දැන් මටත් හොද ප්‍රේක්ශක ජනතාවක් ඉන්නවා... ඔවුනුත් දැන් මට කතා ලියලා එවනවා... අර මම ලියපු ආ.. පුතා මම ඉන්නෙ කොළඹ කියන කතාවෙ ජාත්‍යන්තර පියවර තමයි මේ මගේ රසිකාවිය ලියලා තියෙන්නෙ.. ඒ වගේම වෙන්න පොෂ් අය ගැනත් පොඩි අදහසක් ගන්න පුළුවන්... ඉතින් මේ ලිපිය මට එවපු රසිකාවිය ගැනත් පොඩ්ඩක් කිව්වොත් දැනට අවුරුදු 14කට එහා ඉදන් දන්න අදුනන කෙනෙක් තමයි... මෙයා ගැනත් මම මීට කලින් කතාවක් කියලා තියෙනවද මන්දා...... හිකිස්.... හරි වැඩි වැල් වටාරම් නැතුව එයාගෙ වචනෙන්ම කිව්වොත් මෙන්න මෙහෙමයි කතාව.....
සාමාන්‍යයෙන් අපි අපේ රටේ ඉදල වෙනත් රටකට ගියාම එක පාරටම ස්ථාවර වෙන්න අමාරුයිනෙ. ලොකුම සල්ලි කාරයෙකුට උනත් රුපියල් ඩොලර් වලට හැරෙනෙකොට ටිකක් දැනෙනව. අනිත් එක මෙහෙ ඕනෙම දෙයක් මුලින්ම ගන්න Credit History එක බලනව. ඒ කියන්නෙ 100 ලකුනු ගන්න ඕනෙ. ඒකට මෙහෙ අඩුම ගානෙ මාස 6ක්වත් ඉද ල තියෙන්න ඕනෙ. හොද ගිනුමක් තියෙන්නෙ ඕනෙ. රෑකියවක් තියෙන්න ඕනෙ. ඉතින් එන ගොඩක් අය ඔය ඔක්කොම හදාගෙන එන්නෙ නෑනෙ. ඒ නිසා එන ගොඩක් අය මුලින්ම ඉන්නෙ හවුල් නවාතෑනක. ඒක තමා විදිය. ඉතින් අපිත් ආපු මුල්ම කාලෙ හිටියෙ එහෙම තෑනක. අපිත් මාස 6ක් විතර එහෙම හිටියා. ඉතින් ඒ අපි ගෙදරට ගිය මුල්ම දවස. ඒ ගෙදර පවුල් 3ක් හිටියා. ඔන්න ඉතින් අපි දෙන්නා ගිහිල්ලා අපේ බඩු ටික අස් කරනවා.මොනාද ඉතින් කිලෝ 100ක් නෙ ලංකාවෙන් ගෙනියන්න පුලුවන්. ඉතින් අපි දෙන්නා අපි දෙන්නාගෙ බෑග් අස් කර හිටියෙ. ඔන්න කවුද දොරට තට්ටු කරනවා.මගෙ මහත්තයා ගිහිල්ලා දොර ඇරියා. කාලගොල වගෙ මනුස්සයෙක් එක්ක අගල් 5ක විතර කොට කලිසමක් ඇදගත්තු ගෑනු කෙනෙක් හිටියා.. අපි ඒ දෙන්නට අමර සහ සාමා කියමුකො ඔන්න සංවාදය
අමර : ආ ඔයාල අද නේද ආවෙ? කොහොමද?
අපි : ඔව් අද තමායි ආවෙ වරදක් නෑ. බොහොම ස්තුති බලන්න ආවට
සාමා : අස් කරනවා නේද?
මම : ඔව් තව ටිකක් තියෙනවා
සාමා : හරිම රස්නෙ නේද
(ඒ Summer එක පටන් ගත්තම කාලේ..)
මම : හ්ම්ම්ම් ටිකක් රස්නේ නම් තමා... එත් ඉතින් අපෙ රටත් රස්නෙනෙ. අවුලක් නෑ එච්චරම.
සාමා : ආපෝ මට නම් ලංකාවට යන්නම බෑ හොට්නෙ අනේ....ඒ මදිවාට දුවිලි.....
මම : එහෙමද? ඔයාල ඈවිත් ගොඩක් කල්ද? ලංකාවෙ කොහෙද ඔයාල?
ඔන්න එතකොටම අමර පෑනලා උත්තර දුන්නා
අමර : නෑ නෑ අපි ඈවිල්ලා තාම සති 3. මම නම් මයියංගනේ මෙයානම් පදවියෙ...
එත් එක්කම මගෙ මහත්තය මගෙ දිහාත් මම එයා දිහාත් බෑලුවෙ, අපි නොදැනම හෑමදාම පදවිය පෑත්තට හිම වෑටෙනවද දන්නෙ නෑ කියන්න වගේ.. එත් එක්කම සාමායි අමරයි පිච්චිලා යන බෑල්මක් දාගෙන මෙහෙම කීව...
සාමා : අනේ මට පොඩි වෑඩක් අමතක උනා මම පොඩ්ඩක් කාමරෙට යනවා..
දවස් 3 විතර යනකම් මම ඒ ජෝඩුව දක්කෙ නෑ... ඔන්න ඔහොමයි මිනිස්සු මේ රටට පය ගහපු ගමන් වෙනස් වෙන්නෙ
ප. ලි. අපේ පුතාත් මහියංගනේ පැත්තෙ මම හිතන්නෙ.... පුතාත් ඔහොමද කියන්නෙ ආ......
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
පොෂ් වෙන්න යන අය ඔහොම තමා :)
ReplyDeleteහයියෝ අභීත
ReplyDeleteකියලා වැඩක් නෑ ඒක නම් මල විකාරයක්..තමා.
ඒ වගේමයි මෙහෙම අයට සිංහලත් බැරිවෙනවා මෙහෙම වෙන රටකට ගියාම.:-)
හපොයි මට නම් පේන්නම බැරි එව්වො තමයි ඔය... ඇයි බන් අවුරුදු 20 - 25 ක් ලංකාවෙ ඉදල මේ අවුරුද්දට දෙකට අනේ අම්මේ... සුද්දො පරාදයි නොවැ. වැඩියෙන්ම ඔය ගෑනු...
ReplyDeleteඅයියෝ.. එහෙ ගිහිල්ලා පොෂ් වෙන්න දඟලන එක වැඩක්ද, කට්ටිය මෙහේ ඉඳන් දඟලන දැඟලිල්ලට හී හී
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න මගේ අත්දැකීම ඕක ගැන...
ReplyDeleteසහතික ඇත්ත කතාව....
අනේ මන්ද මොනව කියන්නද කියල සති 3න් ඔහොම උනා නම් දැන් කොහොමද දන්නෙ නෑ නෙ...
ReplyDeleteනැතුව නැතුව.. උඹ දන්නවද මචං ලංකාවේ පුවාක්ස් වලට වඩා මෙහේ ඩේට්ස් තියෙනවනෙ... ඩේට්ස් වගෙ ඒවා වැඩිපුර කෑවාම බොඩි ටෙම්ප් එක ඉන්ක්‍රීස් වෙනවනෙ... අනික බොන්නෙත් ඔටු කිරිනේ... ඉතින් ලංකාවෙ තියෙන හොට් එකේ හැටියට හරි අමාරුයි මචං වැඩි කාලයක් ලංකාවට ගිහිල්ලා ඉන්ට..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
ReplyDeleteමෙහෙත් ඉන්නව එහෙම අය.ඒ විතරක් නම් මදැ මෙහෙ සමහර බවලත්තු පන්සල් එන්නෙ පල්ලියෙ මහ මන්ගල්ලෙට එන ගානට, අවිල්ල තමන්ගෙ මහත්තයට සින්හලෙන් කත කරනවා,.. හාමුදුරුවන්ට ඉන්ග්‍රීසියෙන් කතා කරනවා... අපිට ඉතින් හිනාවෙන්න දෙකොනත් මදි.
චාමි කියල තිබ්බ වගේ මුන්ටත් කල දවස ගෙවෙනවානේ... නොදකිං නොදෝමකිං තුහ්...
ReplyDeleteඅනේ අපොයි! මොනවා වුණත් මරු කතාව මචෝ!!
ReplyDeleteසමහර අයට හමහර " රස්න " දැනුනම ඔය වගේ වෙනවලුනෙ.....
ReplyDeleteඅපි හැමදාම අපෙ රටෙ ඉන්නෙ 25ට වැඩි රස්නෙනෙ. එත් මෙහෙ යන්තම් 15ට වැඩි උන ගමනපෙ අය අදින්නෙ කරන්නෙ හැසිරෙන්නෙ ඉපදුනෙ හිමෙ වගෙ. මෙහෙ සුද්දන්ටවත් අපෙ අයට තරම් අමාරු නැ..අපිට පිස්සු හැදෙනව අපෙම සමහර ගොඩ සුද්දන්ගෙ කෝලං දැක්කාම
ReplyDeleteඕනිම ගහක් ශක්තිමත් වෙන්නේ ගහේ මුල් ශක්තිමත් නං විතරයි,ඔහොම බොරු සෝබනේ දාන අයගේ ජීවිතවල මූලික අඩිතාලම ශක්තිමත් නෑ!ඒක තමයි පොඩි වෙනසකදි ,මවාගත්තු මහා ලොකු විපර්යාසයක් පිටතට පෙන්වන්නේ.
ReplyDelete-එහෙමයි මට හිතුනේ! :)-
වෙන්ඩ පොෂ්ලගෙ හැටි ඔහොම තමා...
ReplyDeleteසමහරු ලංකාවෙන් පොල් මුඩු පවා ගෙන්න ගන්නවලුනෙ... පොෂ් වෙන්න කියල....
නියම කථාව.....
ReplyDeleteමෙක කියෙව්වහම මටත් ඒකක් මතක් උනා.
මෙක උනේ මගේ යාලුවෙකුට ඒරොප්පෙදි.මමත් ටිකක් පස්සෙදි මෙකට සෙට් උනා. ඔන්න අපේ ටික ඒදා පංසල් ගිහිල්ලා, පංසලේදේ ඉතිං ඒරොප්පෙ භාශා වලින් කථාවට අපේ වැඩි මනාපයක් නැහැ නොවැ, හිංහලෙන්ම තමයි වැඩ. ඔන්න ටිකකින් අාවා හෙදට අැද පැලද ගත් අපේ නෑම්බියක්, අපේ ඒකත් මනුස්සකමට කථා කරලා හිංහලෙන්ම, ඒපාර මෙකි කියපි “සිංහල බූ” කියලා. අපේ ඒකා full හොල්මං වෙලා බැලුවලු මොකද්ද මෙ හරැපෙ කියලා. පස්සෙ තමයි තේරැනේ මෙ කිව්වෙ “සිංහල බෑ” කියන ඒක කියලා. ඔන්න ගිය කල. “බෑ” කියා ගන්නවත් බැරි ඒවුන් තමයි ඉන්නේ්.
පහුවට අපිත් ඉතිං චිරාගත සම්ප්රරදායට අනුව, මෙකට පොඩි publicity පාරක් ඒහෙම දුන්නා.
ඔහොම පොෂ් වෙන්න ගිහින් තමයි අන්තිමට පශ්චාත් බාගය බිම ඇන ගන්නේ
ReplyDeleteසහතික ඇත්ත..
ReplyDeletesahathika eththa...bahutharayak oya widiyai...Man danna kenek innawa lankawen ewith masa 6i...eyata sinhala katha karanna hari amarui...
ReplyDelete"putha" ge comment eke basawa thama pawichchiya...ingirisi wachana witharane danne..ingirisiyen katha karannat bene...eyath ekka katha kalama masekata withara api le pirisidu karagannawa...he he..