Thursday, July 26, 2012

මම නේද? වංචාකරයෙක්ද? හොරෙක්ද? තක්කඩියෙක්ද? නැත්නම් මොකෙක්ද?



කෙටිම පෝස්ට් දාලා ඇතිවෙලා.. මේ දවස්වල මාතෘකාව මම නිසා මමත් මේ ගැන ලියන්න එපැයි.... මේ කාලය මට ඉතා හොඳ කාලයක්.... ඒ මිනිසුන් අදුනා ගැනීම ගැන... මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ  කතා කරන්නේ නෑ.. මොකද කවුරුවත් මාත් එක්ක ගණුදෙණු කලේ, බ්ලොග් පෝස්ට් දාලා, මම අභියත් එක්ක ගණුදෙණු කරන්නද කියලා අහලා නෙවෙයි කියලා මම විශ්වාස කරන නිසා.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... මොකද බ්ලොග් අවකාශය මගේ ප්‍රධානියා නොවන නිසා... මේ ලොකුවට කියන හැමෝටම පුළුවන් උඹ මට ණයයි කියලා මගේ කමෙන්ට් වල සඳහන් කරන්න.... එහෙම කියන්න පුළුවන්නම් සියළු විස්තර එක්ක සටහන් කලෑකි.. තුන් දෙනෙක් එහෙම ලිව්වොත් මම මේ බ්ලොග් අවකාශෙන් සමු ගන්නවා.... දැන් ඉන්දික කියලා තියෙනවනේ.. එතකොට තව දෙන්නයි... ඒ වගේමයි අඩු ගානේ දහ දෙනෙකුටවත් කියන්න පුළුවන්නම් අභියා මාත් එක්ක ගණුදෙණු කරලා තියෙනවා කියලා ඒත් එච්චරයි.... ඒත් දහ දෙනෙකුට වඩා කියයි අභියා මට මේ මේ උදව් කරලා තියෙනවා කියලා... ඒවා ඕනේ නෑ.... මමම මගේ පෝස්ට් වලින් තමයි මම ගණුදෙණු කරපු අය එළි කරලා තියෙන්නේ.. ඕනවට වඩා විවෘත වෙන්න ගියාමත් පස්සෙන් ඇවිත් බෙල්ල කපන සෙට් එක වැඩියි.. අනේ මල්ලි මට පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕන, පොඩ්ඩක් වරෙන් මාත් එක්ක දවසක් යන්න, අඩේ මචන් මට පොඩි උදව්වක් ඕන අතනට ගිහින් බලපන් මේ වැඩේ., අඩේ මචන් මට පොඩි අදහසක් තියෙනවා මෙහෙම කලොත් හොඳ නැද්ද? වගේ නොයෙක් උදව් මගෙන් ගත්ත පොරවලුත් ඇවිල්ලා මම ගැන ලස්සනට කියලා ගිහින් තියෙනවා මම දැක්කා.. මේ පෝස්ට් වල තියෙන කමෙන්ට් වලින් මම එක දෙයක් දැක්කා.. මගේ වැරදි, සහ මට බැනපු අය ඔක්කොම ඇනෝ ඇවිත් ගිය එක... ඉන්දිකට ඇර මට නමින් බනින්න එකෙක් නැති එක ගැන මම අදත් සතුටුයි... ඒත් මම සම්භන්ධ ප්‍රශ්ණ වලදි වෙන උන්ටත් මඩ ගහලා තියෙනවා මම දැක්කා.. ඒ රනාට, රොබින්ට, මාරයාට, ජ්‍යොත්ට, පසන්ට, කකාට වගේ අයට... උන්ට මඩ නොගහා මටම කෙළියානම් තමයි සහෝදරවරුණි වඩා හොඳ... කියවන ඔබ මතක තියාගන්න.. මේ පෝස්ට් එක මම ලිව්වේ නිවැරදි කාරයෙක් වෙන්න නෙවේ... මම ලිව්වේ මට මුවා වෙලා අනිත් උන්ට පහර ගහන එක වැලැක්වීම සඳහායි.. 

මෙන්න බනින අයට මගෙ මූණට නමින් බනින්න අවස්ථාව..   හැබයි නමින් මූණට කියන්න... නිකන් ඇනෝ විත් තොට හෙණ ගහපන්, තෝ මැරියන් වගේ ඒවා කියන්නේ නැතුව නමින් ඇවිත් කියන්න... 

මේ වෙලාවෙදි මගේ වටේ හිටපු මගේ සැබෑ බ්ලොග් යාළුවන්ටනම් මගේ තුතිමල් පුදන්න ඕන.. විදේශයන් ඉඳන් කෝල් කරලා, මූණු පොතට ගොඩ වෙනකොට හතර වටෙන් චැට් කරලා මාව වචනවලින් දිරි දීලා සනසපු හැමෝටම ස්තූතියි මචන්ලා... අන්තිමට එක දෙයක් කියන්න ඕන.... මතකයි නේද අපි පුංචි කාලේ ගිය මෙන්න මේ වෙළඳ දැන්වීම...

එන්න ඇතුලට...
භය වෙන්න දෙයක් නෑ....
හිතුවා නේද වැටෙයි කියලා මන්....

මම වැටෙන්නෙ නෑ....
මාව වට්ටන්නත් බෑ.....

ප.ලි. මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන එකම පෝස්ට් එක මෙයයි.. ඒ ඔබේ ශක්තිය උදෙසායි....

ප. ප. ලි. අළුත්ම පරිච්ඡේදයක් වෙච්ච දේශාටන සටහන් පෙළක් අරන් මම එනවා ඊලඟට... 



68 comments:

  1. ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන්නෙ මේකට තමයි අභීත.

    ReplyDelete
  2. මචං උඹ දැන් උඹේ ආරක්ෂාව පිණිස ඇනෝ වහනවා.ඒත් උඹ කී දෙනෙකුට කෙලින් මෙතන ඉඩ දුන්නද ඇනෝ ඇරගෙන. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එක ගැන ටිකක් නිවී හැනහිල්ලේ කල්පනා කරපං. ඒ වගේම පපුවට තට්ටු කරලා අහපං උඹ කාවද රවට්ටන්න යන්නේ කියලා. දවසක් නොබී පැත්තකට වෙලා කල්පනා කරපන් ඇයි මං මෙහෙම කලේ..ඇයි මට මෙහෙම උනේ කියලා.

    එහෙම නැතිව මේ කමෙන්ට් වහගෙන දාන පෝස්ට් වලින් ඇති වැඩක් නැහැ. අනිත් උන් දැන් උඹ ගැන ඇත්ත දන්නවා කියන එක වහන්න බැහැ. උඹ මේ මොහොත වෙනකොට බර ගානකට ණය නැති වෙන්න පුළුවන්. මොකද ඒ හැම කෙනාම උඹට සද්දේ දාලා කොහොම හරි සල්ලි ගත්ත හින්දා. ණය ගැන නෙවෙයි ප්‍රශ්නේ උඹ විස්වාස ඝාතකයෙක් වීම. අවංක නොවීම. අනිත් මිනිහගේ දුක වේදනාව අදුරන්නේ නැති කම. මම කැමති නැහැ මෙහෙම ඇනෝ කමෙන්ට් එකක් දාන්න. ඒත් එහෙම දාන්න වෙලා තියෙන්නේ උඹගේ බ්ලොග් එකේ ඇත්ත ප්‍රොෆයිල් එකකින් ඇවිත් කමෙන්ට් කරන්න තරං සුදුසු තැනක් නෙවෙයි. ඒ තරමටම මේක ජරා වලක්. ඒක එහෙම කලේ උඹමයි. උඹේ වාසියට උඹ කරපු දේ උඹේම අවාසියට හේතු වෙයි කියලා එක මොහොතක්වත් උඹ හිතුවේ නැහැ. මහ රෑ යාළුවන්ට කෝල කර කර අන්න බලපං මචං වගේ පෝස්ට් එකේ වැටෙන කමෙන්ට්, දැන් හිට් මෙච්චරයි කිය කිය වගාඩම්බර කියවන කොට උඹ ටිකක් හරි හිතුවනං උඹ මේ කරන්නේ තවත් එකෙකුට වලක් කපලා සතුටු වීමක් කියලා අද අපිවත් උඹ ගාව ඉන්නවා.ඒත් අද අපිට උඹ ගාව ඉන්න විදියක් නැහැ. උඹ විස්වාස ඝාතකයෙක් වීමත් අපේම යාළුවන්ට කල හතුරුකං නිසාත්. මේක පබ්ලිෂ් කලත් එකයි මට නැතත් එකයි. ඒත් උඹ මේක කියවලා හැදියං. එච්චරයි.

    ReplyDelete
  3. මේක නෙවෙයි යාළුවා කරන්න තියෙන්නේ..ඉන්දික ඔබට බැනලා පෝස්ට් එක දාන කොටත් ඔබ මුදල් ගෙවල ඉවරයි ගිනුමට බැර වෙන්න තියෙන ප්‍රමාදය කියල ඔබ කිහිප දෙනෙකුට කියල තියෙනවනේ..ඒ ගිණුම් රිසිට් දින සටහන් නිසි ලෙස දිස්වන පරිදි ස්කෑන් කරලා බ්ලොග් පෝස්ට් එකක් විදියට දමන්න.ඒක තමයි දැනට කරන්න තියෙන හොදම වැඩේ.අපි බ්ලොග් ලෝකේ බැනුම් අහන්නේ ජ්‍යොතිෂය ගැන ලියන නිසා අපි ඒව ගනන් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. //මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ කතා කරන්නේ නෑ.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... මොකද බ්ලොග් අවකාශය මගේ ප්‍රධානියා නොවන නිසා...\\

      Delete
  4. තව එකම එක දෙයක්.. මම මේ දැන් දැක්කා අපේ තවත් බ්ලොග් කරුවෙක් තව කෙනෙක්ගෙන් සල්ලි ගත්තේ නෑ කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා... ඒක මටත් ඉරහඳ වගේ විශ්වාසයි... ඌ එහෙම සතයක්වත් ගත්තේ නෑ.. ඒ වගේම ඔහුගේ සමහර පෝස්ට් වලට ලින්ක් දාලා ඒවා ඔහු මම නිසා ලිව්වා කියලා ගොඩාක් තැන්වල කියලා තිබ්බා.. එම පෝස්ට් වලටත් මම සම්භන්ධද නැද්ද කියන එකත් ඔහු කිව්වානම් මම ඉතා අගය කරනවා....

    ReplyDelete
  5. //මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ කතා කරන්නේ නෑ.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... මොකද බ්ලොග් අවකාශය මගේ ප්‍රධානියා නොවන නිසා...\\

    බ්ලොග් අවකාශය ප්‍රධානියා නොවෙන්න පුලුවන් , ඒ වුනත් කෙනෙක් තමන්ගේ නමින්ම ඉඳන් සාක්ෂිත් සහිතව බ්ලොග් අවකාශය හරහා අභීතට චෝදනාවක් එල්ල කරල තියෙත්දි ඒ ගැන ඔබෙන් පැහැදිලි කිරීමක් තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ , මොකද මේක ඇනෝ කෙනෙක් "අභියා හොරා " කියලා දාන කමෙන්ටුවක් හරි මම වගේ අන්තර්ජාලයට පමණක් ආවේණික ප්‍රෆයිලයකින් කරන චෝදනාවක් නෙවෙයි . කෙනෙක් තමන්ගේ සැබැ නමින්ම පෙනී සිටලා කරන චෝදනාවක් . අභීතගේ එදිනෙදා ජිවීතයට මේ සිදුවීමෙන් දශමයක හෝ බලපැමක් නැතුවා වෙන්න පුලුවන් , නමුත් අභීතව පෞද්ගලික නොහඳුනන , අභිතගේ බ්ලොග් ප්‍රොෆයිලයට පමණක් ඇඳුනුම් කම සීමා වුන අයට මේ හරහා ප්‍රභල බලපැමක් තියන බව සඳහන් කරන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඉදිරියේදී බලමු එහෙනම්... ඒත් මේ ප්‍රශ්ණේ තවත් බ්ලොග් එක දිගේ ඇදගෙන යන්න මගේ කැමැත්තක් නෑ බුවා... ඒත් ඔබේ අදහසට මම එකඟ වෙන්නම්...

      Delete
    2. ඇත්ත. මම බ්ලොග් ලියන එකෙක්වත් වැඩිය කමෙන්ට් ක‍්රන එකෙක්වත් නෙවි හැබැයි හුගකාලයක් බ්ලොග් කියවන එකෙක් මේකෙන් ආතල් එකක් වගේම රට තොට ගැන හොද දැනුමකුත් එනනිසයි තෝරන්නෙ කල්ලිගැහෙන්නෙ නැතුව හැම බ්ලොග් එකක්ම කියවන්නෙ.
      මටත් කියන්න තියෙන්නෙ බුවා කිව්ව වගේ අභිය උබේ ප්‍රධානිය බ්ලොග් අවකාශය නොවෙන්න පුලුවන් ඒත් මේ චෝදනා එල්ල වෙලා තියෙන්නෙ උබ බ්ලොග් අවකාශය සහ එයින් හදුන ගත්තු අය වැරදියට පාවිචි ක‍රල කියන නිසා ඒවට බ්ලොග් අවකාශයෙදිම උත්ත‍ර දෙන එක තමයි හොද අර මාරය කෙලින්නම කිව්ව වගේ.

      Delete
    3. ඇත්ත..
      බුවාගේ කතාව සම්පූර්න ඇත්ත..!

      Delete
    4. ඔව්, මේ කතාව ඇත්ත. මේ කතා වලට පැහැදිලි පිලිතුරක් දුන්න නම් හොඳයි..

      Delete
  6. "මෙන්න බනින අයට මගෙ මූණට නමින් බනින්න අවස්ථාව.. හැබයි නමින් මූණට කියන්න... නිකන් ඇනෝ ඇවිත් තොට හෙණ ගහපන්, තෝ මැරියන් වගේ ඒවා කියන්නේ නැතුව නමින් ඇවිත් කියන්න..."

    "ප.ලි. මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන එකම පෝස්ට් එක මෙයයි.. ඒ ඔබේ ශක්තිය උදෙසායි...."

    දිල්ට, රමේෂට, රංගට, රජාට.... එරෙහිව ඇනෝ දාන උදවියට සපෝට්එක දීල(යාලුවො නැතිකරගෙන අනියමින් බ්ලොග් වස්සල) දැන් මෙහෙම කරන්නෙ "තමන්ට සැරට වදීවි" කියන බයටද?

    ReplyDelete
    Replies
    1. දිල්ට, රමේෂට, රංගට, රජාට විරුද්දව ඇනෝ දාන්න දීල දැන් ඇයි?... කියල මට ප්‍රශ්නයක් තියෙන්නෙ... අනිත් අතට කමෙන්ට් මොඩරේට් කරල ඇයි?...

      Delete
    2. මට බැන්නා මදි වෙලාද? කලින් පෝස්ට් එකයි, මේක ලියන්න හේතු වෙච්ච පෝස්ට් එකයි බලන්න ලමයිනේ.. අර තියෙන්නේ මුළු පරපුරටම බැනලා... ඒ නිසා මේ වගේ මූණට කියන ඒවාත් අහන්න මම කැමතියි...

      Delete
  7. මමත් ඔය බ්ලොග් පෝස්ට් ඔක්කොම වගේ කියෙව්වා. තමන් පුද්ගලිකව කරපු ගනුදෙනු බ්ලොග් ලෝකෙට ගේන එක වත් කවුරු හරි එහෙම ගෙනාවත් ඒක අල්ලාගෙන වටේටම මඩ ගහලා ආතල් ගන්න හදන එකටවත් මම පුද්ගලිකව එච්චර කැමති නෑ. තමන් කාටහරි වරදක් කරලා තියෙනවාද නැද්ද කියන එක හොදින්ම දන්නේ තමන්ගේ හිත. ගෙවන්න තියෙන දෙයක් ටිකක් හරි පරක්කු කරලා රෝලක් ගහන එක ඕනෑම බිස්නස් කාරයෙක් කරන සාමාන්‍ය දෙයක්. තමන්ගේ හිතට එකගව තමන් වැරද්දක් කරලා නැත්තම් මොන බ්ලොග් පෝස්ට් වැටුනත් ඕවා ගණන් ගන්න එපා....

    ReplyDelete
    Replies
    1. ඒවගෙත් ඇත්ත තියෙනවා රෙප් මහත්තයෝ... ඒවාත් බොරු නෙවෙයි...

      Delete
  8. මේක තමයි මම මෙච්චර කාලෙකට දැකපු හොඳම ෆෝවඩ් ඩිෆෙන්සිව් ෂොට් එක.. :)

    ReplyDelete
  9. දැන් මේ කතා අහලා ඇති වෙලා.ඔය දේශාටන කතා පෙල වත් ඉක්මනට දාමු අභියෝ.

    ReplyDelete
  10. "ප.ලි. මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන එකම පෝස්ට් එක මෙයයි.."

    ReplyDelete
  11. ආ මේං ආයෙ ඉස්තාලෙ දොර ඇරලා.....

    ReplyDelete
  12. අභියා කට්ටිය උබෙන් බලාපොරොත්තුවෙන උත්තරය මේක නෙමෙයි ...

    ReplyDelete
    Replies
    1. මම දන්නව රොබින්, මම ගත්ත එක වැටුණ තැනින්ම මම ගෙවපු එකත් වැටේවි... එතකන් හිටියනම් හොදයි නේද?

      Delete
  13. ඇයි බං උඹට ඔය හෙන සප් එක දීපු විදේශ වලින් කතා කරපු, මූනු පොතේ චැට දාපු එකෙක් වත් ඉන්දිකගේ පොස්ට් එකේ උඹ වෙනුවෙන් නැත්තේ? හරීරීරී පුදුමයි නේද මෙයා?


    /මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන එකම පෝස්ට් එක මෙයයි.. ඒ ඔබේ ශක්තිය උදෙසායි....//

    අර කිතුල්ගහට ගිය එකත් අහුවුනම මොනාද කිව්වලු!
    හූහ් හු! ඇඬෙනාව තනි ඇහැට මෙව දැක්කම!

    ReplyDelete
    Replies
    1. +++++++++++

      …ගුණේ අයියා... ගනින් බං අඟල් අටේ එකක් මටාත්....

      Delete
    2. මේ කොමෙන්ටුව ටිකක් සිරා ආ :)

      Delete
    3. නිකමට හරි මගෙ පැත්තට ලඟින් යන්න කථාකල කට්ටියට වැදුන හැටි දැක්කා නේද? එහෙම වුනානම් වෙන්නේ අර උඩ ලිස්ට් එකට තව නම් ටිකක් එකතු වෙන එක විතරයි...

      Delete
    4. තමුන්නාන්සේ හිතං ඉන්නේ මේකේ ඉන්න ඔක්කෝම හැමදාටම අන්දන්න පුලුවං මී හරක් කියලද? ක.කා පැත්තට කත කලෙත් නෑ, තමුන්නාන්සෙගේ පැත්තට කතා කරපු එවුන් කිව්ව බයිලා දැක්කම අපිට නං පුකෙන් හිනා. අරුණි ශපීරෝ ගේ පවා නම විකිනූ බවට චෝදනා තියෙනව නේද? සෝරෝ, දුකාගේ පෝස්ට් වල නම නොකිය කියල තියෙනව නේද?

      මොකාව අන්දන්නද නිකං "නමෙන් කියන්ඩ" වගේ බබා උක්කුං??

      Delete
    5. නිකමට හරි බ්ලොග් ලියපු චරිතයක් නිසා මම මේවාට උත්තර දෙන්න කැමතියි ගුණේ... අරුණි අක්කාව වික්කද නැද්ද කියන එක ඒ ප්‍රශ්ණේ අරුණි අක්කගෙන් අහපු කෙනාගෙන් තමයි දැන ගන්න වෙන්නේ... ඉලංදාරියා සම්භන්ධ වෙලාවලදි, අවුරුදු උත්සව සම්භන්ධ වෙලාවලදි විතරයි මම අරුනි අක්කත් එක්ක කතා කරලවත් තියෙන්නේ.. ඒ නිසා ඒ නම් ගාවන්න එපා..

      ඔව්.. සෝරෝගෙ දුකාගෙ පෝස්ට් වල මම ගැන කියලා ඇති.. ඒකයි මම කිව්වේ, මම ඔවුන්ට හෝ වෙන අයට සල්ලි දෙන්න තියෙනවනම් කියන්න කියලා... මම දන්න විදිහට මම සෝරෝ සම්භන්ධව කලින් ලිපියක හෙලි කලා... කමෙන්ට් වලින්.. මට ඔබත් සමග වාද කර ජය ගැනීමේ අරමුණක් නෑ.. නමුත් සියල්ල හොයා බලා කතා කෙරුවානම් තමයි හොඳ... ඒ වගෙමයි මම වගේම උඩ ගුණේ අයියත් කියලා තියෙන දෙයක් තියෙනවා.. ඒවාට උත්තර ඉදිරියේදී කමෙන්ට් විදිහට වැටෙයි.. පෝස්ට් එකෙන් කිව්වා වගේ මම නැවතත් කියන්නේ ඕන.. "මම නිවැරදි කාරයෙක් නෙවෙයි"

      ඒ වගේම ඔබ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට දරන උත්සහයත් මම අගය කරනවා...

      Delete
  14. කලින් පොස්ට් වල තිබුන වගේ අභිත තාමත් ඒ පුද්ගලයන්ට ණයද කියලා ඒයාලම ඇවිත් මේතන අපිටත් දැන ගන්න දැම්ම නම් නේද හොද දැන් මේකේ ආයි හන්ගන්න දේයක් නැ නේ මම හිතන්නේ දැන් ඔවුන් ඇවිත් තව කියක් ණයද  ඔක්කොම දිල තියෙනවද කියලා කියන්න දැන් මේකේ ඇත්ත නැත්ත හරියටම දැන ගන්න ඔන මොකද අපිට ඇත්ත දැන ගන්න කියලානේ අනිත් පෝස්ට් වැටුනේ

    ReplyDelete
  15. කලින් පොස්ට් වල තිබුන වගේ අභිත තාමත් ඒ පුද්ගලයන්ට ණයද කියලා ඒයාලම ඇවිත් මේතන අපිටත් දැන ගන්න දැම්ම නම් නේද හොද දැන් මේකේ ආයි හන්ගන්න දේයක් නැ නේ මම හිතන්නේ දැන් ඔවුන් ඇවිත් තව කියක් ණයද  ඔක්කොම දිල තියෙනවද කියලා කියන්න දැන් මේකේ ඇත්ත නැත්ත හරියටම දැන ගන්න ඔන මොකද අපිට ඇත්ත දැන ගන්න කියලානේ අනිත් පෝස්ට් වැටුනේ

    ReplyDelete
    Replies
    1. බලමු අයියේ එහෙම වෙයිද කියලා

      Delete
  16. මේ පිළිබඳව මුකුත් නොකියමි

    එත් විනිවිධ භාවය ආරක්ෂා කරගන්න එක හොදයි නේද තමන්ගේ නමට කැළලක් එකතු වෙනවට වඩා ?

    පා ලී අර වැඩේ මොකෝ වුනේ?
    මේ සිටින තැනට ගූගල් වලට ලොග් වෙන්න බැරි නිසා මෙහෙම දානවා

    ReplyDelete
    Replies
    1. ආපු තැනින්ම දවසක ඒවි.. එතකන් ඉදින්... ඒ වැඩේට මට තාම කෝල් කරන්න බැරි වුනා බන්.... :(

      Delete
  17. මේ පිළිබඳව මුකුත් නොකියමි

    එත් විනිවිධ භාවය ආරක්ෂා කරගන්න එක හොදයි නේද තමන්ගේ නමට කැළලක් එකතු වෙනවට වඩා ?

    පා ලී අර වැඩේ මොකෝ වුනේ?
    මේ සිටින තැනට ගූගල් වලට ලොග් වෙන්න බැරි නිසා මෙහෙම දානවා

    ReplyDelete
  18. බ්ලොග් කලාව පහත් මට්ටමකට වැටිලා.

    ReplyDelete
  19. මීට ඉහත බ්ලොග් වල අපි දුටුවේ මතවාදී ගැටුම්,දැන් පුද්ගලික මඩ ගසා ගැනීම් දක්වා වෙනස් වෙලා.

    ReplyDelete
  20. හොඳටම සීරියස් ලිපියක්
    මොනා වුනත් මේක සිංහල බ්ලොග් වලට නම් කළු සලකුණක්.
    බ්ලොග් ගැන වැඩිය දන්නේ නැති එකෙක් මේ වගේ ලිපි කියෙව්වම උන් හිතන්නේ බ්ලොග් කියන්නෙත් ගොසිප් සයිට් වගේ බොරු ගොත ගොත අන්තිමට සෙට් එක මඩ ගහගන්නවා කියලා.

    ගත්තා නම් දෙන එක හොඳයි, ගෙවුවා නම් ඉන්දික අයියා වගේම ගෙව්වා කියලා සාක්ෂි ඔප්පු කරා නම් හොඳයි.නැත්තම් එහෙනුයි මෙහෙනුයි අපි තැලෙනවා විතරයි.

    ReplyDelete
  21. සල්ලි ගැන නම් මං වැඩිය කියන්න දන්නෙ නෑ අයියේ.එක එක්කෙනාගෙන් අහපුවා ඇරෙන්න කොහොමත් බ්ලොග් ලියන්න අරන් ටික කාලයයිනෙ මම.

    ඇනෝ කමෙන්ට් ඩිසේබල් කල එකෙන් ඔයාටම පාඩුවක් වෙන්න පුලුවන් නේද? ඔයා ඔයාටම ඇනෝ කමෙන්ට් දාගන්නවානෙ නේද? එක පාරක් එහෙම කරන්න ගිහින් නමෙන්ම කමෙන්ට් වැටුනා නේද?

    ReplyDelete
    Replies
    1. එක පාරක් නෙවෙයි නංගි කිහිප වතාවක් එහෙම වුනා.... :D :D :D

      Delete
    2. හ්ම් ...මාත් වතාවක් දැක්කා ඒ සීන් එක නම්

      Delete
  22. ඔයා කවදාවත් හිතුවේ නැතුව ඇති බ්ලොග් ලෝකේ ඔයාට මේ වගේ තත්වයක් ඇතිවෙයි කියලා. මොකද කොතන හරි තැනක වලියක් යනවනම් ඔයා එතනට ගිහිං ඒ වලිය අවුලවනවා දෙපැත්තටම පෝර දානවා. ඔයාගේ බ්ලොග් එක හරහාත් මම දැකල තියෙනවා ගොඩාක් පිරිසකට මඩගහන සිද්දි. ඒත් මට පෙනෙන විදියට ඔයාගේ වටේ හිටපු පිරිස අඩුවෙලා ඔයාට විරුද්ද පිරිස වැඩි ඒ දේ සිදු වුනේ උඹ හිතා හිටපු හා ක්‍රියා කරපු දේවල් නිසා.

    කොහොම හරි උඹ වංචා කාරයෙක් බොරුකාරයෙක් කියල ඉන්දික ඔප්පු කරලා ඉවරයි.එහෙම නෙවෙයි කියල ඔප්පු කරන ඕනේ පොස්ට් එකක් මේක ඒත් මේකේ තියෙන්නේ වෙනත් විකාරයක්. පරණ බ්ලොග් බ්ලොග් කාරයොත් වෙලා අලුත් උන්ගෙන් උපහාසයට පත්වෙලා ඉවරයි. පරණ බ්ලොග් කරුවන්ට තියෙන ගරුත්වය ඔයාට නැහැ කියල මට හිතෙන්නේ ඔයාගේ වැඩ හැම එකක්ම එලි වුන නිසා. ඒත් උඹට කියන්න පුළුවන් එහෙම නෙවෙයි කියල. මද්‍යස්තව බැලුවොත් එහෙම තමා. මොකද අභීත අයියා කියල කතා කරපු පොඩි වුන් දැන් කතා කරනවා ඇත්තේ අභිතය කියල.

    එහෙම නෙවෙයි කියල ඉදිරියේදී ඔප්පු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එකත ඕනේ තැටිය රත්වෙච්ච වෙලාවෙදිමයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට ඕන දෙයක් ඕන විදිහකට කියන්න පුළුවන් මල්ලි... ඒක කොතරම් දුරට සත්‍යද කියන එක විතරයි අදාල.. මම වැරදි කරුවා කියවිච්ච තැනකින්ම නිවැරදි කරුවා කියන එකත් ඒවි... ඒ නිසා අවුලක් විය යුතු නෑ..

      අනික මට කෙනෙක් අමතන්නේ කොහොමද කියන එක අදාල නෑ... අභීත අයියා, අභීතයා එහෙමත් නැත්නම් වෙන එකක්, මේ හැම විදිහකටම මට අමතන අය ඉන්නවා..

      Delete
  23. පළමුවෙන් කියන්න ඕන , බ්ලොග් අවකාශයේ ඉන්න සියලුම මිතුරන් අදටත් මම සියසින් නොදැකපු මිතුරන් / මිනිසුන්.

    බ්ලොග් වලට පිවිසුන මුල් කාලයේ ඉදන් විටින් විට , තැනින් තැන අහන්න ලැබුන දෙයක් තමයි අභීත මුදල් ගනු දෙනු වලදී විශ්වාය්ස කඩ කරනවා (පොලු කාරයෙක්) කියල , (විශේෂයෙන් ඔබා මාමා නැති වුන වෙලාවේදී) , එත් නාමිකව සහ සාක්ෂි ඇතිව ඉදිරිපත් කරපු චෝදනාව මුලින්නම දැක්කේ ඉන්දික ගෙන් .

    හැබැයි මේ පොස්ට් එක තුල අභීත තමාට විරුද්ධව ඇති චෝදනා වලට පිළිතුරු දෙනව වෙනුවට කරලා තියෙන්නේ හිමීට ගැලවිලා යන්න හදන උත්සහයක් කියල තමයි මම නම් හිතන්නේ. අභීත කියනවා 3 දෙනෙක් මේ චෝදනාව එල්ල කලොත් බ්ලොග් අවකාශයෙන් සමුගන්නවලු , එහෙම කියන අභිතම කියනවා බ්ලොග් අවකාශය කියන්නේ මගේ ප්‍රධානියා නොවෙයි කියලා, ඇත්තටම අභීත මේ වලාවේ කරන්න ඕන බොරු චන්ඩි පාර්ට් / එහෙමත් නැත්නම් විහිලු වලින් වලින් ප්‍රශ්නේ මග හරින එක නෙවෙයි , කෙලින් පිළිතුරක් දීල , අභිතගේ නිර්දෝෂී බව ඔප්පු කරන එක , එහෙමත් නැත්නම් තවමත් අභීත කියන්නේ මහත්මයෙක් කියලා තමාගේ ඇති වරදක් වුනානම් , කළා නම් එක පිලි අරගෙන නිවැරදි කරන එක , එහෙම කරලා අනිත් උන්ටත් ආදර්ශයක් සපයපු කෙනෙක් වෙන එක.

    ReplyDelete
    Replies
    1. මම කොතනකවත් වැරදි කාරයෙක් නෙවේ කියලා කියලා නෑ.. කියන්නෙත් නෑ... උඩ ලියලා තියෙනවා වගේ මම මේ පෝස්ට් එක දැම්මේ මම නිවැරදි කාරයෙක් වන්නට නොවේ.. මම නිවැරදියි මෙන්න සාක්ෂි කියනවට වඩා හොඳයි කියලා මම හිතනවා මගේ සල්ලි හම්බුනා.. එහෙම නැත්නම් මූ පොල්ල තිබ්බා අන්න දැන් අරූ හිරේ කියලා වගේ කියන එක... ඒ නිසා ඒ කරුණුත් එතනින්ම ඒවි.

      Delete
  24. //අභීතJune 21, 2012 2:12 PM
    1. හොඳ වැඩක්

    2. බ්ලොග්වල තමන්ගෙ අය අතරෙ යන ප්‍රශ්න වලට පිළිතුරු ලිපි ලිවීම ප්‍රශ්ණය තවත් වවාගෙන කෑමක්....

    3. තමන් කැමති තීරණ අරගෙන යන ය ගියාවේ.. ඉන්න අය උන්නාවේ...

    4. අසඹ්හ්‍ය වචන වලට බියනම් බ්ලොග් ලියන එකේ තේරුමක් නෑ...//

    ඔය තියෙන්නෙ අයියා ගැහැණූ ළමයි බ්ලොග් එකේ පෝස්ට් එහෙකට දාපු කමෙන්ට් එකක්... :)

    සමහර උප්දෙස් මෙතනටත් ගැලපෙනවා වගේ කියලා හිතුනා... ;)

    ReplyDelete
  25. අනේ මන්දා..
    මම ඕවා ගැන මුකුත් දන්නෑ..
    මුකුත් කියන්නෙත් නෑ..
    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද මන්දා..

    ReplyDelete
  26. අභීත මහත්තයෝ,

    පුලුවන්නම් ඉන්දිකගේ චෝදනා, ශපීරොගේ චෝදනා වලට කෙලින් උත්තර දෙන්න.

    ඔබගේ ප්‍රතිරූපය, ආත්ම ගරුත්වය බිංදුවට බහින්න ගැහුවට පස්සෙ සල්ලි දීලා "මම නිවැරදි" කියන්න නම් ලෑස්තිවෙන්න එපා.

    ගොංපාට්, ජෝකර්ට අඳින එක නවත්තලා වගකීමක් තියෙන වැඩිහිටියෙක් විදියට මේකට මූන දුන්නොත් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. ආත්ම ගරුත්වය බිංදුවට බහින්න ගහනවද ගහන්නේ මොකටද කියලා බලන එක ගහන එකාගේ වැඩක්... අරුණි අක්ක චෝදනාවක් කරලා තියෙනවා මම දැක්කේ නෑ.. ඉන්දිකගේ චෝදනාවට ඉන්දික විසින්ම ප්‍රගතිය කියාවි... එහෙම නැති වුනොත් මම කියන්නේ නෑ... ඔබ ප්‍රොෆයිල් එකක් වුනත් කවුරුත් ඔබව අදුනන්නේ නෑ.. ඒ නිසයි ඔබට මෙහෙම දිගින් දිගටම පහර ගැසිය හැක්කේ... නමුත් නියම නමින් ප්‍රොෆයිල් තියෙන කිසිවෙක් අදාල කාරණයට අදාලව මම වැරදියි කියනවා විනා ඇනෝ කමෙන්ට්වල තිබ්බ ඒවා දලා තියෙනවද මෙතන කියලා විමසීම වටී... අදාල කාරණයේදී මම වැරදියි කියන එක මම කොතනත් කියපු කාරණයක්... ඔබ ඇඳගෙන ඉන්නේ වීරයෙකුගේ ඇඳුමක් ද කියලත් විමසා බැලීම වටිනවා ගුණේ...

      Delete
    2. මේක තමයි මම මේ පොස්ට් එකේ දැක්ක ටිකක් හිනා යන කෑල්ල......:)

      Delete
    3. මම එහෙම කිව්වේ සුස්ති බොක්කට හොඳේ.....මම කොමෙන්ට් කරන අතරේ මේ අභීතය මැදට පැනලානේ...... :D

      Delete
  27. අභීත යනු කව්රුන්ද හෝ ඉන්දික යනු කව්රුන්ද කියා මම පුද්ගලිකව නොදනිමි.
    නමුත් මොකෙක් හෝ ටෝක්ස් දමා මහන්සියෙන් හරිහම්බකරගත්දේ කොටාගෙන ටික කලකින් මග හරිනවා නම්,,,
    ඌට හෙනගහපන්.

    ReplyDelete
    Replies
    1. මඟ හරින නොහරින එක ඔබට දැනගත හැකිවේවි..

      Delete
  28. ටික්කක් හිනාවෙන්න නෙමෙයි .කරපු වෙඩේ ඇත්නම් ගොඩක් අඩන්න වෙනවා ලොක්කා.

    ReplyDelete
  29. අභීත,එක එක්කෙනා පුම්බන්න ගියාම ඔහොම වෙනවා.තමන් නිවැරදි නම් සාක්ශි සහිතව ඔප්පු කරන්න.අනිත් අතට ඉදිරියේදිත් මේ වගේ වැරදි නොකරන්න උත්සාහ කරනවානම් හොදයි.

    ReplyDelete
  30. අභීත,එක එක්කෙනා පුම්බන්න ගියාම ඔහොම වෙනවා.තමන් නිවැරදි නම් සාක්ශි සහිතව ඔප්පු කරන්න.අනිත් අතට ඉදිරියේදිත් මේ වගේ වැරදි නොකරන්න උත්සාහ කරනවානම් හොදයි.

    ReplyDelete
  31. /* මම නේද? වංචාකරයෙක්ද? හොරෙක්ද? තක්කඩියෙක්ද? නැත්නම් මොකෙක්ද? */

    තමන් මොකෙක්ද කියලා අනුන් හිතන දෙයට වඩා තමන්ගේ හෘද සාක්‍ෂියයි වැදගත්. අනුන් හිතන දේවල් වලක්වන්න ඔබට කෙලින්ම බෑ.

    එක දවසක් හෝ දැක හඳුණා ගෙන කතා කරපු කෛනෙකු වෙන ඔබට මට කියන්නට ඇති දේ මෙයයි.

    ස්ව ශක්තිය මත යැපෙන්න. බොරු කියන්න, බොරු කරන්න, අනුන්ව රවට්ටන්න යන්න එපා.

    තමන් සිව්සිල් තම ජීවත්වෙනවා නම් ප්‍රශ්ණයක් නොවෙන බවයි මගේ අත්දැකීම. පස්වැන්නත් අඩු කරන තරමට හොඳයි.

    ඔබ ගෙන ඇති ණය හැකිලෙස පියවන්න. වුණු දේ වලට සමාව ගන්න.

    අවසාන වශයෙන් කරුණු දෙකක්.

    1. බ්ලොග් තියෙන්නේ තමන්ට කැමති දේ ලියන්නයි.

    2. මේ සිදුවූ දේවල් බ්ලොග්වලට මූලිකව සම්බන්ධයක් නෑ කියලායි මං සලකන්නේ. වක්‍ර සම්බන්ධය තමයි බ්ලොග් ලියන්නන් අතර මේ සිදුවීම් ඇතිවීම.

    ReplyDelete
  32. අභීත,
    මම මේකදි කියන්න හදන දේ මීට කලින් නන්දා මාලනී මහත්මිය සිංදුවකින්ම කියලා තියෙනවා. ඒක අහපන්...


    මොනවා වුනත් මටත් උඹ වංචා කාරයෙක්.. ඒත් මම කැමති නෑ උඹට හොරෙක් කියන්නත්..
    අනික තමා ඇනෝට අනිවා ඉඩ දියන් ඊළග එකේ ඉදල .. මට වැඩිය පුරුදු නෑ බං මේ බ්ලොග් එකේ නමින් කොමෙන්ට් කරලා.. :))))) අපි පව් යකෝ...

    ReplyDelete
  33. අභීත හොඳ කෙනෙක්ද, එහෙමත් නැත්නම් වංචාකාරයෙක් ද කියන එක මට අදාළ නැහැ. හේතුව මම කවදාවත් ආශ්‍රය කරලවත්, ගණුදෙනු කරලවත් නැති නිසා....මේ කමෙන්ට් එක දැනට ටික වෙලාවකට කලින් ‘සැහැල්ලුව‘ බ්ලොගයට මම දාපු එක...

    //මේ ප්‍රශ්නය මට අදාළ නැති වුණත් කමෙන්ට් එකක් දැමිය යුතුමයි කියලා හිතෙනවා. මම නම් අභීතව හෝ ඉන්දිකව ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. ඒත් බ්ලොග් කරුවන් විදිහට සෑහෙන පිරිසක් දැනගෙන ඉන්න කෙනෙක්. මේ පෝස්ට් එක ඉන්දිකගේ හිතට එකඟව සාධාරණයි කියලා හිතුන නිසා දාපු දෙයක්. කොන්ද පණ තියෙන නිසයි එහෙම කළේ. ඒත් ඇනෝලට වැඩිය සෙල්ලම් දාන්ඩ දෙන එක ඒතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා අභිත දාපු මෙන්න මේ කොටසත් එක්ක මම එකඟයි.

    "මෙන්න බනින අයට මගෙ මූණට නමින් බනින්න අවස්ථාව.. හැබයි නමින් මූණට කියන්න... නිකන් ඇනෝ ඇවිත් තොට හෙණ ගහපන්, තෝ මැරියන් වගේ ඒවා කියන්නේ නැතුව නමින් ඇවිත් කියන්න... "
    -අබීත එදිරිසිංහ

    තමුන්ව අඳුන ගන්න තියෙන මාර්ග වලින් බැහැර වෙලා කුණුහරුප කියන්නේ කොන්දක් නැති එවුන් කියන එකයි මගේ අදහස...//

    ReplyDelete
  34. විශ්වාසය කියන එක ගොඩ නගන්න ගොඩක් කල් යනවා. නමුත් කඩා වැටෙන්න ගතවෙන්නෙ එක මොහොතයි. මෙතන මට හිතෙන විදිහට වැදගත් වෙන්නෙ ගාල්ලෙ ගෙට්ටුව සහ අවුරුදු උත්සව සංවිධානය කරමින් ඔබ බ්ලොග් කරුවන් අතර ඇති කරගත් ප්‍රතිරූපය. මොකද ඉන්දිකගෙන් මම ණය අරගෙන තිබුනා නම් ඔහු පොස්ටුවක් දාන එකක් නෑ. දැම්මත් තවත් එක් සමාජ පැතිකඩක් කියල හිතාවි එච්චරයි.

    ගුණේ අයියා මෙහෙම කියල තිබ්බා...

    //ඇයි බං උඹට ඔය හෙන සප් එක දීපු විදේශ වලින් කතා කරපු, මූනු පොතේ චැට දාපු එකෙක් වත් ඉන්දිකගේ පොස්ට් එකේ උඹ වෙනුවෙන් නැත්තේ? හරීරීරී පුදුමයි නේද මෙයා?//

    බලපන් ඇස් ඇරලා.... ඉන්දිකගෙ පෝස්ටුවේ විතරක් නෙවෙයි උඹේ පෝස්ටුවටවත් උන් ඇවිත් නෑ නේද? ඒ කතාව ඇත්තද නැද්ද එහෙම නැත්නම් ගුණේ අයියා කියන්නෙ කවුද කියන එක අදාල නෑ නේද?

    පොඩි කුමාරිහාමිගේ අන්තිම පෝස්ට් එකට කොමෙන්ට් 185 ක්. අඩවි රජාගෙ එකට 98ක්. උඹත් එක්කම සංවිධාන වලට සම්බන්ද උනු රාජ්ට 105ක්. ඒත් උඹේ එකට තාම 49යි. බ්ලොග් ලියන්නෙ කොමෙන්ට්ස් ගන්න නෙවෙයි බව ඇත්ත. නමුත් තත්‍ය සමාජයේදී ඒක මිනුම් දණ්ඩක් කියන එකයි මගෙ අදහස.

    මගෙ බොසා ටික දවසකට කලින් කියපු දෙයක් කියන්නම්. මිනිස්සුන්ගේ මිනිස්කම තියෙන්නෙ ලැජ්ජාවයි බයයි හින්දා. සමාජ සිරිත් විරිත් ඔක්කොම හැදිලා තියෙන්නෙ ඒ හින්දා. ඉතින් ඒ නිසා ඒ දෙක කවදාවත් නැතිකර ගන්න එපා. මොකද උඹේ ඇතිවීම නැතිවීම දැනෙන්නෙ උඹේ ගෙදර උන්දැටයි, උඹේ පොඩි එකාටයි විතරයි අන්තිමටම.

    උඹට පොඩ්ඩක් හිතන්න වෙනවා මචං. ඇත්ත නැත්ත ගැන නෙවෙයි. උඹ මහන්සිවෙලා කාලය ශ්‍රමය කැප කරලා උඹ විසින්ම හදාගත්තු ප්‍රතිරූපය නිසා.

    ReplyDelete
  35. මොනා උනත් අයියා කරපු වැඩේ නම් කැතයි. ඔනෙයා අයියාගේ පොස්ට් එක, සොරො ගේ පොස්ට් එක ඉන්දිකගේ පොස්ට් එක දැක්කාම ඕන මිනිහෙක් තමන් කරමු වරද ගැන ලජ්ජා වෙනවා. එත් ඔයා එහෙම ලජ්ජා වෙන පුද්ගලයෙක් නෙමෙයි කියල මේ ටික දවසට මම තේරුම් ගත්තා.
    යාලුවන්ව ඔයා' ඇති කරගන්නේ තමන්ගේ මඩිය තරකරගන්න ද?
    සමුහ කටයුත්තකදී අයියාගේ කැපවීම අගය කරනවා. ඒ උනත් මේ වගේ වැඩ නිසා ඔයාම ඔයාව ලැජ්ජා කරගත්තා. කෝ දැන් ඔයාට කඩේ ගිය අය? දැන් පේන්නවත් නැහැ නේද?

    ReplyDelete
  36. එ වගේම ණයට ගත්ත සල්ලි නොදී මෙතන පොස්ට් දාන එකත කොන්ද පන නැති වැඩක් තමයි මචන්. මොකද කරනවනම් කරන්න තිබුනේ මුලින් මුදල් ගෙවල ඊලගට මම ගෙව්වා, මා විසින් කරනා ලද අතපසුවීම් ගැන සමවෙන්න කියල පොස්ට් එකක් දන්න. මොකද ඉන්දිකය අමාරුවෙන් සල්ලි හම්බ කරලා තියෙන මනුස්සකමට සල්ලි ණයට අභීතට දුන්න්නෙ ඌට කැමතිනම් හරි පුලුවන් වෙලවක හරි දීල දන්න නෙමේ නේ. සහ ඒක අරන් බොරු කිය කිය කට්ටි පනින්නවත් උගේ පොර ටොක් අහන්නවත් නෙමේනේ.

    ReplyDelete
  37. එ වගේම ණයට ගත්ත සල්ලි නොදී මෙතන පොස්ට් දාන එකත කොන්ද පන නැති වැඩක් තමයි මචන්. මොකද කරනවනම් කරන්න තිබුනේ මුලින් මුදල් ගෙවල ඊලගට මම ගෙව්වා, මා විසින් කරනා ලද අතපසුවීම් ගැන සමවෙන්න කියල පොස්ට් එකක් දන්න. මොකද ඉන්දිකය අමාරුවෙන් සල්ලි හම්බ කරලා තියෙන මනුස්සකමට සල්ලි ණයට අභීතට දුන්න්නෙ ඌට කැමතිනම් හරි පුලුවන් වෙලවක හරි දීල දන්න නෙමේ නේ. සහ ඒක අරන් බොරු කිය කිය කට්ටි පනින්නවත් උගේ පොර ටොක් අහන්නවත් නෙමේනේ.

    ReplyDelete
  38. අනේ මේ බං උඹ ​ඔය බොරැ කියන එක නවත්තපං. මොකද උඹට මතකද දැනට මාසයකට විතර කලින් මම උඹට කථා කෙරැවා අපේ ඕපිස් එකේ ට්‍රිප් එකක වැඩකට. අද වෙනතුරැ උබෙ ​කොල් එක නම් අවේ නැ. අපි ගිය සුමානයේ හොද තැනකට ගිහින් ආවේ. උබෙන් විස්තර ටික ගන්න මම කොයි තරම් උඹට ​කොල් කෙරැවාද. අනික් අන්තිමට උඹට කතා කෙරැවාම උඹ කිව්වේ මම ඕනයා එක්ක ​පිටරට ගණුදේනුවක් ගැන මිටින් එකක ඉන්නේ උඹට මම කොල් කරන්නම් කියලා. එදා උඹ කොල් ​​නොකර හිටියාට කමක් නැ කියමුකෝ ඊට පහුවෙනිදා මුළු දවසම උබේ ඔය දුරකතනය වැඩ කෙරැවේ නැ. උඹත් එකක් ගණුදෙනු නොකර එතරමින් ගොඩ යන්න පුළුවන් වුන එක මට​ ලොකු සතුටක් මොකද නැත්නම් මට ඕපිස් එකේ වැඩ කරන්න ලැබෙන්නේ නැ.
    උඹ තියෙන්නේ ලොකු ටොක් විතරයි. වැඩ නැ අනික් දේයක් පොරොන්දු වුනා නම් එක් එ විදිහට කරපං. මොකද එක උඹෙ රස්සාව නිසා. කරන්න බැරි දේවල් කරනවා වගේ පෙන්වන්නත් එපා. මොකද අපි උඹෙන් නිකන් වැඩ ගන්නේ නැනේ. අනික අපි ගාලු ගිය දවසේ උඹ අපිව වෙනත් බස් එකක ඇරියානේ අපි නවක​යෝ කියලා. මචං ​උඹලා මහාලොකු පොරවල් නිසා නේ අපිව වෙනත් එකක ඇරියේ. මේ බ්ලොග් වලට මම දන්න තරමින් එහෙම භේද නැ. එකෙන් හිතා ගන්න පුළුවන් උඹ කොයි වගේ පොරක් ද කියලා. අනික එදා මුදල කියලා තිබුනේ 800 කියලා. ගාල්ලට ගියාට පස්සේ එක 1000ක් වුනා. උඹම තමයි කිව්වේ 1000 ගානේ එකතු කරන්න කියලා. මොකද උඹ එක අර කෙල්ලට කියපු වෙලාවේ එතන අනිත් පැත්තේ මම හිටියා.
    උඹ මට පොටි එකක් හොයලා දෙනවා කියලා ඔය වගේම බලු වැඩැක් අපේ ඕපිස් එකේ ඉන්න තව පොරකට කරලා තියෙනවා. උඹත් එකක් ඉතින් ගණුදෙනු කෙරැවා නම් අනිවාර්්‍යයෙන්ම කරපු එකාට මොකක් හරි අවුලක් තියෙන්න ඕනි. මොකද උඹ හැම එකාටම කරන්​නෙ එකම විදිහට නිසා.

    ReplyDelete
  39. අනේ මේ නිකං හිටපං තවත් පොර ටොක් නොදි. මොකද උඹ මට ට්‍රිප් එකක් යන්න තැනක් ​හොයලා දෙනවා කියලා අන්තිම මොහොතේ උඹ phone එක off කරගෙන හිටියා මතක නැද්ද මුළු දවසම අද වෙන තුරැ උඹෙ කොල් එක නම් තවම මට අ​වේ නැ මචං. දැනට සති 2ට කලින් අපි කො​​හොම හරි හොද තැනකට ගිහින් අ​වා.උබත් එකක් මමත් deal කෙරැවා නම් මට වෙන්න ඉන්දිකට වෙච්ච එකේ අනිත් එක. මොකද මට office එකේ වැඩ කරන්න බැරිවෙන තත්වයක්. මේ දෙයම උඹ අපේ office එකේ තව පොරකට කරලා තියෙනවා.
    උඹ දන්නේ බොරැවට පොර ටොක් දෙන්න විතරයි. එක මට ගොඩක් තෙරැම් ගියේ අපි ගාලු ගිය දව​සේ තමයි. උඹලා හරි senior පොරවල් කියලා නේ අපිව වෙනම බස් එකක යැව්වේ. මම එක දැනගත්තේ ගාල්ලට ගියාට පස්සේ. ඔන්න ඔය වගේ පඩ ෂෝ විතරයි උඹට පුළුවන්. වෙන වැඩක් බැ උඹට. අනික ඉතින් උඹ මහා ලොකු සංචාර සංවිදානය කරන පොරක් නේ. හැබැයි මම බය නැතුව කියනවා උඹ දන්නේ හා තියෙන්නේ කිතුල්ගල පැත්තේ තැන් විරතයි කියලා. මොකද උඹ හැමොටම සෙට් කරන්නේ එතැන් විතරයි.
    උඹත් එක්ක ගණුදෙනු නොකර මේ වගේ වැඩක්වත් උඹට කරන්න බැරි නම් උඹෙ මහා ලොකු වැඩ ගැන හිතා ගන්න පුළුවන්. උඹ ගොඩක්ම business කරන්නේ කටෙන් විතරයි. උඹට මම එදා කොල් කරපු වෙලාවේ උඹ කිව්වේ දැන් උඹ දන්නවානේ ඕනයාව මම උෟත් එකක් පිටරට business එකක් ගැන මිටින් එකක ඉන්නේ කියලා.
    මට පෙන්නේ ඕනයාට එහෙම දැන් එකෙන් ගොඩක් වාසි වෙලා වගේ එකනේ පොරගේ පොඩි එකාගේ කරාබු දෙකවත් ගන්න විදිහක් නැතුව හිටියේ. ය​කෝ සක්විති වුනත් එහෙම තමයි. බොරැ හැම දාම නැ. එවා කවදා ​හෝ උඹට පලිසන් දෙනවා. උඹ ඉන්දිකට යම් දේයක් කෙරැවා ද එය උඹට නැවත් පොලිය සමග ලැබෙන එක නම් සිකුරැයි. උඹ ගැන නම් ආයේ දන්න එකෙකුට කියන්නේ නැ. උඹට ඔය විදිහට ​ආපු වැඩකට බොරැ කරනවා නම් උඹෙ අනික් වැඩ ගැන ඉතින් කවර කථා ද,?

    ReplyDelete
  40. උඹ ඈවිලා වැරැද්ද කරලත් පණ්ඩිත ටොක් දෙන පොරක්. සක්විතිලා ඉතින් කොහොමත් එහෙම තමයි. හැබැයි උඹලා උඩ ඉදන් වැටෙන්න වැඩි කාලයක් නැ. නිකන් මෙතන බොරැවට පොස්ට දලා තමාව විරයා කරගන්න ජාතියේ පොරක් තමයි උඹ. දැන් ඉතින් මෙ කාලාව අලුත් එකක් නෙ​වෙයි මම හිතන්නේ ලංකාව​ට. උඹට හරියන්න මේ ජොබ් එක නෙමෙයි. උඹ නියමෙට හරි යනවා දේශපාලනය කරන්න. මොකද උන් බොරැව ඇත්ත කරනවා ඈත්ත බොරැව කරනවානේ. උඹට මචං එක නම් නියමෙට හරියනවා. උඹ සල්ලි දිපු නැතිවුන් උඹ වගේ පොරක් වෙන්න කැමති නැති එවුන් වෙන්න පුළුවන්. නමුත් උඹ උන්ගේ සල්ලි අරං උන්ව රස්තියාදු කරවලා අන්තිමෙදි ලොකු පොර ටොක් දෙනවා. උඹලා වගේ එවුන් තමයි නියම දේශපාලන කරන්න හොද චරිත. උඹ සමහරවිට අහලා ඇති මිටි හුඹා​හේ නයි ඉන්නවා කියලා කථාවක් එවගේම කපටියා මොඩයා කියලත්.

    ReplyDelete
  41. කබ්බෙක් වශයෙන්.... පරිනතයෙකුට මෙසේ වීම ගැන හද පිරි දුකක් ඇත... :/ පවු අප්පා

    ReplyDelete
  42. උඹටත් සිද්ද වෙලා තියන වැඩ .....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...