Tuesday, June 8, 2010

දැන් මට පාරෙ යද්දි නිතරම ගෑනු ලමයෙක්ව මතක් වෙන්නෙ ඇයි?


සිංහල බ්ලොග් බලන්න මම පටන් ගත්තෙ බොහොම ලගදි ඉදලා... සිංහල බ්ලොග් කියවන එක දැන් ආසාවක්, ජොලියක්, ආතල් එකක්, වදයක්, ඇණයක් වෙලා.. ඒත් පටන් ගත්ත එක කරගෙන යන්නත් ඕන නිසා මේ පාර ලියන්න යන්නෙ මාර කතාවක්. මේකෙ පරන බ්ලොග් හිමිකාර නංගී කෙනෙක් දැන් මට නිතරම මතක් වෙනවා පාරෙ යන වෙලාවට... අද උදෙත් මේ කතාව ලියන්න ඕන කියල හිතුනට ඒ සදහා වෙලාව ටිකක් මදි උනා..

මීට අවුරුද්දකට විතර ඉස්සර කරන කිසි වැඩක් හරියන්නෙ නැති මෙලෝ රහක් නැති කාලයක් තිබුනා.ඒ කාලේ මගේ ආදරණීය බිරිද මගෙන් ඇහුව කේන්දරේ ටිකක් බලාගත්තොත් මොකද කියලා.. මම වැඩිපුර විශ්වාස නොකලත් කෝකටත් ගියා මට මොකද වෙලා තියෙන්නෙ බලන්න.ගුරුන්නන්සෙ මෙහෙම කිව්වා... " මහත්තයෝ, සැප්තැම්බර් වෙනකන් මහත්තයාට අපලයි. ඒක හැටි වෙනස් කරන්න බෑ. බයික් එකක යනවනම් බල්ලන්ගෙන් එහෙම පරිස්සම් වෙන්න කියල... මම ඇත්තටම වැඩිපුර පාවිච්චි කරන්නෙ බයික් එක. ඉතින් මම ටිකක් ඒ ටික හිතේ තියා ගත්තා...

ඊට පස්සෙ උනේ මෙහෙම දෙයක්... බයික් එකේ යනකොට වත්තක උනත් බල්ලෙක් ඉන්නව දැක්කම මට අර සාස්තර කියපු මෑන්ව මතක් වෙනවා... බල්ලා හත් ගව්වක් තියල කොල්ලා ගහනවා බ්‍රේක්. බල්ලයි කොල්ලයි දෙන්නම ආරක්ෂිතයි... හැබැයි බ්‍රේක් එක ගහන්නෙ මම ගැන හිතල මිසක් බල්ලා ගැන හිතල නෙවෙයි.

දැන් දවස් දෙකකට විතර උඩ ඉදන් මේ තත්වෙ ටිකක් වෙනස්. දැන් මට බල්ලෙක් දැක්ක ගමන් දෙන්නෙක් මතක් වෙනවා... සාස්තර මෑන්ටත් කලින් මතක් වෙන්නෙ ගෑනු ලමයෙක්ව. බ්‍රේක් එක පෑගෙන්නෙ මට කලින් බල්ල ගැන හිතලා. අයියෝ මූ යට උනොත් කියලා එක පාරට හිතට දැනෙනවා. ඒක උනේ මේ අපි වගේම බ්ලොග් එකක් ලියාගෙන වැඩක් පාඩුවෙ කරගෙන අපේ ඒවටත් කමෙන්ට් එකක් දාගෙන අහිංසක විදිහට ඉන්න හා පැටික්කි නංගි ලිව්ව පෝස්ට් එකක් නිසා... ඒ පෝස්ට් එක හරිම සංවේදී එකක්. මගේ කතාව ඉවරයි.. කතාව
මෙතනින් කියවලා බලන්න.


6 comments:

  1. බ්‍රේක් ගැහුවට කමක් නෑ,අත පය කඩාගන්න එප ඔය සාස්තර කාරයන්ගේ බොරු අහලා!!!! :))))))

    ReplyDelete
  2. කොහොම හරි කමක්නෑ. දෙන්නම බේරෙනවනේ :P

    ReplyDelete
  3. දැනුයි මට අයිය කියපු එක තේරුනේ.........

    අර කිව්ව වගේ දෙන්නම බේරිල පරිස්සමෙන් ගමන් යන්න....... මේක දැක්කම හිතට සතුටක් ආව අයියේ.......... ඔයාට පින්.......

    ReplyDelete
  4. මදැයි කොලා. සිංහල බ්ලොග් කියවන්න ගිහින් අපේ කොල්ලෙක්ට වුණු දෙයක් :)

    ReplyDelete
  5. ඔව් බන්... බලපන්කො.. අපිටමනෙ වෙන්නෙ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...