Monday, June 14, 2010

ප්‍රාදේශීය විවිධත්වය 1


අපේ ගම කුරුණෑගල කියල මම කලින් කියල තියෙනව මම හිතන විදිහට. නැත්නම් ඔන්න ගම කුරුණැගල. අපි කතා කරන වෙනම ස්ටයිල් එකක් තියෙනවනෙ... එහෙම එක එක පළාත් වල කතා කරන වචන, කතා කරන විදිහට වෙනම ස්ටයිල් එකක් තියෙනව... ඉතින් ගොඩක් වෙලාවට ගාල්ල මාතර පැත්තෙ අය කතා කරද්දි තමයි ඒක අපේ ඇගට දැනෙන්නෙ... මොකද එයාලගෙ සමහර වචන අම්බානක්ම වෙනස්.... අද මම කියන්න හදන්නෙ ඒ වගේ කතා කිහිපයක්. මේක series එකක් විදිහට ලියන එකත් හොදයි කියල හිතෙන නිසා එක පාරකට කතා දෙකක් විතරක් ලියන්නම්...

1. ස්කෝලෙ යන කාලෙ ශිෂ්‍ය නායකයෙක් විදිහට පත්වීමක් ලබපුහම තියෙන්නෙ පොඩි ආඩම්බරකමක් එක්ක ලොකු සතුටක්... ඒ ජීවිතෙ විනෝදම සිද්දිය තමයි වෙන ස්කෝලවල තියෙන ශිෂ්‍ය නායක දිනවලට සහභාගි වෙන එක. අපි ඉතින් ගාල්ල පැත්තෙ තියෙන ඒවට පැනල යන්නෙ.. මොකද ඒකට දවස් තුනක්ම යනවනෙ... ගුරුවරු එන්නෙත් නෑ. ඉතින් විනෝදය උපරිමයි.... ඔන්න කතාව.. ගාල්ලෙ තියෙන ප්‍රධානම බෞද්ධ පිරිමි පාසලක ශිෂ්‍ය නායක දිනයකට අපි ගියා.. අපේ පාසැල් දෙක අතරෙ තියෙන මිත්‍රත්වය නිසාම එයාල අපිට හොදින් සැලකුවා... දැන් එයාල අපිට රෑට කෑම ගෙනත් දුන්න... කාලා ඉවර වෙන්න ලංවෙද්දි එයාලගෙ එක්කෙනෙක් අපිට කියනවා "මචන්, කෑම එක වහ දාල, dustbin එකට දාපන්" කියල.. අපි උඩ ගියා..... අයි කෑම එකෙන් බාගයකටත් වැඩියෙන් කාලනෙ.... අපි ඇහුවා මොකක්ද බන් ඒ කතාවෙ තෙරුම කියල.. මූ ආයෙත් කියනව ඕක වහ දාල dustbin එකට දාපන් කියල... අන්තිමට අපේ එකෙක් ඇහුව කවුද බන් මේකට වහ දැම්මෙ කියල.... පස්සෙ තමයි කාරනේ එලි උනේ... මෙයා කියල තියෙන්නෙ කාල ඉවර උනාම කෑම එක වහල දාල dustbin එකට දාපන් කියලයි.... කොහොමහරි ඔය සිද්දිය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් ඊට පස්සෙ තිබුනු ශිෂ්‍ය නායක දින කිහිපයකම නාට්‍ය වලට මේ සිදුවීම යොදා ගන්න වෙන වෙන පාසැල් වල ශිෂ්‍ය නායකයින් අමතක කලේ නෑ..

2. දැන් දෙවෙනි කතාව.. මම ද්වීතීයික අධ්‍යාපනය ලබන කාලෙ (ඒ කියන්නෙ පාසලෙන් අවුට් වෙලා කොළඹ පරිඝණක පාඨමාලාවක් කරන කාලේ). ඉතින් මේ දවස්වල අපේ සෙට් එකේ හිටියා ගෑණු ළමයෙක් ගාල්ල පැත්තේ... ටිකක් විතර සැරත් එක්ක.. ඒත් හරිම හොදයි... දවසක් අපි සෙට් එක එකතු වෙලා කුප්පියක් දාගෙන ඉද්දි ( දන්නවනෙ කුප්පිය කියන්නෙ මොකක්ද කියලා) මම මෙ ගෑණු ලමයට මෙන්න මෙහෙම කිව්වා. "ඒයි ඔයගෙ ටියුට් එක පොඩ්ඩක් මෙහාට දෙන්න" මේක කිව්ව විතරයි ඒ ගෑනු ලමයට අසූ හාරදාහට තරහ ගියා... දැන් මෙයා මගෙන් අහනවා "ඔයා කවුද මට ඒයි කියන්න" කියලා.. මම බැලුව මේ මොන හෙණ ගෙඩියක් පාත් වෙන්න යනවද දෙවියනේ කියලා.. පස්සෙ තමයි දැනගත්තෙ ඒ පැත්තෙ කට්ටිය ගොඩක්ම ඒයි කියල කියන්නෙ තමන්ගෙ ආදරනීය බිරිදට හෝ ස්වාමි පුරුෂයාට කියලා..

දැනට ඇති.. තව මේ වගේ කතා සීරීස් එකක්ම තියෙන නිසා ඒ ටික ලගදිම ලියන්නම්.... මේ දවස්වල ගොඩාක් කාර්ය බහුල නිසා ලියන්න තියෙන වෙලාව සීමිතයි.. ඒ නිසා ඔයාල මට පොඩ්ඩක් සමාවෙන්න.

ප.ලි. : මේ කතා ලියන්නෙ අදාළ පැතිවල ඉන්න අයට අපහාසයක් වෙන්න කියල නම් හිතන්න එපා. අපෙත් මේ වගේ වචන තියෙනවා.. උදාහරනයක් විදිහට මගෙ පෝස්ට් වල "කියලා" කියන වචනය සෑහෙන්න පාවිච්චි වෙලා තියෙනවා නේද?

9 comments:

  1. දකුණේ ටීචර් කෙනෙක් කිවුවලු ලමයින්ට
    "ඇහැක් විදියට කනක් අඳින්න" කියලා..

    ReplyDelete
  2. දැන් මක්කයි අභීත අයියා දොඩන්නේ ?

    ReplyDelete
  3. ඇයි අර "මේ දෑස කුමකටද" කියන චිත්‍රපටියෙ නමත් වෙනස් කරන්න උනේ....

    ReplyDelete
  4. @වෑම්පයර් .. හික්ස් එළ එළ

    ඇයි එතකොට "මේ දෑස මක්කටෙයි" පෙන්නුවෙත් ඔය පැත්තෙනෙ ...

    ReplyDelete
  5. ආ... අයියත් කුරුණෑගලද ? හරි සෝක් !
    අපේ අම්මගෙ ගම ගාල්ල, ඒක නිසා මටනම් ඔය බාසාවෙ විසේසයක් නෑ :)

    ReplyDelete
  6. හැහ් අපිත් කුරුණෑගල කොල්ලො හරිය...

    ReplyDelete
  7. මම නම් ගාල්ලේ කොල්ලෙක්. අයියා කියපු first කතාවේ තියෙන ඉස්කෝලෙට තමයි මාත් ගියේ. (මම හිතන ඉස්කෝලේ හරි නම්)
    ඔය සමහර වල දාල තියෙනව වගෙ "මක්කටද?" වගේ වචන නම් දැන් වැඩිය පාවිච්චියක් නෑ.
    ගාල්ලෙත් වැඩියෙන්ම ආතල් විදියට කතා කරන්නේ රත්ගම, අම්බලන්ගොඩ කියන පැතිවල. ඒ පැතිවල අය එක්ක කතා කරනකොට ගාල්ලේ අපිත් හිනා කාල මැරෙනවා. (මොනව උනත් රත්ගම පැත්තෙ ඩයල් එකක් සෙට් කර ගත්තොත් පණ උනත් දෙනවා. ඒ තරමට ෆිට් වෙනවා)
    මට මේ ලඟදී රත්ගම ඩයල් එකක් සෙට් උනා. පොර හැමතිස්සෙම මොකක් හරි වටින දෙයක් දැක්කොත් (උද: අළුත් වාහනයක්,etc. ) "කොලටි පාර බන්" කියල කියනවා. අපිටත් මූ දෙතුන් පාරක් කියනකොට තමයි මීටර් උනේ මූ මොකක්ද කියන්නේ කියලා.
    පුලුවන්නම් රත්ගම පැත්තෙ එකෙක් ආශ්‍රය කරල බලන්න. උන් කියන වචන වලටත් වඩා accent එක තමයි සිරා

    ReplyDelete
  8. මම මෙ බ්ලොග් එක දැක්කෙ අහම්බෙන් කියවගෙන යද්දි ආස හිතුන එ වගෙම ඔය ගාල්ල පැත්තෙ තියෙන කියන ස්කොලෙ හිටපු ශිෂ්‍යය නයකයෙක් තමයි මම... ඔය කියන කාලෙන් අවුරුදු ගනකට පස්සෙත් තාමත් මෙ කථාව ප්‍රසිද්ද කථාවක්...

    ReplyDelete
  9. matath ahamben ahuwela kiyewwe math galle. maxa.....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...