Tuesday, September 14, 2010

චින්තක මල්ලිගෙ පූස් වෛරය......

දවල් කාලයට වැඩ නිසාත් ඒ අතරෙ තියෙන පුංචි වීවේකයේදි ගූගල් බස් එකට සෙට් වෙන නිසාත් බ්ලොග් ලියන්න හම්බෙන වෙලාව අඩුයි... ඒ අතරෙ අර හොදම වෙබ් අඩවිය තෝරන සිද්ධියට අපේ හොටෙල් ලංකා වෙබ් එකත් තෝරගෙන තියෙන නිසා මගේ පුංචි කොම්පැණියත් චන්දෙට සූදානම් වෙනවා බරටම... එහෙම කියලා පාඨක ජනතාව අමතක කරලා බැරි නිසා ඔන්න තවත් කතාවක් ලියන්න තමයි යන්නෙ

ගාල්ලෙ උපුල් මල්ලි ගැන මම කතා ගොඩක් කියලා තියෙනවනෙ..... ඔව් ඔව්... පාර අහපු කතාවෙ වගේම එබ්‍රෝඩ් ගිය කතාවේ ඉන්න කෙනා තමා.... මහින්දෙන් මට මුණ ගැහුන යාලුවොත් එක්ක බලන කොට උපුලුත් එක්කම ඉන්න තව දෙන්නෙක් ගැනත් සදහන් කරන්න ඕන. ඒ තමයි පුෂ්පෙ මල්ලි සහ චින්තක මල්ලි... මේ තුන්දෙනාම විනෝදෙට බර ඒත් හැදියාවක් තියෙන සිරා කොල්ලො.. එකෙක්වත් අරක්කු සිගරට් පාවිච්චියක් නෑ.. චින්තක නම් මස් මාලුවත් කන්නෙ නෑ... කොල්ලො හැදෙන්න ඕන කොහොමද කියන එකටනම් සිරා උදාහරණ.... පුරුදු විදිහට වටේ යන නිසා කෙලින්ම කතාවට බහිමු......

අද කතා නායකයා චින්තක මල්ලි... මෙයා ගැන කතා තියෙන්නෙ මෙච්චරයි... අපි ගාල්ලෙ ගියොත් නවතින්නෙත් මෙයාලගෙ ගෙදර.. 20ක් ගියත් ඕනෙ වෙලාවක කන්න තියෙනවා.... ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි නංගියි චින්තකයි තමයි... සැබෑ සොදුරු මනුස්සකම් වලින් පිරිපුන් මිනිසුන්.... හරි ආයෙත් යන්නෙ වෙන කතාවක්නෙ.... ඔන්න මේ පාරනම් කතාව...

ඕනම කොල්ලෙකුට කෙල්ලෙක් වෙත තමන්ගෙ හිත යන එක නවත්තගන්න අමාරුනෙ.... චින්තකටත් ඒ ධර්මය එලෙසටම බලපෑවා.... කරුමෙ කියන්නෙ මුගේ හිත ගියෙ මිනිහගේ නංගිගෙ පන්තියේම ගෑණු ළමයෙක් දිහාට.... නමත් නංගිගෙ නමට අතිශය සමානයි.... මිනිහට පොඩි අතිරේක වාසියකුත් තිබ්බා.. මොකද හිටපු ගමන් අර ගෑණු ළමයා ගෙදරටම එනවා මූට ට්‍රයි කරන්න.. ඇයි ඉතින් නංගිගෙ යාලුවනෙ..... ඉතින් අපේ චින්තක මල්ලිත් ඉතින් අර පිස්සා මල්ලි වගේම මේ නංගියා වටේ ගාල්ලේ අහු මුලු නෑර කරක් ගැහුවා.. ඒත් එක්කම උපුලුයි පුෂ්පෙයි කන කටුවල ඉවරයක් උනෙත් නෑ.... ඉදලා හිටලා අපිත් මේ වැඩේට මාට්ටු නොවුනෙත් නෑ...අපිත් ඒ පස්සෙන් ගිහින් මෙලෝ සිහියක් නැතුව ඔලුවත් පලා ගන්න ගිහින් අනූ නමයෙන් තමයි බේරුනේ..... ඒත් තමන්ගෙ හිතේ තියෙන අදහස කියාගන්න චාන්ස් එකක් ගන්න තමයි පොරට අමාරුම උනේ....

කොහොමහරි පොරට රටක් වටින මේ දවස උදා වුනා.... ඔන්න එදා තමයි ගෑණු ලමයගෙ උපන් දිනේ.. දැන් මූට සුභ පතන්නත් ඕනෙ.... ඒ ගමන්ම හිතේ තියෙන අදහසත් කියාගන්න තමයි මිනිහගෙ කල්පනාව... ගෙදර කවුරුත් හිටියෙත් නෑ.. ඔන්න දැන් ගත්තා කෝල් එකක්... වාසනාවට ගෑණු ළමයමයි ආන්සර් කලේ... දැන් කතාව යනවා මෙහෙම...

ආ නංගි... හැපි බර්ත් ඩේ......

කවුද මේ.....

මම චින්තක අයියා.....

ආනේ අයියේ තැන්ක් යූ... තැන්ක් යූ.....

කොහොමද පාටි එහෙම තියෙනවද අද රෑ...

අනේ නෑ.. අයියෙ.... මොන පාටිද?

ආ නංගි මම මේ කාරණයක් කියන්නත් එක්ක තමයි කෝල් එක ගත්තෙ.. (දැන් ඔන්න හීන් දාඩිය එහෙමත් දාලා)

ආ මොකක්ද අයියේ... කියන්න...

නෑ නංගි මම කියන්න හැදුවෙ... හෙලෝ.. හෙලෝ.... හෙලෝ.... හෙලෝ.... හෙලෝ....

සද්දයක් නෑ.... කෝල් එක කට් වෙලා... පැන්න මලට ගැහුවේ ලග තිබ්බෙ කැබිනට් එකට පයින්.... මෙන්න එක පාරටම කබඩ් එක ලග හිටපු පූසා පණ කඩාගෙන දුවන්න ගත්තා.....

හොයලා බලද්දි තමයි වැඩේ තේරුනේ... වීදුරු කැබිනට් එක පිටිපස්සෙ ඉදන් පූස් පැටියා දගලද්දි ටෙලිෆෝන් එකේ වයර් එක ගැලවිලා...

දැන් ඉතින් ආයෙ ගන්නද කෝල් එකක්? පූසත් එක්ක මල පැන්නත් සත්ව කරුණාවත් ඉස්මතු වෙලා ආවා..... හිතේ අමාරුවට මේ කතාව ඇවිත් උපුල් එක්ක කීවා... උපුල්ගෙ ඉතින් යාළුවනේ.... ඌ ඉතින් හිතේ අමාරුවටත් එක්ක දන්න කියන හැමෝමත් එක්ක මේ සිද්ධිය කියලා දුක බෙදා ගත්තා...

තවමත් චින්තක මල්ලි ඉන්න තැනක පූසෙක් හිටියොත් අපේ උන්ට රජ ආතල් එන්නෙ....

13 comments:

  1. අපරාදේ කැබිනට් එක... බිඳුනේ නැද්ද..?

    ReplyDelete
  2. අපිත් එහෙම තමා අයියා කාටවත් කියන්න එපා කියල කියන කතා වුනත් බෙදාහදාගන්නෙ අඳුරනම කියන අය එක්ක විතරයි... ඒ අයත් ඉතින් ඒ අය අඳුරනම කියන කටිටිය එක්ක බෙදාගන්නවා... වැඩිය කාටවත් කියන්න යන්නෙ නැහැ..

    ඉතින් ඊට පස්සෙ කවදාවත්ම චින්තක මල්ලිට තමන්ගේ ආදරෙ කියාගන්න බැරිවුණා ද ?

    ReplyDelete
  3. හපොයි බොල පව් ඒකා. ඉතින් ඇයි බන් ඌ ඊට පස්සෙ ඒක එහෙමම ඇතෑරියද ? උබ ගාල්ලේ නෙමෙයි නේද ?

    ReplyDelete
  4. පූසෙක් කොල්ලෙක්ගේ අනාගතය අඳුරු කරයි!!
    -පුවතක්

    ReplyDelete
  5. දැන් එතකොට දුෂ්ඨයා පූසා. ආත්මගත වෛරයක් ඇති. ජොලි

    ReplyDelete
  6. ඇයි යකඩෝ ආයෙ කෝල් එකක් ගන්න බැරි. මට දුක අර කෙල්ල ගැන. ඉසකේ උගුල ගන්න ඇති මොනාද චින්තක අයියා මොනාද කියන්න ගියේ කියලා හිතලා..

    ReplyDelete
  7. ආදරේට් කොහේද බාධා නැත්තේ. :p එල කතාව ඉතින් අන්තිමට මොකද උනේ. අරු ආයිත් කෙල්ලගෙන් ඇහුවද?

    ReplyDelete
  8. මම මේ කල්පනා කොලේ කෙල්ලගෙ වෙලාවද නැත්නම් කොල්ලගෙ වෙලාවද කියල :P

    ReplyDelete
  9. චින්තක අයියා මස් මාලු නොකෑවට පූස් මස් කන්න හරි ආස ඇති

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...