Monday, July 23, 2012

ඇනොනිමස් යහළුවන් වෙත සෙනෙහසින්......

බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ කවි ලියන්න මම මාර කට්ටක් කෑවේ... බෑම කියලා හිතුන නිසා.. අදහස දැම්මට පස්සෙ ඔක්කොම බ්ලොග් ලියන අය එකතු වෙලා සුපිරි තල්ලුවක් දුන්නා ලියන්න ලියන්න කියලා.. එදා ඉඳන් කවි පේලි කිහිපයක් ම ලිව්වා.... පටන් ගත්තේ ඔන්න හැමෝගෙම ඉල්ලීම හින්දා මම කවියක් ලියන්න හිතුවා... කියන කවි පෙළින්.. ඊට පස්සේ පනස් වෙනි සටහනට කවියක් ලිව්වා.. ඊට පස්සේ ලිව්වේ කාලයේ කවි කොලය කියන එක.. අන්තිමට ලිව්වේ තව කුමකටද රටකට මේ මහ පුටුකම් කියන කවි ටික... ඊට පස්සේ තමයි මේ ටික ලියන්නේ.. මන්නාරමට වෙලා අමාරුවෙන් අන්තර්ජාලය කනෙක්ට් කරගෙන මහ රෑ වෙනකන් කවි ලියන එකේ පුංචි ආතල් එකකුත් තියෙනවා හැබයි... හරි කවියට යමු...


පුංචි කාලය ගෙවුණ සුන්දර අතීතය මහ රස විලක්....
පසුව ආ තක්සලා ජීවිතෙ ඊට නොදෙවෙනි රස ගඟක්....
වගකීම් අප කරට පැටවුණ පශ්චාත් පාසැල් කලක්....
බරැති සිතිවිලි හදේ පිරවෙන විවාහෙන් පසු එන කලක්...


මෙහැම විට අප හැමට හමුවණ යහළුවෝ නම් ජන කැලක්...
දුකට සතුටට මගෙත් සමඟින් ගෙව්වේ රසබර මතකයක්...
ඔවුන් නම් විවිධමයි විෂමයි විටක සමහරු කරුමයක්...
අපට සරුවන කාලයෙක නම් සැවොම රසබර මී විතක්...


මුල් අගහිග වලක්වන්නට වයිමටත් බැරි කාලයක්...
සැමට එනවා ඒ වගේ කල් ජීවිතේ එය පිළිලයක්...
තවත් වලටම ඇද දමන්නේ යහළුවෝ නම් නර කැලක්..
ගනින් හැකි වෙර වරෙන් උඩටම දෑත දුන්නෙත් මිතු කැලක්...


අනේ මූ ගොඩ එයිද දන් නෑ, එහෙම ආවොත් කරුමයක්....
තව තවත් වල වෙතට තල්ලුව දෙමුකො එය කල යුතු වැඩක්..
මේ සිතැඟි තම හදේ රඳවා තියෙන හින්දා කිචි ටිකක්...
වදෙනකින් හෝ පිහිට නොම වී වදන් දෙන්නෙත් සම හරක්..


යන්නෙපා ඌ සමඟ භජනෙට ඒකානම් මහ තඩි හොරෙක්..
කියා ලේබල් අලවලා ඇත ඒත් කරනට නැත දෙයක්...
ඕවා ඔහොමයි ජීවිතේ හැටි වරෙන් ගහමුද ශොට් එකක්...
කියා අමතන මිතුරනේ මම ඔබට පුදනෙමි මල් මිටක්..


පුංචි හිඩැසක් තබා බැලුවෙමි කෙසේදැයි මගෙ යහළුවෝ...
නම නැතුව මට බැනලා ගියේ ඇයි ලැජ්ජා හිතුනද මගෙ සහෝ..
සමීපයේ ඉඳ මගෙන් කා බී එකට ජීවිත ගෙවූ වෝ..
නුඹේ රෙදි ගැලවීම ගැනනම් පෙර දිනට මම පින් දෙනෝ...


ව(ර්)චුවල් ලොව සිටින කිසිවෙක් මගේ දිවියේ කොන් නොවේ...
එයින් පෙරිලා මගේ දිවියට ආපු මිතුරණි මේ යුගේ..
මාව දන්නේ නුඹලා විතරයි එයම මට සෑහෙයි සඟේ...
එකතු වූ ඒ පුංචි පවුලට මගේ සේවය නොවැරදේ...


ධනය බලයත් තවත් දේවල් තිබෙන දවසට යහළුවේ..
කුමට ඕනද කුමන ඵලයද නුඹේ අඩුවක් නොම දැනේ...
අපහසුව වැටි හිටපු කාලෙදි දුගු වෙච්ච සුමිතුරු අතේ....
වටිනකම ගැන කියා ගන්නට වචන නොමැතිය මගෙ ලොවේ..


උඩින් හිනැහී පසුපසට වී බෙල්ල සිඳලන මිතුරණී..
නුඹලා එක් වී මගේ ජීවිතේ හොඳම පාඩම මට දුනී....
ඒ නිසා මම දිවිය ඇති තෙක් නුඹට සඳහට ණය ගැතී...
වුනත් නොකරන් වෙන එකෙකු හට උන්ගේ හිත සවි නොම වෙතී....


මගේ ඉදිරිය නවත්වන්නට නුඹට නොහැකිය මිතුරණී...
නුඹ නොවූවත් මෙමට සවිවන මිතුරු කැල දහසක් වෙතී
ජීවිතේ ලියු අරුම පදපෙළ නවතන්ට සිත නොම දෙතී....
කුණුකසල පිසදලා දිනයෙක ආයෙමත් හිනැහෙමු අපී....

65 comments:

  1. Pani waraka gahata hena gaahladha?

    ReplyDelete
  2. සිරාවටම මචන් .... මෙලෝ රහක් නෑ

    ReplyDelete
  3. තිස් දෙක පැන්නද?
    මැදිවියේ දී තමයි මොලේ හොඳට වැඩ කරන්න පටන් ගන්නේ!

    ReplyDelete
    Replies
    1. මැදි වියේදී හොදට මෝල වැඩකරනවා කියලද කියුවෙ කොලුවෝ....

      Delete
  4. .පට්ට කවි ටික ඕයි.පොස්ට් 100 ක කියන්න තියන දේවල් මේකේ තියනවා.එල ඈ.

    ReplyDelete
  5. පච්ච පෝස්ට් එකක් ගිය දුරක්.
    අයිය කවිත් ලියන කියල දන්නෙ අදනෙ :)

    -සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේ-

    ReplyDelete
  6. පව්, අසරණ දරුවා.... දැන් විරිදු කියනවා වගේ....

    කාගෙ උනත් දරුවෙක් නේ.... මේ සත විසි පහ තියාගන්න...

    මට ආපහු ඕනේ නෑ..... ඔබා මාම දුන්නා කියලා හිතාගන්න......

    ReplyDelete
  7. පව්, අසරණ දරුවා.... දැන් විරිදු කියනවා වගේ....

    කාගෙ උනත් දරුවෙක් නේ.... මේ සත විසි පහ තියාගන්න...

    මට ආපහු ඕනේ නෑ..... ඔබා මාම දුන්නා කියලා හිතාගන්න......

    ReplyDelete
  8. නියම කවි ටික :)

    ReplyDelete
  9. උඹ ඉතිං මේ දුක කියලත් කරන්න හදන්නේ හිට්ස් ටිකක් අරගන්නනනේ. ඇත්තටම හරකෝ තෝ මේ බ්ලොග් අවකාශේ හැම දේම විකුණන් කෑවා.කාගේ හරි කොතන හරි පෝස්ට් එකකින් ගින්නක් අවුලුවලා ආතල් එකක් ගන්න පුළුවන් නං උඹ ඒක කරනවා.යාළුවන්ගේ හිත හොද කමත් විකුණන් කෑවා.දැන් මෙතන අඩලා කවි ලිව්වහම උඹ ගැන බ්ලොග් ලෝකේට අලුතින් ආව උන් ටික අනේ අභීත අය්යේ කියලා උඹේ පුක ලෙවකයි කියලා හිතුවද?උන් එහෙම කරනව නං උන් තරං මෝඩ යක්කු ටිකක් නෑ.උන්ගේ දත ගලවනකල් උන් දන්නේ නෑ. අනේ තොගේ අපි නොදන්න කවි

    ReplyDelete
    Replies
    1. හා හා රමෙසා අක්කත් ඇනෝ ඇවිල්ල

      Delete
  10. අනේ ඇනෝ බ්ලොක් කරහන් අයියෙ. එතකොට උඹටත් කිසි ප්‍රශ්නයක් නැතුව රාජ්ශ්‍රීයෙන් විරාජමානව ඉන්න පුලුවන් හරියට මාරයා, රංගයා, රමිසා වගේ. මට මඩ ගහන්න කවුරුත් නෑ. ඔක්කොම මට රජා වගේ සළකන්නෙ කියලා කියන්න පුලුවන්නෙ බං.

    උන්ගෙ බ්ලොග් හරියට ITN එක වගේ voice cut අරන් ටීවී එකේ දාන්නෙ උන්ට පක්ෂ ඒවා විතරයි. විපක්ෂ වුනත් දාන්නෙ බිඳින්න පුලුවන් තර්ක විතරයි.

    ඒ වගේ ගොන්චූන් බ්ලොග්කාරයො අතර උඹ බොහොම කොන්ද හයිය එකෙක්. උඹ බය වෙන්න එපා කවුරු මොනවා කිව්වත්. උඹ හිතට එකඟව වැරද්දක් කරලා නැත්නම් උඹට හරියනවා සිකුරුයි.

    ReplyDelete
  11. එළිසම දිගටම රැක්කා නම්, මීට වඩා සංයමයකින් ලිවුවා නම්.. වඩා සාර්ථක වෙන්න තිබුණා.. අන්තර්ගතය තුළ කියැවෙන්නේ හොඳ කතාවක්..

    ReplyDelete
  12. අනේ මහතුනේ මට වන් දුක බලලා.......
    පිනට යමක් ඉල්ලන්නේ බැරි හන්දා....
    රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ.....
    දුප්පත්කම නිසයි මා බ්ලොග් ලියන්නේ..........

    ReplyDelete
  13. මේකටම ගැලපෙන කතාවක්

    http://thekabba.blogspot.com/2012/07/sold.html

    ReplyDelete
  14. ඕන එකක්....ඔය අවුල් අපි දන්නෙ නෑ.

    "කුණුකසල පිසදලා දිනයෙක ආයෙමත් හිනැහෙමු අපී...."

    ReplyDelete
  15. හෑ තාම මේක යනවද මං හිතුවෙ ඉවරයි කියල නේ...

    ReplyDelete
  16. ටිකක් හිනාවෙන්න ඇවිල්ල අඬෙනව ඌයි......
    සයියෝ.. අභීත විලම්බීත වෙලා ඌයි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. sirawatama adenawadath kiyala ahanawa meloma rahak neh awatath nayai

      Delete
  17. ටිකක් හිනාවෙන්න ඇවිල්ල අඬෙනව ඌයි.......
    සයියෝ.. අභීත විලම්බීත වෙලා ඌයි.....

    X-Porter

    ReplyDelete
  18. http://dukaa.blogspot.com/2012/07/blog-post_22.html?showComment=1343033621836#c2985136438410321745

    මචන් අන්න ඉන්දික උපශාන්ත උඹ ගැන ලියනවලු.....

    බයද?....

    ReplyDelete
  19. සෑර් ඔවායින් සැලෙන්ඩ එපා!

    ඇනොනිමස් කමෙන්ට් බ්ලොක් කරල, කමෙන්ට් මොඩරේට් කරල, කමෙන්ට් ඩිසේබල් කරල "ආනේ-හරි-චෝයි" කල්ලියට විතරක් කමෙන්ට් කරන්න හදපු "රැඩිකල්" බ්ලොග් අතරේ මේක මසුරං බ්ලොගක්!

    යාලුකං බ්ලොග් ලිවිල්ලට අදාල කරගන්න එපා. බයනැතුව මේ වගේ ඇනෝ එනේබල් තියාගෙන ලියන එකම ඇති කොන්ද පන තියෙන වෘෂණ කෝෂ තියෙන එකා කවුද කියල දැනගන්න!

    ReplyDelete
    Replies
    1. http://dukaa.blogspot.com/2012/07/blog-post_22.html?showComment=1342950371625#c4258640123652010132

      දෙපැත්ත කන නරියා..... සූස්තිගුනේ.... බලු වැඩ කරන්න එපා යකෝ

      Delete
    2. හොඳට බලන්ඩ සෑර්, ලියල තියෙන්නෙ මොකද්ද කියලා, අනික මට ඔය පැති වලින් වැඩක් නෑ!

      Delete
    3. //The deepest places in hell are reserved for those who in times of dispute, retain their neutrality//

      තොටත් යන්න වෙන්නෙ මෙහෙ තමයි... දෙපිට කාට්ටුවා...

      Delete
  20. http://upashantha.blogspot.com/2012/06/blog-post_13.html?showComment=1343035474363#c7220740515787049531

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. http://dukaa.blogspot.com/2012/07/blog-post_22.html?showComment=1342950371625#c4258640123652010132

      දෙපැත්ත කන නරියා..... සූස්තිගුනේ.... බලු වැඩ කරන්න එපා යකෝ

      Delete
  22. hora eliwenawata bayada? ekada comment publish karanne naththe..

    ReplyDelete
  23. http://upashantha.blogspot.com/2012/06/blog-post_13.html?showComment=1343038741304#c4831926365570142711

    ReplyDelete
  24. ලස්සන කවි ටික.
    අදහසත් නියමයි :))

    ReplyDelete
  25. මටත් කවි ලියන්න තේරෙන්නේ නෑ ඒත් රස විදින්න තේරෙනවා.මේක නම් කිසිම රහක් නෑ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @අභීත,

      ජ්‍යෝතිෂය යනු මිථ්‍යාවකි. මම එය විශ්වාස නොකරමි. නමුත් ඒ ටික පැත්තකට කළ විට ජෝති නරක කෙනෙක් නොවේ. ඔහු හැම දෙනාත් සමඟම සහෝදරත්වයෙන් ඉන්නට කැමැති, අනුන්ගේ බ්ලොග් වල නිතර කමෙන්ට් කරන, ජ්‍යෝතිෂ විකාර අත්හළ විට හොඳ බ්ලොග් පෝස්ට් ලියන බ්ලොග්කරුවෙකි. (ඔහු ප්‍රේමදාස ගැන ලියූ හොඳ පෝස්ට් එකක් මට මතකයි.)

      මගේ අදහස කිසිවකු ජෝතිට මඩ ගැසිය යුතු නැතැයි කියායි. එසේම ඔබ ඔබේ බ්ලොග් එක ඊට යොදා ගැන්මටද ඉඩ දිය යුතු නැත. ඔබ ඊට ඉඩ දෙතොත් ඔබට තව යහළුවකු නැති වන බව පමණක් නම් කියමි.

      Delete
    4. ජෝති පාල බ්ලොගේ රීලා නිල් පාටින් පද රැලි...//
      ඇනෝ ඇවිත් කොමෙන්ට් කෙලියා කලුපාටින් ගුලි ගුලි...//
      ජොති යලිත් ඇනෝ ඇවිත් අබෙට දුන්න තග් ගුලි....
      ඒව දැකපු අපේ අබේ කොමෙන්ට් මකයි බලු බලි.. බලු බලි... බලු බලි.....

      (මෙයට: රිප්ලයි කොමෙන්ට් මැකීමෙන් අසහනයට පත් ඇනෝ පාඨාකයා)

      Delete
    5. mage kawiyawath daapan machooo...

      Delete
    6. අපරාදේ ..මෙතන ඇනෝලා ලියල තිබුනු දේවල් මම දැක්කේ නෑ.ඒව මම දැක්කට පස්සේ මැකුවනම් හොදයි.අපි ඉතින් නිතරම බැනුම් අහන අයනේ..දැන් ඒවයේ ගානක් නෑ.

      Delete
    7. AnonymousJuly 24, 2012 10:28 AM
      ලස්සන කවි ටික.
      අදහසත් නියමයි :))

      Delete
  26. නමින් කමෙන්ට් කරන හැමෝටම මගේ ගානේ නොමිලේ ඇනෝ කමෙන්ට් එකක්

    ReplyDelete
  27. බ්ලොග් අවකාශයේ මිථ්‍යාව පැතිරවීම වෙනම ලිවිය යුතු මාතෘකාවකි. ප්‍රධාන වශයෙන් වර්තමානයේ මෙසේ කරන්නන් කොටස් තුනකට බෙදිය හැකිය.

    1. ජ්‍යෝතිෂ අංකල්ලා
    2. ආයුර්වේද අංකල්ලා (හා ඇන්ටිලා)
    3. රාවණා පක්ෂික අංකල්ලා

    මේ සියළු දෙනා කරන්නේ සමාජයේ ජන ශෘතියක් සේ පැතිර ඇති යමක් ගෙන එය හැඩ වැඩ දා ඔප ලා තමන්ට කීයක් හරි හොයා ගත හැකි වන සේ විකිණීමයි. එය කෙනෙකුට සරල හා අහිංසක වෙළඳාමක් සේ පෙනිය හැකිය. අපි පොඩි කාලේ ඉස්කෝලේ ළඟට එන වෙළෙන්දෝ පරණ පිච්චැර් වලින් කපා ගත් කෑලි ඇහැ තියා බැලිය හැකි ගැජට් එකකට දමා අපට විකුණූ අතර ඒවාට ලොකු ඉල්ලුමක්ද තිබුණේය. මේවායින් සමාජයට හොඳක් නොවුණත් ලොකු අහිතක් වූයේද නැත. මිථ්‍යාව වෙළඳාමද එබඳුය. හැබැයි මිථ්‍යාව මිළට ගන්නන් තමන් පරෙස්සම් වීමට දැන ගත යුතුය. (උදාහරණයක් හැටියට ප්‍රමිතියකින් තොර "ආයුර්වේද ඖෂධ" භාවිතා කරන්නන් එයින් වන අතුරු ආබාධ වලට මුහුණ දෙන්නට ලැහැස්ති වී එය කළ යුතුය.)

    ReplyDelete
  28. පුකෙන් හිනා යනවා ඔයි තමුසෙගෙ කවි වලට
    .................
    ......
    ........

    ඉතුරු ටික වෙන කවූරුහරි කියනවකො ඌයි ......

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. magee kawiya daapan abeee

    ReplyDelete
  31. ඇනෝ කොමෙන්ට් හලනා මගෙ සුපෙම් අබේ...
    ජෝතිට කවක් ලියුවයි මම තොගේ බ්ලොගේ ....
    ඒ කව නොදැම්මොත් දැම්මම නොකර අගේ....
    නොරදමි මෙමා පිය සටහන් ඔබේ බ්ලොගේ......

    ReplyDelete
  32. ඉන්දික උපශාන්තJuly 24, 2012 10:42 AM
    රොබින්,

    මේ මොහොත වනතුරුත් මේ ප්‍රස්නෙ විසඳිල නෑ. මේක බ්ලොග් අවකාශෙට ගේන්න ඕන වගේම තව කෙනෙක්ට මෙහෙමනොවෙන්න නම ගම ඇතුව මේ ගැන කියන්න ඕන. මොකද මේ හිතවත්කම් ඇති උනේ බ්ලොග් නිසා සහ මට සල්ලි දෙන්න කලින් ඕන නම් විස්තර අහපන් කියල රිෆර් කලෙත් තව බ්ලොග් කාරයො කීප දෙනෙක් ( දුකත් ඇතුළුව ). ඒ වහේම මේ වැඩේ තව පිරිසකටත් මේ විදියටම කරල තියෙනව. ඒත් ඒ කවුරුත් නම ගම ඇතුව මේක නොකිව් නිසා තමයි පුදගලිකව චැට් නොකරන, බස් නොපදින සහ මූණු පොතේ බ්ලොග් කරුවන් ඇසුරු නොකරන මම මෙයට අහු උනේ. මං වැට්න වලේ වෙන උන් වැටෙන්න දෙන්න එක හරිද? බ්ලොග් නමින් අඳුනගෙන හිතවත් කමින් අයුතු ප්‍රයෝජන ගන්න එක හරිද? ඒවට ඉඩ දීමද හරි බ්ලොග් කලාවක් කියන්නෙ. දැන් මම ටිකක් බිසී, ඒ නිස හෙට උදේට කට්ටියගෙ රෙදි ගලවන්නම ( අද සල්ලි නුදුන්නොත් )

    උඹ ඉවරයි.......

    ReplyDelete
  33. http://upashantha.blogspot.com/2012/06/blog-post_13.html?showComment=1343119165487#c2886586435299343517

    AnonymousJuly 24, 2012 11:39 AM
    අම්මට උඩු අබියා බය වෙලා?හීනෙන් තමයි පුතා.උඹ ඌ ගැන දන්නේ නැහැ.ඌ මේ වෙනකොට මේකට තව ගැටයක් ගහලා ඇති. තව එකෙකුට මොනවා හරි කලාට ඌ උගේ මයිලකටවත් මොනවත් හානියක් කර ගන්න එකෙක් නෙවෙයි.

    ReplyDelete
  34. අනේ ඔයා කෝ අබේ.... ඔයා හැන්ගිලා පිප්පි කරනවාද? ඔන්න අපි හොයන්න පටන් ගන්නවා සීයට ගැනලා...... එකායි.....දෙකායි....

    ReplyDelete
  35. හයියෝ අභීත!

    විලිලැජ්ජාවයි. චිකේ!

    ReplyDelete
  36. බ්ලොග් අවකාශය යනු පවතින සමාජයේම කොටසක් යයි කකා කීවේය.එහෙත් බ්ලොග් අවකාශය යනු පවතින සමාජයටත් වඩා අඳුරු තැනක් බව තේරුම් ගැනීමට සිදුවන දේ ප්‍රමාණවත්ය.මෙතැන තමන්ගේ අදහස් හා නිර්මාණ ප්‍රකාශනයටත් ඒ පිලිබඳ සංවාදයක් ඇති කරගැනීමටත් සීමා කිරීමෙනුත් සෝෂල් හබ් එකක් බවට පරිවර්තනය නොකර ගැනීමෙනුත් සියලු ලෙඩ රෝග වලින් වැළකී සිටිය හැක.කල්ලි ගැන්සි නැතිව ගමනක් යන්න පුළුවන් නම් කාගේත් සෞඛ්‍යයට හොඳය.උදාහරණ : බුවාගේ බ්ලොගය කරන එකා සුදුද කළුද වත් අපි නොදනිමු .අදාලත් නැත අපට වැදගත් ඌ ලියන ඒවාය.කතන්දර බ්ලොගේ කරන සුරියාරච්චි උන්නැහේ තම බ්ලොගයට අදාලව කතන්දරකාරයා මතු කොට ඇත.සිදු වන සියලු ගනුදෙනු බ්ලොගයට අදාලව කතන්දරකාරයා සමග සිදුවන ගනුදෙනු මිස සුරියාරච්චි උන්නැහේ සමග සිදුවන දෙයක් නොවේ.බ්ලොග් අවකාශය තමන්ගේ තෙල් බෙහෙත් කේන්දර කොපි ටැක්සි ටුවර් විකුණා ගැනීමටත් ඒවාට සෙට් වී මේක තවත් ෆේස් බුක් එකක් බවට පත් කර ගත් විට බොහෝ දෑ සිදුවිය හැක.මොකෝ බ්ලොග් ලියන්නෙත් සක්විතිලාය මර්වින් සිල්වලාය රුවන්වැල්ලේ සොභිතලාය ........

    ReplyDelete
    Replies
    1. kathawata patta lesa likeyaya.

      Delete
    2. බ්ලොග් අවකාශය තමන්ගේ තෙල් බෙහෙත් කේන්දර කොපි ටැක්සි ටුවර් විකුණා ගැනීමටත් ඒවාට සෙට් වී මේක තවත් ෆේස් බුක් එකක් බවට පත් කර ගත් විට බොහෝ දෑ සිදුවිය හැක.මොකෝ බ්ලොග් ලියන්නෙත් සක්විතිලාය මර්වින් සිල්වලාය රුවන්වැල්ලේ සොභිතලාය

      +++

      Delete
  37. කඩේ වහල ගෙදර යන්න වෙයිද මන්දා !

    ReplyDelete
  38. ශනි මාරුවෙන් ලොකුම අපලේ අභීත පුතාට වගේ.....

    ගූ කාපන් අභීත....

    ReplyDelete
  39. අබේ මැරියන් යකෝ..... ගූ කාල මැරියන්

    ReplyDelete
  40. පුකෙනුත් හිනා යනවා මේ වැඩ වලට
    තිබ්බා නේද ලොකු පොල්ලක් ඉන්දිකට
    සැමදා ඇරියමුත් මේ ලොව අනිකුන්ට
    බ්ලොග් ලෝකෙන් දැන් පලයන් වහන් කට

    ReplyDelete
  41. ටැස්ටින් වන්

    ReplyDelete
  42. අන්තර්ගතය පැහැදිලිය..

    ReplyDelete
  43. එල කවි ටික..
    සුපිරි..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...