Sunday, August 22, 2010

පනස් වෙනි සටහන.... මට මාගේ සුභ පැතුම්


කතන්දරයගෙ පිටුව දැකලා මටත් ආසා ඇති උනා..
ලියන්නට ගත් විටදි කෙලවර හොයාගන්නට බැරි උනා..
දැන් තිබේ වාතයක්, ඇණයක්, ෆන් එකක් ආතල් වෙලා...
පනස්වෙනි සටහනත් අම්මපා ලියමි සිවුපද ගලපලා....

හසිත චාමර රනිල් මල්ලිලා යන පාර මට එලිකලා...
සින්ඩියේ ඇතුලටත් මගෙ හොට රිංගවන්නට හැකිවුනා...
මාව දිරිමත් කරන අදහස් එකින් එක මෙහි දිස් වුනා..
බ්ලොග් කලාවේ මිතුරු මිතුරියො මට අලුත් පවුරක් වුනා..

කතන්දර, මකරා, හසී සහ වැම්පයර් මල්ලිත් ඇවිත්...
හා පැටික්කිත් සමග කොක්කට පිස්සු හසියත් මෙහි ඇවිත්...
සිහින දකිනා ස්වපනා සහ සොදුරු සිත ඇති කෙල්ල වත්...
බ්ලොග් ගඩොල්, සන්සාරසිදු , මාරයා සමගින් සම්පතුත්...

හැමදාම ප්‍රථමයෙන් නරඹන හේමලයා මල්ලී අපේ...
නිශ්, හරී, වාගෙම තවත් නම් නොකී අය මෙය නරඹතේ...
සදා සක්කිලි කමෙන්ට් දමනා ඇනෝනිමස් මල්ලිත් අපේ...
දුන්න දයිරිය මගෙ සිතින් නම් සදා නොමැකෙයි මිතුරනේ.....

වැප් ශෙෂානී වගේ තව ඇත විහග ගීතය මාතලේ.....
පළවෙනිම අදහසත් පලකල තරිදු මල්ලිත් මතකයේ....
බ්ලොග් නොලියා මගෙ පස්සෙ දැවටෙන උදවියත් ඇත කස් වගේ....
හැම දෙනාටම පුදමි බැතිමල් දුන් සහය මිණිමුතු වගේ....

ඇවිත් යන එන ගාන නම් මෙහි දහස් ගනනක් පහුවෙලා....
පසුපසින් එන උදවියත් මගෙ පනස් එකකට වැඩිවෙලා....
තිබේ කරුනක් පවසන්න මට සොයුරු සොයුරනි හිස නමා...
ලියමි තව දුරටත් නුඹේ මුවෙ, නැගී එන මදහස තකා..........

නම් නොකියවුනු සොයුරු සොයුරිනි තරහ ගන්නට නම් එපා...
ඇවිත් ගොඩවී යන්න මදහස මගේ බ්ලොගයෙ තවරලා....
බ්ලොගය නරඹන ඔබ හැමෝටම හදේ තුතිමල් දෙමි පුදා...
ඔන්න එහනම් යනව මම අද පනස් එක ගැන සිත සිතා....

19 comments:

  1. ඔබට මගෙනුත් සුභ පැතුම් !!!!!

    ReplyDelete
  2. එන්න.. එන්න.... මගෙනුත් මල් ගන්න.... මල් මල් මල්....


    මෙන්න මගෙන් මල් මල් සුබපැතුම්....!!

    ලංකාවට ආවම උඹව කොන්ටෑක්ට් කොරනවා හොඳ ට්‍රිපක් සෙට් කරල දියං හොඳේ...!

    ReplyDelete
  3. @ වැම්පි අයියා.....
    මේ මන් ඔයාගේ මල් බිස්නස් එකේ පලවෙනි කස්ටමර් නිසා මල් නිකන් හොඳද........ :) :)

    @ අභීත අයියා.....
    ඒ පාර කවියෙන්ම වගේ වැඩ........... මාරයි.....

    මෙන්න වැම්පි අයියගෙන් ඉල්ල ගත්තු මල් මිට....... (තත්වේ හොඳයිනේ......??? අලුත් මල් කියලයි කිව්වේ නම්.....)

    හා පැටික්කිගෙනුත් සුභ පැතුම්.......
    අර මැච් වලදි වගේ 50 ගැහුවට වඩා වේගෙන් 100 ගහමු......... නේ.....

    ReplyDelete
  4. jayen jayama wewa abeetha...!!!!!!!!! nonawathina dura gamanakata 50, 100,500, 1000 ......................... unusum suba pethum...

    ReplyDelete
  5. යන්නට හදන විට මා අළුයම වැඩට..
    දුටුවා උඹෙ කවි පද ටික මල් යසට..
    නොදමා කොහොම යන්නද නොදුටුව ලෙසට..
    පැතුවා මමත් යන්නට නුඹහට දුරට..

    පරක්කු වෙලා අම්බානක..මම යනවා..
    සුභ පැතුම්.

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම..... චේජනාගෙන් නම් සමාව ඉල්ලන්න වෙනවා......

    ReplyDelete
  7. සුබ පැතුම් මගෙනුත්.හා පැටික්කි කිව්වා වගේ 100ත් ගහමු..

    ReplyDelete
  8. උනුසුම් සුබ පතුම්.

    මම ඉස්සෙලාම කියවපු සිංහල බ්ලොග් එක තමා උඹේ බ්ලොග් එක. ජංජාලෙ මොකක්ද හොය හොය ඉන්නකොට අහම්බෙන් දෑක්කෙ. ඉතින් කියෙව්ව ඔක්කොම එක හුස්මට.

    ඉතින් ජය.......

    ReplyDelete
  9. උණුසුම් සුභපැතුම්.....දිගින් දිගටම ලියන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා යැයි පතමි.......:)

    ReplyDelete
  10. අපේ උණු උණු සුභ පැතුම් මචෝ! අත පුච්චගන්නනං එපා හැබැයි, හික්ස්...

    අර හා පැටික්කි කිව්වා වගේ ඉක්මනටම සෙන්චරියට යමු.මේක මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්...

    ReplyDelete
  11. ෂා.... අභීත අයියගෙ කවි ලියන talent එකත් ඔය උඩට ඇවිල්ලා තියෙන්නේ....
    ඔව්..ඔව්... සෙන්චරියත් ගහමු....
    ඔහොම යං.....ඔහොම යං

    ReplyDelete
  12. ස්තූතියි ඔක්කොටම... විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.........

    ReplyDelete
  13. 100 මොකක්ද... ගහමු අපේ වත් වගේ ද්විත්ව ශතකයක් !
    ඕන් එහෙනම් අපෙනුත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  14. හෝව් .. හෝව්..

    මෙන්න මගෙන් සීතල සුබ පැතුම්!!...!! 100 ත් ඉක්මනට පහු කරමු..
    බ්‍රේක් නැතිව ලිපි ලියවෙන්න ඕනේ!! ...


    (ආහ් ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..මගේ නම් හරියටම ලිව්වට ස්තූතියි..මොකෝ හමොටම sheshanie කිව්වම කියන්නෙ "ශේශානි" කියලයි.. තැන්කු වෙන්න ඔනෙ අපිව මතක් උනාට..)

    ReplyDelete
  15. ලියන්නට ගත්තහම සමහරු අබින් කැවා පරාදයි
    යහළු මිතුරන් එකතු වෙන විට සිතේ හැගුමන් සමානයි
    හිතක් ඇත්නම් බැරි දෙයක් නැහැ කියූ කියුමත් සබෑමයි
    පනස් ගාණක් නොවෙයි දස දහස් ගානත් නුඹේමැයි

    පහුවෙලා සුබ පතන්න ආපු
    මම
    ෴ වත් ෴

    ReplyDelete
  16. වත්ගෙ අඩුව විතරයි තිබුනෙ.... ඒකත් ඉවරයි ඔන්න..

    ReplyDelete
  17. හොඳටම ප්‍රමාදයි ............ සමාවෙන්ඩ ඔනේ .........

    අවුලක් නැහැ අන්තිමට කරන සුබ පැතුම් තමයිලු වටින්නේ :D

    තව තවත් ලිවීමට හැකිවේවා

    [මගේ නමත් තියේ ...... කිව්වා වගේ මටත් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ ]

    ReplyDelete
  18. aith serayak abeethage kawiya kiyawanna hithuna...

    balagena giyama mata methana loku thenak thiyanawane...okkoma blog liyanawa..man witharak nehe...katada adambara...(ane matanam ne)..hikz...hikzzzzz....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...