මේකෙ 1 කතාව දිග වැඩි වුන නිසා තමයි සිද්ද උනේ දෙවෙනි කතාවකුත් ලියන්න..... අද ලියනවා කතා දෙකක්.. ඒ කියන්නේ අංක 3 හා 4.... දැන් තමයි කතා මතක් වෙන්නෙ..පිස්සත් ඔන්න සර් කෙනෙක් ගැන කියලා මට තවත් කතාවක් මතක් කරල දුන්නා.. ලියන්න වෙලාව නැති උනත් හෙමීට හෙමීට හරි ලියන්න තමයි බලන්නෙ...... හරි බහිමු කතා වලට...
අංක 3
මේ සිද්ධිය උනේ ගාල්ල පැත්තෙ තියෙන ප්‍රධානම බෞද්ධ පිරිමි ඉස්කෝලෙක මගේ යාලුවෙකුට... මේක කියවන ඒ ඉස්කෝලෙ උන් දන්නවා අරුන් තුන් දෙනා ගැන තමයි මේ කියන්නෙ කියලා... ඔය කියන ඉස්කෝලෙ ගේට්ටුව ලග ඉදන් සුවිසල් බැම්මක් පසු කරන් සෑහෙන දුරක් යන්න තියෙනවා විදුහල්පතිතුමාගෙ කාමරයට... ඔන්න ඉතින් වටේ යනවනේ.. බහිමු කතාවට.
යාලුවෝ තුන් දෙනෙක් සෙට් වෙලා කතා කර ගත්තා ඉස්කෝලෙන් පනින්න... කුරුණෑගල ඉන්න අපි පාසැලෙන් පැනලා වැවේ නාන්න ගියාට ගාල්ලෙ උන් යන්නෙ මුහුද නාන්නනෙ.... නේද පිස්සා මලයා....? ඉතින් මුං තුන් දෙනත් ඉස්කෝලෙන් පැනලා ඔය වැඩේට සෙට් උනේ... ගාල්ලෙ කොල්ලො ඔය වැඩේට ගොඩක්ම තෝරගන්නෙ ලයිට් හවුස් එක ලග කියලයි මම හිතන්නෙ... මොකද නෑවා..ආවා... බස් එකේ නැගලා ගෙදර ගියා.... මේ තුන් දෙනත් දන්න තරමට එතන තමයි තෝරගත්තෙ...
දන් කට්ටිය ඔතනට ඇවිත් නිල ඇදුම් ගලවලා තියලා යටට ඇදගෙන හිටපු ඇදුම් පිටින් බැස්සා මුහුදට. ඔන්න සෙට් එක නානවා ෆුල් ෆන් එකේ... ඉතින් කතා බහ කර කර ගෑනු ලමයින්ට අනන්මනන් කිය කිය මුන් නානවා... ඔන්න ටික වෙලාවකින් සුදු ඇද ගත්ත මහත්තයෙක් ඇවිල්ලා කතා කරනවා මේ තුන් දෙනාට.. එතකොට තමයි කට්ටියට දෙවියො සිහි උනේ....
හත් ඉලව්වේ විදුහල්පතිතුමා.... දැන් ඉතින් මොනවා කරන්නද? මුන් තුන් දෙනාත් ආව ගොඩට.. ප්‍රින්සිපල් සර් ගත්ත තුන්දෙනාගෙම ඇදුම්..අරන් හා යමු කියාගෙන ඉස්සර උනා... සර්ගෙම කාර් බූම් එකේ ඉස්සරහ ෂීට් එකෙන් ඇදුම් ටික තියාගෙන තුන් දෙනාව නග්ග ගත්තා පිටි පස්සෙ ෂීට් එකට... අනේ මුන් තුන් දෙනත් යට ඇදුම් පිටින්ම කාර්බූම් එකේ යනවා... දැන් තමයි මරුම සිද්ධිය....
කාර් බූම් එක පාසැලේ ගේට්ටුව ගාවා නතර උනා... සර් මෙහෙම කිව්වා...
හා දැන් බහිනවා....
දැන් මුන් ඇඹරෙනව..අයි යකෝ මෙතන බහින්න පුලුවන්ද මෙහෙම.. විලි ලැජ්ජවක්නෙ... ඒ එක්කම ආයෙත් සර්ගෙ හඩ...
කිව්වම අහලා බහිනවා ඉතින්...
අමාරුවෙන් බැහැගෙන ඉස්සරහා වීදුරුවෙන් එබිලා අතිශය බයාදු ගතියක් මවාගෙන එකෙක් විදුහල්පතිතුමාගෙන් මෙහෙම ඇහුවා...
සර්.... ඇදුම් ටික......... :(
ආ.... ඒ ටික ගන්න එනවා ඔෆිස් එකට.........
කාර් බූම් එක ගියා.. එතනින් එහාට වෙච්ච දේ මම කියන්න ඕන නැහැනෙ....
අංක 4
තිලා අපේ ඉස්කෝලෙ හිටපු සිරාම ඩයල් එකක්... දැන් කියන්න යන්නෙ උගේ කතාවක්...
දැන් ඉස්කෝලෙ යන ලමයින්ගෙ කමිස සාක්කුව ලග තියෙන ලාංඡනෙන් අදුර ගන්න පුලුවන්නෙ මොන පාසලේද කියන එක.. අපේ කාලෙ ඕව තිබුනෙ නෑනෙ... ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ අපි මොන පාසලේද කියලා අදුර ගන්න බෑ හොදට දන්න කියන කෙනෙකුට ඇරෙන්න... ඒත් ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ උන්ව නම් ඔක්කොම දන්නවා මොකද උන්ගෙ කලිසම් වල ෆ්ලීට්ස් නැහැ... මේ සිද්ධිය උනේ අර පිට්ටනියෙ තනිවෙච්ච විදුහල්පතිතුමා ඉස්කෝලෙට ආපු මුල්ම කාලෙ... ඔන්න කතාව....
ඔන්න අපි ඉස්කෝලෙන් පැනලා පරන ෂොපින් (Viewer's Shopping Complex ) එක ලගට වෙලා චාටර් වෙවී ඉන්නවා... තිලාත් ඔතන හිටියා... පරන ෂොපින් එක කියන්නෙ කුරුනෑගල ඉස්සර තිබ්බ ජනප්‍රියම ප්ලේස් එක.. කෙල්ල හම්බෙන්න, රස්තියාදු ගහන්න, ට්‍රිප් යන්න එකතු වෙන්න, ගැන්සිය සෙට් වෙන්න ඕන දේකට කවුරුත් පාවිච්චි කලේ ඔතන. ඉතින් අපිත් ඔතනට වෙලා වේලි වේලි ඉද්දි දෙවියනේ කියලා අලුත් විදුහල්පතිතුමාගෙ කාර් බූම් එක නැවැත්තුවා... ඒක නවත්තනකොටම අපි ටික එහෙන් මෙහෙන් මාරු උනා.. තිලා දැක්කෙ නෑ.. ඌ ඔහෙ හිටියා.... විදුහල්පතිතුමා ඌට කතා කරද්දි තමයි මූට දෙවියෝ සිහි වෙලා, ගන දෙවි නුවණත් පහළ උනේ.... දැන් දෙන්න අතරෙ යන දෙබස මෙහෙමයි....
මෙහෙට එනවා පොඩ්ඩක්....
ආ.... ඇයි අන්කල්?
ම්ම්.. තමුසෙ ........ එකේ නේද?
අනේ නෑ අන්කල්.. මම ආදර්ශේ........
අහ් එහෙමද? ........ එකේ ලමයි ටිකක් මෙතන හිටියා නේද?
ආ ඔව් අන්කල්... මේ දැන් මෙතන ඉදලා උඩට ගියා මම හිතන්නෙ...
ම්ම්... මම බලලා එන්නම්.... කියපු විදුහල්පතිතුමා මූ දිහාට ආයෙත් සැක සහිත බැල්මක් දාලා අපිව හොයන්න පඩිපෙල නගිද්දි අපි බස් නැවතුම්පලටත් ගිහින් ඉවරයි...
ප.ලි. ජීවිතේ කළමණාකරන තීරණ ගන්න හැටි ගැන මම හොදම අවබෝධය ගත්තෙ මේ විදුහල්පතිතුමාගෙන්.... ඒ කාලෙ ඒ තීරණ සමච්ඡලයට ලක් කරපු මටනම් දැන් හිතෙන්නෙ එතුමා ඒ කාලෙ ගත්තෙ හරිම සමබර තීරණ කියලයි....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ස්කෝලෙ ගිහින්ම නැහැ නේ බැලුවම...
ReplyDeleteඒවගෙ ප්‍රථිපල දැන් තමයි දැනෙන්නෙ..... හිකිස්..... ඒත් ශිෂ්‍ය නායකකමක් දුන්නට පස්සෙ යන්න වුනා...ඒත් පන්තියෙ ඉන්න බැරි උනා.. ලොල්....
ReplyDeleteමූණ වහගෙන ගියානම් හරිනේ විදුහල්පතිතුමාගේ කාමරයට...එතකොට කියයි කට්ටිය "නාදුනන කොල්ලෝ තුන්දෙනෙක් යට ඇදුම පිටින් පාසැල් භූමියේ සැරිසරනු දක්නට ලැබුණි...."
ReplyDelete(කොහොමද හසියාගේ මොලේ....)
අපේ උන් බැජ් එකට හොද වැඩක් කොරන් තිබුණා..(අපේ උන් විතරක් නෙවේ හැම ඉස්කෝලෙකම කොල්ලෝ ඕකනේ කොරන්නේ....) බැජ් එකේ ගානට පුංචි ඇලුමිනියම් තහඩුවක් අරන් බැජ් එක ඕකේ හොදට අලවනවා...ඒ තහඩුවේ උඩ කෙලෙවර පොඩ්ඩක් නවනවා, බැජ් එක තියෙන පැත්තට නෙවේ අනිත් පැත්තට...දැන් ඕනි වෙලාවට සාක්කුවට අර නමපු තහඩුව එල්ලගන්නවා....එතකොට බැජ් එක හොදට තියෙනවා වගේ පේනවා...ඕනි වෙලාවට ගලවලා සාක්කුවේ දාගන්නවා...ඕක තවත් වැඩි දියුනු කරලා හදලා තිබ්බා අර චිරිස් බිරිස් හයි කරලා...බැජ් දෙකතුනක් තියෙනවා හතරවටේ ඉස්කෝල වල...ඕනි එක ඕනි වෙලාවට කිසි ගින්නක් නැතිව පාවිචිචි කරනවා....කොහොමද අපේ උන්ගේ මොලේ....
පට්ට කතා දෙක....
හි හී මරු... :D අපෝ මේ හසියානම් හොර වැඩමයි කරලා තියෙන්නේ :P
ReplyDeleteමරු කතා ටික...
ReplyDeleteඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....
පළවෙනි කොටසේ තියෙන්නෙ එක කතාවයි...
දෙවැනි කොටසේ කතා දෙකයි... ඒවා නම් කරල තියෙන්නෙ 3 සහ 4 කියල...
එතකොට කෝ දෙවියනේ දෙවැනි කතාව...
දෙවැනි කතාවට වැඩක් දීල වගේ...
හිකිස්! මරු කතා සැට් එක. හැබෑට පිරිමි ඉස්කෝලයක් නිසා හොදට ගියා.. පහුවදා උදේ වැවේ අර වැවේ මාළු මැරිලා උඩ පාවි පාවි හිටිය කියලා කතාවකුත් තිබුනාද දන්නෑ. හිහි
ReplyDeleteෆා ගෙ කොමෙන්ට් එක පලි ගැනීමක්..... මම එයාගෙ බ්ලොග් පෝස්ට් එකට දුන්න රිටර්න් එක.. බොරුනම් මේ ලිපිය බලන්න මම බොරුවක් කියලා තියෙනවද කියලා.... හිකි හිකි හිකිස්.......
ReplyDelete@සන්සාර .... පොඩි ප්‍රින්ටින් මොකක්ද එකක් බන්..... උඹට විතරනෙ ක්ලික් උනේ....
ReplyDeleteහප්පට බොල.... මේ කොයි කාලෙ උනු සීන් එකක්ද... දන්න කියන එකෙක්ට උනා ද මන්ද හි හි....
ReplyDeleteඈ බන් ඔය විදුහල ම යන්නෙන්ද පටන් ගන්නේ... තව කතාවක් මතක් උනා....
ම යන්න තමයි.... 99 විතර තමයි සීන් එක උනේ....
ReplyDeleteඅද තමයි මෙක පැත්තෙ මුලින්ම ආවෙ..
ReplyDeleteනියමෛ මචන්....
අපෙ ඉස්කොලෙද මන්ද ඔය බැජ් 1ක පටහ් ගත්තෙ...
අපි කිව්වෙ මුද්දරෙ කියල..
අපි නම් ස්ටිකර් 1ක් තමයි පාවිච්කලෙ..
හැබැයි ඉස්කොලෙන් බලනව 4ර පැත්තම මහලද කියල...
පාසැල් ජිවිතෙ තරම් සුන්දර නැ මොනවත්ම......
සාදරයෙන් පිලිගන්නවා ටිකක් හිනා වෙන්නට
ReplyDeleteචරිත සහතිකෙත් එක්ක ප්‍රින්සිපල් දුන්නේ නැද්ද ඉස්කෝලේ කට් කිරීම පිළිබඳ විශිෂ්ටතා සහතිකයක් එහෙම? මරේ මර්.
ReplyDeleteපලවෙනි වතාවට ගොඩ වැදුනේ. හිතට වැදුන නිසා ඔක්කොම කියවලා දැම්ම.ආය අලුත් දෙයක් පෝස්ට් කල පමාවෙන් මේ පැත්තෙ ඇවිත් ඇති.
ඒයි ඒයි බොරු චෝදනා කරන්න එපා. කොහොම හරි ඉතින් කතාව ඇත්තනේ. අසරණ මාළුවෝ... පව් අප්පා. :P
ReplyDeleteආයෙත් ඒ කාලෙ එනවනම්....නේද?.............
ReplyDeleteනියම කතා ටික. මේව කියවන කොට මගෙත් කට කහනවා අප්පා . . . !
ReplyDeleteපාසැල් කාලෙ කියවද්දි කාගෙ කටද බන් කහන් නැත්තෙ...
ReplyDeleteනදීවත් ඉන්දිකත් පිලිගන්නවා සාදරයෙන්
ඔය සිද්දියත් උනාද කියලා මගෙත් පොඩි සැකයක් තියෙනව ෆා හූරො... :D
අපෝ අපිනම් නීත්යානුකූලවමයි පැන්නේ (සිකුරාදට)....
ReplyDeleteඅනිත් දවස්වලට දැව සංස්ථාව අයිනෙං පොල්ලත්තපිටිය පැත්තෙන් ගලෙන් බහින්නේ (ඒකත් සර්ගෙන් අහල) හී හී....
මේ ටිකෙන් සිකුරාද මොකද කියල හිතෙයි ඒ මොකද සිකුරාදට මුස්ලිම් ළමයිට කලින් යන්න දෙනවනෙ... අපිත් පොරවල් සේ ගුරුදෙගුරු සම්බන්ධතා පොතත් අරගෙන ගේට් එකෙන්ම එලියට.
මමත් ගියේ "ම" යන්නෙන් පටන් ගන්න ඉස්කෝලෙට... මුල් කතාවේ ඩයල් තුනගේ නම් එහෙම කියන්න බැරිද?
ReplyDeletedevans porakda meka liyanne??
ReplyDeletekoi pricipleda ayye oya carboom eke awe???
ReplyDeletekoi pricipleda ayye oya car boom eken awe?
ReplyDelete