Monday, August 30, 2010

බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 1


අද දවසම ඉතාම කාර්ය බහුල වෙලා හිටපු නිසා කතාවක් ලියන්න උනේ නෑ... ඒත් දැන් තමයි පොඩි විවේකයක් ලැබුනෙ... ආ... මගේ පුංචි කොම්පැනිය ගැනත් අලුත් ආරන්චියක් තියෙනවා කියන්න... අපි ලංකාවේ තියෙන හෝටල් පිළිබදව තියෙන විශිෂ්ඨ වෙබ් අඩවියක් එක්ක අපි අත්වැල් බැද ගත්තා... දැන් ඔයාලට අවශ්‍ය නවාතැන් එතනින් බලලා අපෙන් ගමන යන්න පුළුවන්... මේ වැඩ වලට අපේ වැප් මල්ලි තමයි සෑහෙන උපදෙස් දුන්නෙ... උඹට මගේ ආචාරය මලේ...

අද කතාව බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම ගැන කියලා උඩම තියෙනවනෙ... මේ දවස්වල ලංකාව ඇතුලෙ බීමත්ව රිය පදවනවා කියන්නෙ පොලීසියට ලොකු ගානක් දෙන්න වෙනවා කියන එක නෙමෙයිනම් මාස තුනකට රියදුරු බලපත්‍රය තහනම් කරගන්නව කියන එක... අපේ රියදුරු බලපත්‍රය තහනම් කලොත් ඉතින් හම්බ කරගෙන කාලත් ඉවරනෙ... ඒක නිසා මමනම් ඔය වැඩෙන් වැලකිලා ඉන්නෙ කියන එකට මගෙ බ්ලොග් එක කියවන තිලාන් සමරකෝන් මල්ලි සාක්කි ඕං...

දැන් ඔන්න අපේ පොරක් බියගමට ගිහින් තව යාළුවෝ දෙන්නෙක් එක්ක ගැහුවා බ්ලැක් ඕපල් බෝතලයක්.... යතුරු පැදියෙ දෙන්නවම දාගෙන එන්න ආවා.. කොල්ලට දෙයියනේ කියලා කණ සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න ගානට වැදිලා හිටියෙ... තුන්දෙනාම ඩබල් දාලා බියගම කලර් ලයිට් එක ලගට ඇවිත් එක යාළුවෙක් හැලුවා... දැන් අනිත් පොර දාන්න මිනිහා යන්න ඕන වැල්ලම්පිටියට.. දැන් දෙන්න ඇවිත් අනිත් යාළුවත් වැල්ලම්පිටියෙන් හලලා ඉවරයි.... ඊලගට අපේ යාළුවගෙ නවාතැන වෙච්ච රාජගිරියට යන්න තමයි හැරුනෙ... වැල්ලම්පිටිය පොලීසිය ඉස්සරහින්ම තමයි රාජගිරියට යන්න හැරෙන්න තියෙන්නෙ කියලා ඔයාල දන්නව ඇතිනෙ... මූට ඒත් ෂුවර් නෑ පාර... වැඩි හොදට පාර ඇහුවෙ කාගෙන්ද කියලා දන්නවද? ඔන්න හිනා යන තැන... අනේ පොලීසිය ඉස්සරහ හිටපු ට්‍රැෆික් රාළහාමිලා දෙන්නගෙන්..


දැන් සංවාදය මෙහෙමයි උනේ

රාළහාමි... රාජගිරියට යන්නෙ කොහොමද?

ආ මහත්තයා ... ඔතනින් වමට හැරිලා කෙළින්ම........ මේ මහත්තයා පොඩ්ඩක් බැහැලා එන්නකො...
ඇයි රාළහාමි... හරි මම මෙතනින් හැරිලා යන්නම්...

කොහෙ යන්නද? බීලා නේද ඉන්නෙ... මෙහෙ එනවා ඕයි අපිට පව් නොදී... ඇත්ත කියනවා බීලා නේද ඉන්නෙ?

පොඩ්ඩක් බීව රාළහාමි.. ඒත් අවුලක් නෑ... ශේප් එකක් දාගමු...
මොන ශේප්ද මේ පොලීසිය ඉස්සරහා.. මෙහෙ එනවා යන්න.. සුබේ ඔය බයික් එක ගනින්...

ඔන්න අපේ එකා ඔලුව පාත් කරගෙන යනවා.. රාළහාමිලාටත් ඉතින් අර කන්න ඕන උනාම ඉබ්බා තුනපහ පිටේ බැදගෙන ආවා වගේ...

දැන් අපේ පොර දන්න ඔක්කොම උන්ට කතා කරනවා.. ඒ අතරෙ පොලීසියෙ උන්වත් ෂේප් කරනවා.... පොලීසියත් දැන් ටිකක් ෂේප් වගේ.. වැඩි හොදට කතා කලා පොරත් එක්කම එකට ඉගෙන ගත්ත බණ්ඩාර නීතිඥ මහත්තයට.... එතුමායි අපේ පොරයි අතරෙ වෙන දෙබස මෙහෙමයි... ආ.. කොහොමත් අපේ නීතිඥ මහත්තැන් වැඩිය බලය පෙන්නන පොරක් නෙමෙයි... දන් දෙබස..

මචන් බන්ඩා පොඩි සීන් එකක් උනා බන්

ඇයි මොක්ද මචන්..

පොඩ්ඩක් බීලා එද්දි අහු උනා බන් වැල්ලම්පිටිය පොලිසියට

අම්මට සිරි උඹ කොහෙද දැන් ඉන්නෙ.. ඇතුලට දැම්මද?

නෑ බන් මම මේ කටින් ශේප් කරගෙන ඉන්නෙ... උඹ කතා කරනවද පොඩ්ඩක්..

හරි හරි දීපන්කො ඔතන ඉන්න රාළහාමි කෙනෙකුට..

දන් මූත් ආඩම්බරෙන් දුරකථනය රාළහාමිට දුන්න.. ඔන්න ඒ දෙන්නගෙ දෙබස..

මොකද රාළහාමි වෙලා තියෙන්නෙ.. මම ලොයර් බන්ඩාර.. හිස්තැනක් උසාවියේ....

ආ සර්.. මෙයා බීලා ඇවිල්ලනෙ.. අපෙන්මනෙ සර් පාරත් ඇහුවෙ...

දැන් මොකද කලේ මිනිහට?

දැන් සර් බැලුම පුම්බන්න දීලා ඇන්ට්‍රය් එකක් ලියගෙන පොලිස් ඇප දෙනවා...

හා එහෙම කරන්න එහෙනම් රාළහාමි.. ඇතුලට දාන්න එහෙම එපා.. මම දැන් එනවා... කෝ දෙන්නකො ඒ මහත්තයට ෆෝන් එක..

දැන් රාළහාමි අපේ මිත්‍රයාට දුන්න ෆෝන් එක..

මචන් බන්ඩා කියපන්.. මොකද සීන් එක..

අවුලක් නෑ මචන්.. උඹ ඔය දෙන බැලුම පුම්බලා ඇන්ට්‍රි එකට අත්සන් කරගෙන ඉදපන්.. මම එනවා දැන්.. මම කිව්ව ඇතුලට දාන්න එපා කියලා ..

අංක 1 කොටස ඉවරයි... 2 කොටස අද රෑම බලාපොරොත්තු වන්න...

11 comments:

  1. බියගමට ඇවිල්ලත් යහතින් ගියාද... :D එල එල... :) බියගම බොනවා නම් අපිටත් කතා කරන්න තිබුනනේ.... :D හික් හික්.... :P

    ReplyDelete
  2. Eala sean aka .. Ethuru tikath danna

    ReplyDelete
  3. මෙන්න මෙයත් අරය වගේ වෙලා. කන කතා බොන කතා. දිගටම බොන කතා ලීවොත් හ්ම්ම්ම්..... කල්පනා කරල බලමු කො ඉතිරි ටිකත් කියවල....සමහර බ්ලොග් තියනව ඒ පැත්ත පලාතේ ගියත් ඇති වෙරි වෙනව. ඒ තරමට බීමත් බ්ලොග්. මේකත් ....???

    ReplyDelete
  4. මේ තියෙනවා මාරයියේ.... ඔන්න තව ටිකකින්.. ;)

    ReplyDelete
  5. මං වැඩට යන්නේ නැද්ද බං..?
    බලං ඉඳලා බැරිම තැන ඇහැවුවෙ.
    ඔං මං ගියා..

    ReplyDelete
  6. අනේ සමාවෙන්න ඕන.. තව විනාඩි15ක් විතර යයි වගේ.....

    ReplyDelete
  7. මේ කොටස් වශයෙන් දානවනම් ඔක්කෝම කොටස් ටික ලියලා ඉවරවෙලා දාන්න.නැත්නම් ඉතිං හිනාවෙන්න නෙවේ අඬන්න තමයි වෙන්නේ...හරිද....

    ප.ලි‍. : මටත් පොඩ්ඩක් වැඩිද මන්ද...ඔන්න බැළුම් පුම්බන්න එහෙම බෑ....

    ReplyDelete
  8. හෙහේ නියමයි...

    ReplyDelete
  9. අනේ ඔව්... මම දන්නවනෙ අභීත අයියා ඕවගෙන් වැලකිලා ඉන්නෙ කියල.
    ලොල් ලොල්... ඩබල් ලොල්

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...