Monday, September 6, 2010

නිරා මල්ලිගෙ ඩෙනිම......


මම මේ ඉස්කෝල කාලෙ ඒවා කියන හින්දා අපේ ෆා නංගි වගේ අයට මම ටිකක් වයසින් බාලයි වගේ කියලා හිතෙන්න පුළුවන්... ඒත් ඉතින් රසබර අතීතෙන් ගත්තොත් සීයට අනූවක්ම තියෙන්නෙ පාසැල් කාලයේ රසබර කතා... අනිත් 10න් 9ක් තියෙන්නෙ පාසල් කාලෙ යාලුවො රස්සා කරන කාලෙ වෙච්ච සිද්දි...ඉතිරි එක මගෙ හාල්මැස්සො වලිය වගේ මෙලෝ රහක් නැති මෝඩ චූන් කතා... හරි මේ කථාව පැත්තකින් දාලා දැන් කියන්න ගිය කතාව කියන්නම්....

මේකත් බාලදක්ෂ කතාවක්... අපි ඉතින් පිරිමි ඉස්කෝල නිසා බාලිකා ඉස්කෝල වල තියෙන එක එක වැඩසටහන් වලට යන්න ඉතින් කැමැත්තෙන් නෙ ඉන්නෙ... සර්ලා ඕක දන්න නිසා ඒ පාසැල් වල තියෙන ඒවට යන්න වැඩි කැමැත්තක් නෑ.. මොකද කොල්ලො ආපහු එන්න කැමැත්තක් නෑනෙ..ඉතින් සර්ලට ගෙදර යන්න පරක්කුත් වෙනවා.. සමහරු උන් සර්ලා ඉන්නවද නැද්ද කියලාවත් බලන්නෙ නැතිව කරන සමහර වැඩත් තියෙනවනෙ.... සර් වගේද කෙල්ලෙක් ගොඩ ගියොත් නේ? ඉතින් මේ වගේ දින වලදි සර්ලට යන්න බැරි වෙනකොට පොඩි උන් වැදල වැදල ආදි බාලදක්ෂයොත් එක්ක යන්න විදුහල්පතිතුමාගෙන් අවසර ඉල්ල ගන්නවා... ඉතින් මේ දවසත් කුරුණෑගල බෞද්ධ නොවන ප්‍රධානම බාලිකාවෙ තිබ්බ බාලදක්ෂිකාවන්ගෙ Talent Show එකක් බලන්න තමයි යෙදිලා තිබුනෙ.. ආදි බාලදක්ෂයෝ විදිහට ගියේ මමයි දමින්ද මල්ලියි වගේ තමයි මතක...

සුපුරුදු විදිහට කට්ටිය 1ට විතර ෂොපින් කම්ප්ලෙක්ස් එක ගාවට සෙට් උනා. මමයි දමින්දයි යද්දි පොඩ්ඩක් විතර පරක්කු උනා.... අපි යද්දි ඔක්කොම ඇවිත්.. ඇයි බාලිකා විද්‍යාලෙකට යද්දි කල් ඇතුව යන්නත් එපැයි.... අපි ගිය ගමන්ම දැනුනා පොඩි අමුත්තක්... මොකක්ද දන්නවද? පොඩි උන් ඔක්කොම හිටියෙ ටී ෂර්ට් උඩින් දාගෙන... සාමාන්‍යයෙන් පාසැලේ බාලදක්ෂ ටී ෂර්ට් එක කලිසමට යට කරලා තමයි අදින්නෙ..ඒක උඩින් දාගෙන ඉන්නවා කියන්නෙ දඩුවම් ලැබිය යුතු වරදක්.... දැන් අපි ගිය ගමන් පටන් ගත්තා සද්දෙ...

මොකෝ මේ ටී ෂර්ට් උඩින් දාගෙන.. යට කරගන්නවා ඔක්කොම...

ඔක්කොම යට කර ගන්න අතරෙ නිරා විතරක් ඇඹරෙනවා... ඉතින් අපෙන් ආයෙත් සද්දෙ....

ඇහුනෙ නැද්ද කියපු දේ? යට කරන්න ටී ෂර්ට් එක...

අසරණ බැල්මක් අපි දිහාට හෙලපු නිරා, ටී ෂර්ට් එකේ කොනක් උස්සලා ඇතුල පෙන්නුවා....

මේ තියෙන්නෙ කොල්ලා අලුතෙන්ම ගත්ත ඩෙනිම කොහු ලණුවකින්ම ගැට ගහලා.....

මොනවා කරන්නද ඉතින්.. පොඩි උන්ගෙ ආසව නොවැ.. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ටී ෂර්ට් උඩින් දාගෙන බාහිර විද්‍යාලයක තිබුනු උත්සවේකට සහභාගී උනා....

ප. ලි. තීර්ථ යාත්‍රිකයා නම් මේ පුද්ගලයව හොදින් දන්නවා... මම දැක්කා එයාගෙ මූනු පොතේ මෙයා ඉන්නවා....


19 comments:

  1. පව් බන් අහිංසකයා..

    ReplyDelete
  2. අනේ අසරනයා ... අපේ අපිත් ඔයාවගේ ජංගි වැඩ නොකරලා නෙවෙයිනේ ...

    ReplyDelete
  3. යකඩෝ..ඕ, ඉතින් නරකද ඉස්කෝලෙ යන කොල්ලෙක් කියලා හිතා ගත්තම. හිහ්! නරකෙට හිටී.
    නිරා ඉස්සර උන නිසා අනික් අය බේරුනා.නැත්තං ඉතින් ඔක්කොටම කොහුළනු බෙල්ට් එක පේන්න දාගෙන යන්න වැඩ සිද්ද වෙලා ඇති. හිහි! :-P

    ReplyDelete
  4. අයියෝ පව් නිරා. අර කිව්වත් වගේ ටී ෂර්ට් යට කලා නම් පොල් සයිස් ආයා කටු එහෙමත් අහුවෙනවා ෂුවර්. මෙහෙම දේවල් වුණා ඉස්කූල් යුනිෆෝර්ම් දාගෙන හිටිය කාලේ. හිටපු ගමන් සපත්තු එහෙම ගැලැව්වම මේස් මීයො කාපු තැන් මරුවට අහුවෙනවා. අපේත් එහෙම එක්කෙනෙක් උන්න පෙර කොම්පැණියක. ඒ ගැන වංහුං ෆා ගෙන් අහගන්න පුළුවන්. හික් හික්

    ReplyDelete
  5. අනේ පවු. මට නම් හැබෑවටම දුකයි.....

    ReplyDelete
  6. පව් අනේ ... මටත් ඇත්තටම දුක හිතුනා

    ReplyDelete
  7. බොල මටත් ඔහොම සීන් නම් අනන්ත. ඩෙනිම් හිටින්නෙම නැහන් නොවැ ඒ කාලේ. මම කරන්නේ පටක් වෙන්න නවනවා හි හි ටී එක උඩින් දැම්මම අහු වෙන්නෙ නැහ නොවැ.

    දැන් මොන කතාද බන්... ස්කෝලේ කාලේ නොවැ කතා තියෙන්නේ

    ReplyDelete
  8. අර පිස්සා කිව්ව වගේ ඉස්කොලෙ යන කාලෙනේ කතා තියෙන්නේ. පව් නිරා මල්ලියා. නොකීවට ඒකාලේ බහුතරයක් ඔය වගේ වැඩ ආතල් එකටත් කරා...

    ReplyDelete
  9. අනේ අසරණයා.....ඇත්තටම මටත් දුක හිතුනා....

    ReplyDelete
  10. Naදී ගේ කතාව ඇත්ත...
    අපිත් ආයා කටු ගහපු කාලයක් තිබුණා..
    ඒ කාලේ මතක් වෙද්දි......

    ReplyDelete
  11. ayye oya Maliyadevada St Annes da ?

    ReplyDelete
  12. මට නම් හිතෙන්නේ ඌ ඉස්ටැයිල් එකට ෂර්ට් එක උඩින් දාගෙන යන්න ඕන නිසා කරපු ප්‍රයෝගයක් වගේ . . හික්ස්

    ReplyDelete
  13. හ්ම් කවුද මේ නිරා.....
    මොනව වුනත් එල කතාව
    ඔය වගේ වැඩක් මටත් වෙලා තියනවා.
    දවසක් ගෙදර ඉඳලා ලෙක්චර්ස් යන්න සෙට් වුනා. මම අඳින ඩෙනිම චුට්ටක් ලොකුවට තමයි සාමාන්‍යෙයන් ගන්නේ..
    වැඩේ කියන්නේ බෙල්ට් එකක් වත් ගෙදර ගෙනත් තිබුනේ නැහැ.
    මොනව කරන්නද අක්කගෙන් රෙදි පටියක් ඉල්ලගෙන බැඳගෙන ගියා.....

    ReplyDelete
  14. he he...abeatha ayye oya nira karapu thawa hoda hoda wada thiyanawa neda...:D

    ReplyDelete
  15. අප්පා බලපුවාම මේකෙ ඉන්න ඔක්කොම වගේ කොහුලණු කාරයෝනෙ ;)

    ReplyDelete
  16. Apoi Apoi abeetha ayye sarama GAlawenawa wage mage neda? Awulak na Awulak na...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...