Sunday, June 6, 2010

බෙන්සීන් වලල්ල කියන්නෙ මොකක්ද?


Science කරපු ඕනම කෙනෙක් දන්නව මොකක්ද මේ බෙන්සීන් වලල්ල කියලා.. ඒත් Commerce කරපු අපිට මේ බෙන්සීන් වලල්ල අදාල උනේ කොහොමද කියන එක තමයි අද කතාව....

උසස් පෙළ කරන කාලෙනෙ පාසැල් ජීවිතේ සුන්දරම කාලේ... අපි කලේ Commerce ඒත් ආර්ථික විද්‍යාව පීරියඩ් එකේ පන්තියෙ ඉන්න අපි හරි පුදුම විදිහට අදිමදි කලා... (ඒ දවස්වල නොතේරුනාට දැන් තමයිනෙ ඒකෙ පාඩුව තේරෙන්නෙ...) ආර්ථික විද්‍යාව පීරියඩ් එකෙ අපි කලේ කට්ටියත් එක්ක ගුරුවරයෙක් ඇවිත් නැති පන්තියකට ගිහින් බයිල ගගහ සින්දු කිය කිය කාලෙ ගෙවන එක තමයි... දවසක් අපි ගියා Science Class එකකට... විනාඩි 5ක් යද්දි මෙන්න සර් ආවා ඇතුලට... දැන් අපිට එලියට යන්නත් බෑ... ඔන්න දැන් අපිත් ඉගෙනගන්නව.... සර්ත් උගන්නනවා.. මොකක් ගැනද උගන්වන්නෙ.. බෙන්සීන් වලල්ල ගැන.. අපිට නිකන් ප්‍රංශ වගේ... කොහොමහරි විනාඩි 40ක් යනකන් අපි අහගෙන හිටිය මේ බෙන්සීන් වලල්ල ගැන.. සර් මගෙ දිහා අමුතු විදිහට දෙපාරක් විතර බැලුවත් ඒක එහෙමම ෂේප් වෙලා ගියා.... ජීවිතේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත අමිහිරිතම පාඩම ඉගෙන ගත්ත අපි Class එකෙන් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනා උනා....

කතාවෙ හොදම හරිය තමයි දැන් කියන්න හදන්නෙ... අපි ඉදලා හිටලා ඉස්කෝලෙන් කලින් පනිනවනෙ.. ඉතින් මුර දෙවියට වැදල වැදල තමයිනෙ පනින්නෙ.. මේ සිද්දියෙන් පස්සෙ අපේ එකෙක්ට ආව ඝණ දෙවි නුවණ... දැන් අපි පහලොවක් විතර චන්ඩි වගේ යනව ඉස්කෝලෙන් එලියට යන්න.. මුර දෙයියො ඉන්නව රවාගෙන.. Gate එක ලගට යද්දිම ඇහුව "කොහෙද යන්නෙ" කියල.. අපේ එකෙක් මෙහෙම උත්තර දෙනව.. " බෙන්සීන් වලල්ලක් ගේන්න යනව" මුර අංකල් කියනව මෙහෙම " ඉතින් මෙච්චර මොකටද ඒක අරන් එන්න" කියලා. අපෙ යාලුව කියනව "එක්කෙනෙකුට දෙන්නෙකුට පුලුවන්ද බෙන්සීන් වලල්ලක් ගේන්න. දන්නෙ නැති ඒව කියන්න එපා අංකල්" කියල... මුර අංකල්ගෙ සද්දෙ වැහිල ගේට්ටුව ඇරෙනව... අපි කලින්ම ගෙවල් වලට සතුටින් පැමිනෙනවා.

මේ වගෙ සිද්දිනම් ඕන තරම් තියෙනවා.. ඒව ලියන්න ගියොත් සෑහෙන කාලයක් යන නිසා හොදම ටික තමයි ලියන්නෙ...

11 comments:

  1. සියළු සයන්ස්කාරයෝ නැසෙන සුළුයි නේ අයියා.:)

    සර්ට තේරුණේම නැද්ද ඔයාලා ඒ ක්ලාස් එකේ අය නෙමෙයි කියලා ?

    ReplyDelete
  2. තේරෙන්න ඇති... මොකද අපෙ හැම කෙනාම දිහා සැකෙන් වගේ බලල තියෙනවා. අපේ වාසනාවට ප්‍රශ්ණ ඇහුවෙ නෑ.

    ReplyDelete
  3. බෙන්සීන් ගැන උගන්නද්දි නයි 6 දෙනාගෙ කතන්දරේ කියලා දුන්නෙ නැද්ද ?

    අදයි මේ බ්ලොග් එක අහු වුණේ මම හිතන්නෙ. පස්සෙ නිවාඩු පාඩුවෙ ඔක්කොම ලිපි ටික බලන්න ඕනෙ.

    ReplyDelete
  4. අහු වෙන්න තරම් කාලයක් නැහැ. දවස් නවයයි පටන් අරගෙන.

    ReplyDelete
  5. මුරකාරය සයන්ස් කරපු එකෙක් නෙවෙයිද????

    ReplyDelete
  6. හප්පේ මුලින් ඉගෙන ගන්න අපිටත් ග්‍රීක් කොට කට්ටියට සනීපෙට තියෙන්නැති.........

    ReplyDelete
  7. ela ela lokka digatama liyana ..

    ReplyDelete
  8. මොනා වුණත් ඉගෙනගත්තු දේ සෑහෙන්න ප්‍රායෝගිකව යොදගෙන තියෙනව නොවෑ!!! :))) ගේට්ටුවෙන් පනින්න වුණත්!!!!

    ReplyDelete
  9. හික්ස් ... අර කිව්වත් වගේ මරු මොලේ තමයි

    ReplyDelete
  10. අපි නම් කිව්වෙ "practical එකකට බෙන්සීන් වලල්ලක් මදි උනා. ඒ හින්දා බෙන්සීන් වලල්ලක් ගේන්න සමුද්‍රා එකට යනව කියල". ඇඟිල්ල උඩට දික් කරල වලල්ලක් කරකවනව වගේ කරකව කරකව තමයි යන්නෙ. (සමාවෙන්න පරන post එකකට comment එකක් දැම්මෙ. මම මේකට අලුත්.)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...