා වාද ගියා රණ්ඩු ගියා,ඒත් අද වගේ පුද්ගලික තරහවල් ඇති උනේ නෑ,දිගේ ගියෙත් නෑ,,අද තත්වේ තරහා කොච්චරක්ද කියනවා නම් ඔයා මොකද මේ බ්ලොග් එකට කමෙන්ට් කරන්න ආවේ කියලා අහන්න තරමට තුප්පහි බ්ලොග් කරුවෝ ඉන්නේ ගෑණු,පිරිමි දෙගොල්ලොම.
    ඉස්සර අය විහිළු බ්ලොග් කලා ගොඩක්,,ඒවගෙන් හිනැස්සුවා,මාරයා,බුද්ධි,දුමී,බ්ලොග් ගඩොල් වගේ අයත් බ්ලොග් පෝස්ට් වලින් මිනිස්සු හිනැස්සුව,,ඒත් අද කෙල්ලෙක්ගේ යටි ඇදුමේ කෑල්ලක්,ටැටූ එකක් පොටෝ ගැහුවා,කෙල්ලෙක් බස් එකේ ජැක් ගැහුවා වගේ ඒවගෙන් හිනා ගස්සන්න හදන්නේ,අවාසනාවකට අද කතන්දරලත් අද තියන ගොඩටම වැටිලා,මාරයලා,බුද්ධිලා ඉස්සර ගිය ගමන නෙමේ දැන් යන්නේ, අද බ්ලොග් පෝස්ට් එකකට විරුද්ධ කමෙන්ට් එකක් දැම්මා කියන්නේ ඒ බ්ලොග් එකට ආයේ කමෙන්ට් කරන්න යන්න වෙන්නේ නෑ,ඒ තරමට ඒ බ්ලොග් හිමිකරුවා,එතන ඉන්න එයාගේ හිතවතුන් දැඩිව වෛරය එළියට දැමීමක් කරන්නේ එතන වාදයක් නෙමේ.අර අභීත දාලා තියන ඇනෝ කමෙන්ට් එකේ තියන මිනිස්සු මේ බ්ලොග් අවකාශෙට කරපු සේවය මමත් පිළිගන්නවා,මේ සිංහල බ්ලොග් යන ගමන කොහෙන් නවතීද කියන්න බෑ සමහරවිට උසාවියකින් නවතීද කියන්නත් බෑ.මම බ්ලොග් ලියපු කෙනෙක් නෙමේ ඒත් වසර 4ක ඉදන් බ්ලොග් කියවීමට ඇබ්බැහි උනු කෙනෙක්.ඉස්සරහටත් බලමු දැනටත් කියවන්න පුලුවන් බ්ලොග් කීපයක් ඉතුරු වෙලා තියනවා,,අලුත් අය ඉන්නවා ඒ අතර ගොඩක් දෙනෙක්.එයාලට සුභ පතනවා තුප්පහි දේවල් නොලියා හොද දෙයක් ලියන්න ලැබේවා කියලා ඉස්සරහටත්.

    ReplyDelete
    Replies
    1. // අද කතන්දරලත් අද තියන ගොඩටම වැටිලා,මාරයලා,බුද්ධිලා ඉස්සර ගිය ගමන නෙමේ දැන් යන්නේ, ...//

      මෙන්න මං ලියු සාර්ථක සහ අප්සෙට් කතන්දර ගැන මගේ July 2010 අදහස.

      http://kathandara.blogspot.com.au/2010/07/blog-post_03.html

      මේකේ අප්ඩේට් එකක් ළඟදී දාන්න ඕනෑ....!!!!

      Delete
  12. දැන් මෙන්න අභීත ගේ නිර්භීත පැනයට මගේ පිළිතුර

    "අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි...?"

    උන් මේ ලෝකයේ ඉන්නා මිනිස්සු නිසාය. බ්ලොග් ලියන්නට දිවිය ලෝකෙන් සුමන සමන් වගේ පොරවල් ගෙන්නුවොත් ඔන්න නිකං බබලා වගේ සුහදව ඉඳීවි.

    උදේ පන්සිල් අරගෙනත් හවසට අරක්කු බොන, මදුරුවෝ මරන අපේ අයියලා බ්ලොග් ලියන්න ආවාය කියලා පුල්ලි මාරු කරලා හොඳ ළමයි වෙයිද?

    බ්ලොග් ජනගහනය වැඩිවෙන කොට ඒ ලියන පිරිස අතර විවිධත්වය වැඩි වෙනවා. එතකොට වලියට පැටලෙන්න තවත් කරුණු වැඩියි!

    ReplyDelete
    Replies
    1. +++++++++ දවසේ කමෙන්ට් එක

      Delete
    2. වර්ණා අක්කියෝ ඔයා ඔය ප්ලස් ටිකත් අරන් බ්ලොග් අවකාසේ වටේම මුට්ටි අල්ල අල්ල යන වෙලේ ඔයාගෙම කියලා දෙයක් ලියන්නකෝ

      Delete
    3. ".....බ්ලොග් ලියන්නට දිවිය ලෝකෙන් සුමන සමන් වගේ පොරවල් ගෙන්නුවොත් ඔන්න නිකං බබලා වගේ සුහදව ඉඳීවි"

      +++++

      Delete
  13. මෙන්න චතුශ කුමාර හෙවත් "මාරයා" වෙනත් බ්ලොග්කරුවන්ට කැත විදියට පෞද්ගලිකව පහරදුන් අවස්ථා කිහිපයක්. (මේ උදාහරණ දක්වන්නේ අද ඉතාම සුපිරිසිදු පිරිසක් ලෙස පෙනී සිටිමින් අනෙක් අයටත් අවවාද දෙන්නට යන්නේ මේ වගේ පුද්ගලයින් නිසයි.)

    සූස්ති ගුනේ said...

    මේක ලියන්නෙ චම්පකයාගෙ බත්බැලයෙක්. චම්පකයාගේ රති ක්‍රීඩා වලට උදව් පදව් කරපු එවුන්ට ලොකු ලොකු කුට්ටි හම්බුනාලු.

    තමුන්නැහෙ බලන් ඉන්න ඇති නේද? චම්පික රති කෙළියෙහි යෙදෙන විට ඔබ සිටියේ ඔහුගේ ඇද යටද,නැත්නම් ඔහුගේ ඇග යටද? නොඑසේ නම් එවන් වූ රති කෙළියක ප්‍රතිඵලයක් ලෙස ජාතක වූ අවජාතකයෙක්ද ඔබ? එසේ වීනම් ඔබගේ මව ඔබට චම්පිකගේ රති කෙළියෙහි තරම ඔබට කියා දී ඇතුවා වන්නට පුළුවන.
    අනේ උන්නැහේ තමුන්ගේ පාඩුවෙ ඔය ඉන්න විදියටම සූස්තියක් ඇද ඇද තව අවුරුදු 8ක් සිහිනයක අතරමග සිටියා නම් නරකද..?

    January 29, 2010 9:52 AM http://tinyurl.com/c8xll3x

    දේශපාලන අරමුණු වෙනුවෙන්ම ආරම්භ කර වෙලාව එන තුරු කල් මරමින් බලා සිට නිසි වෙලාව ලද සැනින් ක්‍රියාත්මක වී ජාතියට වින කරන්නට බලා ගෙන මුදල් වෙනුවෙන් අම්මාව වූවද විකුණා ගෙන කන ගණයට අයත් අමන බ්ලොග් කරුවන් හටය...

    මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
    මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

    27 January 2010 http://tinyurl.com/cpnltvk

    ඉතින් මේ මරා ගැනීම අද ඊයේ ඇති වූ දෙයක් වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මෙහි කොහිද මාරයා කියපු දෙයක් තියෙන්නේ.. සූස්ති ගුණේ කියලා කෙනෙක් ලියපු එකක්නේ තියෙන්නේ...

      Delete
    2. අර දීලා තියෙන ලින්ක් එකෙන් කමෙන්ට් එක බලන්න. මුලින් තියෙන්නේ සූස්ති ගුණේ කියන එක. ඊට පස්සෙ කෑල්ල මාරයාගේ ප්‍රති උත්තරය.

      Delete
    3. මේ සූස්තිගුණේගේ කමෙන්ට් එක

      මේක ලියන්නෙ චම්පකයාගෙ බත්බැලයෙක්. චම්පකයාගේ රති ක්‍රීඩා වලට උදව් පදව් කරපු එවුන්ට ලොකු ලොකු කුට්ටි හම්බුනාලු.

      මෙන්න මේ ටික මාරයා සූස්තිගුණේට පිළිතුරු ලෙස ලියන හරිය.

      තමුන්නැහෙ බලන් ඉන්න ඇති නේද? චම්පික රති කෙළියෙහි යෙදෙන විට ඔබ සිටියේ ඔහුගේ ඇද යටද,නැත්නම් ඔහුගේ ඇග යටද? නොඑසේ නම් එවන් වූ රති කෙළියක ප්‍රතිඵලයක් ලෙස ජාතක වූ අවජාතකයෙක්ද ඔබ? එසේ වීනම් ඔබගේ මව ඔබට චම්පිකගේ රති කෙළියෙහි තරම ඔබට කියා දී ඇතුවා වන්නට පුළුවන.
      අනේ උන්නැහේ තමුන්ගේ පාඩුවෙ ඔය ඉන්න විදියටම සූස්තියක් ඇද ඇද තව අවුරුදු 8ක් සිහිනයක අතරමග සිටියා නම් නරකද..?

      Delete
  14. කකා කියන කතාව හරි ඒත් දැන් තියෙන්නේ ලග දැක්කොත් පිහියෙන් අනින්න තරමට වෛරයක් නේ, ඔයාලත් තදටම වළි ගියා ඒත් අද වගේ වෛරයක් පිට කලේ නෑ, අර ජෝතිලා,චමිල,දුකා,කකා,ටැබූ,අර ඇනෝ රාළලා වගේ අය දකින දකින හැම තැනම වාද කලා,ඒත් මෙහෙම නෙමේ,,ඒ වාද,වළි බලන්නත් ආසයි

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් අවකාශෙත් ලංකාවෙ ඉතිහාසෙ වගේ වෙලා. ඒ කාලෙ අපි අරම කරා මෙහෙම කරා. ඒත් දැන්?

      කකාගෙ කතාවට 1000% එකඟයි.

      Delete
  15. උඩ අභීත දාල තියෙන ඇනෝ කමෙන්ට් එකේ අභීතගේ සමකාලීනයන්ගේ සහ අභීතට පස්සෙ බ්ලොග් ලියන්න පටන්ගත් අයගේ නම් තිබුනත් ඒ ඇනෝ කමෙන්ට්කරු අභීතගේ නම හිතාමතාම අමතක කරලද? අයි ඩෝන්ට් නෝ වයි

    ReplyDelete
  16. @අභීත,

    ඔබ නොදන්නවාට වලි, පෞද්ගලික පහර ගැසීම් සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදිත් සිද්ධ වුණා. (ඒ කියන්නෙ කකා බ්ලොග් ලියන්න පටන් ගන්නත් ඉස්සර.) මේ බ්ලොග් තවම තියෙනවා නම් උදාහරණ හොයලා දෙන්න පුළුවන්. දැන් නෙවෙයි. මට දැන් ගෙදර යන්න ඕනැ. හෙට කරන්නම්.

    ඒ නිසා මේ කිසිවක් අළුත් දේවල් කියල හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මම බ්ලොග් කියවන්නේ සිංහල බ්ලොග් පනහකටත් අඩුව තිබුන කාලෙ ඉඳලා.ඒ කාලෙත් මෙහෙම දේවල් තිබුනා.ඇය මතක නැද්ද සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි වලිය. නදුන් රණවීරගේ ආතල්.ඊටත් කලින් xඅවුඩෝරා කියලා ෆේක් බ්‍රවුසරයක් හදපු එකාගෙ ආතල්

      Delete
    2. පරණ කුණු අදින්න එපා මචන්... ඒත් ඇද්දත් එකක් කියන්න පුළුවන්..ඒවා අද කෙලින්ම "උඹලගේ..." කියලා පටන් ගන්න ඒවට වඩා කියවන්න පුළුවන් ක්‍රියේටිව් ආතල්...

      Delete
  17. මමනං මේ බොලොක්ක ලෝකෙට කඩා වැ‍ටුනෙ අහම්බෙන්. එවගේම මහ කාලෙකුත් නෑ....... කෙහෙල් කොරොට්ටෙ පොඩි එකාගෙ පස්ට පෝස්‍ටුවක් අහම්බෙන් ඇහේ වැටිලා..... ඊට පස්සෙ පිස්සුවෙං වගේ බොලොක්ක පස්සෙන් පැන්නුව ඒ කාලෙ එච්චරටම රහයි බොලාගේ මේ ලෝකෙ....... ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දැම්මෙ ක.සූ ට ඊට පස්සෙ දවක මොකද්ද පුස්නෙකට මල පැනල මේලකුත් ඇරිය පොරට... ඒ කාලේ බොලාගේ බොලොක්ක ලෝකේ කොච්චර ලස්සනද...ඉගෙන ගන්න කොච්චර දේවල් තිබ්බද...? දැන්නං පාරේ වැ‍ටුනු වේලිච්ච ගූ බෙට්ටකට මරාගන්න ඌරො ‍රැලක් වගේ... ඒ අස්සෙ මෙලෝ රහක් නැති පෝස්ට්....අපි මේ කාන්තාරෙ තනිවෙලා කොර වෙලා ගල් වෙලා උඩ බලං ඉන්නකොට උඹල තමයි අපිව හිනැස්සුවෙ.ලෝකෙ ලස්සනයි කියල මතක් කරල දුන්නෙ..... අපි ඉගනගත්ත දේවල් මතවාද ආයිත් අපේ හිත් පතුලෙන් එලියට ඇදල ගත්තෙ.... උබලගේ මේ රෙද්දෙ බොලොක්ක කියවනකොට අපිට හිතුනේ අපි බොලාත් එක්ක එකට ඉන්නවකියල... ඒකට දැන් ත්තූ....නොදකිං මෙලෝ රහක් නෑ එකක් දෙකක් ඇරෙන්න..... දැන් හිතුනොත් තමයි මේ පැත්ත බලන්නෙ... ඒ අර පරන රහ තවම හිතට දැනෙන නිසා.ඒ රහට තියෙන පිපාසෙ නිසා... අනේ බොලවු.. නිකං මෝඩ ජෝක් ගොං පාට් නොදා මේක ‍රැක ගනිල්ලා......ඔය පුරෝ ගාමියො කියන උං මුලු ගැහිලා බකං නිලං ඉන්නව කනයි එලියට පැනල බයිල කෙලිනව.....පඩ කාලක් වත් නොවටිනා ගූකේස් වලට මරාගන්නව... අපිට දුකයි බොලල්ලා.... අපිත් සයිඩ් එකෙන් අවිල්ල ආතල් එකක් වගේම දැනුමකුත් ගත්ත සුන්දර තැනක් කක්කුස්සි වලක් වෙනව දකින්න කැමති නෑ.... අන්තිමට ඉතිං හැම එකක්ම වහේ අබසරනං ගච්චාමී තමයි පේන හැටියට....

    X-Porter

    ReplyDelete
  18. ඔක්කොම අවුලල දැන් නිකම් ගොන් පොස්ට් දාන්න එපා බන්.උඹලගේ යාළුවො ටික නෙමේද පොඩිඑකෙකුට ලියන්න නොදී එලව එලව ගහන්නෙ.නමකියල ලියන උන්ගේ පොස්ට් අරගෙන උන් පොන්නයෝ, සමලින්ගිකයෝ ,නයි කාරියෝ ,අසහන කාරයෝ කියල පට්ට ගහන්නෙ.
    උඹ මේව අනුමත කරල comment දාන හින්දයි මේව කියන්නෙ.උඹලගෙ සෙට් එකේ උන් ලියන ඒවා කුණුහරප උනත් උඹලට ඒවා කුණුහරප නෙමේ.අලුත් එකෙක් ලීවොත් සෙට් එකම රෙදි උස්සන් ඌට නෙලනව.මේ කියන කුහකත්වය නැති උනොත් ඔය කියන පරණ තත්වයට එයි.පොඩි උන්ට ඔහොම කරන්න ගියොත් මතවාදී ලෙස උන් ප්‍රතිචාර දක්වයිද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ උත්තරත් මම බලාපොරොත්තු වුනා.... මගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසුත් එනවා.. එය දරාගැනීමට මම සූදානම්ව සිටිය යුතුයි...

      Delete
    2. දරාගන්න ලබ්බක් නෙවෙයි අබීත මේකට ඔයාගේ අදහස කියන්න.ඔයාල දිල්ට එලව එලව ගැහුවා.රංග එලව එලව ගහද්දි ඔයත් හුරේ දැම්මා.ඔයාලගෙ සෙට් එකේ එකෙකුට ගහනකොටද හදවත උණුවෙන්නේ.මේකට කියන්නේ කුහක කම කියලා බං

      Delete
    3. ඔන්න ඔතන තමයි ගැටළුව තියෙන්නේ.. මම ඒ පෝස්ට් එක ආයෙත් අදින්න සූදානමක් නෑ.. මේ පෝස්ට් එක පුරාමත් දැන් දිල් ගැන අදින්න පටන් ගනීවි.. එහෙම වුනොත් මම ලියපු මේ පෝස්ට් එක වැඩක් නැති වෙනවා.... ඒ ගැන කථා කරන්න එතනට එන්න ඇනෝ.. දිල් කියන්නේ මම කතා කරන්න කැමති නැති මාතෘකාවක්.. ඒ ඇය අපි එක්ක නැති නිසා.. වෙන හේතුවක් නිසා නෙවෙයි..

      Delete
    4. මම පලවෙනි ඇනෝ._@ දෙවෙනි ඇනෝ මම කාගේවත් නමක් දැම්මේ නැත්තෙ අභීතව අපහසු තාවයකට පත් නොකරන්න.මට ඕනේ උනේ මේ අලුත් උන් ඉලක්ක කරල ගහන එකට එකගද කියල දැනගන්න,එත් ඒකෙන් පැනල ගිහින් නේද ?ඕකනේ බන් කියන්නේ වැද්දෝ බන කියනව කියල.

      Delete
    5. හරි.. පලවෙනි ඇනෝට කියන්න තියෙන්නේ මේකයි... මේක මම දාලා තිබ්බා රජාගේ ෆේස්බුක් ස්ටේටස් එකට කමෙන්ට් එකක් විදිහටත්. නැවතත් මම ඒක ලියන්නම්... මම ගැන පලවෙච්ච ඇනෝ කමෙන්ට් ඔබත් පහුගිය දිනවල දකින්න ඇති.. ඒවාට වස්තු බීජ වෙච්ච සිදුවීම් දන්නේ මගේ යහලුවෝ විතරයි... නමුත් ඒවා අතිශයෝක්තියක් විදිහට ඇනෝ කමෙන්ට් දාන්න මගේ යහලුවෙකුට ඇර වෙන කෙනෙකුට බෑ.. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ පුද්ගලික දේවල් ඇදලා අරගෙන මට ඇනෝ විදිහට කෙළින්නේ මගේ ලඟම ඉන්න යාළුවෝ කියන එක.. ඒ නිසා මම යාළුකම් හිතවත්කම් එක්ක කී බෝර්ඩ් එකෙන් ඇතුල් වෙන්නේ නෑ... බ්ලොග් අවකාශය නිසා මට කල්ලියක් හිටියට බ්ලොග් අවකාශය තුලදි මම ඒ කල්ලියේ සාමජිකයෙක් නෙවේ... අනිත් එක මම කියන දේකට එකඟ වෙන හැමෝමත් මගේ යාළුවෝ නෙවෙයි... වෙන කාගේ හරි මතේකට මම එකඟ වෙනවානම් ඒ මගේ යාළුවෙක් වෙන්න ඕන කියලා මගේ හිතේ නෑ... එකම අදහස් පලවෙද්දි අපි එකතු වෙලා කරන දෙයක් කියලා කට්ටියට වැටහෙන්න පුළුවන්.. ගෙවල්වලට ගිහින් කියන්නයැ අපි කතාවෙලා නෙවෙයි කියන්නේ කියලා... ඉතින් ඒකට කරන්න දෙයක් නෑ.. මිනිස්සුගේ සිතිවිලි අපි කෙසේ වෙනස් කරන්නද?

      හොඳම උදාහරණයක් කියන්නද? බ්ලොග් අවකාශයේ මගේ හොඳ යාළුවෝ ඉන්නවා මගේ බ්ලොග් එක බලන්නෙවත් කමෙන්ට් කරන්නෙවත් නැති... නම ඕනේ නම් අහන්න පුද්ගලිකව නමත් කියන්නම්.. ඊට පස්සේ එයාගෙන් අහන්න ඇත්තද කියලා.... එහෙම වුනා කියලා ඒක යාළුකමට ප්‍රශ්නයක් නෙවෙයි අපිට...

      Delete
    6. මම පලවෙනි ඇනෝ-.උඹට මඩ ගහල ඇනෝ ආතල් දාපු එකත් දැක්ක. ඒවා පිම්පියන්ගේ වැඩ. කාටවත් අපහාස නොකරන්න කියල තමයි කියන්නෙ.අපහාසයට තමයි එකග නැත්තේ.උඹ ගැන තේරුම් ගතිමි.

      Delete
    7. අභීතගේ පහත පිළිතුරු කමෙන්ට් එක දැක තනියම සිනහ වුනෙමි.

      //හරි.. පලවෙනි ඇනෝට කියන්න තියෙන්නේ මේකයි... මේක මම දාලා තිබ්බා රජාගේ ෆේස්බුක් ස්ටේටස් එකට කමෙන්ට් එකක් විදිහටත්. නැවතත් මම ඒක ලියන්නම්... මම ගැන පලවෙච්ච ඇනෝ කමෙන්ට් ඔබත් පහුගිය දිනවල දකින්න ඇති.. ඒවාට වස්තු බීජ වෙච්ච සිදුවීම් දන්නේ මගේ යහලුවෝ විතරයි... නමුත් ඒවා අතිශයෝක්තියක් විදිහට ඇනෝ කමෙන්ට් දාන්න මගේ යහලුවෙකුට ඇර වෙන කෙනෙකුට බෑ.. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ පුද්ගලික දේවල් ඇදලා අරගෙන මට ඇනෝ විදිහට කෙළින්නේ මගේ ලඟම ඉන්න යාළුවෝ කියන එක.. ඒ නිසා මම යාළුකම් හිතවත්කම් එක්ක කී බෝර්ඩ් එකෙන් ඇතුල් වෙන්නේ නෑ... බ්ලොග් අවකාශය නිසා මට කල්ලියක් හිටියට බ්ලොග් අවකාශය තුලදි මම ඒ කල්ලියේ සාමජිකයෙක් නෙවේ... අනිත් එක මම කියන දේකට එකඟ වෙන හැමෝමත් මගේ යාළුවෝ නෙවෙයි... වෙන කාගේ හරි මතේකට මම එකඟ වෙනවානම් ඒ මගේ යාළුවෙක් වෙන්න ඕන කියලා මගේ හිතේ නෑ... එකම අදහස් පලවෙද්දි අපි එකතු වෙලා කරන දෙයක් කියලා කට්ටියට වැටහෙන්න පුළුවන්.. ගෙවල්වලට ගිහින් කියන්නයැ අපි කතාවෙලා නෙවෙයි කියන්නේ කියලා... ඉතින් ඒකට කරන්න දෙයක් නෑ.. මිනිස්සුගේ සිතිවිලි අපි කෙසේ වෙනස් කරන්නද?

      හොඳම උදාහරණයක් කියන්නද? බ්ලොග් අවකාශයේ මගේ හොඳ යාළුවෝ ඉන්නවා මගේ බ්ලොග් එක බලන්නෙවත් කමෙන්ට් කරන්නෙවත් නැති... නම ඕනේ නම් අහන්න පුද්ගලිකව නමත් කියන්නම්.. ඊට පස්සේ එයාගෙන් අහන්න ඇත්තද කියලා.... එහෙම වුනා කියලා ඒක යාළුකමට ප්‍රශ්නයක් නෙවෙයි අපිට...//

      Delete
    8. ටිකක් දොදු වගේ ඒ යාළුවගේ කතාව.

      Delete
  19. මම සිරාවට උබෙන් මේ පෝස්ට් එක එයි කියලා හිතාගන හිටියේ.. තව මගේ වචන ටිකකුත් තියෙනවා එකතු කරන්න.. මේකයි

    උබලා බ්ලොග් ලියන්න කියවන්න අරන් අපට වඩා ගොඩක් කල්නේ සිරා කියනවන්නම් උබලා බ්ලොග් ලියන්න ගන්නකොට අපි බ්ලොග් කියන්නේ මොනවද කියලා උනත් දැනගන හිටියේ නෑ.. අනික ඒ කාලේ උබලයි උබලගේ සින්නොයි අතරේ වලි මාත් බ්ලොග් දෙක තුනකින් කියවලා තියෙනවා.. එව්වා වීවේචනය කරගැනීම් මිස කාකොටා ගැනීම් නෙවේ.. නමුත් දැං දැං ඇති වෙන වලි යන්නේ "තොපේ අම්මට .........." කියලා පටන්ගන..
    අන්න ඒ හේතුව නිසා මට හිතෙනවා
    සින්නන්ට තිබිය යුතු ගෞරවය නැතිවෙලාම ගිහින් කියලා..

    ReplyDelete
    Replies
    1. ජුන්නෝ සින්නෝ සීන් එකක් නෙමෙයි මචන්... කුණුහරප ඒ විදිහට නොකියන එක.. බනිනකොට බනින්නේ තිරිසන් විදිහට.. අර උඩ ටැබුවට දාලා තියෙන කවි පෙල බලහන්.. පට්ට කුණුහරප.. ඒත් කියවන්න පුළුවන්....

      Delete
  20. මචං අබීතයා මම මේ උඹ ගැන හොඳට දන්න උඹව හොඳට ආශ්‍රය කරපු එකෙක් මේ කමෙන්ට් කරන්නේ.මචං උඹේ නාඩගම් නවත්තලා ටෝක් දෙන එව්වා නවත්තලා වැඩක් කරගනින් බං.

    ReplyDelete
    Replies
    1. ජන්මෙන් ලැබුනේ කට... ටෝක් නොදී කොහොම ඉන්නද බන්...? වැඩත් කරන ගමන් තමයි මේ ලොකු ටෝක් දෙන්නේ....

      Delete
  21. දැන් කවුද මරාගන්නෙ අනේ අපි නම් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පොඩ්ඩක් මරා ගනින් බන්.. පුංචි ආතල් එකක් තියෙනවා ඒකේ....

      Delete
    2. ඔන්න ඔය ආතල් එක ගන්න එපාකියල තමයි පරණ බ්ලොග් කාරයන්ට කියන්නේ.

      Delete
    3. ඒ උනාට මේ වලි වලින් සමහර බ්ලොග් ලියන්නට එපා වෙන්න ඉඩ තියනවා . සිංහලෙන් ලියන අය ඉංග්‍රීසියෙන් දෙමලෙන් ලියන අයට වඩා අඩු කාලෙක ඉන්න අයත් නැතිවෙලා යනවනම් ............

      Delete
    4. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 11:01 PM

      @දරුවනි,

      මරා ගැනීමට බිය නොවන්න. රාම-රාවණා යුද්ධයේදී දෙකඩ වී ගිය සෙබළ සිරුරු පවා එකට එකතු කර මසා නැවත ජීවය ලබා දීමට තරම් දියුණු ආයුර්වේද තාක්ෂණයක් මේ රටේ තිබුණේය. දැන් රාවණා යළි පිබිදීමත් සමඟ නැවත පණ ලබන්නේ මේ දියුණු රාවණා ආයුර්වේද හෙළ වෙද තාක්ෂණයයි. ඔබ කොයිතරම් මරා ගත්තද නැවත ඔබට ජීවය ලබා දීමට මේ හෙළ වෙද තාක්ෂණයට පිළිවන. එනිසා බිය නොවී මරා ගන්න. වැරදිලාවත් ඔබ මැරුණොත් මළ සිරුරද සමඟ මා හමුවන්නට පැමිණෙන්න. හෙළ ආයුර්වේදයේ බලයෙන් හා රාවණා ශක්තියෙන් නැවත ඔබට ජීවය ලාඅදෙමි. නියම හෙළ ආයුර්වේද ප්‍රතිකාර. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  22. එහෙනං ෆ්‍රෙශාල එනකොටම ‍රැග් එක දීල තෙල බෙදල බ්‍රේන් වොශ් කරල ගනිං... එතකොට සින්නන්ට ගෞරවය ‍රැකගන්න පුලුවං වෙයි...

    X-Porter

    ReplyDelete
  23. ලොකුම ෆන් එක තියෙන්නේ අර කොමෙන්ටුව දිහා බැලුවම .
    බ්ලොග් කලාව කියන්නේ අලුත් දෙයක්වත් , අපේ සිංහල පරණ බ්ලොග් කරුවන් පටන් ගත්ත දෙයකුත් නෙමේ ,
    ඒ වගේම සිංහල යුනිකේත , බ්ලොග් කරුවන්ට බ්ලොග් ලියන්නයි කියල හදපු දේකුත් නෙමේ.

    එහෙනම් බ්ලොග් කලාවේ , තමාගේ බ්ලොග් එකේ තාවට උවමනා දෙයක් ලියන්න ඕනේ කෙනෙක්ට අයිතියක් තියෙඅන්ව .

    අනිකාගේ පෞද්ඝකිකත්වට ගරහන එක නම හොද දෙයක් නෙමේ හැබැයි .
    එත එක අපේ රටේ උන්ගේ හැටියනේ .

    අර තියෙන්නේ

    එකෙක් නගින කොට ඉහලට , ඇහේ කටු ඇනෙයි අනිකට

    ReplyDelete
  24. මං නං එච්චර දෙයක් කියන්න තරං බ්ලොග් අවකාශෙට පරන කෙනෙක් නෙවේ..
    හැබැයි අභීත අයිය කියල තියෙන්න දේ නං ඇත්ත කියල මටත් හිතෙනව..!

    ReplyDelete
  25. මේං අළුත්ම එක
    https://www.facebook.com/ctkumara/posts/3008617712821?notif_t=feed_comment_reply

    ReplyDelete
  26. අද බ්ලොග් අවකාසය ගූ ගොඩක් වී හමාරය. චමිලලා වාද කරගත් ඒ අපූරු කාලය ආයේ බ්ලොග් අවකාසේ දකින්නට ලැබෙන පාටක්වත් නැතිය.

    අද වාද කරන්නට එන්නේ විද්‍යාව ඇත්ත කියා කියන්නේ කොහොමදැයි අසන මොන්ටිසෝරි අය්යලාය. වාද කරන්නට කරුනු නැති තැන වාදය පසෙකින් තබා උගත්කම ගැන ප්‍රශ්න කරයි.වාද කරන්නට එන උන්ට කල්ලි ගැසී අපහාස කරයි. උන් වැපිරුවා වූ ඒ අස්වැන්නේ පල උන්ටම නෙලාගන්නට ඌ කල්හි අය්යෝ කල්ලි හැදිල අපිට නෙලන්වෝ කියා රෙද්ද උස්සා කෑ ගැසීම විහිලුවකි.

    අද බ්ලොග් කලාව එසේය. කතන්දර මෙන් කක්කා පෝස්ට් එකක් ලියූවිට කිසි කරදරයක් නැත. අපි වලියට බර නෑ කියා තව චූ කතාවක්ද ලියාගෙන පාඩුවේ සිටිය හැක.

    ReplyDelete
  27. වත්මන් ඇනෝට මගේනං කිසි අමනාපයක් නෑ...
    මේක අස්සෙ පුද්ගලිකත්ව බරක් ඔබාමට වත් ආරක්සා කරගන්න බෑ...එහෙව් එකේ මේ කොහෙද යන හාල් කෑලිටිකකගෙ පුද්ගලිකත්වය ගැන කවර කතාද?

    දැන් අපි මේ පෝස්ට් එකම බලමු...මේක අබීත දාන්නෙ තැටිය රත් වෙච්චි වෙලාවට ආප්ප බෑමේ අබියාගේ මාකටින් තියරි එකට...මේක දැම්ම කියල වෙන කිසිම හොඳක් නෑ...
    මේ අස්සෙ අබියාගෙ පෝස්ට් වල තියෙන මල නොතලා රොන් ගැන්ම නොහොත් කිසිවෙකුට අබමල් රේනුවක් තරම් වත් හිත නොරිදා ආප්ප බා ගැන්මේ තියෙරිය තියෙනවා...
    ඒ අස්සෙ කතන්දරත් ඇවිල්ල මේක තුල මොකක් හරි වැඩක් කරගන්න හැදුවා...
    තමුන්ගෙ මාකටින් පාරක්...

    යමෙකුට රිදෙනවනං ඒක ඇට මස් ලේ අස්සෙ ගිහිං ඇතුලටම රිදෙන්න ඕනි...නිකං වටෙං අතගාල ෂේප් කරන තියරි නැතුව... කලිං ඇනෝල නිකාං ඔහේ කන්ටෙන්ට් අල්ලන් දැඟලුවා...ඒත් දැං ඇනෝ කන්ටෙන්ට් එකත් උේග ජීවන රටාවත් අතර වෙනස ඩිටෙක්ට් කරනවා...

    මේක විය යුතු දෙයක්... මේ ගෝත්‍රික බ්ලොග් අවකාශෙ ඇතුලෙ තමුන් අනුන්ට ඕනෑම මොට ආයුධයකින් පහර දිය හැකි වුවත් ආයෙත් තමුන්ට තියුණු ආයුධවලින් පහර වදිනකොට ගැරඬියට ලාම්පුතෙල් දැම්ම වගේ කැලඹෙනවා...
    ඒත් ඒක විය යුතු දෙයක් නෙමෙයි... සමහරු තමුන් ඇවිල්ලා පොරය තමුන්ගේ හොඳ වැඩ බොහෝය කියලා පේන්න තමන් පුද්ගලික ජීවිතයෙදි කරපු හොඳ වැඩ පොරසිටි දානවා බ්ලොග් එකේ...ඉතිං ඒ මනුස්සය ඒහෙම දානකොට වෙන පොරක් ඇවිල්ල මූ කරපු අගුන ටික දානවා..වෙන බ්ලොග් එකක..

    එතකොට ඉතිං රෙදි උස්සං දගලනවා... මුලින්ම තමුන් කාපු බීපු නාපු ගියපු තැන් දාන වෙලාවෙම හිතුවනං මේව අනික් පැත්තට කැරකෙන්නත් පුලුවං කියල කතාව ඉවරයි..

    ජැක් ගැසීම ගනිමු...ජැක් ගැසීමට සියලු කෙල්ලෝ එක හෙලා විරුද්දයි...එතකොට බස්වල ජැක් ගහනකොට කෙල්ල විරුද්ද නොවී ඉන්නෙ තියෙන කුලෑටි කමට විතරමද?
    ඉතිං සමහරු තමුන්ගෙ තියෙන පතිවත සහ අනෙක් දේවල් ලෝකෙට පේන්න..ජැක් ගැසීම පෝය දවසේ කොල්ලො කුනුහබ්බ කිය කිය පාරෙ යෑම... සංගීත සංදර්ශනවලදී පුක මිරිකීම ගැන පෝස්ට් දානවා... ඉතිං ඒ අයගේ ඇත්ත තොරතුරු දන්න අය ඒ ආතල් එක කඩල අල්කයිඩා විදියට ඇනෝ ආතල් එකක් ගනීවි...

    මේ වෙලාවෙ ඉස්සර හොදයි දැන් හොද නෑ කියන්නෙ අර රත්නපුර ආච්චිල මරපු කේස් එක ආවම පත්තර වල තීරුලිපි රචකයො මේව කවදාවත් වෙච්චි නැති දෙයක් විදියට උලුප්පල ලියනව වගේ සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. මම මේකට රිප්ලයි එකක් දාන්න හැදුවේ අමිලයා... මට මෙන්න මේ ටිකෙන් උඹ අදහස් කරන්නේ මොකක්ද කියන එක තව ටිකක් සරලව තේරුම් කරලා දියන්... ඊට පස්සේ මම රිප්ලයි එක දෙන්නම්....

      //යමෙකුට රිදෙනවනං ඒක ඇට මස් ලේ අස්සෙ ගිහිං ඇතුලටම රිදෙන්න ඕනි...නිකං වටෙං අතගාල ෂේප් කරන තියරි නැතුව... කලිං ඇනෝල නිකාං ඔහේ කන්ටෙන්ට් අල්ලන් දැඟලුවා...ඒත් දැං ඇනෝ කන්ටෙන්ට් එකත් උේග ජීවන රටාවත් අතර වෙනස ඩිටෙක්ට් කරනවා...\\

      Delete
    2. /* ඒ අස්සෙ කතන්දරත් ඇවිල්ල මේක තුල මොකක් හරි වැඩක් කරගන්න හැදුවා...*/

      මං ආවේ ටිකක් හිනාවෙන්න. හැබැයි සෑහෙන්න හිනා වුණා!

      Delete
  28. ඇත්ත අභීත අයියේ. මට නම් හිතෙන්නේ මිනිස්සු තමන්ගෙ කුහකකම් බ්ලොග් හරහා ප්‍රදර්ශනය කරනවා කියලයි. අනික කියවන හැමෝටම පේනවා ලියන කෙනා ලියලා තියෙන්නේ පුදුම තරහක් හිතේ තියාගෙන කියලා. අනේ මන්දා.

    ReplyDelete
  29. මට නම් හිතෙන විදියට ඕක කාලයේ ගැටළුවක්. කාලයත් එක්ක මිනිස්සු, බ්ලොග් හැමදේම වෙනස් වෙනවා කියල තේරුම් ගත්තනම් ඔය ගැටළුව විසඳේවි. තව ඉස්සරහට මේ තත්වය තවත් වැඩිවේවි, ඒක අපි කාටවත් නවත්තන්න පුළුවන්කමක් නැහැ වගේ ම ස්වයං විනය කියන දේ හරියට තේරුම් ගත්තනම් ප්‍රශ්නත් අඩු වේවි!!!

    ReplyDelete
  30. මතවාදිමය වශයෙන් එකඟ නොවෙන ඕනිම තැනකදි කියන්න පුලුවන් උපරිමයෙන් විරුද්ධ වෙන එකයි මගේ පුරුද්ද , ඒක වෙන කාගේ හෝ බ්ලොග් එකක් වගේම මගේම බ්ලොග්ගෙත් වෙන්න පුලුවන් . එල්ලි එල්ලි වලි දාගන්න ඒවට සම්බන්ධ වෙන්න අදහසක් නෑ

    බ්ලොග් ගැන ලියන්න ගිය හැම වෙලාවකම ටැබු බියෝන්ද ෆ්‍රේම් ගැන එලියට එන එකෙන්ම තේරෙන්නේ ඔවුන් නැති අඩුව තවමත් එහෙමමයි කියන එක ,


    ලියන මහන්සියේ තරමට කියවන පිරිසක් ඉන්න තාක් කල් සිංහල බ්ලොග් කෙරුවාවේ මම ඉඳියි එපමණයි

    ReplyDelete
  31. අභීත අයියා කියල තියෙන දේ ඇත්ත තමයි.
    බ්ලොග් ලෝකෙත් ඉන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්න අයම තමයි.
    ඉතින් සාමාන්‍ය ලෝකේ වෙන දේවල්ම තමා මෙතනත් වෙන්නේ.වලි වුනත් එහෙමයි.
    ඒක හදාගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
  32. අද කමෙන්ට් නිකන් පෝස්ට් වගේ දිගයි නේද? පෝස්ට් එකක් දැම්මම හොද හෝ නරක කමෙන්ට් දැකීම සතුටක්. ඇනෝල නැත්නම් කිසි ගතියක් නැති වෙයි නේද?

    හැබැයි මේ බ්ලොග් වල වැඩිපුර තියෙන විනෝදාස්වාදය වගේ දේවල් වගේම නොදන්න දේවල් දැනගැනීම, නව දැක්මවල් සහිත බ්ලොග් බිහි වෙනවනම් තව තවත් වැඩදායක වේවි

    ReplyDelete
  33. ඇත්තටමද? මෙහෙම බැන ගැනීම් වුනාද?

    ඔව් යම් ආකාරයක ස්ව-විනයක් පවත්වා ගන්න පුලුවන් නම් වාද කරන එකත් හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ටැබූ කියල කෙනෙකුත් හිටිය සෑර්

      Delete
    2. ටැබූ කියල කෙනෙකුත් හිටියා කියල මතක් වෙනව නම් හොඳයි සහෝදරයා. අද ඉන්න ඇච්චො පැංචො වගේ නෙවෙයි ටැබූගේ තිබිච්චි ප්‍රතිපත්ත්යක් තමයි වෙනත් බ්ලොග්කරුවෙකුට උත්තර බඳින්න තමන්ගෙ පෝස්ට් නාස්ති නොකිරීම ටැබූ හැමදාම කිව්වෙ ගැටළුව පටන් ගත්තු තැනම ඉවර කරමු කියලයි. කවුරු හරි ටැබූට බැන්න නම් ටැබූ එතන උත්තර දීල වැඩේ ඉවර කළා. ඒක තමන්ගෙ බ්ලොග් එකට අරගෙන ආවෙ නෑ. මෙන්න මේක කරන්න පුළුවන් නම් හැමෝටම බ්ලොග් අවකාශයේ මේ බලු පොරේ ඉවර වෙයි.

      Delete
  34. අභියා රත්වෙච්ච තැටියෙ රොටියක් බානව තමයි. ඒකට අවුලක් නෑ,මොකද මේ වේදිකාව හදලා, ඇනෝලට විවෘත කරපු නිසා. ඒ වගේම ඇනෝ-ආතල් එකේ ලිපිවල වගේ කුහක කමක් පෙන්නලා, තුප්පහි ඇනෝලට ආරාධනා නොකරන නිසා. ඒත් අභියාගේ මේ "උත්සාහය" කොතරම් අවංකද කියන එක නං ප්‍රශ්ණයක්?

    මෙන්න මගේ තුට්‍ටු දෙක:

    1. බ්ලොග් අවකාශයේ මත ගැ‍ටුම් කලින් තිබ්බත්, එහි නව නැම්මක් ඇති කලේ දිල් ගේ සිද්ධියයි.මෙයින් ප්‍රශ්ණ කීපයක්ම පැන නඟිනවා:

    2. අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානත්වය, සමාජවාදය, ‍රැඩිකල්, අර රෙද්ද මේ රෙද්ද ගැන බණ කියන අය කොතරම් ඒවා පිළිපදිනවාද? අළුතෙන් එන අයට , කබ්බෝ, මෝඩචූන් කීමෙන් මේ අප යන්නේ කොහේද?

    3. ප්‍රතිවාදියාගේ ලිපි වලට ලින්ක් දමා, ඔහුගේ ලිපි විවේචනය කිරීම, අපහාස/ උපහාස කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    4. දිල් ගැන ඇසුවාම ආඳාවාගේ ලිස්සලා යන්නේ ඇයි?

    5. මෑතදී ඇති වු නව නැම්ම, "මාර පවර්ෆුල් ඇනෝ කන්සෙප්ට්" එක යොදාගෙන වනාතමුල්ලේ මුඩුක්කු භාෂාවෙන් ප්‍රහාර එල්ල වූයේ ජනප්‍රිය කාන්තා බ්ලොග් වලටත්, එයට විරෝධය පෑ බ්ලොග් වලටත් වීම අහඹු සිදු වීමක්ද? එවැනි වැඩ වලට හුරේ දැමීමෙන් , දැනට කුණුවෙමින් පවතින සිංහල බිලොග් අවකාශය ගොඩ ගතහැකිද?

    6. රංගත් අභීතත් අනුන්ගේ බ්ලොග් වල හිට්ස්/කමෙන්ට් ගැන මෙතරම් උනන්දු ඇයි? මූලාශ්‍රය, රංගගේ කමෙන්ට් වැඩිකරන ක්‍රම විශ්ලේෂණය, සහ අභීතගේ සමහර කමෙන්ට් වලින් මේ අදහස ගම්‍ය වේ.

    7.දිල්ගේ ලිපියේ තිබුනේ ලිංගික කුහකත්වය නම්, මේකට කියන්නේ කුමන කුහකත්වයද?

    ReplyDelete
    Replies
    1. වේදිකා තොරණ් ගහන්න කලින් සනත් අය්යට, ඉංදික උපශාන්තට, මිලුශ් රන්දිමට වගේ අයට සල්ලි ටික ගෙවුවොත් නරකද සෑර්?

      Delete
    2. 1. මේකට උත්තරයක් ලෙසට දෙන්න තියෙන්නේ පැන නඟිනවා නෙවෙයි, පැන නග්ගගත්තා ලෙසටයි...

      2. ඒක ඇසිය යුත්තේ එහෙම කරන අයගෙන්... අදාල අය මෙතන උත්තර දේවි...

      3. අපහාස උපහාස කෙසේ වෙතත් ලිංක් දමා විවේචනය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමයි.. කමෙන්ට් එකකින් පළ කරනවාට වඩා වැඩි යමක් ඒ විෂය පථය පිළිබඳ කීමට ඇති විට. (මටනම් එහෙමයි..)

      4. දැන් දිල් කියන්නේ බ්ලොග් අවකාදයේ විවාද කල යුතු කෙනෙක් නෙවෙයි... ඇය නැති තැන ඇය ගැන කථා කිරීමට මම කැමති නෑ.. දිල් ඇවොත් කිසි ගැටළුවක් නැතුව මේ ගැන හේතු දැක්විය හැකියි...

      5. ඔය කියන කාන්තා බ්ලොග් වල ඇනෝ දාන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ... ඒ නිසා නමින් කමෙන්ට් කලේ කවුද, අඥ්ඥාත ප්‍රොෆයිල් වලින් කමෙන්ට් කලේ කවුද කියන එක විඥ්ඥාණිකව සිතා බැලිය යුතු වෙනවා... ඇනෝ ආතල් බ්ලොග් එක ගැන යමක් කිව යුතු නෑනේ.. මෙහි සිටින 90%ක්ම දන්නවා ඒක මොන්ටිසෝරි ලමයෙක්ගේ වැඩක් කියලා...

      6. ඔබ මෙතරම් සැලකිලිමත් ලෙස එය විශ්ලේශනය කිරීම සතුටට කරුණක්.. මගේ ලිපි ගැන කිව යුත්තේ මෙයයි.. බ්ලොග් අවකාශයේ එක එක රැලි නැගෙන වෙලාවල් තියෙනවා.. සරලම උදාහරණ ලෙස ගන්න පුළුවන් කකා බිහි කරන කක්ක, චූ, පඩ, කතා... ඒවා බලාගෙන අනිත් අයත් ලියනවා.. මමත් යම් කාලීන මාතෘකාවක් ආවම ඒ ගැන ලියනවා.. ඒකට එන ප්‍රථිචාර තමයි මේ ඔබ දකින්නේ... නමුත් ඒ කාලීන මාතෘකා ලියන හැමෝටම එහෙම හිට් නෑ කියලත් මම දන්නවා.. ඒකට ඉතින් මොනා කරන්නද? එක දෙයක් කිව යුතුයි.. මගේ බ්ලොග් එකට එන හිට්ස් මට ඕනවටත් වැඩියි... ඒ නිසා අළුතින් හිට් වැඩි කරගැනීමේ අවශ්‍යතාවක් මට දැනට නැහැ.. ඉදිරියේදී ඇතිවෙයිද කියාඅ කියන්නට බැහැ.. පැහැදිලි ඇති මම හිතන්නේ....

      7. මෙය කුහකත්වයක් ලෙස ඔබ අර්ථ දක්වනවානම් එයට සුදුසු නමක් ලබාදීම අප කල යුතු කාර්යයක් ලෙස මට හැගෙන්නේ නෑ...

      Delete
    3. දෙවෙනි ඇනෝ.... ඔබ මේ දාපු කමෙන්ට් එකට ඉතා ස්තූතියි... මම උඩින් දාපු කමෙන්ට් එක සාක්ශාත් කර ගැනීමට හැකිවීම සම්භන්ධව.. මෙවැනි කරුණු මාගේ හිතවතුන් පමණක් දන්නා කරුණු.. ඒ නිසා ඇනෝ ආපු ඔබ මාගේ හිතවතෙකු එහෙම නැත්නම් යහලුවෙකු වන බව මට කිසි ගැටලුවක් නෑ... ඔබ දන්න දෙයක් ගැන මාව අපහසුතාවයට පත් කිරීමේ චේත්නාවෙන් ඇසුවාට මගේ කිසි අමනාපයක් නෑ... නමුත් ඔබට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු අවැසි නම් මම දෙන්නම්..

      සනත් අයියා මට කලේ උදව්වක්.. එම ගනුදෙනු 2011 නොවැම්බර් 12 වන දින ඇරඹුන අතර සියල්ල 2012 අප්‍රේල් මස් 28 වන දින නිමා වුනා... වැඩි විස්තර සඳහා මේල් එකකින් අමතන්න.. සැක නම් සනත් අයියාගේ පවුලේ අයගෙන් ඒ ගැන විමසා බැලිය හැකියි...

      ඉන්දික උපශාන්තත් මට කලේ මිල කල නොහැකි උදව්වක්.. ඔහුට පොරොන්දු වූ දිනයට වඩා පරක්කු වුවත් අද ඒ ගණුදෙණු සියල්ල විසදුනා... ඒ පිළිබඳව ඔහුගෙන් ඔබට දැනගත හැකියි..

      මිලුශ් රන්දිමට මුදල් දීමට තියෙනවා.. එය යථා කාලයේදී ඔහු වෙත ලැබේවි.. ඒ ණය මුදල් නෙවෙයි.. ඔහු වෙත මා ලබා දිය යුතු හිඟ වැටුප් මුදල් වේ...

      වෙන යම් ගැටළු තිබේනම් ඔබට ඔවුන් විමසිය හැකියි... පිළිතුරින් සෑහීමකට පත් විය නොහැකිනම් පුද්ගලිකව මා අමතන මෙන් දන්වා සිටිනවා... මාගේ පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඔබ දක්වන උනන්දුව මිතුරෙකු වශයෙන් මම ඉතාමත් අගය කරනවා....

      Delete
    4. අභීත මචං, ඔළුව අත ගාල බලපන් උඹට අං දෙකක් එනවද කියල. උඹ ඔබා අයියා එක්ක හරි සෝරෝ එක්ක හරි තිබිච්චි ගනුදෙනු උඹේ හා ඒ ගොල්ලන්ගේ වැඩක්. ඒකට මේ පැත්තක ඉන්න එවුන්ට අත දාන තියෙන කැක්කුම මොකද්ද? මේ මෝඩ පැටවුන්ට උත්තරෙ දෙන්න යන්න එපා. කෙළින්ම කියපං ඉටි ඊස් නන් ඔෆ් යුවර් බිස්නස් කියලා. කොහෙද උඹත් ගොනා වගේ මුන්ට උත්තර දෙන්න යනවනෙ.

      Delete
    5. මචන්, මේ වැඩ තුන ගැනම දන්නේ හත් දෙනයි..., ඒකෙන් මේක දැම්මේ මොකාද කියන එක හිතා ගන්න බැරිවෙන්න තරම් මම බබෙක් නෙවෙයි.. ඒ නිසා ඔන්න ඔහෙ කියලා දැම්මා.. මම ඕකට උත්තර නොදෙන තාක් කල් හැම ඇනෝ එකකම ඔය වැඩේ වෙනවනේ මචන්.. දැන්වත් නවත්තයිද බලමු...

      Delete
  35. මේකෙන් වැඩිම ඇනෝ කමෙන්ට් ගානක් දාල තියෙන්නෙ අභීතම තමයි. අපි නොදන්න ඇනොනිමස් සහ අභීත.

    ReplyDelete
    Replies
    1. ඔබට එහෙම කියන්නට පුළුවන්.... එහි සත්‍ය අසත්‍යතාවය අනිකුන් විසින් තීරණය කරාවි...

      Delete
  36. අභීත මට දොස් කිව්වේ එයාගේ සයිට් එකේ වෙනත් අයට දොස් කියන්න ගිය නිසා එතන මම වැරදියි.මොකද ඕනෑම බ්ලොග් ඇඩ්මින් කෙනෙක් තමන්ගේ බ්ලොග් එකට එන අයට එක වගේ සලකන්න ඕන.ඒත් වෙනත් අය විවේචනය කලේ මාව නෙවෙයි මම ලියන ජ්‍යොතිෂය මිත්‍යාවක් කියලා.අභීත කවදාවත් ජ්‍යොතිෂයට දොස් කියලා නෑනේ.ඉතින් මම ඒව ගනන් ගන්නේ නෑ.මට ටිකක් හරි මල පනින්නේ මට බනින කොට නෙවෙයි ජ්‍යොතිෂයට බනින කොට.ඒත් කව්රු ජ්‍යොතිෂය නොපිළිගත්තත් මම කලබල වෙන්න ඕන නැහැ.ජ්‍යොතිෂය සත්‍යයක් කියලා බලෙන් ඇඟේ ගහන්න යන්න ඕනෙත් නැහැ.ඒත් නැවත නැවත මගේ අතින් ඒ වැරැද්ද වෙනවා.අනිත් පැත්තෙන් අනිත් හරක් ටිකත් ජේාතිෂයට බනිනවා.අපි දෙගොල්ලොම කාලයක් ගියාම වයසට ගිහිල්ල මැරිලා යාවි ඊලඟට එන උනුත් ඔය විදියට ජ්‍යොතිෂය ගැන වාද විවාද කරලා මැරිලා යාවී.ඒත් ජ්‍යොතිෂය කියන දේ ඉස්සර ඉදන් ආවා වගො දිගටම භාවිතා වේවි.
    ඒත් මම ජ්‍යොතිෂය ගැන ලියන එක නවත්තන්නේ නැත්තේ ඒකෙන් සයිබර් අවකාශයේ අය ජ්‍යොතිෂය ගැන උනන්දුවක් සොයා බැලිල්ලක් කරන නිසා.ඒක මට සතුටක්.කවුරු කොහොම කිව්වත් අපි වගේ අය එකෙක් දෙන්නෙක් හරි සයිබරයේ ඉන්න ඕන.අනිත් එක මට හොදටම විශ්වාසයි මම ලියපු ලිපි බොහොමයක් සර්වකාලීනයි කියලා.තව අව්රුදු 50 ක් 60ක් ගිහිල්ල වුනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 10:47 PM

      @ජෝති දරුව,

      ජ්‍යෝතිෂ ක්ශේත්‍රයේ වැඩිහිටියකු හැටියට ඔබ මේ කරන ලද අභීත ප්‍රකාශය ගැන මම උදක්ම ආඩම්බර වෙමි. පර සුද්දාගේ කසිකබල් බටහිර විද්‍යාව නොව ජ්‍යෝතිශය පරම සත්‍ය බව හෙළිකරන්නට ඔබට ලැබී ඇති ධෛර්යය රාවණා මහා රජතුමාගෙන්ම ලැබුණු එකකැයි සිතමි. ඔබ කියන දේ පරම සත්‍යයකි. සියල්ල අනියත මේ ලෝකයේ නියත එකම දේවල් රාවණා මහ රජතුමා හා ජ්‍යෝතිෂය පමණෙක්මය. ආයුර්වේද ඖෂධ බලයෙන් දීර්ඝ නිද්‍රාවකට වැටී ඉන්නා හෙළ රාවණා මහ රජතුමා මේ වසර අගදී ඒ දීර්ඝ නිද්‍රාවෙන් පිබිදෙන්නටත් ඉන්පසු සකල මහ විශ්වය ඒකඡත්‍ර කොට හෙළ පාලනයක් ගොඩ නැඟීමටත් නියමිතය. ඒ රාවණා මහා රජතුමන්ගේ සෙනෙවි රදුන් බවට පත්වන්නට උගත් නිර්භීත තරුණයින් පිරිසක් සිටිය යුතු වේ. ඔබ වැණි පර සුද්දාගේ කසි කබල් බටහිර විද්‍යාව වෙනුවට ජ්‍යෝතිශය හා ආයුර්වේදය බඳු සැබෑ හෙළ ශාස්ත්‍ර අගයන තරුණයින්ට මේ රාවණා විප්ලවයේ පෙරමුණ ගත හැක්කේය. ඔබ අනාගත රාවණාගේ සෙන්පතියකු වේය සිතමි. දරුව, ඔබට ජයක්ම පතමි.

      ස්වස්ති රාවණා සිද්ධම්!

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    2. අමතක කරහන් ජ්‍යෝති අයියා.. උබ කිව්වම තමයි මට මතක් වුනෙත් එහෙම සීන් එකක් ගියා කියලා...

      Delete
    3. @මීවනපලානේ රාජපක්ෂ
      අහා....අගනේය..නුඹගේ කමෙන්ටුව දැක ආඩම්බරයෙන් ඉපිළ ගියෙමි.නිද්‍රා ගතව සිටින රාවණා රජු අවදි කරවීමට ඔබගේ මෑණියන්ට හැකි වේ යැයි මාගේ අදහසයි.

      Delete
    4. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 11:22 PM

      @ජ්‍යෝති දරුව,

      ඔබගේ අදහසට නොවක් පින්. හෙළ මහ සෙන්පති රාවණා මහ රජතුමා ඔහු දැන් සිටින දීර්ඝ නිද්‍රාවෙන් නැඟිටවීමට මගේ මෑණියන් හෝ අන් කිසිවෙක් ඇවැසි නොවන්නේ මැයි. අනෙක මා මැණියන් දැන් සුසාන භූමියෙහි නිදන හෙයින් ඊට ඇයට හවුල් වන්නට ප්‍රායෝගික බාධාවක් තිබේ. ඔබත් මාත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා හෙළ ජ්‍යෝතිෂයේ සත්‍යතාවය කෙතෙක්ද යත් එම බලයෙන්ම රාවණා මහ රජතුමන් අවදිවනු ඇත්තේය. එවිට හෙළ ජ්‍යෝතිෂය ලොව සියළු ශාස්ත්‍ර පරදා යුගාන්ත සූර්යයා සේ බබළනු ඇත්තේය. දරුව ජ්‍යෝතිෂය තරම් සත්‍ය එතරම් අගනා අන් යමක් මම නොදත්තෙමි. එම ජ්‍යෝතිෂය මතු පරපුරට දායාද කරන්නට අගනා මෙහෙවරක් කරම ඔබටත්, ඔබවැනි පිනැති කුමරුවකු මෙලොවට බිහි කළ මැණියන්ටත් යහපතක්ම වේවා!

      මේ ඇඩ්වර්ටීස්මන්ටයකි.

      මීවනපලානේ රාජපක්ෂ සහ ගෝලයෝ - බ්ලොග් අවකාශයේ අනාගතය දක්වන්නෝ!

      1. වැරදුණොත් මුදල් ආපසු (වෙන කිසිම ජ්‍යෝතිශාස්තරඥයකු මේ ගැරන්ටිය නොසපයයි.)
      2. වන් ඉයර් වොරන්ටිය (අවුරුද්දක් ඇතුළත කියන දේවල් නිෂ්ඨාවටම සිදුවේ.)
      3. වෙබ් කෑම් මඟින් අංජනම් බැලීමේ පහසුකම (මේ මඟින් ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඔබටම හනුමන්තාගේ ගමන වෙබ් කෑම් මාර්ගයෙන් නිරීක්ෂණය කළ හැකිය. අනෙක් අය සපයන්නේ ස්කයිප් මඟින් ඵලාඵල කීමේ සේවාවන් පමණෙකි.)
      4. Paypal මඟින් ගෙවීමේ පහසුකම.
      5. හැම සේවාවක් පිණිසම මගේ ඥාතිවර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අත්සන සහිත පත්‍රිකාවක් නොමිළයේ. මේ පත්‍රිකාව ලංකාවේ ඕනෑම සුපර් මාර්කැට්ටුවකදී තමන්ට අවශ්‍ය ගෙදරදොර භාණ්ඩ වලට මාරු කර ගත හැකිය.

      Delete
    5. මීවනපලානේ රාජපක්ෂJuly 18, 2012 at 11:30 PM

      @ජ්‍යෝති දරුව,

      නුඹ ජ්‍යෝතිෂය නොපිළිගන්නවුන්ට හරක් කියා බැණ ඇත්තේ නුඹේ නොදැනුවත්කම නිසාය සිතමි. ජ්‍යෝතිෂය බඳු අතිශයින් වැදගත් ශාස්ත්‍රයක් ඇත්තේ මිනිසුන් අතර පමණක් නොවේ. ජ්‍යෝතිෂය යනු ගවයින් අතර පවා ප්‍රචලිත ශාස්ත්‍රයකි. නුඹ නොදන්නේ නම් එම ගව ජ්‍යෝතිෂය ගැන මතු කරුණු දක්වමි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    6. ගරු මීවනපලානේ රාජපක්‍ෂ මැතිදුනි ඔබ විසින් මා අදහස් කල දෑ වැරදියට වටහා ගෙන ඇත.මා අදහස් කලේ ඔබගේ මෑණියන් විසින් රාවණා රජුගේ නිද්‍රා සිරුර අභියස රාවණා මන්ත්‍රය 1008 වාරයක් මතුරා රාවණා රජු අවදි කර එම වටිනා කාර්යයට උර දුන් මහා වීර හෙළ කත බවට පත්වීමේ වාසනාව ඔබ මෑණියන්ට අත්වන බවයි.
      ඔබගේ මව සුසාන භූමියේ දැන් නිදන බව පැවසූ විට මා හට වැටහීමේ අඩුවකට මුහුණ දීමට සිදු විය.මව දැන් සූසාන භූමියේ නිදන බව පැවසූවේ ඈ පරලෝ සැපත් බව දැක්වීමටද එසේත් නැත්නම් ඇය මේ මොහොතේ සූසාන භීමියේ කවුරුන් සමඟ හෝ නිදන්නේද?
      ගරු මිවනපලානේ මැතිදුනි ඔබ වැනි ශේෂ්ඨයකු ලබන ආත්මයේදී මාගේම පුතකු වේවායි පතමි.එවිට මට ඔබගේ මෑණියන්ට ................... භාග්‍යය උදාවනු ඇත.

      "ශ්‍රී රාවණ සිද්ධම් "

      Delete
    7. මීවනපලානේ රාජපක්ෂJuly 19, 2012 at 5:13 AM

      @ජ්‍යෝති දරුව,

      ඔබේ අභිප්‍රාය ගැන මම අතිශය සතුටට පත්වෙමි, දරුව. නමුත් අවාසනාවකට මගේ මෑණියන් මියගොස් සිටින බැවින් එය මුදුන් පමුණුවා ගත නොහැකිය. අනුන්ගේ මෑණියන්ට ගරු කරන හැටි ගැන ඔබේ මෑණියන් ඔබට හොඳින්ම උගන්වා ඇති බැවින් ඒ කුල කාන්තාවට මම කෘතඥතාවය පළ කරමි. බොහොම පින්. බොහොම පින්.

      දරුව, ශ්‍රී රාවණා රජතුමන්ට මෙතෙක් ඔහුගේ අත්දැකීම් අනුව පසක් වී ඇත්තේ ජ්‍යෝතිශය මෙරට ඉතා විශාල පිරිසක් අභිසාරිකාවන්ගේ පුත්‍රයින් ජ්‍යෝශිෂයේ සත්‍යතාවය විශ්වාස කරන බවයි. එම අභිසාරිකා පුත්‍රයින් ජ්‍යෝතිශය කෙරෙහි ඇති අමිල විශ්වාසය අගයනු පිණිස නැවත දීර්ඝ නිද්‍රාවෙන් අවදිවන විට ඔවුන් සියළු දෙනාටම විශේෂ පදක්කම බැගින් පිදීමට රාවණා රජතුමා අදහස් කරයි. එහි "මම ජ්‍යෝතිශය පරම සත්‍යයයක් සේ විශ්වාස කරමි" කියා කොටා තිබේ. එම පදක්කමට එය ශරීරයට සවිකර ගැනීමට මිටක්ද ඇත. එම මිට අධෝ මාර්ගයට සවිකර ගැනීමේන් ජ්‍යෝතිෂය අදහන අභිසාරිකාවන්ගේ පුත්‍රයින්ට තමන් අකලංක රාවණා පාක්ෂිකයකු බව ලොවට පෙන්විය හැක්කේය.

      දරුව ඔබේ අවසාන ප්‍රාර්ථනාව නම් ඉටු නොවනු ඇත්තේය. මන්ද මා දැන් ජ්‍යෝතිශය හා අයුර්වේදය ප්‍රචලිත කිරීමට කරනු ලබන මෙහෙයේ පින් බලයෙන් මීළඟ ආත්මයේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපැදීමට නියමිත හෙයිනි. එසේම ඔබේ පෙර කර්ම ශක්තිය හේතු කොට ගෙන පෙර කරන ලද සුළු පාපකර්මයක් නිසා ඔබේ මතු ජන්මයේ සිවල් යෝනියේ උපත ලැබීමට නියමින බවත් මට චිත්ත සමාපත්තියට පිවිසි කළ අවබෝධ විය. එබැවින් ඔබේ එම බලාපොරොත්තු ඉටු නොවන බැව් කිව යුතුය. ඔබේ මේ ජන්මයෙහි පියා හා මවද මතු ජන්මයෙහිත් ඔබේ මව හා පියා වන බවද මට පෙණුනේය. වැඩි විස්තර අවශ්‍ය නම් නාඬි වාක්‍යම් ඉතාම නිවැරදිව කියන මගේ ගෝලයා ලවා ලබා දිය හැකිය.

      "ශ්‍රී රාවණ සිද්ධම් "

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  37. මට කියන්න ඕන එකම එක දෙයයි

    සිංහල බ්ලොග් අවකාශය කාගෙවත් බුදලයක් නෙවෙයි ,අද බ්ලොග් ලියන්න ආපු එකාගෙයි අවුරුදු 2 / 3 ලියන එකාගෙයි නෙමෙයි වැදගත් කම තියෙන්නේ ලියන ලිපියේ හෝ කවියේ අන්තර්ගත රසය අනුවයි ,රජාට පවුද්ගලිකව අපහාස වන විදියට රමීෂා දාපු පොස්ට් එක අන්තිමම පහත් වැඩක් ,එකේ රජා රමීෂා රංගගේ කරේ එල්ලෙන්න කලින් නිදාගත්ත කොල්ලෝ ගැන ලියලා තිබුනානම් එහෙම කලාට වැරද්දක් නැහැ .අනික රජා ගිරිඋල්ලේ ඉදන් ගල්කිස්සට ආවා වගේම රමීෂත් පට්ට ඩොටේ ඉදන්නේ කොලබට ඇවිත් තියෙන්නේ .අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මචන් අසේල උබට බ්ලොග් ලියන ගොඩක් උන් තාමත් සහෝදරයෙක්ට වඩා සලකනවා නමුත් උබට ඒ තියෙන ගරුත්වය උබේ ගෑනී අනවශ්‍ය ලෙස මෑතක ඉදන් පාවිච්චි කරනවා ඒකෙන් පීචං වෙන්නේ උබවයි මචන් මට ඒ ගැන කනගාටුයි ඇත්තටම ....

    ReplyDelete
  38. දැනට එකම එක කමෙන්ට් එකක් මැකුවේ වෙන කරුණක් නිසා නෙවෙයි.. වෙන කෙනෙකුට ඉතා දරුණු ගනයේ මඩ ප්‍රහාරයක් එල්ල වී ඇති නිසයි.... මට ගහන මඩ වලට මුහුණ දීමට මට හැකියි.. මිනිහෙක් වැසිකිලියට ගියාම වුනත් එහි හැසිරෙන විදිහෙන් පෙලපත ගැන කීමට හැකියි..ඒත් කමෙන්ටුව දැමූ ඔබ ගැන මම එසේ සිතුවේ නෑ කිසි දිනෙක...

    ReplyDelete
  39. Replies
    1. බ්ලොග් ලියන්න අලුතින් ආපු අයට කබ්බෝ කියලා කියපු ඔයාගේ මානසිකත්වයත් කොහොම එකක්ද කියලා අපි තේරුම්ගත්තා රංග ...

      Delete
    2. කළින් උන්න ඇනෝලට කදිම උත්තරයක්... උඹ හිතන්නේ ඔහොමනම් මට ඒකට කරන්න දෙයක් නෑ මචන්.... මම උඹ වෙනුවෙන්වත් උඹ මම වෙනුවෙන්වත් පෙනී සිටිය යුතු නෑ..

      උඹ කිව්වත් වගෙ මේක මගේ බ්ලොග් එක... ලියන්නේ මට ඕන දේවල් සහ මට හිතෙන දේවල්...

      සමහරවිට උඹ හරි ඇති.. නැත්නම් මම හරි ඇති... ඒත් අවබෝධයෙන් කියෙව්වනම් තේරෙයි මේ පහුගිය සංසිද්ධි නිසා ලියා, මේ වගේ දේවල් වැලක්වීම අරමුණුකොට ලියූවක් මිස කිසිවෙකුගේ නම් සඳහන් කිරීමකින් තොරව ලියූවක් බව... එයින් වෙන පිරිසක් ප්‍රයෝජන ගත්ත බවත් ඔබට තේරුම් ගත හැකිනම් මම සතුටු වෙනවා මචන්...

      Delete
    3. බ්ලොග් ලියන්න අලුතින් එන උන් කබ්බො තමයි. තමන්ගෙ නම තව කෙනෙක්ට තියෙනවයි කියල මැරෙන්න හදන උන් අලුත් විද්‍යාත්මක කරනු වලට වඩා පුස්කොල පොත් වල තියෙන ඒවා ඇත්තයි කියන උන්ට කබ්බෝ නොකිය වෙන මොකක් කියන්නද

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. @AnonymousJuly 18, 2012 11:07 PM
      ඔයා ඉපදිලා ඇත්තෙත් අර විද්‍යාත්මක විදියට වෙන තාත්තා කෙනෙක්ගේ බීජ වලින් වගේ ....

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  40. අපි නම් දැන් අවුරුදු ගණනක් තිස්සේ ඇනෝනිමස් භාවිතා කරයි. නමුත් තර්ක කිරීමට නොදන්නා නිසා පුද්ගලිකත්වයට පහර ගසා අතේ ගසන්නට නොව වදින තැනට තාර්කිකව රිදෙන්නටම පහර දෙන්නටය. අප දැන් මේ දකින්නේ බිකිනියක් ඇදන් සිටින කෙල්ලෙන් දැක අතේ ගසන උන් බ්ලොග් ලියන්නට පටන්ගැනීමත් සමඟ සිංහල බ්ලොග් වලට සහ ඇනෝනිමස්ට සිදුවී ඇති විනාසයයි.

    ReplyDelete
  41. මම නං අළුත් බ්ලොග් ලියන්න.
    කියවන අතිං නං සෑහෙන්න පරණයි.
    (හැබැයි කමෙන්ට් කලේ ඇනෝල විදිහට)
    ඔය කියන විදිහට මම මොන කැටගරිද දන්නෙ නෑ.
    හැබැයි මම බ්ලොග් එකේ ලියන්නේ මට හිතෙන දේ සහ මගේ හිතේ මැවෙන නිර්මාණ.
    ඒවා ලපටිද මෝරලද කියන එක තීරණය කරන්න ඕනා බලන අය.
    නියම පෝස්ට් එකක් අයියේ ජයවේවා..
    පක්ෂයක් තියෙනවනං හොද විපක්ෂෙකුත් තියෙන්න ඕනා..

    ReplyDelete
  42. ටික දවසකට කලින් රංගයයි අභීතයයි එක කල්ලියේ ඉඳන් දිල්ට ගහල එලෙව්වා කියල කට්ටියක් උඩ පැන්නා , දැන් රංගයි ගැනියි එකතු වෙලා අභියට නෙලනවා . අහියගේ අරමුණ මොක වුනත් ඇනෝ කමෙන්ට් වලට උත්තර දෙන්න තරම් කොන්දක් නැති රංගයටයි උගේ ගැනිටයි වඩා නම් අභීය සැහෙන්න හොඳයි

    ReplyDelete
    Replies
    1. රංගගේ හෝ ඔහුගේ බිරිදගේහෝ වෙන අයෙකුගේ හෝ මාත් එක්ක තියෙන ගැටළුවක් මට ඔවුන් සමන්න සාකච්ඡා කර විසදා ගත හැකි බව පමණක් ඔබට කියමි.. හබන් කුකුලෙක් වීම ඔබේ අනාගතයට බාධාවක් විය හැක...

      Delete
    2. මේවා උත්තර දෙන්න ප්‍රශ්නද? නැත්තම් මානසික අසහනකාරයෝ කියන ඒවද කියලා හිතල බලපන්

      //රමීෂා ඔයා හිතන් ඉන්නේ ඔයා හෙනම රැඩිකල් කියලා නේද ? බීපු පලියට දුමක් දැම්මට ලොකු ටෝක් දුන්නට රැඩිකල් වෙන්නෑ රමීෂා. නිකං දෙන්නැතව යන්න//

      //රමෙශා කියන්නේ ගොන් තඩියෙක් බන්, උබ එකිව පුම්බන්නෙ. ගාල්ලෙ අපි නොදන්න රන්ගයා.......පුක තමා//

      මට පේන විදිහට මේ දිගින් දිගටම රමේශට අපහාස කරන්නෙ ඔය රජා කියන එකාමයි.
      ඒවා දිහා නොදැක්ක ගානට ඉන්න අභීතටත් ඕනෙ හිට්ස් කොමෙන්ට් වැඩි කරගන්න විතරයි කියන එක දැන් සැකයක් නැ

      Delete
    3. බ්ලොග් අවකාශයට අහසින් පාත් වෙච්ච පුද්ගලයෙක් ඇර මෙහි ඇත්ත නැත්ත නොදන්නේ කවරෙක්ද? ඒ වගේමයි මෙහි පදනම කුමක්දැයි වටහා ගැනීමට අසමත් අය මෙය කියවනු ඇත්ද? මේවා ඩිලීට් කරලා අණුවන ඇනෝලා පිම්බීමට මට අවශ්‍ය නෑ කොහොමත්....

      Delete
  43. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අදාල දේවල් පමණක් පළ කරන්න... අනවශ්‍ය මඩ ගැසීම් නොකරන මෙන් දන්වමි...

      Delete
  44. අරමුණ යහපත් වුනත් නැතත් මේවගේ පෝස්ට් වලින් මඩ ගසන්නට වේදිකා හදා දීම තමා කෙරෙන්නේ . රමේශායි රජායි අතර බ්ලොග් වලියක් ගිය බව දැනන් හිටියේ නැති අයත් දැන් දැන ගත්ත . ගහගෙන මරාගෙන හරි ඒ ඒ බ්ලොග් වලින් ප්‍රශ්නේ කතා වෙනවා නම් මෙව්වා දුර දිග යන්නේ නැහැ . ඇවිලෙන ගිනි වලට පිදුරු දමන්න එපා .

    ReplyDelete
  45. මමත් බ්ලොග් කියවන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙන නිසා ගොඩාක් වලි දැකලා තිබුනා.... ඇත්තටම ඒ දවස් වල වලි තිබුනේ මොනව හරි පොස්ට් එකක ලියපු දෙයක් ගැන උනත් ඇත්තටම දැන් නම් මේ වලි ඔක්කොම දුවන්නේ පුද්ගලික මති මතාන්තර දිගේ දුවනවා විතරයි....

    මෙතන මට කියන්න තියෙන දෙයක් කියනවා.... ප්‍රවින බ්ලොග් කරුවෝ, නවක බ්ලොග් කරුවෝ කියන වෙන් කිරිමක් ගැන හිතාන ඉන්න අය නිසා තමයි බ්ලොග් ලොකේ සවුත්තු වෙලා තියෙන්නේ..සමහර ප්‍රවින අය කියන අයගේ බ්ලොග් වල බලන්න දෙයක් නැ... නවක කියන අලුත් බ්ලොග් වල ඇත්තටම බලන්න දේවල් තියනවා...

    ලියන කෙනා කොයි තරම් කල් ලිවද කියන එක නෙමේ වැදගත්.. ලියන ලිපියේ වැදගත් කමයි... ඒ ලිපිය වැදගත් කියලා කියන එකේ තේරුම ඉගන ගන්න දෙයක් හිතන්න දෙයක් තියනවා කියන එකම නෙමේ... මොකද ඉගන ගන්න මෙතනටම එන්න ඔනේ නැනේ.. විවිදත්වයයි වැදගත්....

    ඇනෝ නමින් කමෙන්ට් කරන අය වෙනදාට වඩා වැඩි වෙලා තියෙන්නේ දැන් එක තමන් මහ ලොකු මිනිස්සු කියලා හිතාන ඉන්න කණ්ඩායමක් තමන්ට ජනප්‍රියත්වක් නැති නිසා ඒක දරා ගන්න බැරිවන දගලන සිහින , කාව්‍යා වගේ බස් රේඩියෝ එකත් කන අමන ‍රැලක් නිසා මයි. මෙතනත් ඇවිත් සුදු හුනු ගාලා ගිහින් තියෙන්නේ.... වැඩි දවසක් නටන්න වෙන්නේ නැ ඔය හැමෝටම

    රංග රමිශා අපිට ෆැමිලි ලයිෆ් වැඩක් නැ. ඒක තනිකරම අපායක්නේ

    ReplyDelete
    Replies
    1. ඔයාත් රියල් ඇනෝකම කෙසේ වෙතත් බස් රේඩියෝවත් එක්කනම් ඉතා දැඩි මලෙන් ඉන්න විත්තියනම් මට සෑහෙන කලෙක ඉදන් පෙනුනා ඇනෝ.... රංගගෙයි රමීශගෙයි ෆැමිලි ලයිෆ් එක අපායක් කියන්නෙ උඹ හොරෙන් බලන් හිටියද?

      Delete
    2. රියල් ඇනොත් පුද්ගලික අපහාස එපා කිය කිය රංගටම පාර ගහනව නේද? හිනා කාලා බඩ දඟලනව ඕයි :-D

      Delete
    3. එක හොරෙන් බලාගෙන ඉන්න ඕනාද අභිත.... ඕන ඇස් පේන කෙනෙකුට පෙනවනේ දෙන්නගේ හැසිරිම... මට ඒ ගැන කතා කරන්න උවමනාවක් නැති නිසයි.. ඒ ගෑන කතා කරලා අභිත ලොක්කාගේ හිට්ස් මේනියාව වැඩි කරන්න ඕනේ නැති නිසයි ඒක ගැන ඕනේ නැ කිවේ තේරුම් ගන්න ඇති කියලා හිතනවා

      බස් එක්ක නම් මගේ කිසිම මලක් නැ... ඒත් ඔය සුදු හුනු වලට කැමති නැ..

      මිස්ට අභිතගේ පොස්ට් එකකම දවසක් සුදු හංසි බ්ලොග් ටෙරා ලට බනිනකොට ඇවිත් කියලා තිබුනා නේද මම ටෙරා නෙමේ කියලා ඇදගෙන නාලා තිබුනනේ විහින් තොප්පි දාගෙන

      Delete
    4. ඇනෝ....... කොහෙද රංගට පහර ගහලා තිබුනේ ( මිස්ට අභිතගේ කමෙන්ට් මේනියාවටත් සපොට් කරන්න ඕනනේ )

      Delete
    5. උඹ සල්ලි දෙනවද උන්ට ජීවත් වෙන්න... හොද වාදයක් ගෙනෙන් මචන් කරගෙන යන්න.. අනුන්ගේ කුණු අදින්නේ නැතුව,, සුද්දා මොකට හැදුවද මන්දා රියල් කියලා වචනයක් උඹලා වගේ උන්ට පාවිච්චි කරන්න.....

      Delete
    6. අභිත මචන් මෙතන අන්තිම වචනේ විතරයි දැන් අවුල එහෙම නේද? එත් දැන් අභිතට ඕන වෙලා තියෙන්නේ රංග එක්ක තියන මල නැ කියලා ශේප් වෙන්නද?
      මම කාටවත් සල්ලි නම් දෙන්නේ නෑ අනික රංග වගේ එකෙකුට සල්ලි දෙන්නේ ඇයි කාගෙන්වත් හිගා නොකන රියල් මනුස්සයෙක්නේ..
      අනිත් එක මම ෆැමිලි ලයිෆ් එක ගැන කතා නොකරනවා කිවනේ... මම කිවේ අපායක් කියලා උන් දෙන්නගේ බ්ලොග්

      Delete
    7. අන්න එහෙම එන්න... ඔය ඇවිත් තියෙන්නේ කොල්ලා පාර දිගේ...

      Delete
    8. මම කොහොමත් පාර දිගේ තමයි ආවේ අභිත තමා පාර වරද්ද ගත්තේ.... ඒවට අපිට කරන්න දෙයක් නැ... මාරයාගේ දවල් බත් එක කාලා... පොඩි කුමාරිහාමිගේ ආදර ටොපිය ඩෙසට් එකට කාලා.. රංගගේ රමිශාගේ ආතල් එක අරන් ‍රැට කියවන්න බ්ලොග් තියනවා කියලා හිතනවද අභිත ඒ කාලේ අපි කියවපුවා වගේ... තියනවානම් තුන හතරක්වත් කියපන්

      Delete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කබ්බෝ... මම දැන් එක පාරක් කිව්වනේ,,,, මගේ බ්ලොග් එකේ ජරා කරන්නේ නැතිව කරුණාකරලා වතුර බාල්දියකුත් අරන් වැසිකිලියට යනවද? මේවා ඒ තැන්වල බලාගන්න...

      Delete
    2. මම කිව්වේ මේ ප්‍රශ්නේ ඇතිවෙන්න මුල ....

      Delete
    3. උඹ මුල කියලා දන්නේ ඔතනනම් උඹ අවංකවම කබ්බෙක් මචන්... :ඩී

      Delete
    4. අභීත මහත්තයෝ ඔයා දාලා තියෙන මාතෘකාව ආයෙත් කියවල ආවොත් නරකද ?

      Delete
  47. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අහිංසක කබ්බෝ,,, ගිහින් බලලා වරෙන් අර රනා කියපු කතාව මගෙ පෝස්ට් එකේ යටම ඇති... උඹට තියෙන්නේ මනුස්ස ආත්මයක්.. අපරාදෙ තිරිසනෙක් වගේ හැසිරෙන්නේ.....

      Delete
    2. එකද උබ අපේ සල්ලි වලට පොල්ල තිබ්බේ ?

      Delete
    3. මුට්ටිය දැමීමක් ලෙස මැකෙන බව දැන දැන අකමැතිම කොම්මෙන්ට් එකක් දැම්මා.කාල කන්නි අපහාසේ.
      මට මේ හැමදේකින්ම තේරුම් ගන්න පුළුවන් උනේ,අභීත මැතිතුමා විසින් රංග මහතා සහ මැතිනිය ආරක්ෂා කරන්න යනවා කියන කටුක සත්‍ය.ඔබ තුමා මෙතැනදී පුද්ගල අපහාස වලට කැමති නැති බව පෙන්වන්න කොම්මෙන්ට් මැකුවත් අපි කතාකරන පොස්ට් එකේ තිබ්බ නිර්දය පුද්ගල අපහාසෙට හුරේ දැම්ම එක විතරයි ඔබතුමා කරේ.ඔබ තුමා ඒ වෙලාවෙවත් විනිවිද භාවයකින් යුතුව හැසිරුනා කියල කියන්න අමාරුයි.අපි කවුරුත් පරිපුර්ණ නෑ.එත් මේක පටන් ගත්තේ රජා නෙවෙයි.ප්‍රශ්නයේ මුල මතක නැතුව දැන් කතා කරන්න එපා.මම හිතන්නේ කැමැත්තකින් නොකෙරුවත් සමහර දේවල් අපිට කරන්න වෙනවා කියලා.ඔබ තුමා එක්ක තරහක් නෑ.කලකිරීමක් විතරයි.

      Delete
  48. රමේෂගෙ වෙලාවද මගෙ වෙලාවද දන්නෙ නැහැ. උඩින් තිබ්බ ඇගෙ කමෙන්ට් එකකට හරවත් රිප්ලයි එකක් දාන්න හදනකොට බලාගෙන ඉන්නකොට වගේ ඒවා ඩිලීට් වුනා.. :(

    රමේෂා July 9, 2012 10:51 AM

    උඹේ පෝස්ටුව කියෙව්වා.. ඒක ගැන කියන්න මහ හුගක් දේවල් තියනවා. ඒකේ ඇනෝලා මටත් නෙළලා තියනවා. ඒත් උඹේ බ්ලොග් පෝස්ට් එකේ මගේ නමක් ගෑවිලා වත් නෑ. තමන් ලියන දේට කමෙන්ට් කිරීම තුලින් පුද්ගලික කුහකත්වය තරහා පිට කර ගන්න ඇනෝලට ඉඩක් දීම ගැන මට උඹ ගැන තියෙන්නේ ප්‍රශ්ණාර්ථයක්. මම නම් පුද්ගලිකව අදාළත්වයක් නැතුව කෙනෙකුගේ පුදගලික තරහා ඇනෝ කමෙන්ට් හරහා මගේ බ්ලොග් පෝස්ට් තුළින් පිට කරගන්න ඉඩක් දීලා නෑ. එහෙම වුනොත් අපිත් කරන්නේ කුහකයින්ගේ අපහාස වලට ඉඩක් දීම.. අනිත් එක උඹ උඹේ පෝස්ට් එක මුල ඉදලා කියවපං.ඊටත් පස්සේ කමෙන්ට් කියවපං.ඊට පස්සේ ඒ කමෙන්ට් වලට උඹ දීලා තියෙන උත්තර කියවලා බලපං. ඕනම කෙනෙක් කියලා තියෙන දේත් එක්ක උඹ එකග වෙනවා. කෙනෙක් ඔව් නේද කිව්වොත් උඹ ඔවි කියලා. නෑ නේද කිව්වොත් උඹ නෑ කියලා.එතකොට මෙතන උඹේ තනි මතයක් නෑ. අනිත් එක උඹේ බ්ලොග් පෝස්ට් එකේ ලියවිලාවත් නැති මගේ නම ගාවලා පුද්ගලික අපහාස දාලා තියෙන ඇනෝ කමෙන්ට් වලටත් උඹ පුක දීලා. එතකොට උඹේ විරුද්දධත්වය සහ මතය තියෙන්නේ මොකක් ගැනද??මෝකට විරුද්ධවද??

    සෑම්ගේ ඕනෑම පොස්ට් එකකට කිසිදු අදාළත්වයක් නොමැතිව වුවුද ඕනෑම ඇනො කරුවෙක්ට ගොස් පුද්ගලික අපහාස කිරීමේ නිදහස ඇත.. මම අන්තිමේදී ඒක විතරයි තේරුම් ගත්තේ...

    ** මම හිතං හිටපු කොන්ද තියෙන කෙල්ලකගෙ ප්‍රතිරූපය උඹට දැන් නැහැ රමේෂෘ. අවාසනාවට ඒක උඹෙන් ඈත් වෙලා. සාමාන්‍ය කෙල්ලකගේ ගානටවත් ඒක හදා ගන්න බලපං.

    උඹට ජය !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අභිත මෙතන තිබුනු කමෙන්ට් එකේ වැරද්ද මොක්ක්ද? ඇයි රමිශා ගේ බ්ලොග් එක ගැන කියන කොට ඔහොම අවුල් වෙන්න්නේ

      සිරාවටම කියපන් උගෙන් කියක් හරි ඉල්ලගන්නද හදන්නේ...

      Delete
    3. ඔව් මචන්, උඹ ඒකටත් කෙළින්නද හදන්නේ,,,,,

      Delete
    4. මචං සෑම් උඹ දැන් මෙතන උඹ රමේෂාගේ බ්ලොග් පෝස්ට් එකට දාලා තියෙන කමෙන්ට් එකට රමේෂා දුන්න උත්තරයට ඇයි පිළිතුරු කමෙන්ට් එක අභීතයාගේ බ්ලොග් පෝස්ට් එකේදී දුන්නේ???

      කෝ එතකොට උඹේ කොන්ද??
      ‍ඇයි උඹ උඹේ උත්තරය රමේෂාගේ බ්ලොග් එකේ දැම්මේ නැත්තේ??
      ඇයි උඹ රමේෂා උඹෙන් අහලා තිබුනු එකකටවත් හරියට උත්තරයක් දුන්නේ නැතුව කොන්දක් ගැන අහන්නේ??

      වළව්ව් දාගෙන මුර බල්ලෝ පුරවගෙන නයි අරින අය්යලට කැමරාව ඉස්සරහා ඇදුම් ගලවලා පෙන්නන බ්ලොග් වලින් මිනිස්සු හුරතල් කරන කෙල්ලන්ට වඩා ඔය එකක්වත් නොකරන රමේෂාට කොන්දක් තියනවා.සමහර වෙලාවට එකග වෙන්න බැරි විදියේ මත ඉදිරිපත් කරත් රමේෂා කෙලින්ම අහන්න ඕන දේවල් කියනවා.හැම එකාටම රජා ගැන රමේෂා ලියපු පෝස්ට් එක ගැන නගින්න ගත්තේ ඒ හැම එකාටම බිකිනි ඇදන් යන ගෑනියෙක් දැක්කහම කෙලින් වෙන නිසා.

      අනිත් එක උඹලට බ්ලොග් පෝස්ට් වලට වඩා අමාරුවක් තියෙන්නේ රංගගෙයි රමේෂගෙයි කසාදේ.දැන් මේ බ්ලොග් ලෝකේ ඉන්නේ ඉරිසියාකාරයෝ විතරයි.

      Delete
    5. මගෙ කොන්දට කලින් අතගාල බලපං උබේ කොන්ද, ඇනෝ කියන්නේ කොන්ද විතරක් නෙවේ අහවල් එකත් නැති වුන්. දැන් කියපං බ්ලොග් එකක් නැති නිසා ඇනෝ ආව කියලා

      රමේෂගේ තියෙන්නේ එදා මට කියපු විදිහේ දෙපැත්තටම හා කියන ප්‍රතිපත්තිය බව එතන තර්ක කරනවට වැඩිය මම මෙතන එයාගෙම කමෙන්ට් එකෙන් ඔප්පු කලා. එතන නිකං වැටීගෙන දගලන්න ඕනෙ නැහැ මගෙ හිතේ.

      මොකද අපි උඹ හිතන ප්‍රමාණයට වඩා උගත්. ඒ වගේම හැදියාවක් තියෙන එවුන් !

      Delete
    6. වළව්ව් දාගෙන මුර බල්ලෝ පුරවගෙන නයි අරින අය්යලට කැමරාව ඉස්සරහා ඇදුම් ගලවලා පෙන්නන බ්ලොග් වලින් මිනිස්සු හුරතල් කරන කෙල්ලන්ට වඩා ඔය එකක්වත් නොකරන රමේෂාට කොන්දක් තියනවා.සමහර වෙලාවට එකග වෙන්න //බැරි විදියේ මත ඉදිරිපත් කරත් රමේෂා කෙලින්ම අහන්න ඕන දේවල් කියනවා.හැම එකාටම රජා ගැන රමේෂා ලියපු පෝස්ට් එක ගැන නගින්න ගත්තේ ඒ හැම එකාටම බිකිනි ඇදන් යන ගෑනියෙක් දැක්කහම කෙලින් වෙන නිසා.

      අනිත් එක උඹලට බ්ලොග් පෝස්ට් වලට වඩා අමාරුවක් තියෙන්නේ රංගගෙයි රමේෂගෙයි කසාදේ.දැන් මේ බ්ලොග් ලෝකේ ඉන්නේ ඉරිසියාකාරයෝවිතරයි.//

      ගෑනියෙක් එක්ක බුදිය නොගත්ත අවුරුදු 20 ක කොල්ලෙකුට බිකිනියෙන් නොවැසුණු තැන් දැකල කෙලින් වෙන්ඩ පුළුවන්.( වැල්ල අවට නෙමේනම් ) සමහර එවුන් හෙළුවෙන් හිටියත් නගින්නැති වෙන්න පුළුවන් , හරි උඹේ තර්කෙ විදිහට ඒක අස්වාබාවිකයි කියමු.එත් මෙතන තියෙන්නේ සදාචාරයක් ගැන ප්‍රස්නයක්.අදුර ගන්න පුළුවන් විදිහට ලියන එකෙක්ව ලිංගික ප්‍රශ්නයකට කොටුකරගෙන ගහපු එක. එතකොට උඹල රමීෂට කිඋවද රජා කොහොමද කෙල්ලට මුණ දෙන්නෙ,යාලුවන්ට මුණ දෙන්නෙ කියල.** මගේ ලිපියෙන් ගණිකාවක් කුපිත වේ කියල රජා පොස්ට් එකක් දාල ලින්ක් එකට ඌට ගහපු එකට ලින්ක් එකක් දැම්මොත් උඹ මොකද කියන්නෙ.රැඩිකල් කියල තව එකෙකුට කෙලිනවනම් තමන්ට කෙලිනකොටත් දරාගන්න වෙනව.හෙළුවෙන් පාරට ආවොත් හුවක් කන්නම වෙනව.අනික උන්දෙන්නගේ පවුල් ජීවීතේට ඉරිසියා කරන්න තියන දේ මොකද්ද ?උඹට ඉරිසියාද ? යකෝ යාලුවෙක් උනත් ජරා වැඩක් කලොත් කියල දීපන්.ඒක තමයි යාළුකම

      Delete
  49. ඔක්කෝටම කලින් කියපන් . . මේක කව්ද ලියලා දුන්නේ? හික්ස් . . .

    සහතික ඇත්ත කතාව බන් . . . .

    අඩෝ සිරාවට කවුද බන් මේ පෝස්ට් එක ලියලා දුන්නේ . .

    මොකෝ කියන්නේ මරා ගමුද ඒ අහපු එකට ? :D

    ReplyDelete
    Replies
    1. කෙළගමු ලොකු අයියේ.. මොන මඟුලක්ද? උඹම පටන් ගනින් එහෙනම්......

      Delete
  50. කොමෙන්ට්ස් දිග වැඩී බන් කියවන්න වෙලාව්ක නෑ . . හම්බ වෙච්චි වෙලාවක උඹම කියපන් . .

    ReplyDelete
  51. අභිත බ්ලොග් කරයෝ මරාගන්නේ ඇයි කියලා අහලා අයි ඩොන්ට් නෝ වයි කියලා උබ ඒක දන්නෙත් නැ කියනවා නම් කියලා දෙන්න යනකොට ඒ කමෙන්ට් මකන්නේ නැතුව ඉදපන්.. බ්ලොග් කාරයෝ කියපුවහම ඔක්කොම එකයි උන් මරාගන්න හෙතු අහපුවහම උන්ගේ බ්ලොග් එක මේක නොවුනට මේක උබේ බ්ලොග් එක උනාට උබ අහපු ප්‍රශ්නේ උන් ගැන නිසා උන් ගැන කියන්න වෙනවා... එක නිසා පොඩ්ඩක් හිතලා බලපන්... අනික උබ දැන් ගැලපෙන්නේ නැ කියලා මකන්නේ රමිශාට ගහලා තියන ඒවා විතරමනේ.. ප්‍රවිනලා, රාජාලා ඒවාත් මකපන්කෝ... එහෙම නැත්නම් මේ පොස්ට් එකම මකලා දාපන්..... අනිත් එක බන් උබේ ලග ඉන්න උන්ට විතරද බනින්න බැරි

    කාඩ් බොඩ් විරයෙක් වෙන්න දගලන්න එපා

    ReplyDelete
  52. ලිපි විවේචනය වෙන්න ඕන හැබැයි ලියපු එක්කෙනාගෙන් ස්වායක්තව! ලිපියේ අන්තර්ගතය තමයි විවේචනය වෙන්න ඕන!ලියපු කෙනාව නෙවෙයි! ලිපි විවෙචනය වෙන්න වෙන්න තමයි ඒවයෙ හරවත් බව වැඩි වෙන්නේ! පිස්සු ලියන්න කලින් ලියන එකා දෙපාරක් හිතන්නේ..ඕක තමයි මගේ මතය!

    ReplyDelete
  53. සාමාන්‍යයෙන් බ්ලොග් ලියන්නේ යම් සාක්ෂරතාවක් උගත්කමක් (බුද්ධිමත් නෙමේ) තියෙන උන්.හැබැයි අර කකා කියන්නැහේ බ්ලොග් ලියන උනුත් මේ සමාජෙම කොටසක්.කිරි දරුවෝ දුෂණය වෙන, ගෙඩි පිරින් හොරා කන,හැම අතින්ම පිරිහුණ සමාජෙම කොටසක්.එතකොට ඉස්සර හොඳයි අද නරකයි කියන එක කියන්නත් දෙයක් නෙමෙයි.ප්‍රමාණාත්මකව සිංහල බ්ලොග් වැඩි උනාට ගුණාත්මකව වර්ධනය වීමක් කොහොම වෙන්නද? අනික් අතින් මේ බ්ලොග් අවකාශෙත් වික්‍රමබාහුගේ නව සම සමාජේ වගේ.මිනිහ කතා කරන්නේ හරියට මුළු ලංකාවම මිනිහ දිහා බලන් ඉන්නවා වගේ හැබැයි පක්ෂේ කට්ටිය ඔක්කොම ත්‍රීවිල් එකක දාල අරන් යන්න පුළුවන්....තව එකක් පොස්ට් එකට අදාලව කියන්න ඕන, මම බ්ලොග් කියවන මිනිහෙක් මිසක් ලියන්න අදහසක් නෑ.( වෙන දේවල් දැක්කම හිතෙන්නෙත් නෑ )මම වගේ පාඨකයෙකුට පේන දේ තමයි එන්න එන්නම කියවන්න දෙයක් තියෙන තැන් අඩු වෙන එක.උදාහරණයක් දුකාගේ බ්ලොග ඉස්සර කොච්චර රහක් තිබුනද ? දැන් ?...ඉතින් ඕව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ බ්ලොග් අවකාශෙත් සමාජෙම කොටසක් නේ..ඉස්සර සින්දු කියපු නන්ද මාලනී දැන් ඒවාට ලං වෙන්නවත් පුළුවන් සින්දුවක් කියනවද? වික්ටර් අයිවන් වගේ පත්තරකාරයෙක් අන්තිමට ගොට්ටෙක් වෙලා රිටයර් වෙලාම ගියේ.මහා සමාජේ එහෙමනම් ඒකෙම පාර්ට් එකක් උන මේ චුල සමාජේ ගැන කවර කතාද ?

    ReplyDelete
  54. මෙතන වැඩි පුර තියෙන්නේ රංග ගේත් රමේෂා ගේ ගැන මඩ විතරයි.ඒත් ඒ දෙන්නගේ භාෂාව කෙනෙකුට තියෙන ගරු කිරීමක් නැහැ. මම දාපු කමෙන්ට් එකත් පල කලේ නැහැ එයාගේ බ්ලොග් එකේ. ඒ කිසිම කමෙන්ට් එකක කාටවත් මඩක් තිබ්බෙත් නැහැ. හැබැයි මම දාපු කමෙන්ට් එකට උත්තර නැති නිසාදෝ ඒ කමෙන්ට් එක පල කලේ නෑ.

    රංග අලුත් අයට කබ්බෝ කියන්න තරම් එයා පොරක් වෙන්නේ නැහැ.එයා පොර එයාගේ වටේ ඉන්න පිරිසට විතරයි තමන් ගැන තමන්ම ආදී තක්සේරුවක් තියෙද්දී තමා මේ වගේ සිතුවිලි එන්නේ. ඒක එක එක්කෙනාගේ මානසිකත්ව. ඒ දෙන්නාම දාපු කමෙන්ට් මකන්න තරම් හේතුව දන්නේ නැහැ.විවේචන වලට වැඩිය තමාගේ බ්ලොග් එකේ තව කෙනෙක්ට මඩ ගහල ඇනෝ කමෙන්ට් නැති කරලා තමන්ට වාසි වෙන කමෙන්ට් පල කරන්නේ තියෙන කුමක් හෝ බයකට.

    "මා හරි උගතා මා හරි ජගතා
    හිතනා මිනිහා මෝඩයෙකි"

    ReplyDelete
  55. අභීත,

    මුලින්ම උඹ මේ ලිපිය නොලිව්වා නම් හොඳ බවයි මගේ පෞද්ගලික අදහස. උඹ කළ හතර අතේ පෙට්‍රල් වැක් කෙරිලා තියෙන වෙලාවල ගිනි කූරක් ගහල දානවා වගේ බාල වැඩක්. නමුත් ඒකට උඹට තනිවම බනින්නත් බෑ. එකක පැට්‍රල් ඉහිරෙව්වෙ උඹ නෙවෙයි. අනෙක උඹ ඒක නොකළා නම් වෙන කවුරු හරි ඒක කරනවා. කකා කරන්න හොඳටම ඉඩ තිබුණා. මොකද මිනිහත් හිට්ස් වලට් කෑදරයි.

    හරි. කමක් නෑ. ගිය දේ ගියාවේ. දැන් උඹ පටන් ගත්තා නම් ඉවර කර ගන්නත් ඉඩ දීපන්. කමෙන්ට් කපන්න අයින් කරන්න එපා. ඔය යන විදියට ගිහිලා මෙතැනම ඉවර කර ගත්තාවෙ. නැත්නම් ඕක තව දිගට ඇවිළෙනවා. ඒක හරි අප්‍රසන්න දෙයක්. කුණුහරුප නැත්නම් මෙතැන ඕනැ කමෙන්ට් එකක් දාන්න දීපන්. ඒක මගේ පෞද්ගලික අදහස.

    ReplyDelete
  56. අභීත අයියේ ඔයා සද් භාවයෙන් මේ ගැන කතා කරන්න ආවා වෙන්න පුලුවන්. ඒත් අන්තිමට වෙලා තියෙන්නේ ඒක නෙමෙයි.

    මේ බ්ලොග් එකේ මුල් කාලයේ නම් "ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න" වුණාට දැන් නම් වෙන්නේම "ගොඩක් මරාගන්න ඇවිත් යන්න"

    පොඩ්ඩක් ඒක ගැන හිතන්න

    ReplyDelete
    Replies
    1. අභීත මේ මාතෘකාව කතා කරන්නට පටන් ගත්තේ පූර්ණ සද් භාවයෙන්ය මම විශ්වාස නොකරමි. කාටවත් මඩ ගසීමේ අරමුණක් ඔහුට තිබුණාය නොකියමි. නමුත් තමන්ගේ බ්ලොග් එක ජනප්‍රිය කර ගැනීමේ අරමුණක් තිබුණු බව පෙනේ. කොටින්ම අභීත කළේ තැටිය රත්වූ විට රොටිය පුච්චා ගැනීමය. පළපුරුදු බ්ලොග්කරුවකු වන ඔහුට මේ මාතෘකාව ඇද ගැනීමෙන් සිදුවන්නට හැකි විනාශය ගැන අවබෝධයක් නොවීය කිව නොහැකිය. ඔහු තොත්ත බබෙක් නොවේ.

      දැන් ඇනෝලාට ස්වයං වින්දනයක් ලබන්නට අභීත විවෘත වේදිකාවක් තනා දී තිබේ. ඇනෝලා නොමඳව ඒ වින්දනය ලබති.

      අර උඩ ඇනොනිමසයකු කියා ඇති පරිදිම අභීත පමණක් නොව කතන්දරද සුලබ ජනප්‍රියතාවය පතා මෙවැනි බොළඳ වැඩ කරයි. සතියකට පමණ පෙර කවුදෝ ඇනෝවකු මාරයා ගැන ලියූ දෙයක් කතන්දර තමන්ගේ බ්ලොග් එකේ රී-පෝස්ට් කර මාරයාගේ කලිසමද ගැලෙව්වේය. දැන් අභීතද කළේ ඒ ටිකයි.

      මම කියන්නේ මෙපමණකි: මෙවැනි දෙයක් කිරීමට පෙර ඒවායින් අපහසුවට පත්විය හැකි පාර්ශ්වයන් ගැනද පොඩ්ඩක් හරි හිතන්න.

      Delete
    2. /* කතන්දරද සුලබ ජනප්‍රියතාවය පතා මෙවැනි බොළඳ වැඩ කරයි. සතියකට පමණ පෙර කවුදෝ ඇනෝවකු මාරයා ගැන ලියූ දෙයක් කතන්දර තමන්ගේ බ්ලොග් එකේ රී-පෝස්ට් කර මාරයාගේ කලිසමද ගැලෙව්වේය. */

      ඔබ ඔය කියන්නේ මගේ මෙන්න මේ පෝස්ටුව ගැන විය යුතුයි.

      http://kathandara.blogspot.com.au/2012/06/2012-big-foot-yetee-and-taboo-subjects.html

      ඔබේ නිගමනගේ වැරදි කිහිපයක් ඇත.

      1. ඒ ලිපිය ලියවුනේ කවුදෝ ඇනොවෙකු ගැන නොව "අපි නොදන්න" ඇනෝවෙකු ගැනය.

      2. මා ඒ ගැන මගේ මතය වෙනම පෝස්ටුවකින් ලියා පල කලේ "අපි නොදන්න" ඇනෝ මා ගැන එහි කියා තිබුණු හෙයිනි.

      3. මා මීට පෙර ද ඒ ආකාරයෙන් ලිපි ලියා තිබේ. මෙන්න උදාහරණ දෙකක්.

      a. අරුණි ෂැපිරෝ ට හොඳ පාඩමක් උගන්වමි: http://kathandara.blogspot.com/2011/06/blog-post.html

      b. පොඩි කුමාරිහාමිට ලොකු පිලිතුරක්: http://kathandara.blogspot.com.au/2011/03/blog-post_19.html

      3. මාරයා සමහ හෝ වෙනත් කිසිවෙකු සමග මගේ වලියක් නැත.

      මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි!

      Delete
  57. සමනල්ලු...යුද්ධ ටැංකි...පිට කැසීම්...අභීත අයියේ දැන් බලපන් අන්තිමට වරද කාරය වෙලා තියෙන්නේ උඹ...මේක පටන් ගත්තේ වෙන එකෙක්...මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ විවේචනය කියන එක හරියට තේරුම් අරන් මිනිස්සු වැඩ කරනවානම්...මම හෙන පොරක් නෙවෙයි මේවා කියන්න...ඒත් උඩින තියන කොම්මෙන්ට් කියෙව්වම උඹ තනියෙන් ලෝකයක් එක්ක සටන් කරන්න හදනවා වගේ දෙයක් තමයි තේරෙන්නේ...දැන් බලපන්...එක ප්‍රශ්නයකට මුල් වෙච්ච පාර්ශවයක් දැනටමත් උඹව මේ සටනේදී අතැරලා තනි කරලා ගිහිල්ලා...මේ කැත ප්‍රශ්නේ පටන් ගත්ත පාර්ශවය...උන් ඒ කාලකන්නි පොස්ට් එක ඒ විදියට නොලිව්ව නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ...උඹ තනියෙන් අනුන්ගේ කුණු හින්දා කතා අහගන්නවා...උඹට තව දුරටත් මේ අනුන්ගේ කුණු ගොඩකට තනියෙන් සටන් කරන්න ඕන නම් එක උඹේ වැඩක්...හොදම වැඩේ දැන් කතාව දිගටම ගෙනියන එක...මීට උඩින් ඉන්න ඇනෝ කිව්වා වගේ බනින උන්ට තරහ පිරිමහ ගන්න බනින්න දෙන එක තමයි හොදම වැඩේ...උඹට සෝල්හයිම් වෙනවා නම් මෙන්න චාන්ස් එක...

    මේක බලන අනිත් උන්ගෙනුත් මම ඉල්ලන්නේ මාතෘකාවට අදාල දේවල් විතරක් කතා කරපල්ලා...අභීතයා පොලු තිව්වද නැද්ද කියන එක මේ කතාවට කොහෙත්ම අදාළ නෑ...

    (මම අභීතයට කඩෙ යන්නේ නෑ කොහෙත්ම...මම කඩෙ යනවා කියලා හිතුවත් ඒකට කරන්න දේකුත් නෑ...මොකද කියනවනම් මුදල් ප්‍රශ්න මොනවා උනත් යාලුවෙක් මනුස්සයෙක් විදියට ආශ්‍රය කරන්න අභීත කියන්නේ හොඳ මිනිහෙක් කියලා මට බ්ලොග් අවකාස්හෙන් වගේම ඊට පිටින් ඉන්න මිනිස්සුත් ඔප්පු කරලා පෙන්නලා තියනවා...)

    ReplyDelete
  58. මානවකගේ කතාව සමග මමත් එකග වෙනවා ,පොලු තිබ්බද නැද්ද කියන එක මටත් අදාළ නැහැ නමුත් අභියා කියන්නේ ආශ්‍රය කරන්න සුදුසු මිනිහෙක් .බ්ලොග් ලෝකේ ඉන්න හැන්ගිලා වීරකම් කරන හිතේ එකක් තියාගෙන තව එකක් කියන උන්ට වඩා අභියාට කොන්දක් කියලා එකක් තියෙනවා .

    රජාව විවේචනය කරලා තමන්ගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න රමීෂට කිසිම අයිතියක් නැහැ එහෙම අයිතියක් තියෙනවා කියලා හිතනවානම් රමීෂාව විවේචනය කරන්න මෙතනත් පුළුවන් වෙන්න ඕන මොකද තමන් අනුන්ට කරන දේවල් තමනුත් විදගන්න පුරුදු වෙන්න ඕන නිසා .
    මේවගේ දේවල් වලින් වෙන්නේ බ්ලොග් ලියන්න අලුතින් එන අය අඩුවෙන එක විතරයි ,එතකොට ඉන්න අයට වෙන්නේ පාලු ගෙවල් වල වළං බිදින්න තමා .

    ReplyDelete
  59. මගේ කලින් කමෙන්ට් එකේ මේ ටික කිව්වේ නෑ.ඒත් හිතෙනවා මේ ටික කිව්වොත් හොඳයි කියල.
    මේක කොහෙත් තියෙන දෙයක්.සංගීත ලෝකේ,සාහිත්‍ය ලෝකේ,සිනමා ලෝකේ ඒ වගේම දැන් බ්ලොග් ලෝකේ කියවෙන දෙයක් තමයි පරණ අයගේ ඒවා තමයි හොඳ,අලුත් අයගේ වැඩ මෙලෝ රහක් නෑ.පරණ අය ටික ගියාම ඔක්කොම ඉවරයි වගේ කතා.
    ඇත්ත,පරණ අයගේ පෝස්ට් තරම් අලුත්ගොඩක් අයගේ පෝස්ට් රහ නෑ.රහ නෑම කියලා කියන්නත් බෑ එහෙම.එහෙම වෙන්නේ බ්ලොග් ලෝකේ සින්නො ලියන්නේ එයාල හැදුන,වැඩුන,අහපු,දැකපු සමාජ පරිසරය,වටපිටාවත් එක්ක.එයාලගේ අත්දැකීම් අලුත් අයට කවදාවත් ගන්න බෑ.මොකද මාත් ඇතුළුව වර්තමාන පරම්පරාව හැදෙන්නේ,වැඩෙන්නේ වෙනම පරිසරයක.අපි ලියන්නේ ඒ පරිසරයේ අත්දැකීම අනුව.
    ඉතින් එහෙම වෙනකොට සින්නොන්ට ලොකු වගකීමක් තියෙනවා ජුන්නොන්ගේ වැරදි අඩුපාඩු පෙන්නලා දීලා එයාලා වැරදි පාරේ යනවනම් හරි පාරට ගන්න.හැබැයි වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ක්‍රමයකුත් තියෙනවා.වැරද්දක් දැක්ක තැන,ඒ වෙලාවේම ඒ වැරැද්ද පෙන්නලා දෙන්න ඕනි.
    එහෙම නැතුව පෝස්ට් එකක් අරගෙන ඒක ලියපු කෙනාට ලිංගික අසහනයක් තියෙනවා,එයා ඉක්මනට කාත් එක්ක හරි නිදාගන්න ඕනි වගේ විකාර චරිත සහතික දෙන ඒක නෙවෙයි කරන්න ඕනි.
    මොකද ඕනිම මනුස්සයෙක්ට ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියෙනවනේ.අනික වැරද්දක් හොඳින් පෙන්නලා දීලා මේක ආයේ කරන්න එපා කියල කිව්වොත් මම හිතන්නේ නෑ අලුතෙන් බ්ලොග් ලියන අය ඒවා අහන්නේ නැතුව ඉඳීවි කියලා.
    අනිත් එක පෝස්ට් එකක වැරද්දක් කියන්න ඕනි අදාළ කෙනාගේ පෝස්ට් එකේ මිසක් තමන්ගේ බ්ලොග් වල වෙනම ලිපි දාලා ඒ ලියපු කෙනාව කුජීත කරන එකවත් අලුත් අයට කබ්බෝ කබ්බෝ කියලා අපහාස කරන එකවත් නම් නෙවෙයි.
    අනිත් එක අභීත අයියේ මම මේකත් කියන්න ඕනි."අර පෝස්ට් එකේදී" ඔයා වුනත් ක්‍රියාකලේ හරිම ඒක පාර්ශවික විදිහට කියලා තමයි මට පෙනුනේ සහ මට හිතුනේ.
    කමෙන්ට් ඒක දිග වැඩිවුනා.ඒකට සමාවෙන්න!

    ReplyDelete
    Replies
    1. රමේෂගේ පොස්ට් එකේදී අභීත රමේෂගේ පැත්ත අරන් කතා කලේ අභීත එතනදී වැරදියි ...

      Delete
    2. ඇත්ත රොබින්.මාත් කියන්නේ එකයි.විශේෂයෙන්ම වර්ණා අක්කගේ කමෙන්ට් එකට රමීෂා අක්ක දුන්න "ලස්සන" පිළිතුර අභීත අයිය සාධාරණීයකරණය කළා."තමන් වපුරන දේ තමයි තමන් නෙලා ගන්නේ" කියලා.
      එතැනදී එහෙම කියනවට වඩා අභීත අයියට හොඳට හිතලා බලලා උත්තරයක්‌ දෙන්න තිබුනා.
      තවත් එක තැනක් තමයි "රමීෂා හරි,රජා ලාමකයි" කියලා කෙලින්ම එක පැත්තක් විතරක් අර ගත්ත එක.
      බ්ලොග් ලෝකේ සින්නෙක් හැටියට අභීත අයියා එහෙම කරපු එක වැරදියි.

      Delete
    3. ඔන්න ඔතනදි තමයි ප්‍රමුදිට හා රොබියාට ආයෙත් සැරයක් මගේ මතය පැහැදිලි කරන්න වෙන්නේ...

      මම එතන්දි වර්ණාගේ කමෙන්ට් එක දැක්කේ පෝස්ට් එකටවත් කමෙන්ට් එකටවත් අදාල නැතිව රමීශාව ඉතා පහත් තත්ත්වෙකට ඇඳලා දාන්න දාපු උත්සාහයක් විදිහට... ඒ වගේම රමීශාගේ උත්තරයත් මම දැක්කේ ඒ කිසි එකකට අදාල නැතිව ප්‍රශ්ණෙන් අහපු විදිහෙ උත්තරයක් දුන්න හැටියට... මට පේන විදිහට එතන එක්කෙනෙක් හරි අනෙකා වැරදි නෑ... කවුරු හරි කියනවානම් වර්ණා හරි කියලා ඒ කමෙන්ට් එකට අනුව රමීශාත් හරි... කවුරු හරි කියනවානම් රමීශා වැරදි කියලා ඒ කමෙන්ට් එකට අනුව වර්ණාත් වැරදි...

      නමුත් එතන මම රමීශා හරි සහ වර්ණා වැරදි කියලා නෑ... වපුරපු හැටියටයි අස්වැන්න කියන කථාව මම දාලා තියෙන්නේ ඒ පදනම ඇතිව...

      සමහර විට තව දුරටත් කට්ටිය කියයි මම තාමත් කඩේ යනවා කියලා... ඒ දෙන්නා තීරණයක් අරන් තියෙනවා කමෙන්ට් මකලා මේ පෝස්ට් එකෙන් අයින් වෙන්න.. මට ඕනනම් ඒ ගැනත් ඔවුන් නිර්දය ලෙස විවේචනය කරන්න පුළුවන්..ඒත් ඔවුන්ගේ කැමැත්ත එය නම් එය මටවත් බ්ලොග් ලියන කාටවත් ගැටළුවක් නොවිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ... එච්චරයි..

      ඔබට ස්තූතියි ප්‍රමුදි ගොඩාක් අය ඇනෝ එද්දි කෙල්ලෙක් විදිහට ඔයා නමින් එන එක ගැන....

      Delete
    4. ඒ පෝස්ට් එකේදි රමීශා කියපු කථාව හරි. මට අනුව ඒක හරි... ඒ ගැන කිසිම අවුලක් නෑ.. නංගි මම දෙයක් දකින්නෙ අවුරුදු 33ක කෙනෙක් හැටියට... ඒ අනුව මට එහි ලොකු වරදක් පෙනුනේ නෑ,,, ඒ කෝනයෙන්ම රජාගේ සිතිවිලි බලපුහාම මට පෙනුනේ මම කියපු ලාමක අදහස් ටිකක්...

      කට්ටිය වරද්දගෙන තියෙන්නේ මේ පහත තියෙන ඒවා...

      ගොඩ දෙනෙක් රමීශගේ පෝස්ට් එකේ කරුණු ගැන බැලුවේ නෑ.. ඇය ලියපු ස්ටයිල් එකයි බැලුවේ... එම ලිපියේ කරුණු වල කිසිදු වැරැද්ද්ක් මට පෙනෙන්නේ නෑ... එහෙම කමෙන්ට් කරපුවාම ගොඩ දෙනෙක් එක ගත්තේ රමීශා ලියපු සිස්ටම් එකත් මම අනුමත කලා කියන එක වටහා ගත්තා.... බ්ලොග් එකක් ලියන සිස්ටම් එක එකිනෙකාට වෙනස්.. ඒක බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳන් අදාල බ්ලොග් හිමිකරු හෝ හිමිකාරිණිය පවත්වාගෙන එනවා.. එය අපි අනුමත කරනවානම් අපි බලනවා.. අනුමත කරන්නෙ නත්නම් අපි බලන්නෙ නෑ...

      ඕනනම් උදාහරණයක් දෙන්නම්.... මම මේ ලියන්නේ මේ බ්ලොග් පෝස්ට් එකේ 182 වෙනි කමෙන්ට් එක... නමුත් මේකෙ කමෙන්ට් කීයෙන් කීයද මගේ ලිපියට අදාලාව ලියැවෙන්නේ... මම මේ ලියන කමෙන්ට් එකත් මගේ ලිපියට අදාල එකක් නෙවේ... ඔන්න ඔතනයි ප්‍රමුදි අපිට වැරදිලා තියෙන්නේ...

      Delete
    5. මේකයි අභීත අයියේ රමේෂා ගේ පොස්ට් එකේ සමහර සාදාරන දේවල් තිබුන එක මමත් පිලිගන්නවා එක මම එතනත් කිව්වා.ඒවගේම ලිංගික අසහනෙන් පෙලෙන කතාවට කැමති නෑ කියලත් කිව්වා.ඒත් රජාගේ පොස්ට් එක ගැන රජා කියන නම සහ රජාගේ පිටිපස්සේ ඉන්න ඇත්ත නම අදාළ කරගෙන රමේෂා පිරිමියෙකුට කරන්න පුළුවන් ලොකුම අපහාසේ කරපු එක ඔයා සාදාරනීකරණය කරනවානම් ඔයා කරන්නේ කඩේ යෑමක් එකේ දෙකක් නෑ.ඒ පොස්ට් එක පුද්ගලයා නැතුව විවේචනය කරලා වැරදියි කියලා ඔප්පු කරා නම් මේ කිසිම කතාවක් ඇති වෙන්නේ නෑ කියලයි හිතන්නේ.අනිත් එක තමයි මතක ඇති ස්කොලේ යන කාලේ ස්කොලේ හිටිය ලස්සනම ගුරුවරියගේ මොකක් හරි සුලුදෙයක් දැක්කත් මෝල් වෙන කොල්ලෝ අපි අතර හිටිය කියලා.අපි ජීවත් වෙච්ච අතීතෙට වඩා දැන් උන්ගේ වර්තමානය වෙනස් එක තේරුම් ගන්න.අනිත් දේ තමයි රජාගේ පොස්ට් එකේ රජාගේ පෞද්ගලිකත්වය අදාල අරන් ඔච්චර ලොකුවට කතා කරන්න දෙයක් තිබ්බේ නෑ.

      "ඒ දෙන්නා තීරණයක් අරන් තියෙනවා කමෙන්ට් මකලා මේ පෝස්ට් එකෙන් අයින් වෙන්න".අයින් උනත් නැතත් වෙච්ච දේ වෙලා ඉවරයි.මම මේක ගැන ආයෙත් කතා කරන්නේ නෑ.කොහොම උනත් යාලුවෙක් වෙලා යාළුවගේ පැත්ත ගන්නවද නැත්තන් මනුස්සයෙක් විදියට සාදාරන පැත්ත ගන්නවද කියන එක ඔයාගේ වැඩක්.කොහොම උනත් මේකෙන් උනේ අභීත කියන නමට තවත් මඩ පැල්ලමක් ගහ ගත්ත එක විතරයි.

      Delete
    6. මේ ගැන තව පෝස්ට් එකක් ලියන්නම වෙනවා මචන්... :D :D :D

      Delete
    7. අභියා මට මෙන්න මේ කාරනේට හරි කෙලින් උත්තරයක්‌ දීපන්

      රජාගේ පිරිමිකම ගැන බැනලා පොස්ට් දාන්න රමීෂට පුලුවන්ද තමන්ගේ බ්ලොග් එකේ ?

      Delete
    8. පුළුවන්නේ බන්.. ඒක රමීශාගේ බ්ලොග් එකනේ.... ඒ විතරක් නෙවෙයි උඹට පුළුවන් මට බැනලා උඹේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න... ඒක ප්‍රශ්ණයක් නෙවෙයි..

      Delete
    9. මහින්ද රාජපක්ෂට කුණුහරපෙන් බැනලා ලියාපදිංචි පුවත්පත්වල ලිපි යනවානම් රොබින්, රමීශායි රජායි කියන්නේ කවුද බන්....?

      Delete
    10. ඔන්න ඔක්කොම කොමෙන්ට් වල කැත කුණු අයින් කලාම සාරාංශය.මේටික ලියන්න කීදෙනෙක් හිතවල් රිද්ද ගත්තද ? අභීත මම හිතන්නේ ඇනෝ ඇවිත් හැමෙකාටම තමන්ගේ මතය කියන්ඩ දීපු එක හොදයි, නැත්නම් බ්ලොග් කියවන විතරක් අපිට හිත සැහැල්ලු කරගන්න කියල ඇවිල්ල ඔලුවේ තවත් බරක් තියාගන්න වෙනව.කවුරු කවුරුත් තමන්ගෙ පීඩනය පිටකරගන්න ඇතිනේ.මේවා අමතක කරලා කියවන අපි වෙනුවෙන් මොනවහරි ලියන්ඩ ( හැමදෙනාම )

      Delete
    11. එහෙනම් මචන් ඇයි උබ මෙතන ඇනොලා රමීෂට බැනපු කමන්ට් අයින් කලේ ? එතන හොදනම් ඇයි මෙතන නරක ?

      Delete
    12. මට බැනපු ඒවා තියලා වෙන කෙනෙකුට තිරිසන් විදිහට බැනපු ඒවා විතරයි අයින් කරලා තියෙන්නේ රොබින්.. ඒ මගේ බ්ලොග් එක නිසා....

      ඔයා විමසිල්ලෙන් බැලුවානම් මගේ බ්ලොග් පෝස්ට් එකේ කිසි කෙනෙකුගෙ නමක් අයහපත් විදිහට ගෑවිලා නෑ... ඒ නිසා රමීශාද? රංගද? පොඩ්ඩිද? කියන එක මෙතනට අදාල නෑ... ඒත් බලන්න නමින් කරපු සියළු දේවල් ඇති.. නමුත් මකලා තියෙන්නේ ඇනෝ දාලා මහ විකාර විදිහට බැනලා තියෙන ඒවා... ඇනෝ නෙවෙයි මොකා ආවත් සභ්යත්වෙන් සාධාරණ විවේචනයක් යනවානම් මගේ බ්ලොග් එකේ ඒ වෙනුවෙන් ඕනවටත් වඩා ඉඩ තියෙනවා....

      Delete
  60. මට නම් පේන්නේ පොස්ට් එකට වඩා ආතල් එකක් කමෙන්ට් වල තියනවා... අනේ මන්ද.. මට නම් තේරෙන් නෑ..

    ReplyDelete
  61. හරවත්ව වැදගත්ව කතා කරපු පෝස්ට් එකක්. ඒ එක්කම ඇනෝ කමෙන්ට් එකත් ඉතාමත්ම නිවැරදිව බ්ලොග් අවකාශය දැකලා කරපු ප්‍රකාශයක් වෙනවා.

    */බ්ලොග් කරුවන්ගේ පෞද්ගලික ජීවිතත් බ්ලොග් වලට සම්භන්ධ කරගෙන තමයි පෝස්ට් ලියැවෙන්නේ... ඒක ඉතාම නරක වැඩක්.. /*

    මේකට තව දෙයක් එකතු කරන්නම්. පුද්ගලික ජීවිත ගැන ලියන එක ඒ අයගේ කැමැත්ත. ඒත් ඒ දේවල් වලට අනිත් අය මැදිහත් වීම හෝ කෙනෙක්ගේ පෝස්ට් එකකින් පෞද්ගලික ජීවිතය ගැන තීන්දු තීරණ දීමට අනිත් අය පෝස්ට් ලිවීම කොහෙත්ම අදාළ නොවන දේවල්.

    /* අනික තමන් ලියන දේට එරෙහිව කවුරු හෝ යමක් ලිව්වොත් එය දරාගැනීමේ හැකියාව ඉතා දැඩිව කතෲ සතු විය යුතු වෙනවා... ඒ වෙනුවෙන් බැනුම් ඉවසිය යුතු වෙනවා.. මොකද ඔවුන් අදහස් දක්වන්නේ තමන්ගේ ලිපිය ගැන නිසා... */

    මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි, විවේචනය හොඳයි. ඇත්තෙන්ම එය තිබිය යුතුයි, ඒත් හරවත් ඵලදායි විවේචන පමණක්. ඒත් නිකංම නිකං මෝඩයෝ වගේ මඩ ගහන්න පෝස්ට් ලියලා පොරවල් වගේ කමෙන්ට් කරලා සිඟිති ආතල් ගන්න ඒවා විවේචන නෙවෙයි. හරවත් විවේචන කොයිතරම් දරුණු උනත් කතෘ ඒ විවේචන භාරගත යුතුවාක්‌ මෙන්ම ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ගැනත් ප්‍රති උත්තර දිය යුතුයි.

    බ්ලොග් අවකාශය සුන්දර තැනක්. ඒත් කල්ලි වාදය දිගටම ගියොත් ඒවාට උත්තර දීමට තවත් කල්ලි බිහිවීමද නොවැලැක්විය හැකි දෙයක්.

    මෙවන් මද්‍යස්ථ පෝස්ට් එකක් ලිවීම ගැන ඔබට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. අනිවා.මේවා ගැන කතා කරන්න ඕනි මේ විදිහට තමයි.

      Delete
  62. "අනික තමන් ලියන දේට එරෙහිව කවුරු හෝ යමක් ලිව්වොත් එය දරාගැනීමේ හැකියාව ඉතා දැඩිව කතෲ සතු විය යුතු වෙනවා" - පට්ට කියමන, හැබැයි ඔය ගතිගුණය කීදෙනෙක්ට තියනවද දන්නේ නෑ. ඔය බ්ලොග් කලාවේ senior අය කියල අපි හිතන සමහරු ලහත් ඔය ගතිගුණය සැරින් සැරේ ඇතිවී නැතිවී යනවා.

    ReplyDelete
    Replies
    1. කටේ මසුරන් දාන්න ඕනේ ඔය කතාවට.

      Delete
  63. At least for the time being, I had the luxury of last laugh.

    ඔන්න මම නම් ටිකකට වඩා ටිකක් වැඩියෙන් ටිකක් හිනා වුනා ඈ....

    ReplyDelete
  64. අභීත මම මේකට දාපු කමෙන්ට් ඒක තවම පල වෙලා නැහැ. එකේ කාටවත් අපහසයකුත් තිබ්බේ නැහැ. මම හිතන්නේ ස්පෑම් වෙලා ඇත්තේ. පොඩ්ඩක් බලපන්. නැත්නම් ඒක පල කරන්න බැරි දේවල් තිබ්බද කියලත් කියපන්.

    ස්තුතියි.

    ReplyDelete
  65. බ්ලොග් ලෝකේ සින්නෙක් වෙන්නේ කොහොමද? මොනවද පරාමිති?

    ReplyDelete
    Replies
    1. මේ මුලු බ්ලොග් ලෝකයම කුල්මත් කරපු, ඒ වගේම ලියන්න හීනෙන්වත් නොහිතපු වුන් ලවා ඊටත් වඩා හොඳ එව්වා ලියවපු මේ අහක යන වලි වලට, එහෙමත් නැත්නම් කුනු ගොඩවල් වලට අත නොගහපු උඹ වගේ එකෙක් සින්නෙක් වත් ජුන්නෙක් වත් වෙන්නෙ නෑ කස්සො. ටැබූලා ආවා ගියා. නමුත් උඹ.... උඹ ලියපු දේවල් කීයක් නම් ඊ මේල් වලින් රවුම් ගහල ඇද්ද? මේ බ්ලොග් ලෝකෙ ඒ විදිහට ගියපු තව එක බ්ලොග් එකක් හරි තියනවද? බ්ලොග් සයිට් එකක් වෙනුවෙන් ටී ෂර්ට් ගහලා සෙට් එක පිටින් ඒවා ඇඳන් බැස්සෙ කොහෙද? මේ ගූ වලි බලන්න උඹේ දැසත් පව් කලානෙ බන්...

      …මේ හරුප අස්සෙ නිකන් කාලෙ කන්නෙ නැතුව වරෙන් අ.පේ FB ගෲප් එක පැත්තෙ. අපි කොච්චර ආතල් එකෙන්ද ඉන්නෙ. ටිකක් නෙවෙයි අපිනම් ඉල කැඩෙන කල් හිනා වෙනවා එතන.

      Delete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...