Saturday, September 11, 2010

මලිදෙව් කොල්ලො වෙනුවෙන් බොක්කෙන්...........


මගේ බ්ලොග් එක කියවන හැමෝටම තේරෙනවා ඇති මම මගේ පාසැල් කාලයට කොතරම් ආදරේද කියන එක.. ඒක මම විතරක් නෙමෙයි ඕනම පුද්ගලයෙක් වැඩියෙන්ම ආදරය කරන්නෙ තමන්ගෙ ජීවිතේ පාසල් කාලයට. හිනා යන කතාවක් නොවුනත් සතුට මුසු වුන ආඩම්බරෙන් තමයි මේ කථාව ලියන්නෙ.... මගේ පාසල නම් වශයෙන් සදහන් නොකලත් බ්ලොග් එකේ කමෙන්ට් සහ සමහර පින්තූර බලන අයට තේරෙනවා මගේ පාසල කුරුණෑගල මලියදේව විද්‍යාලය කියලා... බ්ලොග් ලියන හිතවතුන්ගෙන් චාමර, රනිල් සහ තීර්ථ යාත්‍රිකයාත් මලියදේවයේ අඩම්බරකාර ආදි ශිෂ්‍යයින්....


මේ බ්ලොග් සටහන ලියන්නෙ මලියදේවයෙන් බිහිවුනු අද දවසේ ක්‍රිකට් ලොවේ දිදුලන සහෘදයින් පස් දෙනෙක් ගැන.... ඊයේ ඉදන් දකුණු අප්‍රිකාවේදී පටන් ගත්ත ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ වයඹ කණ්ඩායම... එම කණ්ඩායම සදහා මලියදේවයන් (බොක්කට දැනෙන විදිහට කියනවනම් දේවන්ස් කොල්ලෝ) පස් දෙනෙක් සහභාගී වෙනවා.... ඒ පස් දෙනා තමයි


ජීවන්ත අයියා අපට වඩා ටිකක් වැඩිමල්... ඔහුගේ හයේ පහරවල් ඉස්කෝලෙ පිටිය වටා සලකුණු වෙලා තිබුනා... පන්සලේ වහලෙ, ජනෙල් මෙන්ම පැවිලියන් එකේ උඩ තට්ටුවේ තිබුන පන්තිවල හිටපු ලමයින්ගෙ ඔළුවල පවා ජීවන්තයි දමිතයි සළකුනු තියලා තිබ්බා.... රංගන අද වගේම එදාත් දග පන්දුවෙන් දමපු දස්කම් අපේ මතකයේ රැදුනා..රංගන අපිට වඩා අවුරුද්දක් වැඩිමල්... ඒත් මේ තුන්දෙනා සහ මම මුණ ගැහුනෙ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලෙ..... දමිතත් රංගනත් අදත් මගේ යාළුවෝ.... සමීරයි ශාලිකයි පොඩි මල්ලිලා... වර්තමාන මලියදේවයන් අතරෙ කැපී පේන චරිත.. ඔවුන් ක්‍රිකට් ලෝකය දික්විජය කරන්න පටන් ගත්තෙ 19න් පහල ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුල් වෙලා කියලයි මට මතක...


ජීවන්ත සහ මහේල අද අරඹන ආරම්භක සබදතාවය බලන්න තමයි මම අද ඉවසිල්ලක් නැතුව ඉන්නෙ... ලංකාව පුරා දස්කම් දක්වපු ජීවන්තගෙ පිත්ත අද දකුණු අප්‍රිකාවත් හොල්ලාවි කියන බලාපොරොත්තුව අපේ හිතේ තියෙනවා.... දමිතගේ ලකුණු මැෂිම වගේම රංගනගෙ දග පන්දුවත් විශිෂ්ඨ දක්ශතා දක්වාවි..... සමීරගේ පිත්තත් ශාලිකගෙ මද වේග පන්දුවත් ප්‍රතිවාදීන් මෙල්ල කරන බර අවි වේවි.....


මලියදේවයන් පිරිවරාගත් වයඹ සිංහයින්ට ජය පතමු.... ඔබ දස්කම් බලන්නට අපි පුල පුලා බලා සිටින්නෙමු..... ජය වේවා කොල්ලනි..... කිරුළ අරන් එන්න, අපිට කන් අඩි පැලෙන්න උඹලට අප්පුඩි ගහන්න.......


22 comments:

  1. ආයෙ.. ඔන්න මගෙනුත් ෆුල් චියර් එක.. ජයවේවා...!!

    ReplyDelete
  2. ජය වේවා....

    ReplyDelete
  3. එහෙනම් ඕං අපිත් ජයවෙවා කිව්වා...

    ReplyDelete
  4. තව මොනවද... මෙන්න මොරටුපුරෙනුත් චියර් එක... ජයවේවා !!!

    පපර පාරකුත් දාමුද...?

    ReplyDelete
  5. ඔන්න Annites ලගෙනුත් චියර් එක.ජය වේවා...

    ReplyDelete
  6. Jeevantha is one of the most underrated cricketers in Sri Lanka..:(..he should've played for the T20 WC....Anyway hope Wayamba will do some thing special......:))...

    ReplyDelete
  7. මහේලයා ඉතින් අපේ එකා නෙව..
    ඌටත් එක්කම ජය වෙවා...

    ReplyDelete
  8. හේ... ජය වේවා... අපිත් වයඹනේ..

    ReplyDelete
  9. ela elazz !! apith devans thama .... :)

    ReplyDelete
  10. D.......E........V.........A..........N..........S
    .....................DEVANS.......................
    අප්පේ දන්න අඳුනන මූණූ ගොඩයි නෙව. ඔය අතරින් ශාලික අපේ වයසෙමයි.සොයිස අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.තීර්ථ යාත්‍රිකයත් ශාලිකයි ,සොයිසයි එක්ක ක්‍රිකට් ගහල තියනවා නේ. (හැබැයි ටෙනිස් ඕං, උං එක්ක ලෙදර් ගැහුවොත් කෑලි නැතිව තමයි එන්න වෙන්නේ).
    සොයිස 11 දී අපිත් එක්ක හිටියේ. හේතුව කලින් අවුරුද්දේ ක්‍රිකට් තරඟාවලියකට සාජා බලා ගිය නිසා සාමාන්‍ය පෙළ මඟ හැරුන නිසා.
    එහෙනං ජය වේවා කිව්වා. අපේ සෙට් එකටම

    ReplyDelete
  11. පූසන්ගෙන් දේවන්ලාට උණුසුම් සුභපැතුම්!

    GO WAYAMBA GO!

    ReplyDelete
  12. ඔන්න අපෙනුත් සුභ පැතුම් ...

    ReplyDelete
  13. මමත් සුබ පතනවා ඔන්න.. ජය වේවා!

    ReplyDelete
  14. ඔන්න අපිත් ජය ප්‍රාර්ථනා කලා එහෙනං :)

    ReplyDelete
  15. ඔන්න මගේනුත් cheer එක. අපිත් මලියදෙව 2012 AL තමයි...හික්z

    ReplyDelete
  16. මගෙනුත් උනු උනු සුබපැතුම්...
    දින්නත් පැරදුනත් අපි ඔබලා ගැන ආඩම්බර වෙමු..

    ReplyDelete
  17. එරික් උපශන්ත අයියත් මලියදෙව පාසලේ ශ්‍රි ලංකා කන්ඩයම නියොජනය කල ක්‍රිඩකයෙක් නෙද??? මම මලියදෙවයෙක් නොව්නත් ඔහු හොදින් දන්න කෙනෙකු නිසා පොඩි සිහිපත් කිරිමක් කරා... :)

    ReplyDelete
  18. ඔව්..රංජිත් මදුරසිංහ එරික් උපශාන්ත කියන අයියලා දෙන්නත් මලියදේවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු අය..... එරික් අයිය නම් දැන් මුවර්ස් කණ්ඩායමේ පුහුණුකරු විදිහට කටයුතු කරනවා.. රන්ජිත් මදුරසිංහ අයියා ගැන නම් දන්නෙ නෑ....

    ReplyDelete
  19. http://www.lankadeepa.lk/Section/sandella/2010/12/26/02.htm

    ReplyDelete
  20. පෝස්ට් එක පරණ වුනත් ඉස්කෝලේ නම දැකපු නිසා තමා බැලුවේ මොකද මාත් සදාදර මලිදෙව් මෑණියන්ගේ දරුවෙක් නිසා..

    මට මතක විදියට අපි සාමාන්‍ය පෙළ කරන කාලේ වගේ ඉස්කෝලේ හැම ක්‍රිකට් ජයග්‍රහනයකදිම මුලින්ම කියවුන නම් තමා ශාලික කරුණානායක, සමීර ද සොයිසා

    ReplyDelete
  21. DEVANS ALWAYS AHEAD!!!! we will love maliyadeva forever!!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...