Wednesday, September 22, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 03

මෙතුමා ගැන ලියපු පළවෙනි පෝස්ට් දෙකෙන් පස්සෙ මම ටිකක් හිනාවෙන කතා ලියන්න තමයි තීරනය කරලා තිබුනෙ.... ඒත් දෙවෙනි පෝස්ට් එකට මගේ පාඨකයින් දාලා තිබුන අදහස් 8න් 7කම තිබුනෙ මේ කතාවෙ ඉතුරු ටිකත් පල කරන්න කියලයි...... ඊටත් අමතරව වැම්පයර් සහෝදරයා මගේ ඉල්ලීම ඉටු කරමින් ලියලා තිබුන ලිපිය කියෙව්වම මේ කතාවෙ අනිත් කොටස් ටිකත් දාන්න ඕන කියලා මම හිතාගත්තා.... අඩුම ගානෙ තව කොටස් දෙකක්වත් ලියන්න වෙයි මම හිතන්නෙ... කලින් ඒවා කියවපු නැති අය මෙන්න මේවට ගිහින් කියවලා එන්නකො....




දැන් ඉතින් අද මම ලියන්නෙ එතුමා, තමන් කොච්චර උඩට ගියත් මනුස්සකම උඩින් තියාගන්නෙ කොහොමද කියල අපිට කියපු හැටියි අනිත් මනුස්සයෙක් දිහා ඒ මනුස්සයාගෙ කෝනෙන් බලන්නෙ කොහොමද කියලා අපිට පැහැදිලි කරපු හැටියි... මට මතක විදිහට එතුමගෙ වචන වලින්ම මෙහෙමයි......

දරුවනේ.. දැනටමත් ඔයාලා දන්නවා මම අධි නීතිඥවරයෙක්... ඒ නිසා ඔය දරුවො උනත් බලා පොරොත්තු වෙන ඇති මම ටයි කෝට් ඇදගෙන මෙතනට සම්ප්‍රාප්ත වෙයි කියලා..... ඒකට කියන්නෙ තනතුරු පවත්වාගෙන යාම.. ඉංග්‍රීසියෙන් කියන්නෙ දරුවනේ Position Maintaining. ඒත් මම පුද්ගලිකව හිතන දෙයක් තමයි ඒ දේවල් අපේ වෘත්තීමය ස්ථාන වලට පමණක් සීමා උනාම ඇති කියන එක... සාමාන්‍ය සමාජයේදිත් මම මම ගැන හිතුවානම් අධි නීතිඥවරයෙක් විදිහට, අද මට මෙතන සරලව කතා කරන්න වෙන්නෙ නෑ.. එහෙනම් මගේ දේශණය ඔයාලට තේරෙන්නෙත් නෑ.... ඔයාලට තේරෙන උදාහරනයක් ලෙසට කීවොත් ඔයාලා ශිෂ්‍ය නායකයෝ විදිහට පාසැල තුල ඉන්නවා... ඒත් මේ පාසැල් දොරටුවෙන් පිටතදි ඔයාලා ඒ විදිහට හැසිරෙනවද? ගෑනු ළමයි දිහා බලනවා.. එයාලත් එක්ක ප්‍රේම සම්බන්ධතා ගොඩ නගා ගන්නවා.... බස්වල පා පුවරුවේ එල්ලිලා යනවා... ඔය වගේ ගොඩාක් දේවල් මට උදාහරණ විදිහට පෙන්නන්න පුලුවනි... ඒ වගේම හොද මනුස්සකමින් පිරිපුන් ක්‍රියාවලත් ඔබලා නියැලෙනවා.. මම කියන්න අදහස් කලේ මේකයි.. ඉතින් මේ තනතුරෙන් අපිට ලැබුනු ලොකුකම් අපි වෙන තැන් වල ප්‍රදර්ශණය කරන්න ගත්තොත් පුංචි ගැටවු කාලෙ ඉදන් අපේ ලේ වලට කා වැදිලා තියෙන මනුෂ්‍යත්වයට මොනවා වෙයිද දරුවනේ... ඒක එහෙමම දියවෙලා යාවි.. අන්තිමේට මම ලග අධි නීතිඥවරයෙක් නමින් හැදින්වෙන වෘත්තිමය පුද්ගලයෙක් ඉතුරු වේවි... එහෙම නේද? එහෙම මිනිසෙක්ගෙන් වැඩක් තියේවිද දරුවනේ......? උපතින් ගෙනාපු මනුෂ්‍යත්වය දිරන්න දෙන්නෙ නැතුව ඔයාලගෙ හදවත් වල රජ කරවන්න පුළුවන්නම් අන්න ඒක තමයි ඔයාලට ජීවිතේ අන්තිම කාලෙදි ඉතා හොද නිස්කලංක ජීවිතයක් ගෙවන්න මූලික කරුනක් වෙන්නෙ... ඔය දරුවන්ට බනින්න කෙනෙක් දෝෂාරෝපනය කරන්න කෙනෙක් ඉතිරි වෙන්නෙ නෑ... ඒක නිසා දරුවනේ ඔයාලා කොච්චර සමාජයේ ඉහලට ගියත් පුළුවන් තරම් මනුස්සකම ඉස්සරහට දාන්න හිතාගන්න.... එතකොට තමයි ඔය දරුවන්ගෙ යටතෙ ඉන්න අය උනත් ඔය දරුවො ගැන ආදරෙන් හිතන්නෙ.....

ඊලග කාරනේ තමයි අපි අනිත් අය දිහා එයාලගෙ කෝනෙන් නොබලන එක... ඔයාලට මූණ දෙන්න වෙන අය ගැන හිතන්න.. මම අදහස් කලේ පාසැලේ සිසුන්.. ඔවුන් වැරැද්දක් කරනවා දුටුව ගමන් ඔය ලමයින් කී දෙනෙක්ද ඇයි ඒ ලමයා වැරැද්ද කලේ කියලා හිතන්නෙ.. ඉස්සෙල්ලාම කරන්නෙ වරදට දඩුවම් දෙන එක නොවැ... නේද දරුවනේ.... ඔයාලා පොඩි දරුවො නෙවේ නිසා මම මගෙ ළදුනේ වෙත යන්නම්... ඔයාලා දරුවනේ විශ්වාස කරනවද මේ ලෝකෙ ඉන්න ගනිකාවන් වගේ අය ඒ වෘත්තියට කැමැත්තෙන් ආපු අය වෙන්න ඇති කියලා.... මම නම් හිතන්නෙ නෑ.. සමාජයේ ඔවුන්ට කරන්න කිසිම දෙයක් නැතිකමට තමයි එයාලා ඒක තෝරගෙන ඇත්තෙ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? අපි ඉතින් ඇයි ඔවුන්ට බනින්නෙ.... මම කරන්නෙ අධි නීතිඥ වෘත්තිය.. ඔවුන් කරන්නෙ ගනිකා වෘත්තිය... මමයි ඔවුනුයි දෙගොල්ලොම මේ වෘත්තීන් දෙක කරන්නෙ ජීවත් වෙන්න සහ ඔවුන්ගේ යැපෙන්නො ජීවත් කරවන්න... මේ එක උදා හරනයක් පමනයි... තව ඕන තරම් මේ සදහා උදාහරන අපි ජීවත් වෙන ලෝකෙන් ගන්න පුලුවන්... ඉතින් දරුවනේ ප්‍රශ්නයක් දිහා බලද්දි තමන්ගෙ පැත්තෙන් වගේම අනිත් පාර්ශ්වය පැත්තෙනුත් හිතන්න පුරුදු වෙන්න ඕන.. එහෙම නැත්නම් ඔයාලගෙන් බිහිවෙන්නෙ සමබර විසදුම් නෙමෙයි.... තමන් කොච්චර ලොකු මිනිහෙක් උනත් ඊට වඩා පහල මිනිහෙක් එක්ක කතා කරන කොට අපි ඒ ගානට පහලට යන්න ඕන... එහෙම නැත්නම් ඒ මනුස්සයා හිතන්නෙ අපි බොරු ආඩම්බර කාරයෙක් කියලා.. මේවා පොඩි දේවල් උනාට කවුරුත් හිතන්නෙ නෑ... ඒත් මේ නොහිතන එකෙන් අවාසිය වෙන්නෙ අපිටමයි..... මම මේ කියන කතාව ඔයාල ලොක්කෙක් උනාට පස්සෙ බැහැර කරන්න ඉඩ තියෙනවා... ඒ මෙ පොඩි පොඩි මිනිස්සුන්ගෙන් මට තියෙන පලය මොකක්ද කියලා... මෙන්න මේක ඔලුවට ගන්න දරුවනේ.... අපි කුනු භාජනේට විසි කරපු කොල කෑල්ල අයෙත් අපිට ඕන වෙන වෙලාවල් එනවා.... ඒ නිසයි අපි මිනිසුන් ලෙස සමාජයට පා එසවිය යුත්තෙ.....

අදට ඇති... තව එක කොටසකින් ඉවර කරන්නම්..... තව කරුනු මතක තියෙන්නෙ එක ලිපියකට විතරයි වගේ...... ටිකක් හිනාවෙන කතා බලාපොරොත්තුවෙන් ඉන්න අය මට පොඩ්ඩක් සමාවෙලා තව එක ලිපියක් විතරක් ලියන්න අවස්තාවක් දෙයි කියලා මම හිතනවා......




ර්‍

14 comments:

  1. නියමයි.. ඔහොම යං..

    ReplyDelete
  2. අඩවියෙ නම ටිකක් හිනාවෙන්න එන්න වූ පලියට හිනායන කතා ලිවිය යුතුමයි කියල නියමයක් නැහැනෙ අයියෙ...

    ටිකක් හිනාවෙන එක ගොඩාක් හොඳ දෙයක් !
    මානසික ආතතිය අඩුකරගෙන සමබර වෙන්න ඒකෙන් ලොකු පිටිවහලක් ලැබෙන බව ඇත්තයි... ඒත් කළු ගල් අතරේ තියෙන මේ වගේ මැණික් ගල්වල පය වැදුණම ඇහිඳ ගන්නෙ නැති අන්ධයෝ වගේ වෙන්න අපේ අය කැමති වෙයි කියල මං නම් හිතන්නෙ නැහැ....

    ඉතින් මේ සොඳුරු මිනිසා ගැන ඉතිරියත් පළ කරන්න ඉක්මනටම...

    ReplyDelete
  3. නියමයි.. ඉතිරි කතාවත් ලියන්න..

    මේ කතාවලින් කියන්නේ ලොකු පණිවිඩයක්.

    ReplyDelete
  4. මේ වගේ වැදගත් ලිව්වට පාඩුවක් වෙන්නෑ.. අනිත් එකත් ඉක්මනටම දාවි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  5. නියමයි..දිගමටම කියවන් යන්න මේ තරං ආස නන් අහන් ඉන්නකොට කොහොම තියෙන්නැද්ද? ඉතුරු ටිකත් දාමුනෙ...

    ReplyDelete
  6. සෑහෙන්න හොද පනිවිඩයක් සහෝ ඇත්තටම.හරිම වටිනවා.ඊලග කොටසත් කියවන්න ආසවෙන් ඉන්නේ.පුලුවන් නම් ඉක්මනට දාන්න සහෝ

    ReplyDelete
  7. ස්තූතියි ඉල්ලීමට කන් දුන්නාට.

    ReplyDelete
  8. Harima age athi lipi tikak..mama wedipurama mekata aawe hina wela yannata wada Ranbanda Seneviratne mahattaya gena hema daam mage hithe thibuna gawrawaya hinda..Age kala yuthu wedak nisa comment ekak daana hithuna sinhala akuru nethi wuanata..thawath diriya lebewa me wage posts walata

    ReplyDelete
  9. ජීවිත පොතට උපදෙස් කිහිපයක් එක් කැර ගතිමි..

    ස්තූතියි..!!

    ReplyDelete
  10. අභීත,
    ඉල්ලීම ඉටු කලාට පලමුව ස්තුතියි,
    තව දෙයක්, මේ වගෙ මිනිස්සුත් අපි අතර හිටියනෙ කියන සිතුවිල්ලත් ඇත්තටම මුවගට සිනහවක් නැගෙන කාරණයක්,ඒ නිසා ඔයාගෙ Blog Heading එකටත් ගැටලුවක් නැහැ මම හිතන්නෙ,

    ReplyDelete
  11. රන්බණ්ඩා ශුරින් ගැන් මේ වගෙ වටින ලිපි පෙලක් එකතු කලාට ගොඩක් පින්.. මන් ගොඩාක් කැමති කෙනෙක්.. ඔයාට ස්තුතියි

    ReplyDelete
  12. රන්බණ්ඩා ශුරින් ගැන් මේ වගෙ වටින ලිපි පෙලක් එකතු කලාට ගොඩක් පින්.. මන් ගොඩාක් කැමති කෙනෙක්.. ඔයාට ස්තුතියි

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...