Monday, June 28, 2010

මාතර යාළුවෙක් මට දුන්න වස ලැජ්ජාව...


මේක උනේ මම අර ද්වීතීයික අධ්‍යාපනය හදාරන කාලේ... සිංහලෙන් කියනවනම් උසස් පෙළ කරලා වෙන ඩිප්ලෝමා එකක් හදාරපු කාලෙ.... ඒ ඩිප්ලෝමා එක මම කලේ කොළඹ 7 තිබ්බ ආයතනයක.... මම කොළඹ ඇවිත් නැවතුනේ දෙහිවල නැදිමාලේ.. මාතරින් ආපු යාලුවෙකුත් ඒ හරියෙම නැවතිලා හිටියා... ඉතින් අපි දෙන්න යන්නෙ එන්නෙ එකට... දන්නවනෙ ඉතින් ඒ වයසට ෆිට් කොල්ලො දෙන්නෙක් බස් එකේ යනවා කිව්වම..

ලස්සන කෙල්ලෙක් එහෙම බස් එකට නැග්ගම අපි ඉතින් අනන්මනන් කියනව එහෙමනෙ.. පාරෙ ගෑණු ළමයෙක් ගියත් අනිකටත් පෙන්නලා පොරක් වෙන්න බලන කාලෙනෙ ඉතින්... ඒත් මගෙ මාතර යාලුවා (දසුන්) ඒ ගැන වැඩි උනන්දුවක් තිබ්බෙ නෑ... ඒත් ඉතින් ඌත් ඉදල හිටල ඒ ගැන උනන්දු නොඋනාමත් නෙමෙයි... පස්සෙ තමයි දැනගත්තෙ පොර මටත් හොරෙන් ඒ කාලෙම කෙල්ලෙකුට ට්‍රයි කරපු වග...

දවසක් අපි දෙන්න බස් එකේ යනකොට බම්බලපිටිය හරියෙදි පාරෙ ගියා ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්. මම තමයි දැක්කෙ... දැන් තියෙන්නෙ දසුන්ට පෙන්නන්න තියෙන උනන්දුව... අපි දෙන්න හිටගෙන හිට්ය නිසා මම මූ දිහා බැලුවත් පොර ඉන්නව අහක බලාගෙන.. මම හෙමීට ඇගිල්ලෙන් ඇන්නා.... මිනිහ මට රවලා අනිත් පැත්ත බලා ගත්තා... මම ආයෙත් ඇන්නා.. ඒ පාර මූ මගෙ දිහාට හැරිල මගෙන් අහනව...

"මොකො බන් අනින්නෙ කියලා.... "

මටත් මල පැන්නා.. උඹට එපානම් මට මොකද කියලා මම නිකන් හිටියා... ටොරින්ටන් බැහැලා පයින් යන ගමන් මම ඌට කිව්වා... මචන් මීට පස්සෙ මම ඇන්නොත් ටිකක් වටපිට බලපන්.. පෙන්නන්නෙ මොකක් හරි වැදගත් දෙයක්... එක්කො ලස්සන කෙල්ලෙක් එහෙම නැත්නම් අලුත් වාහනයක්.. වගේ කතා... පස්සෙ මූත් කිව්ව ඉතින් කියන්න එපායැ බන් කලින්.... යකෝ අවුරුදු 20ක කොල්ලෙකුට ඕකෙ කියන්න දෙයක් තියෙනවද? මමත් තනියම හිනා වෙවී ඔය කේස් එක අමතක කරලා දැම්මා...

කොහොම හරි තව දවසක් උදා වුනා.... අපි හවස ක්ලාස් ඇරිලා යන ගමන් තමයි මේක උනේ.. අර කිව්වා වගේම ඉතා ලස්සන ගෑණු ළමයෙක් නැග්ගා අපේ බස් එකට... මම කොහොමත් වටපිට ගැන උනන්දුවෙන් ඉන්න නිසා මෙයාවත් ඉස්සෙල්ලාම දැක්කෙ මම... දසුන්ට දැන් සීන් එකත් කියලා තිබ්බ නිසා උගේ අවධානය යොමුවීම පිණිසත් මම ඌට වැලමිටෙන් ඇන්නා.. පොරට මතක් උනා මම කලින් දවසක දුන්න අවවාදෙ.. බැලුවා වටපිට.. කෝ. කවුරුත් නෑ... ඒත් තිබ්බ උනන්දුවට මේකා බස් එකටම ඇහෙන්න මගෙන්ම මෙහෙම ඇහුවා.....

කෝ කොහෙද බන්? කොතනද ඉන්නෙ? මට පේන්නෙ නෑ....

ඔය උනේ ලස්සනට... බස් එකේ ඔක්කොටම මීටර් උනා සිද්දිය... දෙනෝදාහක් ඉදිරියේ වෙච්ච ලැජ්ජාවට පින් සිද්ද වෙන්න දෙහිවලට ටිකට් ගත්ත අපි දෙන්න බම්බලපිටියෙන් බැහැලා වෙන බස් එකක ගියා.... ඒ යනකන් මම ඌට අමතපු ආකාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද?

ප.ලි. : යාපනේ චාරිකාවෙ විස්තර ලියන ගමන් ආපු පොඩි නිදිමත ගතිය නිසා තමයි මේක ලිව්වෙ.... හෙට වෙද්දි යාපනේ ගමන ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා....

13 comments:

  1. Machan,,,,,,,U can see important seens in Torrignton road too. I also gain my higher stidues from that institute.

    ReplyDelete
  2. ගන්න තියන මොරාල් එක මේකයි... මාතර ඉන්න ගැහැණු ළමයි ඉතාම ලස්සන නිසා උදය මල්ලිට ලස්සනට පේන කෙල්ලන්ව දසුන්ට විශේෂ ලස්සනක් නැතිව ඇති ....

    ReplyDelete
  3. ගන්න තියන මොරාල් එක මේකයි... මාතර ඉන්න ගැහැණු ළමයි ඉතාම ලස්සන නිසා උදය මල්ලිට ලස්සනට පේන කෙල්ලන්ව දසුන්ට විශේෂ ලස්සනක් නැතිව ඇති ....

    ReplyDelete
  4. ඕන් ඔහොමලු වුණේ නේද අයියා :)

    ReplyDelete
  5. මාතර ගෑණු ළමයි ලස්සනයි තමයි... හැබැයි කට ඇරපු ගමන් ඉවරයි.... එක්කෙනෙක් ඇහුවලු... ඇයි අයියා අපිට දොඩන් නැද්ද? කියලා.... හික්ස්

    ReplyDelete
  6. ලොල් ලොල් ඒකත් පට්ට කතාව...

    ReplyDelete
  7. හපෝයි වෙච්චි දෙයක්. වත් අක්කගෙ කතාවට නම් මාත් එකඟයි.. මටත් කොළඹ පැත්තේ දකින ගොඩක් අයව මෙලෝ රහක් නෑ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...