Sunday, September 12, 2010

අධිකරණයට අපහාසයක් නොවේවා........

මට මේ ගැන ලියන්න හිතුනෙ අපි කවුරුත් කැමැත්තෙන් කියවන ජයන් කැෆේ බ්ලොග් අඩවියේ තිබූ රුපියල් 5ක් හොරකම් කල 13 හැවිරිදි දැරිය අධිකරණයට යන බ්ලොග් සටහන කියෙව්වට පස්සෙයි.... ගරු අධිකරණය දෙන තීන්දු ගැන සැකයක් නැතත් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් පිළිබදව අපට සෑහීමකට පත් විය හැකිද යන්න පිළිබද ව මසිතේ ඇතිවන ගැටළුව පිළිබද විමසීම මෙම ලිපියෙහි අරමුණයි.

බීමත්ව රිය පැදවීම සහ ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 1 සහ 2 කියන ලිපිවලින් මම සදහන් කල සිද්දියට අදාල නඩු දිනයේදී ඔහුත් සමග මමත් උසාවි ගියේ ඔහුට ඇප දිය යුතු නිසයි... ඒ දවසේ උසාවිය තුල පැය 4ක පමන කාලයක් ඉදගෙන හිටියා... විභාග වූ සියලුම නඩු රථ වාහන ගනයේ නඩු වූ අතර අති විශාල දඩ මුදල් ප්‍රමානයක් ඒ තුලින් රජයට එකතු වෙනු මා දුටුවා... ඒ ගැන ගැටළුවක් නෑ... වරදක් කල මිනිසා දඩුවමක් විදිය යුතුයි.....

නමුත් විමසිය යුතු කාරනය එය නෙවෙයි.... දඩ ලද පුද්ගලයින් අතර සිටියේ සමාජමය අතින් දුර්වල වූ මිනිසුන් පමණි.... බස් රථ රියැදුරන්, ත්‍රී වීල් රියැදුරන්, ලිපිකරුවන්, වැනි සමාජයේ මධ්‍යම හා කම්කරු පාන්තික මිනිසුන් ගෙන් අධිකරණයේ විත්තිකරුවන් සමන්විත විය.. කිසිදු මහජන නියෝජිතයෙක්, ත්‍රිවිධ හමුදා නිළධාරියෙක් මෙන්ම සුපිරි වාහන රියැදුරෙක්වත් ඒ දඩ මුදල් ගෙවන උදවිය අතර සිටියේ නැත.රජයේ සහ පෞද්ගලික අංශයේ ලොකු ලොක්කන්ද දේශපාලන හෙන්චයියන්ද ඒ ගොඩේ සිටියේ නැත... අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් මහා පරිමාණ වැටුප් ලබන්නන්ද සිටියේ නැත... හිටියේ තමන්ගෙ පාඩුවේ හරි හම්බ කරලා ලයිට් බිල් වතුර බිල් ගෙවලා තවත් ඕනෙනම් රජයට බදුත් ගෙවලා නැවත දඩත් ගෙවන එක්තරා මිනිසුන් කොට්ඨාශයක් පමණි.

අපිද වැරැද්දක් කර අසු වූ විටෙක දන්න අදුරන හැමෝටම කෝල් කරන්නෙමු... ඒ එතනින් බේරී යාමට මගක් පාදා ගැනීම සදහාය... මට හිතෙන හැටියට වරද ඇත්තේ මේ කිසි තැනක නොවේ.... වරද අල්ලන උදවිය එක එක අයට එක එක හැන්දෙන් බෙදීම නිසාය.. මම නිවැරදියි කියලා මම මොහොතකටවත් හිතන්නෙ නෑ... ඒත් මේ තැන් සැකසිය යුතුයි කියලා මට හිතෙනවා... එතකොට අපිත් වැරදි කරන්න භය වෙයි... දැනුත් බයයි.... එතකොට තවත් භය වෙයි....

ඇත්තටම එහෙම වෙයිද?


22 comments:

  1. umba beelada? ehema wenawanam ithin lankawe newi..

    ReplyDelete
  2. වැම්පයර්ගේ කතාව දැක්කම හිනත් යනවා.. මේ විදියට වෙන එක දැන් ලංකාවේ අනන්‍යතාවය වෙලාද ඒ කියන්නේ?

    කොහොම වුනත් මේ තත්වය වෙනස් කරන්න ඕනි තමා.. ලංකාවට මෙහෙම වෙන්න එක අතකින් අපිත් වගකියන්න ඕනි නේද?

    ReplyDelete
  3. විනීත ලෙස රිය පදවන ඇත්තො ඉන්නෙ මොන රටේ ද ???
    ලංකාවේ අපේ ලංකාවේ...

    මාර්ග අනතුරු අඩුවෙන් සිද්ධ වෙන්නෙ මොන රටේ ද ???
    ලංකාවේ අපේ ලංකාවේ....

    කන පැලෙන්න බීල බීල එළවන්නෙ කොයි රටේ ද ???
    එංගලන්තේ එංගලන්තේ

    කහ ඉර මැද්දෙ මිනිස්සු මැරිල වැටුනෙ කොයි රටේ ද ???
    එංගලන්තෙ එංගලන්තෙ

    එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...
    අපේ කට්ටිය බීපුවාම එළවන්නේ නෑ...

    ReplyDelete
  4. ආශ්චර්යමත් ලංකාවකනේ අපි ඉන්නේ බූරුවෝ. උඹ ඒකවත් දන්නේ නැද්ද?

    ReplyDelete
  5. නඩු කාරයොත් කෙලවන්නේ දුප්පත් අපිටම තමයි... අපේ එකෙක් 60 ගියත් වැරදියි. දේශපාලුවෙක් 120 ට ගියත් එ්ක හරි.. කටුකන පොලිස් බල්ලන්ට ඒව පෙනෙන එකක්ද?

    ReplyDelete
  6. "හිටියේ තමන්ගෙ පාඩුවේ හරි හම්බ කරලා ලයිට් බිල් වතුර බිල් ගෙවලා තවත් ඕනෙනම් රජයට බදුත් ගෙවලා නැවත දඩත් ගෙවන එක්තරා මිනිසුන් කොට්ඨාශයක් පමණි. "

    ලංකාවෙ මේ විදිය වෙනස් වෙන දවසක කවදා එයි ද මන්ද ?

    ReplyDelete
  7. කියන විදිහට 2012 ලෝක විනාසේ ආවොත් නම් කිසි ප්‍රශ්නයක් නැතුව මේ ක්‍රමවේද වෙනස් වෙයි. එහෙම නැත්නම් අපේ පොඩි මිනිස්සුන්ට වෙන්නේ කවදා හරි ලෝක විනාසයක් වෙනකල්ම බලන් ඉන්ඩ තමයි.. ලොකු ලොක්කන්ට දත නියවං....

    ReplyDelete
  8. මේක දැං හොදටම පැටලිච්ච නූල් බෝලයක් වෙලා හින්දා කොහෙංවත් ලිහන්න බෑ. ඒවට උදාහරණ නං ඕන තරං තියෙනවා නේද?

    ReplyDelete
  9. ඇ යකෝ ආණ්ඩුව පවත්වාගෙන යන්න කොච්චර සල්ලි ඕනෙද?හතර වටින්ම ණයට අරගෙන තව ගන්න දිහාවකුත් නෑ.හරි හමන් ආදායමක් ලබන්න රටේ නිශ්පාදනත් නෑ.ඉතින් කොහොමහරි රට කරවන්න සල්ලි එකතු කරන්න වෙන්නෙ මේ විදියට දුප්පත් අපිටම කෙලවල තමා.
    මේ ලඟදි දවසක මටත්.....
    වීරප්පුලිලාගේ සුදේශ් වසන්ත.....දඩය පන්දාහයි....දැන් ගෙවනවද?
    @#%$^&^%$*....................

    ReplyDelete
  10. දවසක් අධික වේගයෙන් ගිය ප්‍රාෙඩා් රථයක් පොලිස් නිලධාරියෙක් විසින් ඇල්ලුවා. රථයේ ගමන් කළ පුද්ගලයා අසලට ගිය පොලිස් නිලධාරියාට ලැබුනේ ප්‍රශ්නයක්...
    ඇයි මොකද මාව ඇල්ලුවේ?
    මහත්තය වේගෙන් ගියා වැඩියි...
    ඕයි මං මේක ගත්තේ ගාටන්නද කියපු පුද්ගලයා රථය ස්ටාර්ට් කරගෙන එයාගෙ ගමන ගියා.
    පොලිස් නිලධාරියා අසරණව බලා සිටියා...
    ඕං ඕකයි තත්වේ

    ReplyDelete
  11. එක එක අයට සලකන්නේ එක එක විදිහට නේ...අනේ මන්දා
    බලය ධනය තියනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන් වගේ දැන් අපේ රටේත්

    ReplyDelete
  12. කවදා මේවා නිවැදි වෙයිද?
    (මුළු blog එකම මුල ඉඳන් අගටම එක හුස්මට කියෙව්වා. ඔක්කොම ටික කියවන්න වෙලාවක් හම්බ වුනේ අද. මාත් ඔන්න අද ඉඳන් මේකෙ යාවජීව සාමාජික හොඳද)

    ReplyDelete
  13. අනේ මන්ද

    ReplyDelete
  14. අභීත අයිය ලියන පෝස්ට් බලල හැමදාම හිනා වෙන මට අද නම් තක්බීර් වෙලා ගියා...

    අයියේ මම නංගි වුනත් එක අවවාදයක් දෙන්නම්... මේ රට හදන්න පුලුවන් එක්කෙනාටයි එයාව නෙ අපි 18 න් දිග‍ටම රදව ගෙන ඉන්නේ...

    අනේ අයියේ ... උඹටයි මටයි මේ ඉන්න අනිත් අයටයි කරන්න පුලුවන් දෙයක් නැහැ... පුලුවන් නම් අයියේ අපිත් යමු අර දෙවෙනි ගොඩට .. එතකොට අපිත් ගොඩේ ගොඩ්....

    ReplyDelete
  15. අනික අයියේ ඔය දෙවෙනි ගොඩේ අය ඉඳල ඉඳල ගියොත් යන්නෙත් නිකම්ම උසාවි නෙමෙයි නේ..."ශ්‍රේෂ්ඨාධිකරණය" ට නේද?

    ReplyDelete
  16. පැමිණිලි කරපු වේසිගෙ ගෙට ගිනි තිබ්බා නම් හරි

    ReplyDelete
  17. එහෙම හිතන්න එප සහොදරයා
    සුපිරි පන්තියේ අය මාර්ග නීති අකුරටම පිලි පදිනව නොවැ. ඒ ක නිසා නෙ දඩ නොගහන්නෙ.

    ReplyDelete
  18. ලංකාවේ නීතිය කියන්නේ හිල් පිරිච්ච කලයක්. Law & Order කියන දෙකම වල් වැදිලා.

    ReplyDelete
  19. ඔව්ව වෙනස් වෙන්නෙ නැහ බන්. ඕවා වෙනස් වෙන්න ඉතින් අර දුමී දැක්ක ජාතියේ හීනයකම විතරයි.

    ReplyDelete
  20. බොහෝම ස්තුතියි අයියා ..මගේ අඩවිය පිලිබද සදහාන් කිරිම..

    ReplyDelete
  21. කතාවනම් හරි.. ඇති හැකි අයට නම් ප්‍රශ්න අඩුයි..
    මමත් දවසක් ෆොන් 1ක්ත් කනෙ ගහන් ඩබල් ලයින් 1කත් කපාගෙන ගියා... පොලිස්සියෙන් හිටිය මම හිනාවෙලා කොල් 1කෙ ම හිටිය.. නැවැත්තුවෙ නම් නැ..
    මම නම් හිතන්නෙ එදානම් මගෙ වාසනාව.. මාව බේරගන්න එහෙමට දන්න කෙනෙක් නැ.. හිටියත් ඇල්ලුවනම් දඩෙ ගෙවනව... උන්ට සලකන්න නැත්නම් ඉට වැඩිය යනව...

    හැබැයි අපෙ වෙග සිමාවලට කිසිම ප්‍රමිතියක් නැ.. යන්න පුලුවන් තැන්වලත් 60ද කොහෙද.... මම බල්ලෙක්වත් නැති පාරක (පොලිසියෙන් හිටිය) 62 නිසා දඩ කාල තියනව...
    ඇබරුනෙ නැතිව දඩකොලෙ ඉල්ලගත්ත.. දඩකොලෙ ඉල්ලුවම පිලිසියෙන් උවමනාවෙන්ම පරක්කු කරනව... අපිව අල්ලස් දෙන්න පොලබවනව..
    මට පස්සෙ අපු අය 120ට ගියා... එත් අල්ලන බැ... මට දඩෙ ලියනකම් මැසිම රිසෙට් කරන්න බෑලු......

    රිසෙට් කලොත් ඔප්පු කරන්න බැලු...
    මම නම් දැන් ටයිම් මැනෙජ් කරල ටිකක් කලින් යනව...
    බිල එලවන්නෙ නැ.....

    ReplyDelete
  22. රු5/- සොරකම් කළ දැරියට දඩය රු100,000/- ....... පසුගිය කලක රු75,000/- අගරු චෙක් පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආචාර්ය මර්වින් සිල්වාට එරෙහිව දඩය රු2500/- .... ආසියාවෙ ආශ්චර්ය‍ය

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...