බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, September 3, 2010
ඔන්න පැන්න පාසැලෙන් කලින්ම.......
ගොඩාක් දවසකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න උනේ නෑ... පසුගිය ලිපියෙන් කිව්වා වගේ අපේ පුංචි කොම්පැණිය හොටෙල් ලංකා වෙබ් අඩවියත් එක්ක අත්වැල් බැද ගත්තට පස්සෙ අපි ඉතාමත් කාර්යබහුලයි.... ඒත් එහෙම කියලා මේ කලාව අත ඇරලා කොහොමද? හිතෙ කැමැත්තෙන් කරන දේනෙ.... ඒ නිසා අඩුම ගානෙ සතියට දෙකක්වත් ලියනවා කියලා තීරනය කලා...
ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක වගේම කට්ටි පනින එකත් වැදගත්නෙ නේද? ඉතින් මම කියන්න යන්නෙ ඉස්කෝලෙ යද්දි කට්ටි පනින කාලේ අපිට සහ අපේ යාළුවන්ට වෙච්ච දේවල් කිහිපයක්...
මාරයාගෙ වචන දෙකේ පෝස්ට් එකට කමෙන්ට් කරනකොට තමයි මේ කතා ටික මතක් උනේ... මොකද කමෙන්ට් කරද්දි ගනන් සර් මතක් උනා... සර් මතක් වෙනකොට පළවෙනි කතාව මතක් උනා.. ඒත් එක්කම කතා පේලියක් මතක් උනා.... ආ.. වෙනම කතාවක් උනත් සර් ගැනත් පොඩ්ඩක් කියන්න ඕනනෙ... සමස්ත ලංකා ජූඩෝ ශූරයෙක්. වැරදි කරපු කොල්ලන්ව උන්ගෙ කලිසමෙ පටියෙන් අල්ලලා ගහනව බ්ලැක් බෝඩ් එකේ.. ගහලා උන්ගෙ පස්සෙන් බ්ලැක් බෝඩ් එක මකනවා... සර් ගෙන් කෑවොත්නම් ආයෙ ඉතින් බඩුම තමයි.... මොන වැරැද්දක් කලත් ගහන්නෙත් එකයි... ඉතින් හිතා ගන්න පුලුවන්නෙ කොල්ලො කොච්චර බය ඇද්ද කියලා.... නම සරත්.. අපි ආදරේට කීවෙ සරා කියලා.. හිකිස්... මට හමුවුනු ගුරුවරු අතරින් අති විශිෂ්ඨ සුන්දර මිනිසෙක්..... හරි කතාවට බහිමු
ඔන්න අංක 1
ගම කුරුණෑගල කියලා මම කියලා තියෙනවනෙ... ඉතින් අපි ගොඩාක් වෙලාවට විනෝදෙට කරන්නෙ කුරුණෑගල වැවේ නාන්න යන එක.. ඉස්කෝලෙන් පැන්නත්, පංති කට් කලත්, නිදහස් වෙලාවක කලත් කෙටි කාලෙකින් වැඩි ආතල් එකක් ගන්න පුළුවන් වැඩේ තමයි මේ වැවේ නාන්න යන එක.... ඉතින් ඒක නිසා එක්තරා දවසක, මට මතක හැටියටනම් ඉස්කෝලෙ කලින් ඇරුනු දවසක අපි සෙට් එකක් ගියා වැවේ නාන්න... දැන් ගිය කට්ටිය මතක නෑ.. එත් මමයි දුමායි මතකයි.... දුමාත් මතක, සිද්ධිය උනේ ඌට නිසා....
දැන් ඔන්න කට්ටිය පාසැල් නිල ඇදුම් එහෙම ගලවලා තියලා බැස්ස වැවට... දැන් නානවා.. පිස්සු නටනවා.. දන්නවනෙ ඉතින් කොල්ලො රන්චුවක් වැවකට බැස්සම, එකෙක් ගිලෙනකන්ම ආතල් ගන්නවනේ.... කරුමෙට මෙච්චර කාලෙකට කවුරුත් ගිලුනෙ නෑ ඕන්... ඔන්න ටික වෙලාවකින් අපේ එකෙක්ගෙ නෙත ගැටුනා යතුරු පැදි බූම් එකේ එන සරත් සර්..... යකෝ ඔන්න සරා එනවා..... කියපු අපේ එවුන් වටපිට තිබ්බ ගස් ගල් අස්සෙ හැන්ගුනා... දුමා කොහොමත් පණ්ඩිතයනෙ.. ඌ නහය අතින් තද කරගෙන වතුරෙ යටට ගියා...
අරූගෙ කිමිදීමේ හැකියාවේ තියෙන විශිෂ්ඨත්යව නිසාම විනාඩියකටත් අඩු කාලයකදී ඌට නහය අත ඇරලා උඩට එන්න උනා.... අනේ අවාසනාවක මහත..සරත් සර් යතුරු පැදි බූම් එක නවත්තලා ඌ දිහා බලාගෙන ඉන්නවා... දැන් ඉතින් ඔක්කොටම බඩු හරිනෙ.... අපේ උනුත් ඉතිපිසෝ කියන තරමට බය වෙලා.... සර් අරුත් එක්ක හිනා වෙලා යතුරු පැදි බූම් එකත් ස්ටාට් කරගෙන ගියා..... ඔන්න එතකොට තමයි අපේ ඇගේ වතුර ලේ උනේ.... අරුත් දැන් දෙන්න තියෙන ලොකු ටෝක් ඔක්කොම දෙනවා අපිට.. අඩෝ.. සරා ඉතින් මාත් එක්ක ෆිට් නෙ... හැබැයි උඹලව අහු උනානම් ඉතින් ඔක්කොටම බඩු තමයි කිය කිය..... අපිත් උගේ කන්කරච්චලේ අහගෙන ගෙවල් වලට ගියා...
පසුවදා පාසැල් ගියාට පස්සෙ තමයි වසන්තය එළබුනේ... සරා ආවා පන්තියට... තමුසෙ තමුසෙ තමුසෙ කිය කිය එක එකාව නැගිට්ටනව.. දුමා ඇර අනිත් ඔක්කොමව නැගිට්ටුව... අපි ඉතින් හිත යටින් කියනවා දෙයියන්ට බුදුන්ට ..... දැන් සර් කතාව පටන් ගත්තා.. දෙබස මෙහෙමයි..
ඊයෙ කට්ටිය ගියා නේද වැවට නාන්න..
ඔව් සර්........
මම දැකලා හැන්ගුනා නේද?
ඔව් සර්......
ඇයි හැංගුනේ.. මට තියෙන බයටද? එහෙම නැත්නම් වැරැද්දක් කරන්නෙ කියලා දන්න නිසාද?
දෙකටම සර්...
එහෙනම් ඉද ගන්නවලා..ආයෙ ගියොත් බලා ගත්ත හැකි...
මෙන්න ලෝක පුදුමෙ... කෝ ගැහුවෙ නෑනෙ... මාර අවුල.. ඔන්න සර් ආයෙත් කතා කරන්න පටන් ගත්තා..
කෝ නැගිටිනවා තරගයේ වීරයා..
පන්තිය මීක් නෑ.... කවුද ඉතින් තරගයේ වීරයා...
දන්නෙ නැද්ද? කෝ දුමා නැගිටිනවා..........
ඔන්න අරූ නැගිට්ටා.. බලන්න දුකේ බෑ... මැලේරියා කාරයා වගේ වෙව්ලනවා...
ඈ.. ඕයි... තමුසෙ හිතුවෙ මම පොට්ටයෙක් කියලද? හැංගෙන කොට හැංගෙන තැනයි තමන්ගෙ හැකියාවයි ගැනයි දැනගෙන හැංගෙනවා... මම ඈතදිම තමුසෙලාව දැක්ක... අනිත් උන් ඒ විදිහට හැංගුනා.. තමුසෙ පණ්ඩිතයා වෙන්න ගියා.... කරන වැඩේ හරියට කරනවා මනුස්සයෝ.... කියල ඉවර වෙන්නත් කලින් සර්ගෙ වම් අත අරුගෙ කම්මුල හරහා යවලා, හිටගෙන හිටපු දුමාට ඉදගැනීම සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයලා දුන්න...
කතාවත් වැඩෙත් එතනින් ඉවරයි..සර් පාඩම කරගෙන ගියා.... දැන් සිද්දිය වෙලා අවුරුදු 16ක් විතර ඇති... අදට අපේ කොල්ලො දුමාව හම්බුනාම උගෙන් අහන්නෙ මෙහෙමයි....
හලෝ මචන් දුමා..... සරා තාමත් උඹත් එක්ක ෆිට්ද බං........?
මධුර මනෝහර වදන් උගෙන් මුවින් පිටවෙනවා ඊට පස්සෙනම්.....
ප.ලි. : කතාව දිග වැඩි වුන නිසා ඉතිරි කතා ටික මීලග පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න....
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අප්පච්චියේ උඹ ඔහොම කියනකොට මට මතක් උනේ අපේ නිලවීර සර්...
ReplyDeleteහප්පා...උන්දැට අහු උනාම බඩුම තමයි...
කොච්චර වැඩ තිබ්බත් මේ පැත්තට ඇවිත් අපි වෙනුවෙන් ලියන එකම ලොකු දෙයක්..
ReplyDeleteනියම කතාව..
නියමයි......
ReplyDeleteපට්ට...මාත් අහල තියෙනවා ඔය කුරුණෑගල වැව ගැනනම්.....හික්ස්...
ReplyDeleteකතාවක් මතක් වුනා ඒකත් දාන්න බලන්නම් වෙලාවක් එහෙම බලලා.....
මරු කතාව.. කොහොම උනත් සරා ගොයියා හොඳ මිනිහා...
ReplyDeleteමටත් අපේ ගණන් සර් මතක් වුනා... මනුස්සයටත් මුලු ඉස්කෝලෙම බයයි... ඒත් සර්ගෙන් ගුටියක් කාපු හැම එකෙක්ම සර්ට ආදරෙයි...
ReplyDeleteඉතිරි කතා ටිකත් ඉක්මනට දාන්ටෝ....
සරා සර් සාධාරන කෙනෙක් වගේ.........
ReplyDeleteහිහ්...... මරු කතාව අයියා......
හික්........මරුනෙ
ReplyDeleteමටත් මතක් වුනේ අපේ ගනන් සර්ව . . . නියමයි ආ . . එලට ලියලා තියෙනවා . . . අපිත් ඉස්සර ඔහොමයි බන් . .අපි යන්නේ දියවන්නාවට . . ගිහින් වෙච්ච දේවල් නම් තියෙනවා ලියන්න වෙලාවක් නැති එක නේ ප්‍රශ්නේ
ReplyDeleteඅපො මෙ සරත් ලා ඔක්කොම එකද් කොහෙද අපෙත් හිටිය සරත් කෙනෙක් මහ වසවර්තියා.
ReplyDeleteඅදික වෑඩ උනාට කමක් නෙ ලියපන් අපිත් පොඩ්ඩක් හිනා වෙන්න එපෑයි
හික්ස් මරු කතාව :D
ReplyDeleteසරත් සර් ඉස්කෝලෙ හිටපු හොඳම ගුරුවරයෙක්.පුදුමාකාර චරිතයක්.කොච්චර සැර වුනත් ළමයි පුදුම ආදරයක් සර්ට තිබුනේ.මමත් 10,11 වසරවලදි ගණන් ඉගන ගත්තේ සරත් සර්ගෙන් තමයි. සර් ගැන නම් කතා ගොඩයි.
ReplyDeleteඅපේ කාලෙ සර් කොල්ලො උස්සලා බෝඩ් එක පිස්සේ නෑ.ඒ වෙනුවට උස්සලා ගුරුමේසෙ උඩට අතඅරිනවා ඉන්දවෙන්න...
සර්ගෙ වෙනම ඔත්තුසේවාවක් තිබුන ඉස්කෝලෙ පුරාම. හැම පන්තියකින්ම දෙන්න ගානේ ඕකෙ හිටිය.අපි තාමත් දන්නෙ නෑ අපේ පන්තියේ හිටපු ඔත්තුකාරයො දෙන්න කවුද කියලා.
සරත් සර් අපේ අප්පච්චිගෙත් හොඳම යාලුවෙක්. අප්පච්චියි සරත් සරුයි එකට උගන්නලා තියනවා.
සර් ගැන අප්පච්චි දවසක් මරු කතාවක් කිව්වා ඒ කාලෙ මහපොල ප්‍රදර්ශනය අපේ අප්පච්චි විදුහල්පති විදිහට සේවය කරපු පාසලේ පවත්වලා තියනවා
ඒකෙ එක කුටියක සරත් සර් ජූඩෝ සන්දර්ශනයක් පැවැත්තුවාලු. ඒකෙ අංගයක් විදිහට සර් මැද්දේ ලංචක්කුවක් තියාගන ඉද්දි තුන් දෙනෙක් තුන්පැත්තක ඉඳල
ගල් ගහනවාලු.සර් ලංචක්කුවෙන් ඒ ගල් ඔක්කෝම ඇඟේ වදින එක නැවැත්තුවාලු..
ඔන්න ඔහොමයි සරත් සර්.....
අපි උසස් පෙල කරන කාලෙ සර් පැන්ශන් ගත්තා.කාලෙකින් දැක්කෙ නං නැහැ.
ඔයා කැබලි හලලා නෙ කතාව කියලා තියන්නෙ....
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා... මමයි උඹයි දෙන්නම කියන්නෙ එක්කෙනෙක් ගැනද?
ReplyDeleteමාර කතා තොගයක් නෙ තියෙන්නෙ ඉස්කෝලෙ කාලෙ ගැන..
ReplyDeleteනැත්තං නැත්තං.
ReplyDeleteමාත් ඩේවන් කෙනෙක් තමයි
සරා සර් නියම මනුස්සයෙක් වගේ... තීර්ත යාත්‍රිකයා කිව්වෙත් ඒ සර් ගැනම වගේ...
ReplyDeleteනියම කතාව බං! එළකිරි...දෙවෙනි එකත් කියවන්න ඕනෙ...
ReplyDeleteඑල කතාවක්නේ සහෝ..
ReplyDeleteහ්ම්... අපේ ඉස්කෝලෙත් හිටියා වසවර්ති සර් කෙනෙක්. මම හිතන්නේ තවම ඉන්නවා ඇති. නම 'කොස්තා'. නම ඇහුණත් ඇති කොල්ලෝ ටික බයේ ගැහෙනවා. හැබැයි කොල්ලොත් එක්ක හොඳටම ෆිට්. ඒ වුණාට වැරුද්දකට නම් තමාගේ එකාට වුණත් මදියි නොකියන්ඩ නෙලනවා කකුල් පැලෙන්ඩ, එහෙම නැත්නම් කන් අඩි රත්වෙන්ඩ. ඒත් මේ වෙනකල් එකෙක්වත් සර් එක්ක තරහා වෙලා නැහැ මම දන්න තරමින්.
මමත් දවස් දෙකක් කෑවා... ජීවිතේටම ඇතිවෙන්ඩ....
අපට ගණන් ඉගැන්නුවෙත් "සරත්" කියල සර් කෙනෙක්... අපේ කොල්ලොත් සර්ට ආදරේට කිව්වේ "සරා" කියල....
ReplyDeleteඅපේ සර් නම් කෙට්ටුයි... උසයි... හැම තිස්සෙම වේවැල අතේ...
සර් එනකොට කොල්ලෝ බයේ දුවනවා...
"ඔන්න සරා එනෝ"... කියාගෙන..
ඔය වගේ කතන්දර ලොට් එකක් තියෙනවා ඉස්කෝලෙ කාලේ ගැන නම්...අපි හැමෝම කාර්යබහුල කට්ටියනේ... ඒත් පුළු පුළුවන් හැටියට ලියමු.....
පට්ට සර් කනෙක් නොවැ.
ReplyDeleteමේ ඒක නෙමෙයි මචෝ, අර වැවේ වතුර කුණු වෙලා මාලු මැරෙන්න ගත්තේ එදායින් පස්සෙලු නේද? ;-)
සොරි ඈ... ජය වේවා... ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ...
ඔයා කතා කියද්දි අහන් ඉන්න ඒක තමයි වැඩිය රසවත්...
ReplyDeleteමම අයියලාගෙ ඉස්කෝලෙ නොවුනත්, මමත් 6-8 වසර වෙනකන් සරත් සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා. නියම සර් කෙනෙක්. ඒකාලෙ අපිට කියපු කතා, ඇරපු නයි තාම මතක්වෙනවා. :D
ReplyDeleteමේ blog එකේ දිගටම කියෙව්වොත් මැරෙන්න වෙන්න හිනා හිර වෙලා වෙලා....
ReplyDeleteසරත් සර් , කියන්නෙ නියම සර් කෙනෙක්. ඉස්සර 10.11 වසර දෙකම මාර නිශ්සබ්දයි සර් ඉන්නවනම්. තට්ටු දෙකේම එක ගුරුවරයෙක් නැතිඋනත් ලමයි මීක් නෑ සර් ඉන්නවනම්. සර් ගෙ සී.අයි,ඩී, සෙට් එක.අර ඒ කාලෙ තිබ්බ ගඩොල් භාග ජංගම දුරකතනය. සර් ගෙ හොන්ඩා කස්ටම් බයික් එක.අපිට ගණන් ඉගැන්නුව හැටි තාම මතකයි.
ReplyDeleteහප්පා සරත් සර්ගේ කනේ පාර ගැන කියන්න දෙයක් නෑ..මම 9 වසරේදී කෑවා...ගහපු පාරට ඔලුවේ කැක්කුම හැදුන..හැබැයි මචන්ලා ඊට පස්සේ වැරැද්ද තේරුම් කරලා දුන්නේ මාරම ආදරෙන්..
ReplyDelete