Tuesday, August 31, 2010

බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 2....


මේකෙ දෙක කතාව පරක්කු උනාට සමාව දෙන්න ඕන ඔයාලා.. පැය 7ක් විතර පරක්කු උනා දාන්න තිබ්බ කාර්යබහුලත්වය නිසා.... 1 කොටස නොකියවපු අය ඔන්න මෙතනින්
ඔන්න දැන් පොලීසියේ රාළහාමි මුගේ ලයිසන් එක ඉල්ලපුහම තමයි ආයෙත් එලි උනේ මිනිහා ලග තියෙන්නෙ තාවකාලික රියැදුරු බලපත්‍රයක් කියලා... ඒකත් දවස් දෙකක් කල් ඉකුත් වෙලා... දැන් ආයෙත් පොලීසියේ රාළහාමිලාගෙන් බර බරේ.... ඒත් මූ අඩලා අඩලා කේස් එක ශේප් කරගන්න තරමටම ගෙනාවා... දැන් බයික් එකත් ගෙනියන ගානටම පොලීසියේ මහත්තැන් ටික ශේප් කරලා ගොඩ දා ගත්තා... මොකද බීලා අහු උනාම වාහනය දෙන්නෙ නෑනෙ... ඊට පස්සෙ අර ගෙනිහින් දාපු වැල්ලම්පිටියෙ යාළුවට එන්න කියලා ඇපත් අරගෙන රිලීස් කරගෙන බයික් එක ගෙනියන්න ෆුල් ට්‍රයි එක දෙනකොටම අපේ ලෝයර් බණ්ඩාර එතනට ආවා.. මිනිහයි පොලීසියයි අතරෙ වෙච්ච දෙබස තමයි මේ.....

බලන්න... වැඩි කතා නැතිව කතාවට යමු...කෝ මොකද රාළහාමි තත්වේ.....

සර්... අපි මෙයාව ඇප පිට රිලීස් කරලා තියෙන්නෙ.... බයික් එක රිලීස් කරන්න පුළුවන්.. පොඩ්ඩක් අපේ සාජන්ට් මහත්තයා එනකන් ඉන්න ඕන...


ආ.. ඕන නෑ.. මම මෙයාව ගෙදරට දාන්නම්..


කියලා ලෝයර් මහත්තයා අපේ එකා ලගට ආවා... ඇවිත් මෙහෙම කිව්වා..


මචන් වරෙන් යන්න... හරි ඔක්කොම.. ඉතුරු ටික හෙට උදේ බලාගමු...

ඒ පිස්සුද බන්... හිටපන් බයික් එක අරන් යන්න...

උන් අද බයික් එක දෙන්නෙ නෑ බන්... නිකන් බොරුවට චාටර් වෙලා වැඩක් නෑ... වරෙන් යමු යමු...

කියලා අපේ පොරව ගෙදරටම දාලා මිනිහා ආපහු ගිහින්...


අපේ මනුස්සයත් ඉතින් බයික් එක ගන්න පහුවදා පොලීසියට ආවා... දැන් පොලීසියේ ඕ.අයි.සී. මහත්තයත් ඇවිත්..පොලීසියෙන් කිව්වා ඕ.අයි.සී. මහත්තයත් එක්ක කතා කරලා බයික් එක ගෙනියන්න කියලා.. දැන් අපේ පොරයි ඕ.අයි.සී. මහත්තයයි අතරෙ යන දෙබස තමයි මේ....

සර්... මම අර බයික් එක අර ගන්න කියලා..ඊයෙ බීලා තමයි ඇතුලට ගත්තෙ...

ආ.. ලයිසන් එක තියෙනවා නෙද? කෝ ඉල්ලගෙන එන්න අතනින් ලයිසන් එක...

දැන් අපේ පොරත් ඒක ගෙනිහින් දුන්නා...


මේ මොකක්ද මේ... මේක ටෙම්පරියක්නෙ... ආ.. කාලෙත් පැනලනෙ... මේකට බයික් එක දෙන්න බෑ.. කෝ ඔරිජිනල් ලයිසන් එක...


සර් ඒක මිරිහානෙ පොලීසියේ..

ආ.. ඒ මොකටද ලියුවෙ...

ආදායම් බලපත්‍රය කල් පැනලා කියලා....

එහෙනම් මිරිහාන පොලීසියට ගිහින් දඩෙ ගෙවලා ලයිසන් එක අරගෙන එන්න.. අපි බයික් එක දෙන්නම්....

ඔන්න ඉතින් අපේ යාළුවා සේරම කරලා පහුවදා බයික් එක රිලීස් කර ගත්ත.. සතියකට පස්සෙ උසාවි එන්න කියලා දවසකුත් දුන්න.. උසාවි ගියාට පස්සෙ 5000ක් දඩ ගහලා මාස තුනකට රියදුරු බලපත්‍රයත් තහනම් කලා.....

කොහොමහරි එදා බයික් එක රිලීස් කරගෙන ආපහු එද්දි කලින්ම දවසෙ හිටපු රාළහාමි කෙනෙක් අපේ මිත්‍රයාට මෙහෙම කිව්වා...

අයියෝ මහත්තයා.... එදා තව විනාඩි 15ක් හිටියනම් බයික් එක අරන් මේ මොන ප්‍රශ්නයක්වත් නැතුව ආතල් එකේ යනවනේ... කොහෙද ඔයාලා ලොකු ලෝයර්ස්ලා එක්කරගෙන ඇවිත් කෑවා නේද චාටරේ.....

අපේ එකාට හිතිච්ච දේ හිතාගන්න පුළුවන් නේද?

ප.ලි. : මම මේ
යෙමත් කියන්නෙ.. බීලනම් වාහන පදවන්න එපා මේ ලංකාවෙ... තමන්ට විශ්වාස උනාට පොලීසියට අහු උනොත්නම් ඉවරයි.... 500ක බීල 15000ක විතර චාටරයක් කන්නයි වෙන්නෙ....

9 comments:

  1. උඹ මගුලක් කතා කරනවා....බීලා වාහන එලවන්න එපා කියන්නෙ...එතකොට අපි මැරෙයි...වතුර නොබී කොමද බං ඉන්නේ....හික්ස්....
    හෙහෙහෙහේ පට්ට කතාව අයියා...මේ ඔන්න අනිත් පාර කතාවක් දානකොට ඔක්කොම ලියලා දාන්න...නැත්නම් හසියා හරි වසයි....

    ReplyDelete
  2. දඩය සහ කන චාටර් එක ගැනම විතරක් නෙවෙයි.. පාරේ යන අහිංසක මිනිස්සු ගැනත් හිතන්න ඕන.. අපේ බීමත්කම නිසා අනතුරක් වෙලා කාට හරි මොනව හරි උනොත්, එදාට හිතෙයි අපේ සත පනහේ ආතල් එක නිසා මම මේ මිනිහගේ මුලු ජීවිතයම කාලකන්නි කලා නේද කියලා..

    ReplyDelete
  3. මරු කතාව...ඒත් ඔය ඔක්කොම කේස් ඉතින් පොඩි මිනිහට තමයි....ලොක්කන්ගෙ වාහන නවත්වනවයැ බීලාද බලන්ඩ..:))))

    ReplyDelete
  4. අම්මෝ බීලනම් (මම කියන්නේ අරක්කු )වාහන එලවලා පොලිසියට අහුවෙනවට වඩා හොඳයි වහ ටිකක් බොනව.

    ReplyDelete
  5. Good story. See my ranting had worked!!

    ReplyDelete
  6. අපේ වාහන නම් නවත්තන්නෙ නැහැ

    ReplyDelete
  7. හෙහේ..ලයිසන් එක ගත්තම බලන්න ඕනෙ......වෙලාවට දැන්නම් වතුර විතරයි බොන්නෙ :D

    ReplyDelete
  8. වෙලාවට එකයි දෙකයි දෙකම එකට බැලුවේ... නැත්තම් උබ බැනුම් අහනව මග නැවත්තුවට.

    යකෝ බියගම ඉදන් ආව එකත් ලොකු දෙයක් නේ... මම නම් බීල එලවිලි නැහ.

    හි හි අරූට ලේයර් ව කන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  9. කොච්චර බීල නෙමේ.... කෙලිං යන්න බැරුව පොලිසියට මාට්ටු උනත් අනේ ඔය පට්ට පඳුරු ලෝයර් කාරයින්ටනම් කෝල් කරන්නෑ..... අම්මපා

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...